තම බැංකු ගිණුම්වල විස්තර සැපයීමට ඇමරිකා ඩොලර් 472200 ක් (රුපියල් 623,30,400) ක් ගෙවන ලෙස ජාතික සංවර්ධන බැංකුව දැන්වීයැයි ශිරානි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියගේ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට අද පැමිණිලි කළේය.
උසාවි නියෝගයක් මත එම තොරතුරු ලබාගැනීමට බැංකුවට ගිය පරිගණක විශේෂඥයන්ට එම තොරතුරු නොදීම උසාවියට අපහාස කිරීමක් බවද ලද්දුවහෙට්ටි මහතා අධිකරණයට දැන්වීය.
හිටපු අගවිනිසුරුවරිය සිය වත්කම් හෙළි නොකළැයි අල්ලස් කොමිසමින් නඩුව පවරා ඇත.
බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මහේස්ත්‍රාත්ගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් පැවසුයේ මෙම තොරතුරු සැපයීමට වසර 4 ක් පමණ ගතවන බවයි. මේ තත්ත්වය ගැන නීතිපතිට දන්වා නැතැයි රජයේ නීතිඥ ඩිලාන් රත්නායක මහතා කීවේය. මේ ගැටළුවට විසඳුමක් දිය හැකිදැයි සොයා බැලීම සඳහා නොවැම්බර් 3 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ශ්‍රී ලංකා මහ බැංකු අධ්‍යක්ෂකට නියෝග කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
මුලු රටම දන්නවා ඇත්ත (නි)
මැතිණිය, ඔබ නිර්දෝෂී බව ඔබත් අපි හැමෝමත් දන්නවා! (නි)
මට නම් මේකේ වැරැද්දක් පෙනෙන්නේ නැහැ (නි)
පුදුම ගිණුමක්නේ! (නි)
දැන් අල්ලස් කොමිසමෙන් අලුතෙන් නඩුවක් දාන්නේ කවදද උසාවි තීන්දුවකින් ගනුදෙනු කරුවෙකුගේ බැංකු ගිණුම් විස්තර ඉල්ලලා නොදුන්නා එකටයි , ගනුදෙනු කරුට විස්තර දෙන්න බැංකුව කෝටි ගානක් ඉල්ලපු එකටයි ... මේවා ඔක්කොම වෙන්නේ නීතියට අනුව නෙමෙයි , (ස)
අපි අනාතයි. (ස)
තුන් හතර දෙනෙක්ට තොරතුරු දුන්නොත් බැංකුව ගොඩනේ (දී)
බැංකුව අතිශය සාධාරණයි (දී)
මට තේරුනේ නැහැ (දී)
බැංකුවක දත්ත පද්ධතිය තමයි එකේ හදවත.. එතන වැඩේ අවුල් කලට පස්සේ එකේ තියෙන රහස්‍ය භාවය එලියට ගියාට පස්සේ ඒ බැංකුවට අලුතින් හදවතක් තියන්න වෙනවා. බයිපාස් එකක් නෙමෙයි කෙලින්ම එකට එකක් තියන්න වෙනවා..එකට වියදම තමයි ඔය මැඩම්ගෙන් ඉල්ලන්නේ.එක සාධාරණයි..කිසිම බැංකුවක් තම දත්ත පද්ධතියට පිටස්තරයන්ට ඇතුළු වෙන්න දෙන්නේ නැහැ..ඉල්ලන දේ අරන් දෙනවා මිසක්.මැඩම් දන්නේ නැති උනාට විනිසුරු තුමා දන්නේ නැති උනාට ඕන කෙනෙක් ඕක දන්නවා.... (දී)
බන්දුල මහත්තයෝ. මමත් බන්දුල කෙනෙක්. ඊට අමතරව බැංකු නිලධාරියෙක්. හොදේ. දන්නේ නැති දේවල් ගැන පණ්ඩිත කතා දාන්න එපා ආණ්ඩුවට කඩේ යන පලියට. බැංකුවේ රහස්‍ය භාවය කැඩීම කියන්නේ කෙනෙක්ගේ ගිණුම් ගැන පිට යට දීම.තමන්ගේ ගිණුමේ විස්තර දෙන්ඩ බැංකුව බන්දී ඉන්නවා නීතියෙන්. අනික උසාවි නියෝගමත ඒවා ඕනෙම කෙනෙකුට දිය යුතුයි. බැංකු පිළිබද නීතිය ඉගෙනගෙන තිබුනානම් ඔය කතා කියන්නේ නැහැ. (දී)
