IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


වසර 33 කට පෙර ඝාතනයක සුලමුල ටික ටික එළියට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඩී.ඒ.පතිරණ)

අනියම් බිරිඳ සමග එක්වී ඇයගේ නිත්‍යානුකූල සැමියා මීට වසර තිස් තුනකට පමණ ඉහත දී ඝාතනය කර ඔහුගේ සිරුර අනියම් බිරිඳගේ ගෙවත්තේ පිහිටි වැසිකිළිවළකට දමා සැඟවූ බව කියන පුද්ගලයෙක් ඌරුබොක්ක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (16) අත්අඩංගුවට ගනු ලැබීය.

අඩංගුවට ගත් සැකකරු එම ඝාතනය කළ බව කියන වකවානුවේ අවුරුදු 36ක වයසේ පසු වූ තැනැත්තෙකි.

සැකකරු මේ වනවිට 69 හැවිරිදි වියේ පසුවන බව පොලිසිය කියයි. මෙම සැකකරු පුවක්දොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුගේ එවකට සිටි අනියම් බිරිය බව කියන මේ වන විට අසූ තුන් වන වියේ පසුවන කාන්තාව ද අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

එම කාන්තාව අංශභාග රෝගය වැළඳී රෝද පුටුවක ආධාරයෙන් එහා මෙහා යන තැනැත්තියක බවද ඔහු කීවේය.

මෙසේ ඝාතනය කරනු ලැබ ඇත්තේ දොලමුල්ල, අන්නාසිවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කපුගේ ජිනදාස නමැති පුද්ගලයෙකි.

ඔහු ඝාතනයට ලක්වන විට අවුරුදු 51 ක වයසේ පසු වී ඇත.

තම නීත්‍යනුකූල සැමියා ඝාතනය කර වළ දැමූ ස්ථානය නිශ්චිතවම පෙන්වනු ලැබ ඇතැයි ද කියන්නේ මෙම වයෝවෘද්ධ කාන්තාව විසින් යැයි පොලීසිය කියයි.

මෙම ස්ථානයේ ඊයේ (15) කැණීම් සිදුකර ජිනදාස නමැත්තාගේ බවට සැලකෙන අත්පාවල අස්ථි කොටස් කිහිපයක්, දත් කිහිපයක්ද සොයාගන්නා ලදැයි පොලිසිය පවසයි.

මීට අමතරව ජිනදාස නමැත්තා හැඳ සිටි ටී ෂර්ට් එකක් සහ සරමක්ද ඔහුගේ සිරුර එතීමට යොදාගත් බවට සැලකෙන රෙද්දක්ද කැණීම්වලදී සොයාගන්නා ලදැයි පොලිසිය සඳහන් කරයි.

මරා වළ දමන ලද එම පුද්ගලයාගේ සිරුරු කොටස් මොරවක මහේස්ත්‍රාත් ගිහාන් බස්නායක මහතා හමුවේ ඊයේ  (15) ගොඩගනු ලැබීය.

මාතර මහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය බුද්ධික ලේල්වල මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම කැණීම් කටයුතු සිදු කර තිබිණි.

සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා විශේෂඥ වෛද්‍ය බුද්ධික ලේල්වල මහතාගේ භාරයට ගනු ලැබීය.

ජිනදාස නමැත්තා  1989 භීෂණ සමයේ රාත්‍රී කාලයේ නිවසේ ඇඳක් මත නිදාගෙන සිටියදී කිතුල් පොල්ලකින් පහර දී ඝාතනය කර ඇති බව ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි විණි යැයි එම උසස් පොලිස් නිලධාරියා පැවැසීය.

ජිනදාස නමැත්තාගේ සිරුර ජනෙල් රෙද්දක ඔතා අනියම් බිරිඳ බව කියන කාන්තාව සමඟ එක්වී වැසිකිළි වළට දමා  සැඟවූ බව සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම්වල දී පවසා ඇතැයි කියති.

අනියම් සම්බන්ධතාව බාධාවකින් තොරව කරගෙන යෑමට මෙසේ කළ බව සැකකරු පොලිසියට පවසා ඇති බවද දැන ගැනීමට ඇත.

ජිනදාස නමැත්තාගේ බිරිඳ ඒ කාලයේ හැඩකාර කාන්තාවක වූ බැවින් සැකකරු ඇයත් සමඟ අනියම් සම්බන්ධතාවයක් ගොඩනගා ගෙන තිබූ බවද දැන ගැනීමට තිබේ.

ජිනදාස නමැත්තාට මෙම අනියම් සම්බන්ධතාව දැනගැනීමට ලැබී  අවස්ථා ගණනාවකදීම  ඔවුන් දෙදෙනාට අවවාද කර මෙම සම්බන්ධතාව දරුවන්ගේ නාමයෙන් නතර කර දමන ලෙසද ඔහු ඉල්ලා ඇති බවද කියති.

