IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


වැස්සෙන් ගාල්ලේ පවුල් 1960 ක් අවතැන්



(රවී ලියනගේ )
                          ගාල්ල නගරයට ඊයේ (12) රාත්‍රි යේ ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව නිසා පවුල් 1960 අසරණවී ඇති බව ගාල්ල වැඩ බලන දිසාපති ප්‍රදීප් රත්නායක මහතා පැවසීය.


මේ නිසා ගාල්ල නගරය ආශ්‍රිත පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි. 


                   මෙම වර්ෂාව නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල කඩවත්සතර, අක්මීමණ, බෝපේ පෝද්දල හා බලපිටිය යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල සීමා වලට දැඩි අලාභ හානි සිදු වී තිබිණි. ගාල්ල වැඩ බලන දිසාපති ප්‍රදීප් රත්නායක මහතා පවසන පරිදි 13 මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සීමා හතර තුළ පවුල් 1960 කට අයත් ජනතාව 7736 දෙනෙකු පීඩාවට පත් වී ඇත. 


මෙයින් ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල සීමාව තුළ පවුල් 1509 කට අයත් සාමාජිකයින් 6061 ක් ද බෝපේ පෝද්දල පවුල් 92 කට අයත් සාමාජිකයින් 406 ක් ද, බලපිටිය පවුල් 180 කට අයත් සාමාජිකයින් 560 ක්ද අක්මීමණ පවුල් 179 කට අයත් පවුල් 709 ක් ලෙස වෙයි. එසේම දිස්ත්‍රික්කය තුල නිවාස හානිවීම් 150 ක් ද පස් කදු කඩා වැටීම් 20 කට ආසන්න ප්‍රමාණයක් ඇති බව ද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පවසයි. 


කෙසේ නමුත් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් පිසු ආහාර ලබා දීම දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබිණි. 


මෙම ජල ගැලීම් තත්වය නිසා ගාල්ල දංගෙදර , ගල්වඩුගොඩ, කනම්පිටිය, දේද්දුගොඩ, ඩික්සන් හන්දිය , සරෙන්තුකඩේ, ගාල්ල කොග්ගල කඩේ හන්දිය,සමඟිවත්ත, ඩිඩිස්වත්ත, කලේගාන හන්දිය, නුගදුව  ඇතුළු ප්‍රදේශ ජලයෙන් යට වී තිබිණි. මොරගොඩ ඇළ පිටාර ගැනීම නිසා මෙම තත්වය ඇති වී තිබිණි. 


මෙම ජල ගැලීම් තත්වය නිසා අදාල ප්‍රදේශ වල ජනතාව දැඩි අපහසුතාවයට පත් වී තිබිණි. කෙසේ නමුත් ගාල්ල ප්‍රදේශයට ඊයේ(12 ) පෙරවරු 8.00 සිට 13 දිනපෙරවරු 6.00 දක්වා මී.මී 166.7ක පමණ වර්ෂාපතනයක් ලැබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ ගාල්ල කාර්යාලය සඳහන් කරයි.



අදහස් (5)

වැස්සෙන් ගාල්ලේ පවුල් 1960 ක් අවතැන්

Samathasena A . Aluthgama Sunday, 13 May 2018 10:01 AM

රටේ බොහෝ ස්ථානවල පෙර තිබු ඇළ මාර්ග වසා, පහත් බිම් ගොඩකර ගොඩනැගිලි ඉදිකොට තිබීමත්, පොලිතීන් වසංගතය නිසාත්, කාණු හිරවී වැසි ජලය ගලා නොයාමෙන් මෙවැනි තත්වයන් උදාවේ. වැසිකාලවල ගලායන ජලය සමග ගසාගෙන ආ පෝර බෑග්, පොලිතීන්, ප්ලාස්ටික් බෝතල්, හිස් බියර් කෑන් ආදිය හිරවී ඇළ මාර්ග අවහිර වී තිබු අයුරු මා පරිසරයේ සහ කුරුල්ලන්ගේ ඡායාරුප ගැනීමට යන අවස්ථාවලදී නොයෙක් වර දැක ඇත. අප රටේ සුළු පිරිසක් හැරෙන්නට බොහෝ දෙනා පරිසර හිතකාමීන් නොවෙති. ටොෆි කොළ, රටකජු පොතුවලින් පටන්ගෙන පොලිතීන් ඇතුළු බොහෝදේ ඉවක් බවක් නොමැතිව තැනින් තැන වීසි කරනු පෙනේ. මේවාට විරුද්ධව තද නීති පැනවීමට කාලය පැමිණ ඇත.

