(සුජිත් හේවාජුලිගේ )
වාහනයක් මිලදී ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කෙරෙන තීරු බදු රහිත බලපත්‍රය (පර්මිට්) ලබාදීමට කටයුතු කරන්නැයි පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් යළිත් වතාවක් ඉල්ලීමක් කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
පවතින ආර්ථික තත්ත්ව යටතේ මේ සම්බන්ධයෙන් තව වසර කිහිපයක් බලා සිටීමට සිදුවනු ඇතැයි මෙහිදී කතානායකවරයා එම මන්ත්‍රීවරුන්ට කරුණු පෙන්වාදී ඇති බව දැනගන්නට ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පසුගිය දිනවල මැතිසබයේදීද ඒ පිළිබඳව අදහස් ඉදිරිපත් කරනු අසන්නට ලැබිණ.
එසේම මන්ත්‍රීවරුන් පිරිසක් වාහනයක අවශ්‍යතාව සම්බන්ධයෙන් අගමැතිවරයා ප්රමුඛ ආණ්ඩුවේ ප්රධානීන්ටද සිය දුක් ගැනවිලි ඉදිරිපත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
කොරෝනා ව්‍යාප්තියත් සමග ඇතිවූ ආර්ථික තත්වය හේතුවෙන් මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමට රජය තීරණය කළේය.
ඒ ජනාධිපතිවරයාගේ නියෝගයක් අනුවය.
මේ තීරණය නිසා දැඩි අසාධාරණයක් සිදු වුයේ තමන්ට බව පාර්ලිමේන්තුවට අලුතින් පත්වූ නවක මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ඉරිදා ලංකාදීපයට පැවසූහ.
තමන් අද පාර්ලිමේන්තුවට පැමිණෙන්නේද කුලියට ගත් වාහනවලින් බව ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
ජනාධිපතිවරණය ජයග්රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වාහන බලපත්‍රය ගැන මන්ත්‍රීවරු පිරිසක් කතානායකට යළි දුක කියති
de silva Saturday, 27 November 2021 10:29 AM
වරායේ තිබෙන බෙහෙත්, ආහාර ටික නිදහස් කරගන්න.. බැරිව ඉන්නවා මොවුන්ට වාහන ඕනේ වෙලා...
lalSaturday, 27 November 2021 12:45 PM
වාහනයක් ගන්න බැරි හිඟන්නෝ ඇවිත් රටේ සම්පත් වලින් වාහන ගන්න ඉල්ලනවා. මිනිස්සුන්ට කන්න නැතුව ඉන්නවා.
RaveendraSunday, 28 November 2021 02:03 PM
ඔබගේ අදහස් 100%ක් නිවැරදිය. මේ අය නම් හිඟන්නෝ.. තිඹිරිගෙයිදීම මේ මුසලයින්ගේ ලැජ්ජා නහර සම්පූර්ණයෙන්ම ඉවත්කර ඇති බව හොඳින්ම පැහැදිලියි. දියවන්නාව පට්ටියේ කථාවට නායකයාගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මිනිසුන්ට එල්ලෙන්න වැලේ වැල් නැති මෙවන් අසීරු අවස්ථාවේ වාහන පර්මිට් ඉල්ලුව ඒ සියලුම අම්බරුවන්ගේ අවලං නම් ටික මාධ්‍යයට ඉදිරිපත් කරන මෙන්ය. මේ එකෙකුටවත් කිසිඳු පුරවැසියෙක් කියලා නැහැ මහජනතාව වෙනුවෙන් සේවය කිරීමට දියවන්නාව පට්ටියේ බලු පොරයට ඉදිරිපත් වෙන්න කියලා. තමන්ව වර්ණපාල න්‍යාය පාවිච්චි කරලානේ ආවේ... ස්වේච්ඡාවෙන් කිසිවෙකු මහජන සේවයට "ආවා නම්" උන්දැට මොකටද මහජන මුදලින් වාහන, වැටුප්, දීමනා... තමන්ට අවංකව රට වෙනුවෙන් සේවය කිරීමට බැරිනම් "තොපි 226ම පට්ටියෙන් මකබෑවී කැලෑවලට ගාල් වෙයව් හරකුනේ..."
Sam Saturday, 27 November 2021 10:38 AM
කරත්තේ බඳින්න ඕන එවුන්ට මොකටද වාහන...?
Dammi Saturday, 27 November 2021 10:40 AM
ඇයි බස්වල යන්න බැරිද?
Akila Saturday, 27 November 2021 10:54 AM
ඒ ගොල්ලන්ට අනුන්ගේ වාහන කුලියට අරන් එන්න ඕනේ නැහැ... උෟබර් හරි, පික්මි ඇප් එක දාගන්න කියන්න.
පැරකුම් Saturday, 27 November 2021 11:01 AM
ජනතා සේවයට කැපවීමෙන් සේවය කරන මෙවන් දේශපාලුවන්ට කාර් පර්මිට් එක අරන් දුන්නොත් හොඳයි නේද? ජනාධිපතිතුමා මැදිහත් වනු නොඅනුමානයි...
කිරි පුතා Saturday, 27 November 2021 11:03 AM
ඔය කවුරුත් පාර්ලිමේන්තු එන්නේ කෝටි ගානක අලුත් වාහනයක් අරන් පරම්පරා කීපයකට හම්බ කරගෙන යන්න. රට එතනම තමයි. එතනම නෙවෙයි පස්සට යනවා....
ලමය Saturday, 27 November 2021 11:16 AM
මුන්ට ලැජ්ජ නැද්ද? මිනිස්සු බඩගින්නේ වේලක් කන්න සල්ලි නෑ, දෙන පර්මිට් එකත් මුන් කෝටි ගණන්වලට විකුණනවා. මේ වාහන ඇතුළේම දාල මොවුන්ව පරලෝකෙට අරින්න දැන් කාලය ඇවිල්ලා තියෙන්නේ...
Siri Sunday, 28 November 2021 07:59 AM
ඔහොම යද්දී ඒක කෙරේවි ළඟදීම...
duminda Saturday, 27 November 2021 12:08 PM
සල්ලි නැත්නම් දේශපාලනයට එන්න එපා. ලොකු ලොකු අය සද්ද නැත්තේ පරම්පරා ගානකට හොයල ඉවර නිසා.
Somiranthna Saturday, 27 November 2021 12:08 PM
දැන් ඉන්න මිනිස්සු හරි නිවටයි. ඉස්සර මිනිස්සු වගේ පොඩ්ඩ බැරි වෙද්දී පාරට බහින, අර පාලම් සිද්ධියේදී වගේ ගෙවල් කුඩු පට්ටම් කරන ජාතියේ මිනිස්සු හිටියනන්, වාහන ඉල්ලන්ඩ නෙමේ, නිකන් මන්ත්‍රී වැටුපක් හම්බෙනවටත් පින් දිදී ඉඳියි.
යෝගා Saturday, 27 November 2021 01:07 PM
රජයේ සේවකයන් ඇතුලු කාටවත් මේ වගේ බලපත්‍ර නොදිය යුතුයි.
Geeth Saturday, 27 November 2021 04:28 PM
ත්‍රිරෝද රථ පර්මිට් දුන්නා නම් හරි...!!!
Siri Sunday, 28 November 2021 08:03 AM
මෙයාලත් රිවස් එක විතරක් තියෙන වාහන අරන් දෙන්න... දැන් සේරම රිවර්ස්නේ....