බන්දුල මහත්තය බැංකුවකද ඇත්තටම වැඩ කරන්නේ .බැංකුවකනම් මට පෙන්නේ බැංකුව අතු ගාන කෙනෙක් වගේ.. නැත්නම් මම කියන දේ නොතේරී ඉන්න විදියක් නැහැ.. කවුද මහත්තයෝ මෙයාගේ ගිණුමේ විස්තර නොදුන්නේ.. ඒකද මෙතන තියෙන ප්‍රශ්නේ.. මෙයා ඉල්ලන්නේ තමන්ගේ මිනිස්සුත් එක්ක බැංකුවේ දත්ත පද්ධතියට ඇතුල් වෙලා එයාගේ ගිණුම් ගාන විස්තර බලන්න.. ඉස්සෙල්ල පුවත හරියට කියවල ඉන්න.... නොදන්නා දේ දන්නා කෙනෙක්ගෙන් අහ ගන්න.. ලජ්ජා වෙන්න එපා.. ඔබ තුමා මේ නෝනට කඩේ යන්න කලින් මෙතන සිදුවීම නෝනගේ අවශ්‍යතාව බැංකුව බැහැ කියන්නේ මොකද කියන එක ටිකක් හොයල බලන්න. (දී)
බන්දුල පෙරේරා , ඔබ හරියටම හරි. බැංකුවේ දත්ත පද්දතිය පිරික්සල විස්තර ගන්න බැංකුවෙන් පිට මිනිස්සු යවපු කව්රු උනත් මොලේ කළදක් නැතිව ඇති. ගිණුම් වල විස්තර බැංකු පොතේ සටහන් කරලා ඉල්ලුවානම් ලේසියෙන් ගන්න තිබ්බනේ. (දී)
මොන පරිගණක දත්ත ජාලයකින් උනත් තොරතුරක් ගන්න අවුරුදු 4ක් යනවා කියන්නේ අමු කෙප්ප බොරුවක්. එහෙම අවුරුදු 4ක් යන්න නම් ඔහොම පද්දති තිබිල වැඩක් නැහැ. ඊට වඩා හොඳයි පතලක් හාරලා හැංගුවා නම්. අවුරුදු 4කට කලින් ගන්න තිබ්බා. (දී)
බන්දුල පෙරේරා, ඔබ කියන දේ හරියට හරි.බැංකුවකින් දෙන්නේ ගිණුමේ විස්තර කොළයක මුද්‍රණය කරලා. ගිණුම් හිමියාට අවශ්‍ය කාලසීමාව කිව්වම දෙනවා. (නි)
හිටපු අගවිනිසුරුවරියට මෙතරම් මුදලක්? කොහොමද ඕවා ලබාගත්තේ? අපිත් කැමතියි දැනගන්න! (නි)
මං හිතන්නේ නැහැ මෙතන පිට මිනිස්සු බැංකුවට රිංගලා තොරතුරු ගන්න හැදුවා කියලා. එහෙම සිරිතක් ලෝකයේ නැහැනේ. තොරතුරු දිය යුත්තේත්, දෙන්න බැඳිලා ඉන්නෙත් බැංකුවයි. නමුත් මෙතැනදී බැංකුව ඒක මඟහරින්න උත්සාහ කරනවා වගෙයි. (නි)
මම අමාරුවෙන් හම්බකළ රුපියල් ලක්ෂ 2ක් බැංකු පොතේ තියෙනවා. විස්තර ගන්න කියලා හිතාහිටියේ. ඒත් ඔහේ තිබුනාවේ. ඇත්තටම මේක මෙච්චර අමාරු වැඩක්ද? (නි)
ලංකාවේ නීතියක් නැති නීතිය ගැන මම දන්නේ නැහැ. නමුත් දියුණු රටවල නම් ව්‍යාපාරික අවශ්‍යතා වලදී පරිගණක හාර්ඩ් ඩිස්ක් කොපි පවා දීමට ආයතන බැඳී සිටිනවා. (නි)
මමත් ජාත්‍යන්තර බැංකුවක ගණකාධිවරයෙක් හැටියට පිටරට සේවය කරන කෙනෙක්. බන්දුල පෙරේරා නමැත්තාට කියන්නේ තියෙන්නේ මෝඩ කතා නොකියා ඉන්න කියලයි. (නි)
මෙතන තියන සමහර අදහස් දැක්කාම හිනාත් යනවා. මේ බැංකු ගිණුමේ අග විනිසුරුතුමියගේ මුදල් මෙච්චර තිබුනා කියලා චෝදනා කළේ කෙසේද? එහෙම නැත්නම් බැංකුවෙන් තමන්ගේ ගිණුම් හිමියන්ගේ රහස්‍යභාවය කඩ කර එම තොරතුරු හෙළි කිරීමෙන්ද? බැංකුවක් තමන්ගේ ගිණුම් හිමියන්ගේ රහස්‍යභාවය නැතිවෙනවා නම් මේ තොරතුරු ලබා දෙන්න බැහැ කියලා කිවයුතුයි. (නි)
බන්දුල පෙරේරා වැනි තව කෙනෙක් හිටියොත් හොඳටම ඇති (නි)