:       1       141

බද්රානි Sunday, 13 May 2018 12:26 PM

අනේ, කොච්චර ලස්සන දසුනක්ද? ඒ කාලේ මෙහෙම සුන්දරත්වයක් තිබුණා නම්, අපිට පීන පීන නැහෙන්න තිබුණා.

:       72       29

SandalathaSunday, 13 May 2018 02:10 PM

ඒක තමයි, පීනමුකෝ කළු ගඟේ, කිරි බැබලෙන හඳ පානේ කිය කියා ඔරුවෙන් පාරුවෙන් හබල් ගාගෙන ඉන්න තියෙන්නේ...

:       0       0

සෙනෙවි Sunday, 13 May 2018 01:52 PM

තමන් උගතුන් යයිද, පන්සල් වලට යාමෙන් ළමුන් දහම් පාසල් යැවීමෙන් බෝගස් පිළිමයක් දුටු වහාම වැඳ වැටීමෙන් සහ දුටු දුටු වැඩිහිටියන්ට දණගසා වැන්දවීමෙන් සියල්ල හරියයි සිතන මෝඩජනයා පිරි රටකි මෙය... මොවුන් තමන් කෑ කෑම කොළය, හිස්බීම පැකැට්ටුවල, බුදුපිළිම ගසාගත් වාහනයෙන් එළියට විසිකර තම ළමුන්ට අාදර්ශවත් වෙති. මෙම පන්තිය දිනෙන් දින වර්ධනය වේ.

:       0       11

Rane Sunday, 13 May 2018 02:39 PM

මේ රට දැන් හදන්නම බැරි ගණනට වැටිලා. උගතුන් වැඩි වෙලා, නමුත් බුද්දිමතුන් හොඳටම අඩු වෙලා. ඒ නිසා සාමුහිකත්වය නැති වෙලා. මමත්වය ඉතිරි වෙලා.. නීතියෙන්, ධර්මයෙන් මේවා දැන් විසඳන්න බෑ..! ඒ කෙසේ නමුත් ඔබත් මමත් රටට හිතකාමී ව ජීවත් වෙමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සූදු ක්‍රීඩාවට නියාමන අධිකාරියක්
2025 අප්‍රේල් මස 22 0 0

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බදු මුදල්වලට වෙනදේ සෙවීමට ජනතාවට අයිතියක් තියෙනවා
2025 අප්‍රේල් මස 22 35 0

ජනතාව ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතු මෙන්ම එම මුදල්වලට වෙන්නේ කුමක්දැයි සොයා බැලීමට ජනතාවට අයිතියක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරස


ලක්ෂ 80ක ‘කුෂ්‘ සමඟ අයෙක් අල්ලයි
2025 අප්‍රේල් මස 22 107 0

රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.


මෝටර් රිය අඩි 300ක් පහළට
2025 අප්‍රේල් මස 22 355 0

නල්ලතන්නියේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වු කෙසෙල්ගමු ඔයට පෙරැලීමෙන් එම මෝටර් රථයේ


ආයුධ පෙන්වා වාහන කොල්ල කෑ දෙන්නෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 22 388 1

තියුණු ආයුධ පෙන්වා බියගන්වා වාහන කොල්ල කෑ කල්ලියක සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.


කූඩුවේ සිටි සැකකරු මුදවා ගන්න ගිය පීසී අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 22 1239 2

සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 534 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 297 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 446 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site