එහෙත් ඔවුන් දෙදෙනා මෙම අනියම් සම්බන්ධතාව දිගටම පවත්වාගෙන ගොස් ඇතැයිද පැවසේ.

ජිනදාස නමැත්තාගේ සිරුර සැඟ වූ ස්ථානයට නුදුරින් ඔහුගේ බිරිඳ  සිද්ධිය වී වසර පහකට පමණ පසු පොල් පැළයක් සිටුවා ඇති බවද පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇත.

ඥාතීන් සහ ප්‍රදේශවාසීන් ජිනදාස නමැත්තා ගැන ඔහුගේ බිරිඳගෙන් විමසන අවස්ථාවල ඔහු භීෂණ සමයේ අතුරුදන් වී ඇති බව කියා ඇතැයි පැවසේ.

ජිනදාස නමැත්තාට දාව ඔහුගේ බිරිඳට දරුවන් තිදෙනකු සිට ඇති අතර එක් පිරිමි දරුවකු වයස අවුරුදු 10දී පමණ වස වර්ගයක් පානය කර සියදිවි නසාගෙන ඇතැයිද පොලිසිය සඳහන් කරයි.

අනෙක් දරුවන් දෙදෙනා යමක් කමක් තේරුම් ගිය කාලයේ නිතරම මවගෙන් පියා ගැන විමසා ඇතැයිද පොලිසිය පවසයි.

පියා භීෂණ සමයේ අතුරුදන් වූ බව මව දරු දෙදෙනාටද පවසා ඇත.

එහෙත් ජිනදාසගේ ‘අතුරුදන් වීම’ ගැන පොලිසියට පැමිණිලි කර නොමැත.

වසර 33ක කාලයක් තිස්සේ සිය සැමියා ඝාතනය කිරීමේ රහස සඟවාගෙන සිටි ඔහුගේ බිරිඳ මේ බව ඇයගේ නැගණියට පැවසීමෙන් පසු එම නැඟණිය මේ බව හෙළිකර තිබිණි යැයි පොලිසිය පවසයි.

දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ අධීක්ෂණය යටතේ හම්බන්තොට සහ මාතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතාගේ උපදෙස් මත මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ සහ සහකාර පොලිස් අධිකාරි ලාල් චන්ද්‍රසිරි යන මහත්වරුන්ගේ මෙහෙයුම යටතේ ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී. පී. ඩබ්ලිව්. පල්ලියගුරුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ජේ. පතිරත්න, පොලිස් සැරයන් සනත් (19604), පොලිස් සැරයන් පුෂ්පකුමාර(21891) යන මහත්වරුන් සහ කාන්තා පොලිස් කොස්තාපල් කණිෂ්කා(12420) මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.



අදහස් (2)

වසර 33 කට පෙර ඝාතනයක සුලමුල ටික ටික එළියට

Bunny Preena Wednesday, 17 May 2023 09:16 AM

සත්ගුනවත් සැමි‌යෙකුට ‌ද්‍රෝහි වූ බිරිදක්. මිනිමැරුම සම්බන්දව මොවුන් දෙදෙනාට නිසි දන්ඩුවම් ලබා දිය යුතුමයි. වසර 33ක් පමාවී හෝ මෙම ඝාතනය හෙලි කිරිම සම්බන්ඩව එම කාන්තාවට අපගේ ප්‍රනාමය.

:       2       9

Tharanga Wednesday, 17 May 2023 11:22 AM

තාජුදීන්ගේ මිනීමරුවන්ටත් කවදා හරි ඕකම වෙනවා .උන්ටත් කළකම් පලදෙනවා .මරපු එකා කවුද කියලා මුළු රටම දන්නවා නේ .සොබාදහම නියම කාලෙදී මිනීමරුවන්ට දඬුවම් දෙයි

:       3       18

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

’’අනුරත් පාස්කු ප්‍රශ්නය විසඳන්නේ නෑ’’
2025 අප්‍රේල් මස 21 59 0

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි


මාධ්‍යවේදීන් නොවන අයටත් මාධ්‍ය හැදුනුම්පත දීලා
2025 අප්‍රේල් මස 21 149 0

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


පාප් වහන්සේට ජනපති ශෝකය
2025 අප්‍රේල් මස 21 113 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.


ජනතාවට ඇහුම්කන් දෙන්න සූදානම්
2025 අප්‍රේල් මස 21 136 0

සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින


යුද හමුදා බසය ලොරියක ගැටී 22ක් රෝහලට
2025 අප්‍රේල් මස 21 250 0

යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල


මාලිමාවට ගොඩක් තැන්වල බහුතරයක් ලැබෙන්නේ නෑ
2025 අප්‍රේල් මස 21 1517 6

මාලිමාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදී බොහෝ තැන්වලින් බහුතරයක් නොලැබෙනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 458 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 280 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 431 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site