බන්දුල පෙරේරා, ඒක තමයි කියන්න තියෙන්නේ පුවත හරියට කියවන්න කියලා." තම බැංකු ගිණුම් වල විස්තර සැපීමට නම් " ඉතින් ඔබ කියන විදියට කොහෙද මේ පුවතේ, ගිණුමේ විස්තර දුන්නා කියලා කියලා තියෙන්නේ.... ? ඊළඟ කාරණය,කොහෙද කියලා තියෙන්නේ බැංකු පරිගණක දත්ත ගබඩාවට, පිටස්තර විශේෂඥයන්ට ඇතුළුවීමට අවශ්‍ය බව? මෙහි කියා ඇත්තේ, ඔවුන් එම තොරතුරු ලබා ගැනීමට ගිය බව පමණයි. (නි)
අනේ මන්දා, ඒ පාර බන්දුල පෙරේරා ජාතියත් වෙනස් කරගෙන.මොන නමින් පෙනී සිටින්නට උත්සාහ කළත්, අපිට තේරෙනවා කෙනා කවුද කියලා. (නි)
බන්දුල පෙරේරාගේ මිනිසුන්ට අපහාස කිරීමේ කාණු කට නැවතත් විවර වී ඇත.මෙයින් පිළිබිඹු වන්නේ ඔහුගේ නුගත්කම ,හැදුනු නුගත් පරිසරය,වැදගත් විදියට පුද්ගලයන්ට කතා කිරීමට නොදන්නාකම, වාචාලකම,කුහකකම, ඊර්ෂ්‍යාව යනාදී මෙකී නොකී බොහෝ කරුණුය. (නි)
බන්දුල දන්න දේවල් කවුරුවත් දන්නේ නැතුව ඇති. මේකෙන් පේනවා සමහර මිනිසුන්ගේ තියෙන බයාදුකම. (නි)
මම රැකියාව කරන්නේ වරායේ. බන්දුල පෙරේරා, වරායේ අපිත් සමඟ වැඩ කළා නම් බන්දුලට වෙන දේ මට නම් හිතාගන්නවත් බැහැ.සමහරවිට අතක් පයක් කඩාගෙන රෝහල්ගත වේවි.එහෙම නැත්නම් රක්ෂාව එපා කියලා ගෙදර නවතීවි. (නි)
මමත් බන්දුල කෙනෙක්. හැබැයි උඩ දෙන්නම නෙමෙයි. මම බැංකුවක පරිගණක අංශයේ වැඩ කළ කෙනෙක්. වසර කීපයක දත්ත කියන්නේ විශාල සංඛ්‍යාවක් තමයි. හැබැයි සියල්ල නොව, එයාගේ ගිණුම් වලට සම්බන්ධ ඒවා විතරනේ. දවසින් ගන්න පුළුවන්.අනික බන්දුල පෙරේරා කියන මෝඩ උගතා කියනවා වගේ මෙතන බැංකුවේ හදවත වෙන කාටවත් දෙන්න ඕනෑ නැහැ. මධ්‍යස්ථ පාර්ශවයකට මේ විස්තරවල සත්‍යබව සනාථ කිරීමක් විතරයි අවශ්‍ය වන්නේ. (නි)
කියන්න කණගාටුයි. ලංකාවේ අද බොහොමයක් අය වෛරයෙන්,ක්‍රෝධයෙන් පෙළෙන,පළිගැනීමෙන් සතුටුවන ජාතියක් බවට පත්වෙලා. ඒවගේම ඒවාට එහෙයි කියන බන්දුල පෙරේරලා වගේ මිනිස්සු අපි අතර ජීවත්වෙනවා කියලා දැනගන්න ලැබීමත් දුකක්. (නි)
උසාවියෙන් නියම කළොත් බැංකුව දත්ත දිය යුතුයි නේද? ඒකට සල්ලි ඉල්ලන්න බැහැනේ. උසාවිය ජංගම දුරකතන දත්ත ගන්නවා. ඒවාට සල්ලි දෙන්නේ නැහැ. (නි)
මේ කතාව හරි. මේ බැංකුවල දත්ත ගන්න පහසු නැහැ. මේක කරන්න වෙන්නේ බැංකුවේ වැඩකරන ගමන්. දත්ත පද්ධති වල මේ වගේ වැඩකරන අය ඉතා ඉහළ මිල ගණන් ගන්නවා. පෑයකට ඩොලර් 1000ක් වගේ. (නි)
මට නම් මේ ගැන කිසිම දෙයක් තේරෙන්නෙ නැහැ (නි)
බන්දුල පෙරේරා, බොරු කියන්නේ නැතුව ඉන්න.ඔබ කතාකරන පරිගණකය හදලා තියෙන්නේ මීට අවුරුදු 50 කට විතර කලින් වෙන්න ඇති. (නි)
බැංකුවේ මෙම ගිණුම් විස්තර මින්පෙර පිටට දීලම නැද්ද? (නි)
ඒ වුණාට සමහර ගිණුම් වල නම් දවසින් විස්තර ගන්නවා නේද? (නි)
මම පරිගණක අංශයේ වැඩකලේ බැංකුවක. ලලිත් මහත්තයෝ මමත් බැංකුවක පරිගණක අංශයේ කටයුතු මුල සිට අගටම දන්නවා. ඔය කියන පැයට ඩොලර් 1000 ක් ගෙවන රස්සාවක් මටත් හොයල දෙනවාද? අනේ මෙහෙමත් මිනිස්සු. පලිගැනීම කියන්නේ ආත්මයෙන් ආත්මයට අරගෙන යන අවසානයේ තමුන්වත් ඒ ගින්නෙන්ම දැවෙන පාපයක්. (දී)
