IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


වසර 37කට පසු ගෝර්ඩ්න් උයන මහජනයාට

කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරය සහ ගෝර්ඩ්න් උද්‍යානය පාසල් සිසුන් ඇතුළු මහජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාව සැලසීමට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

ඒ අනුව බදාදා (7) සිට ජූනි 14 වැනිදා දක්වා එය දැකබලා ගැනීමට අවස්ථාව සලසා ඇති අතර  සමාරම්භක උත්සවය බදාදා පස්වරු 2.00 ට ජනාධිපතිතුගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

ආණ්ඩුකාරවරුන් 29කට සහ ජනාධිපතිවරුන් හයදෙනකුට තම රාජකාරී කටයුතු සහ වාසස්ථානය සඳහා වෙන්වී තිබූ නිලමැදුර වන කොටුව ජනාධිපති මන්දිරය හා ගෝර්ඩ්න් උද්‍යානය වසර 37කට වැඩි කාලයක් වසා තැබිණි.

පසුව එය රාජ්‍ය නායක නිල නිවාසයක් වශයෙන්ද යොදා ගැනිණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී ජනාධිපති මන්දිරය සහ අවට ප‍්‍රදේශය අධි ආරක්ෂිත ප‍්‍රදේශයක් ලෙස නම් කර තිබුණි.

වත්මන් ජනපති බලයට පත්වීමත් සමග කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අවට ප‍්‍රදේශයේ මාර්ග ජනතා පරිහරණයට විවෘත කෙරිණි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ජනාධිපති මන්දිරය සිය නිල නිවාසය වශයෙන් යොදා නොගන්නා අතර එය රාජකීය අමුත්තන් පිළිගැනීම ඇතුළු විශේෂ අවස්ථා සඳහා පමණක් යොදා ගනී.

077- 3086366 දුරකථන අංකය ඔස්සේ ජනාධිපති සහකාර ලේකම්, විමර්ශන චතුරංග මහතා සම්බන්ධ කර ගැනීම මගින් මෙය නැරඹීමට පැමිණෙන පාසල් සිසුන්ට සහ ජනතාවට වැඩිදුර විස්තර ලබා ගත හැකිය.

කොළඹ, කොටුව ජනාධිපති මන්දිරය හෙවත් රජගෙදර ඉතිහාසය යටත්විජිත සමය දක්වාම දිවයන්නකි. අද රජගෙදර පිහිටි භූමිය පෘතුග‍්‍රීසි පාලන යුගයේ දේවස්ථානයකි.

එක්දහස් පන්සිය පහේදී පෘතුගී‍්‍රසින් ලංකාවට පැමිණි අවස්ථාවේදී කොළඹ කොටුවේ උසම භූමියේ ශාන්ත ෆ‍්‍රැන්සිස් දේවස්ථානය ඉදිකළහ. දේවස්ථාන අසල ෆ‍්‍රැන්සිස් පූජකාරාමයක් ද ඉදිකළ අතර එකල මියගිය පෘතුගී‍්‍රසි ප‍්‍රධානීන්ගේ මෘත ශරීර තැන්පත් කළේද මේ බිමේය.

මේ බිමෙහි  ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයට අනුව දෙමහල් මැදුරක් ඉදිකළේ එවකට ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාරවරයා වූ එන්ගල් බැක්ය. කලින් කලට නවාංග එක්වූ එම මන්දිරය රජගෙදර නැමති මහා මන්දිරය ගොඩනැගීමට පසුබිම සැකසීය.

1782 දී බි‍්‍රතාන්‍ය හමුදාව කොළඹ කොටුවට පහරදී ලන්දේසින් යටත් කර ගත්තද එන්ගල් බැක් මේ නිවසින් බැහැර නොවීය. බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාර ෆෙඩ්‍රික් නෝර්ත් යටතේ රජයේ ආදායම් නිලධාරියා ලෙස සේවය කළ ජෝර්ජ් මෙල්වින් ලෙස්ලි අතින් රජයේ විගණන වාර්ථාව අනුව පවුම් දස දහසක් අඩු වුයෙන් ඔහුගේ බිරිඳ වන එන්ගල් බැක්ගේ මිණිපිරිය තම සැමියා බේරා ගැනීමේ අරමුණින් මෙම නිවෙස රජයට පවරාදීමට තීරණය කළාය.

පවුම් අටදහස් හත්සියයකට ඇස්තමේන්තු කළද ඉතිරි පවුම් ගණන අඩුකර සින්න කරගැනීමට බි‍්‍රතාන්‍ය රජය කැමති වුයෙන් 1804 ජනවාරි 17 වැනිදා මෙම නිවස රජයට පවරා ගැනිණි. 



අදහස් (0)

වසර 37කට පසු ගෝර්ඩ්න් උයන මහජනයාට

අරුණ Tuesday, 07 June 2016 10:33 AM

දැන් ඕක බැලුවහම අපේ බඩගින්න නැතිවෙයිද? වැට් මිල අඩුවෙයිද? (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 07 June 2016 11:17 AM

හිටපු ජනාධිපතිතුමා ඉන්න කාලේ අධි ආරක්‍ෂිත කලාපයක් ලෙස තිබුනේ ඔහුට විශේෂයෙන් ආරක්ෂාව අවශ්‍ය නිසයි. ඕවද දැන් කළ යුත්තේ.මේවා මහා විහිළු වැඩ.රටේ ජනතාව මහා ව්‍යසනයකට ලක්වෙලා ඉන්න මොහොතක, මොනාද මේ අය කරන්නේ කියල අපිට නම් හිතාගන්නවත් බැහැ (බ)

:       0       0

සරත් Tuesday, 07 June 2016 11:28 AM

වැඩ නැතිවට වැඩ .(හේ)

:       0       0

අරවින්ද Tuesday, 07 June 2016 11:30 AM

අරුණ ! ගිහින් බලන්නකෝ එහෙමෙ වේවිද කියල ,එහෙම නම් අපිටත් කියන්න බලන්න යන්න (බ)

:       0       0

අරුණ Tuesday, 07 June 2016 11:49 AM

ඕක විතරක් මදි ජනාධිපතිතුමා ... (හේ)

:       0       0

චතුරි Tuesday, 07 June 2016 12:15 PM

අපේ සමහර අයට මේ වගේ තැන්වල වටිනා කමක් පේන්නේ නැහැ. නමුත් ඒවා දැකගැනීමට වාසනාවක් තිබිය යුතුයි (හේ)

:       0       0

ආරච්චිගේ Tuesday, 07 June 2016 12:34 PM

රටේ තියෙන වැදගත්ම ස්ථානයක්..බලන්න වටිනා දෙයක්..(හේ)

:       0       0

බෙනට් Tuesday, 07 June 2016 12:59 PM

පාසල් දරුවන්ට හොඳ අවස්ථාවක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 245 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 835 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 46 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1729 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6166 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1818 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 967 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 338 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site