ජාතික පාසල් 101ක විදුහල්පති පුරප්පාඩු පිරවීමට අයඳුම් පත් කැඳවා පුවත්පත් දැන්වීම් පළ කර වසරක් ඉක්ම ගොස් ඇතත් මේ වන තෙක් සමූඛ පරීක්ෂණවලින් කිසිවකු පත් කර නැතැයි ලංකා ගුරු සංගමය කියයි.
ශ්‍රී ලංකාවේ ජාතික පාසල් 335ක් පමණ ඇතැයි ද, ඉන් 101ක විදුල්පති පුරප්පාඩු ඇතැයි ද, එම විදුහල්වල මේ වන විට කටයුතු කරන්නේ වැඩ අවාරණය කරන විදුහල්පතිවරුන්යැයි ද එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරයි.
මේ පාසල් අතර කොළඹ ප්‍රසිද්ධ පාසල් කිහිපයක්ම ඇති බවත්, මීට වසරකට පෙර විදුහල්පතිවරුන් පත්කිරීමට සම්මූඛ පරීක්ෂණ පැවැත්වීම සඳහා පුවත්පත් දැන්වීමක් පළ කළ බවත්, එලෙස පුවත්පත් දැන්වීම් පළ කළත් තවම විදුහල්පතිවරුන් පත් කර නැති බවත්, මේ නිසා බොහෝ පාසල්හි පරිපාලනය කඩා වැටී ඇති බවත් ස්ටාලින් මහතා පවසයි.
වසරකට 101 ක් වූ විදුහල්පති පුරප්පාඩු සහති පාසල් ගණන දැන් ඊට වඩා වැඩි වී ඇති බව ද හෙතෙම සඳහන් කරයි.
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වසරක් ගියත් විදුහල්පති පුටු 100ක් හිස්
රණසිංහ Thursday, 30 May 2013 12:15 AM
ගාල්ල පැත්තේ ඇති බාලිකාවකටත් හොද විදුහල්පතිනියක් ලබා දෙන්න. (නි)
මොහමඩ් Wednesday, 29 May 2013 05:26 PM
පාසල් සිසුන් නැතුව ඇති . පාසල් තිබ්බට සිසුන් නැතිනම් මොන විදුහල්පති වරුන්ද ?(නදී)
උපාලි Thursday, 30 May 2013 04:10 AM
අපේ මේ ලොකු කට්ටිය මොකද මෙච්චර පරක්කු. ඉක්මනට ඔය නම් ලැයිස්තු ටික එවන්නකො, මේ පුටු පුරවල දාන්න තියෙනවා. (නි)
අජන්ත Thursday, 30 May 2013 11:30 AM
ළමයින් නේද අමාරුවේ වැටෙන්නේ (දී)
නදී Thursday, 30 May 2013 11:36 AM
මතුගමත් ජාතික පාසලක් තියෙනවා, හොඳ විදුහල්පති කෙනෙක් ලබා දෙන්න. නැත්නම් පාසලේ දරුවන්ට දෙවියන්ගේ පිහිට තමා. (ස)
සංජිව Thursday, 30 May 2013 07:16 AM
කාටද අපි මේ දුක කියන්නේ (දී)
මුණසිංහ Wednesday, 29 May 2013 08:42 PM
බලාගෙන ගියාම වැඩ බලන විදුහල්පතිවරු සමහර ස්ථිර අයට වඩා හොද බවය් පෙනෙන්නේ! (අ)