මෙහෙම දෙයක් අපිට උනොත් දිවිනසා ගන්න වෙන්නේ (දී)
සල්ලි වලින් ඔක්කොම තීරණය කරන්න පුලුවන්ද (දී)
හරි හෝ වැරදි හෝ මේ බැංකුවේ ලොක්කෝ මේ දත්ත බලන්න ඉඩ දුන්නොත් අපේ ජනතාවට ඊලගට මොකක් හරි කියල නඩු පවරන්න වෙන්නේ මේ ලොක්කන්ට. (දී)
බන්දුල පෙරේරා කියන්නේ තවමත් වැඩවසම් වහල් මානසිකත්වෙයෙන් පෙලෙන්නෙක්. ඔහු සිතන්නේ පාලකයන්ට අපේ ශ්‍රමය ,මුදල් පමණක් නෙමෙයි ඇට,ලේ,මස් පවා කැප කලයුතුයි කියල. පාලකයන් මොනවා කලත් සුදුහුණු ගාන්න ඕනේ කියල. ඕව සංසාර පුරුදු. බන්දුල පෙරේරා ඔබ මේ ආත්මෙදිවත් ඔය වහල් මානසිකත්වයෙන් මිදීමට උත්සාහ ගන්න. (දී)
මේ කටයුත්තට මෙච්චර ඉහල මිලක් නියම වෙන්න, මට හිතෙන විදිහට ඇත්තම හේතුව ලංකා තිලක් මහත්තය බොහොම අපුරුවට කියල තියෙනවා. (දී)
ජගත්, පිස්සු කතා කරනවාද? අපේ රට දස රාජ ධර්මයෙන් පාලනය වෙන්නේ. (නි)
විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ යන තුනෙන් බලවත් විය යුත්තේ ව්‍යවස්තාදායකය බවට තවත් හොද උදාහරණයක්. විධායක ජනපති ක්‍රමය වෙනුවට ව්‍යවස්ථාදාකයට වැඩි බලයක් පැවරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් හොඳින් තහවුරු වනු ඇත. (නි)
මට මේ බන්දුල පෙරේරාගේ අදහස් වලින් එක නිගමනයකට එන්න පුළුවන්.ඒක තමයි බන්දුල පෙරේරා රැකියාව කළ ස්ථානයේ හෝ දැනට රැකියාව කරන ස්ථානයේ, මොනතරම් ජනඅප්‍රිය පුද්ගලයෙක්ද කියන එක.මොහු වටා සතුරන් මිසක්, මිතුරන් ඇතැයි කියා කෙසේවත් සිතිය නොහැක. (නි)
බන්දුල පෙරේරා ලන්ඩන් වලින්,මැදපෙරදිගින් තමුන්ටම කඩේ යනවා. (නි)
මගේ එකම කනගාටුව අපේ නීතිය විකෘති කරවීම. මේ විකෘති කළඅයට ළඟ දීම එහි සාපය ලැබෙනවා නියතයි. රටක නීතිය වර්තමාන පරපුර පැවැත්මටත් ඉදිරි අනාගතයේ ඉපදෙන අයගේ ඉදිරි ගමන සඳහාත් ස්වාදීන විය යුතුයි. ලංකාව අපේ අද ,අපි ඉතා කණ ගාටුදායක මෙන්ම අසරණ භාවයකට පත් වී ඇත.(අ)
ලංකා තිලක්/බන්දුල, ඔහේ නොදන්නා දේවල් කතා නොකර ඉන්න. (දී)
බන්දුල පෙරේරා කියන කතා වැඩිය ගණන් ගන්න එපා. (දී)
හිටපු අගවිනිසුරුවරිය ට පුදුම බියක් දක්වන්නේ.(දී)
බන්දුල පෙරේරා දන්නා දේවල් (දී)
මෙතන මේ පැයට ඩොලර් 1000 ක් කියන මුදලේ වටිනාකම, අදහස ලියපු කෙනා දන්නෙත් නැතුව ඇති.දැන් මේ කෙනා තැතිගැනිලා ඉන්නේ, මෙතන කට්ටිය තමුන් ගැන ලියපු ඒවා කියවලම.ඒකයි මේ බොරු මනස්ගාත ලියන්නේ.නම, ගම වෙනස් වුනාට පුද්ගලයා එකයි.(දී)
මොන බොරුද (දී)
හැමදාම බබරා වැල්ලේ කැරකෙන්නේ නැහැ. (අ)
මට හිතෙන්නේ මේක පිටුපස මොකක් හෝ තියෙනවා (දී)
මගේ බැංකු පොත අප්ඩේට් කර ගන්න තියෙනවා කොටි 1.05 වත් යයිද දන්නේ නැහැ වැඩේට. (දී)
