දිවයිනේ උතුරුමැද , ඌව නැගෙනහිර, මධ්‍යම සහ දකුණු පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත්, ඇතැම් ස්ථාන වල තද වැසි ද ඇති විය හැකි බවත්, සෙසු ප්‍රදේශ වල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දහවල් නිවේදනය කළේය. දිවයිනට අවට මුහුදු ප්‍රදේශ වල ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ද, සුළං ඊසාන දෙසින් හමන අතර වේගය පැයට කිලෝමීටර් පනහක් පමණ වන බව ද, විශේෂයෙන් මන්නාරම සිට ගාල්ල පොතුවිල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර 60-70 පමණ දක්වා වූ තද සුළං ඇති විය හැකි බව ද දෙපාර්තමේන්තුව පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලගුණේ ගැන වාර්තා නම් නියමයි. (නි)
අර කතාව ඇත්තක්ද කියන්නකෝ. (නි)
ඊයේ කාලගුණේ කට්ටිය ඕක කියලා තිබ්බා. තද වැස්ස සහ සුළං අද තියේවි කියල. මේ නෙව්ස් එකට අදහස් දාපු හැමෝම දන්නේ නැ වගේ ඒක.හැමදාම ඔහේ කටට එනවාට අදහස් දාන්න එපා . කරුණු විමසලා දන්න . මම ඊයේ කලගුණේ වෙබ් එක බැලුවා එකේ තිබ්බේ . උදෙන්ම අයේ බලනකොට අයහපත් කාලගුණ දැනුම් දීමකුත් තිබ්බා .අඩුපාඩු දාමු බනිමු පතුරු ගහමු ඊට කලින් හරියටම කිව්වද නැද්ද කියල දැනගෙන . (ස)
ඊයේ නිවේදනය කරලා තිබුනේ ලංකාවට වියළි කාලගුණයක් ඉදිරි සති කීපයේ තියෙන්නේ කියලා .හරියට කාලගුණ අනාවැකියවත් කියාගන්න බැනේ අනේ අපේ අයට (ස)
ලංකාවේ හැමදෙයක්ම වගේ ඔහොම තමයි. අවසන් වුණාට පස්සේ තමයි කියන්නේ. (නි)
කාලගුණ මධ්‍යස්ථානයේ ආශ්චර්‍යය ..... (නි)
ඊයේ කියන්න බැරි වුණාද? අපිටත් පුලුවන් අද වහිනවා කියලා කියන්න. මොකද දැන් වහිමින්නේ පවතින්නේ. (නි)
21 මොකුත් වෙන්නේ නැහැ කියපු එක්කෙනෙක් හරි ඉන්නවද දැන් (දී)
අගවිනිසුරුතුමිය නෙමෙයි, බලාගෙන යනකොට කාළගුණේ අයවයි ගෙදර යවන්න ඕනෑ. (නි)
තව ටිකක් හවස් වෙලා නිවේදනය කරන්න තිබ්බේ..(ස)
මෙහෙම කාලගුණ මධ්‍යස්ථාන මොකටද ? (ස)
දැන් ඉතින් ඩෙංගු වලට ලේස්ති වෙන්න වේවි (ස)
ලෝක විනාසය කෙසේ වෙතත් ලංකාවේ විනාසයනම් සිද්ධවෙමින් පවතින්නේ (ස)
මිනිසුනේ පරිස්සම් වෙන්න (දී)
ආශ්චර්‍යය දෝරේ ගලනවා.... ඒකයි මේ ගැන කියන්න ටිකක් පරක්කු වුණේ. (ස)
වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. වැස්ස නවතින්නේ කවදාද කියා කියන්න.බෙන්ගාල බොක්ක මකලා දමන්න ඕන. ඊට පස්සේ වෙන බොක්කක් කියය.(ස)
වැස්සට පස‍්සේ වහිනවයි කියලා මොකක් කරන්නද? (නි)
යකඩෝ.... මෙයාලා වැහැලා යට උනාට පස්සෙනේ වහිනවා කියන්නේ.(ස)