රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව හිටපු අධ්‍යක්ෂකවරයෙක්, ජනප්‍රිය දේශපාලන විචාරකයෙක් මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් වන වසන්ත ප්‍රිය රාමනායක මහතා අභාවප්‍රාප්ත විය.
අසූව දශකයේ සිට වසර 40 කට ආසන්න කාලයක් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 67 වියේ පසු විය.
‘පෙරමඟ’ සඟරාවේ මාණ්ඩලික ලේඛකයෙකු ලෙස මාධ්‍ය ජීවිතය ඇරඹූ රාමනායක මහතා පසුව එම සඟරාවේ සහ ‘දෙසතිය’ සඟරාවේ ප්‍රධාන සංස්කාරකවරයා ලෙස කටයුතු කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂකවරයෙකු ලෙස ද, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස ද, ඒ මහතා කටයුතු කළේය.
ලේක්හවුස් ආයතනයේ සභාපති ධූරය හෙබවූ රාමනායක මහතා දේශපාලන විචාරකයෙකු ලෙස ද ප්රකටය. ඒ මහතා ලංකාදීප පුවත්පතේ ‘කිවිදා විග්‍රහය’ දේශපාලන ලිපිය දීර්ඝ කාලයක් රචනා කළ අතර ජාතික රූපවාහිනියේ දේශපාලන සමාලෝචන වැඩසටහන් ද මෙහෙයවීය.
ආසියානු කලාපයේ මාධ්‍යවේදීන් හා සාහිත්‍යධරයන් අතර පුළුල් සම්බන්ධතාවයක් ඇති කිරීම අරමුණෙන් 2015 දී ඇරඹූ ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ පුරෝගාමියා ලෙස ද වසන්ත රාමනායක මහතා හැදින්විය හැකිය.
දෙදරු පියෙක් වන වසන්ත ප්‍රිය රාමනායක මහතා ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
ඒ මහතාගේ දේහය මේ වන විට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (15) පස්වරු 3.00 බොරැල්ල සුසාන භූමියේදී සිදු කෙරේ.
(භාසුර)
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වසන්ත ප්‍රිය රාමනායක දිවි ගමනෙන් බැසයයි