මගේ ගිණුමක් තියෙනවා ලංකාවේ රාජ්‍ය බැංකුවක.අවුරුද්දකට පස්සේ ලංකාවට ගියාම මම ඉල්ලුව සැනින් අදාළ කාල පරාසයට ගිණුමේ විස්තර බැංකුවෙන් ලබා දෙනවා.ඒකට කොහාටවත් ඇතුල් වෙන්න ඕන නැහැ .බැංකුවට ඇතුල් වෙලා අදාළ කවුන්ටරයේ ඉන්න කෙනාට කිව්වම ඇති. මෙතන තියෙන්නේ අපේ අග විනිසුරු වරියට වට කරලා පහර දෙන එක විතරයි . එක කාගේ හරි නියෝගයකින් වෙන්නත් පුළුවන්.නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් කතාව වගෙයි...... (දී)
බන්දුල මහත්තයට පුලුවන්නම් බන්දුල පෙරේරාට ගහනවා (දී)
රටේ නීතිය මෙච්චරම බාල්දු වෙච්ච යුගයක් මමනම් කවදාවත් දැකලා නාහේ. (දී)
වරුණ විතාන ඔයාගේ ඔයා වචන වලින්ම ලංකාවේ සමහර මිනිස්සුන්ගේ තිරිසන් මානසිකත්වය හොදින් පෙන්වනවා. මිනිහෙක් අදහසක් දැක්වූ පලියට එයාගේ අතපය කඩා දමන්න තව කෙනෙකුට ඇති අයිතිය කුමක්ද? ඕක ලංකාවට වලංගු උනාට බොහෝ දියුනුරටවල අදහස් දැක්වීමේ අයිතිය තියනවා. (දී)
මේක පුදුම රටක්. (දී)
මොන බොරුද අප්පේ මේ මිනිස්සු මේ සභාවේ කියන්නේ (දී)
මේවා ගැන කතා කරලා වැඩක් නැහැ (දී)
මේවයි වෙන්නේ තියෙන චන්ද ටිකත් නැති වෙන එකයි. මෙතුමිය වැරදි නැති පාටයි.(දී)
ඩික් මහත්මයා, ඔබතුමාගේත් නමේ කැල්ලක් [හෙඩ්] අඩුයිනේ. (අ)
බදුල පෙරේරා කියනවා අලුත් හදවතක් බැංකුවට බද්ද කරන්න ඕනය කියල එහෙම වෙනවනම්. එහෙම වූණොත් බන්දුලටම ඒ වැඩේ කලහැක්යි. (අ)
සමහර අය මිනිස්සුන්ගෙන් පන්න පන්න පලිගන්නේ අවරුදු 1000ක් ජීවත් වෙන්න ඇවිත් වගේ. කරන කලට පව් මිහිරිය පැණි සේ. විනිසුරුතුමියනි , ඔබ කොන්ද කෙලින් තියාගෙන වැඩ කල බවත් , රූකඩයක් නොවුණු බවත් රටම දනී. (අ)
ඉතින් ඔය ඉල්ලපු ගාන දුන්නනම් ඉවරනේ ,සල්ලි නැති උදවියද ...(අ)
ඉතින් පිටිගල මහත්තයෝ, ඔබතුමාට මට වගේම රටේ වෙන අයට මේ ප්‍රශ්නේ නැහැ. අපි ඉල්ලන වාර්තාව අපිට බැංකුවෙන් දෙනවා.ඒක ඉතින් මෙයාටත් පොදුයි.එයා හිටපු අගවිනිසුරුවරිය කියලා විශේෂයක් කරන්න බැංකුවට බැහැනේ. (නි)
උදේට දවස පටන් ගන්නෙත් පිරිත් කියල,බන කියල,සෙත් කවි කියල,නැවත දවස නිම කරන්නෙත් පිරිත් කියල,බන කියල.ඒ වුනාට පලි ගැනීමේ නම් නිමාවක් නැහැ.පුදුම රටක්. (දී)
රටේ මිනිස්සුන්ට වෙන වැඩ නැද්ද මේ අනුන්ගේ දේවල් හොයන්න (දී)
මම ලංකාවේ බැංකු සේවයේ යෙදී සිට දැන් ජාත්‍යන්තර බැංකුවක සේවය කරන කෙනෙක් හැටියට මේ වගකීමෙන් කියන්නේ. ලංකාවේ බැංකුවකට ගනුදෙනුකරුවෙකුගේ ගිණුම් විස්තර අවස්තාවන් හතරක් යටතේ නිකුත් කරන්න පුළුවන්. එයින් අවස්ථා දෙකක් තමයි උසාවි නියෝගයක් සහ ගනුදෙනුකරුවගේ ලිඛිත ඉල්ලීම. එහෙම නැතුව මේ ලෝකයේ ඉන්න හැමකෙනාටම පරිගණක දත්ත පද්ධතියට ඇතුළුවීමට ඉඩක් දෙන්නේ නැහැ. එහෙම ඇතුළු වුණොත් අනෙක් ගනුදෙනුකරුවන්ගේ ගිණුම් විස්තර වුණත් බලන්න පුළුවන් බව මෙතන ඉන්න පණ්ඩිතයන්ට තේරෙන්නේ නැද්ද? තමන් බැංකු නීතිය හදාරලා නැත්නම් බැංකුවක වැඩ කළේ නැත්නම් තමන්ට අවශ්‍ය විදියට මෙතන බැංකු නීතිය වෙනස් කරන්න යන්න එපා. අනෙක තමන් හරි හැටි නොදැන එවැනි දේවල් මෙතන ලිවීමෙන් අනෙකුත් පාඨකයන්ද නොමඟ යනවා. (නි)
බන්දුල පෙරේරා මහා බැංකුවේ අධිපතිටත් එහා බැංකු නීතිය දන්නවා වගේ. ඇත්තට තමුන්නැහෙව තමයි ඊළඟට එතනට පත්කරන්න තියෙන්නේ. එක දවසින් මුළු බැංකු පද්ධතියම ඉවරයි. (නි)
මදි මදි මෙතන බන්දුල පෙරේරාට තව කමෙන්ට්ස් ඕනේ....(දී)
බන්දුල පෙරේරා බැංකු නීතිය හරියටම දන්නේ නැතිනම් ඔය කට නවත්ත ගන්න. (දී)
තමන් හරියට බැංකු නීතිය දන්නේ නැතිනම්, බැංකුවක වැඩ කරලා නැතිනම් අනෙක් පාඨකයන් නොමග යන සුළු ප්‍රකාශ කරන්න එපා. (දී)
බන්දුල මහත්තයා කමෝන් (දී)
වරුණ වගේ අය අපි ඕනෑතරම් දැකලා තියෙනවා.හොඳ හයේ හතරේ දේශීය විදේශීය මිනිස්සු එක්ක රස්සාව කළ මට මේ වගේ කෙනෙක් මොකෙක්ද? (නි)
අනේ බන්දුල පෙරේරා ඉස්සෙල්ල මෙතන පුවතින් කියන දේ තේරුම් අරගෙන ඔය කට අරින්න. කාටද මෙතැන් පරිගණක පද්ධතියට ඇතුළු වෙන්න ඕන ? එහෙම දෙයක් ලියවිලා තියනවද ? ඕනෑම ගනුදෙනුකරුවෙකුට තමන්ගේ ගිණුම් වල තැන්පත් මුදල් , ආදී විස්තර බැංකුවෙන් ඉල්ලා සිටින්න පුළුවන්. එකට බැංකුවේ පරිගණක පද්ධතිය ආක්‍රමණය කරන්න ඕන නැහැ. තමන්ගේ ගිණුම ගැන විස්තර බැංකුවෙන් ඉල්ලුවම ඒක දෙන්න බැංකුව බැඳී සිටිනවා. අනෙක තමන්ගේ ගිණුමේ විස්තර තමන්ට ඉල්ලා ගන්න බැරි නම් වැඩක් තිබෙනවද ? (දී)
අම්මෝ මේ වගේ බැංකු වල නං ගිණුම් විවෘත කරන්න නරකයි .අන්තිමට කියයි සල්ලි ආපහු දෙන්න බෑ කියල (දී)
අනේ බන්දුල පෙරේරා (දී)
රුවන්, මේ නඩුවට අදාළ බැංකු තොරතුරු ඉල්ලීමේ සුල මුල ඔයා පුවත්පත් වල පළවූ කරුණු දිගටම කියෙවූවා නම් චුදිත පක්ෂයේ ඉල්ලීම හරියට තේරුම් ගන්නට ඉඩ තිබුණා. මෙහි පළවන පුවතේම සඳහන් වන්නේ "බැංකුවට ගිය පරිගණක විශේෂඥයන්ට " කියලා නේද? එහෙම පිරිසක් යවන්නට අවසරය ගත්තේ පරිගණක ජාලය පරික්ෂා කරන්නයි. මුල සිට බැංකුව එයට විරුද්ධ වුණේ රහස්‍යභාවය බිඳවැටීමට ඉඩ ඇති බැවින් බව බැංකුවෙන් කියා තිබුණා. බැංකුව දන්නවා මේ නඩුව ගැන ජාත්‍යන්තරය පවා අවධානයෙන් ඉන්න බව. එහෙම තියෙද්දී මෝඩ ප්‍රකාශ කරන්නේ නැහැ. සිදුවන දේ අපි බලා ඉඳිමු. (නි)
රුවන්,අනිත් කවුරුත් නොවෙයි ඔබතුමා මේ ප්‍රශ්නයට අදාළ විස්තර පරණ පත්තර බලලා හරි තේරුම් අරගෙන අදහස් දාන්න කියලා ඉල්ලා සිටිනවා. (නි)
මධුභාෂිනී කියන දේ මමත් පිළිගන්නවා. මෙතන කොමෙන්ට් දාන අය කෙනෙක් හෝ දෙන්නෙක් අල්ලාගෙන පහර ගහනවා. සිදුවිය යුත්තේ එය නොවන බව මම විශ්වාස කරනවා. බැංකුව විසින් එවන් ප්‍රකාශයක් කර තිබුණා නම් බැංකුව පැත්තෙනුත් උසාවියට කරුණු කියනවා ඇති. (දී)
කාටත් දැනගන්න කියන්නකෝ බලන්න මේ බැංකුවේ නම. රටේ ජනතාවට ඒ බැංකුව එක්ක තවදුරත් ගනුදෙනු කරනවද කියා තීරණය කරයි (නි)
ගයාන්. නින්දෙන් අවදිවෙලා වගේ කතා කරන්න එපා. පහුගිය කාලේ පත්තරවල ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ තිබුනා. දිනපතා පත්තර කියවීමේ පුරුද්ද ඇති කර ගන්නකො.(අ)
අනේ මධූභාෂිණී, නාමල්, ඔය දෙන්නා ලංකාවේ ඉන්න අය නෙමෙයිද ?පත්තර කියවන්නේ නැද්ද? ලංකාවේ හැමදේම වෙන්නේ සාධාරන කරුණු ඇතුවද? (නි)
මධුභාෂිණී, මොනවා බලන්නද? මෑත ඉතිහාසයේත් පළිගැනීම් සිදුවන අයුරු ඔබ දැකනැද්ද? ඉස්සරහටත් ඒ වගේම වනු ඇත. මේ රටේ සාධාරන බුද්ධිමත් ජනතාවට යළිත් වරක් සුසුම් හෙළීමට පමණක් ඉතිරිවනු ඇත. එවිට මධුභාෂිණී,ගයාන්,බන්දුල පෙරේරා,ලංකා තිලක් ආදී නම් වලින් පෙනී සිටින වහල් මානසිකත්වයෙන් පෙළෙන පුද්ගලයාටද හුරේ දැමිය හැකිවනු ඇත. (නි)
බන්දුල පෙරේරලා වගේ අය ලංකාවේ ඕනෑතරම් ඉන්නවා. ඒකයි මේ රට නීතියක් නැති තැනකට වැටිලා තියෙන්නේ. (නි)
මෙහි අදහස් ලියන මහත්ම මහත්මීන්ගෙන් කාරුණිකව ඉල්ලන්න කැමතියි බලයේ ඉන්න මිනිසුන්ට නිර්වස්ත්‍රව කඩේ යන බන්දුල පෙරේරා වැන්නන්ගේ මෝඩ ප්‍රකාශවලට උත්තර දෙන්න ඔබගේ වටිනා කාලය වැය නොකර, තාර්කික හා දැනුම වඩන යමක් ලියන්න කියලා. (නි)
සත්‍යායා, සහතික ඇත්ත.තමුන්ගේ වටිනා කාලය,මනස, පිස්සන්ගේ පිස්සු අදහස් වලට ප්‍රතිඋත්තර ලිවීමට නොයොදන්න.බලාගෙන ගියහම මෙතන වැදගත් අදහස් ලියවිලා තියෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයයි (නි)
අකිල නියම අදහස. (දී)
විකාර (දී)
මම මුල සිට මේ පිටුව කියවා බැලීමි. සියල්ලන්ම පාහේ ප්‍රස්තුතයෙන් බැහැරව අනුන්ට පහරදෙන බව වැටහුණි. කෙසේවෙතත් මේ කරුණේදී අපි තේරුම් ගත යුතුවන්නේ බැංකුවක් එවන් ප්‍රකාශයක් කළ බව ඇත්තක් නම් එයටද සාධාරණ හේතු තිබිය යුතු බවය. නීතිය ඉදිරියේදී එවැන්නක් කුමන ආකාරයකින් නිර්වචනය වේද යන්න නොදන්නෙමු. මෙය වෙනත් රටවලද අවධානයට ලක්වූ කරුණක් බැවින් බැංකුවක් එයද සැළකිල්ලට ගෙන නැතුවා නොවේ කියා මම සිතමි. බැංකු හා ගනුදෙනු කිරීම හෝ බැංකුවල රැකියාව කිරීමට වඩා එහා ගිය ගැඹුරක් මේ කරුණ තුළ ඇති බව වටහා ගන්නවා නම් තම තමන්ගේ පුද්ගලික දෘෂ්ටින් මත මෙම තීරුවට අදහස් ලියවෙන්නේ නැති බවත් සඳහන් කරමි. (නි)
මේකේ ප්‍රතිචාර දිහා බැලුවම පේනවා අපේ මිනිස්සු කතා කරන්නේ වැඩිපුරම කට කතා හෝ නිවැරදි තොරතුරු නොදැනයි කියල. මේ රටට ඉදිරියට යන්න බැරි මෙන්න මේ වගේ මිනිස්සු නිසා. බන්දුල පෙරේරා කියන කතාව හරි කියල හැමෝම මතක තියා ගන්න. කරුණු සොයා බලා නිවැරදි දේ අවබෝද කර ගන්න. කරුවලේ ඇත පත ගාන්න ගියාම හානිය වෙන්නේ තමාට මිසක් අනිකාට නොවෙයි. (ස)
බන්දුල පෙරේරා මොකද මේ රණ්ඩු කරන්නේ (දී)
එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (දී)
මම නම් එහෙම දෙයක් අහලා නැහැ (දී)
අකිල ඔබ කියන දේ හරියටම හරි. බැංකුවල නිලධාරිනුත් අසරණයි. මුණසිංහ මහත්තය මහප්‍රාණ කිව්වට මේ බැංකුවට නිලධාරීන් අසරණයි. කළු ගලේ ඔලුව ගහගන්න බැහැනේ. ඔවුන්ටත් කරගන්න දෙයක් නැහැ. මුණසිංහ මහත්තයත් ඇත්ත දැන දැන වටේ යනවා. (ස)
දත්ත සැකසුම් සදහා දත්ත හැරීම කියල විෂයක් තියනවා. මේවා කරන්නේ විශාල කොම්පෙනි වල. මේක එහෙම දෙයක්. මේ ගැන ලියන්න හුගක් කරනා තියනවා. ඔරකල් කියන්නේ එහෙම දත්ත ගබඩාවක්. (ස)
සම්ප්‍රදායිකව තමන්ට විරුද්ධ මතය තම පාටට නොගැලපෙන මතය හරි හෝ වැරදි වේවා විවේචනය කරන අද බාලයින් ඇරෙන්න අනෙක් අය මම කියන දේ වටහා ගෙන තියෙනවා..මම පරිගණක ඉන්ජිනේරුවෙක්වත් පද්ධති ඉන්ජිනේරුවෙක්වත් නෙමෙයි.. නමුත් එම ක්ෂේත්‍ර දෙක ගැනම ප්‍රයෝගික ඇත්දැකීම් ලබා ගත් කෙනෙක්.. පද්ධතියක් නිර්මාණය කිරීමේ අරමුණ සහ එම පද්ධතියේ ආරක්ෂාව සහ එම ආරක්ෂාව බිද වැටුනොත් ඊට පස්සේ පද්ධතියට වන දේ ගැන දැනුමක් මට තියෙනවා.. වාහනයක කැල්ලක් දාල වාහනය අලුත් වැඩිය කරනවා වගේ පද්ධතියක් බිද වැටුනොත් එකේ අභ්‍යන්තර දත්ත සමුදායේ රහස් පිටතට ගියොත් ඒක යථා තත්වයට ගන්න බැහැ..බැංකුවකට වගේ ආයතනයකට ඒක හිතන්නාවත් බැරි මරු පහරක්.. මෙයාල ඉල්ලන්නේ එයාලගේ පරිගණක විශේෂඥයන්ට මේ පද්ධතිය ඇතුලට යන්න දෙන්න කියල.. ඒක කරන්න දුන්නොත් ඒ පද්ධතිය පිලිබදව ආයේ විශ්වාසය තියන්න බැහැ..මේ සරල යථාර්තය තේරුම් ගන්න බැරි ගණකාධිකාරිවරයා ගැන නම් ගැටළුවක් නැහැ.. එත් අර පරිගණක ඉන් ජිනේරුව ගැන තමයි මට පුදුම..මෙයාගේ ගිණුම් ගැන අවශ්‍ය විස්තර බැංකුව දීල තියෙනවා.. මෙයාට ඒක විශ්වාස නැතුව නෙමෙයි මේ දේ කරන්නේ..ගනුදෙනු කරුවෙකුට අවශ්‍ය තොරතුරු බැංකුවෙන් ලබා දෙනවා ඇරෙන්න ගනුදෙනුකරුට බැංකුවේ දත්ත පද්ධතියට ඇතුල් වෙලා තොරතුරු ගන්න දෙන්නේ කොයි රටේ කොයි බැංකුවේද ? මේක කරන්න බැංකුව ඉඩ දෙන්නේ නැති බව දැන දැන ඒක පිටින් දාල බැංකුව තමන්ගේ ගිණුම් ගැන දුන්නේ අසත්‍ය වාර්තා කියල මහජනයා ඉදිරියේ ප්‍රකාශ කරලා තමන්ගෙන් කරන්නේ පළිගැනීමක් කියල මහජනයා ඉදිරියේ දුක විකුණලා අනුකම්පාව දිනාගන්න.. (ස)
බන්දුල මහත්තයෝ අනේ ඔයාගේ බයිලා. (දී)
කෝටි 66 කියන්නේ සුළු දෙයක් (දී)
ගිණුම් වාර්තා කතාව බොරු (දී)
විහිලු කතා (දී)
මෙතන මේ නඩුව සම්බන්ධයෙන් සම්පුර්ණ විස්තරයක් පලවී නැහැ. එහෙම පල කරන්න පත්‍රයට හැකියාවකුත් නැහැ. රහස්‍ය භාවය වැදගත් නිසා. සඳහන් වන වචනයක් දෙකක් අල්ල ගෙන බැංකු විශේෂඥයන් ලෙස සමහරු කරන ප්‍රකාශ දැක්කම හිනා යනවා. (දී)
දත්ත වෙනස් කරන්නද දන්නේ නැහැ ඒ ගාන ඉල්ලුවේ (දී)
වෙන්නම බැරි වැඩක් (දී)
මෙතන සමහරු පුද්ගලික පලි ගැනීම් කරන තැනක් කරගෙන. මෙලෝ සිහියක් නැතිව කඩේ දුවනවා මිසක්මල්ලේ හිලක් කියල දන්නේ නැහැ. (දී)
මට පේන්නේ මෙතන මහා බැංකු අධිපතිටත් එහා බැංකු කටයුතු ගැන දන්නා කෙනෙක් ඉන්නවා වගේ. ඔන්න ඔක්කොම යන්න මීට පසුව එයාගෙන් බැංකු කටයුතු ගැන උපදෙස් ගන්න. (දී)
මල සමයන් (දී)
මුණසිංහ / බන්දුලගේ බයිලා. (දී)
බන්දුල පෙරේරා ඔයා දන්නා දෙයක් නැහැ (දී)
විහිලුත් දැකලා තියෙනවා මෙහෙමත් විහිලු (දී)