ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය, නෙස්ලේ සමාගමේ ‘මයිලෝ’ පූර්ණ අනුග‍්‍රහයෙන් සංවිධානය කරන ‘ජනාධිපති’ කුසලාන වයස 20 න් පහළ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සමත්විය.
කොළඹ රාජකීය විදුහල් කී‍්‍රඩාංගණයේ පැවැති අර්ධ අවසන් පුර්ව තරගයේදී විද්‍යා විද්‍යාලය ලකුණු 28 - 12 කින් පරාජය කිරීමට ශාන්ත පීතර විදුහල සමත්විය. තරගයේ පළමු අර්ධය අවසානයේදී ලකුණු 16 - 5 ක් ලෙස ශාන්ත පීතර විදුහල ඉදිරියෙන් සිටියේය.
ශාන්ත පීතර විදුහල අවසන් පුර්ව තරගයේදී ත‍්‍රිත්ව විදුහලට එරෙහිව මේ මස 24 වැනිදා තරග වැදීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd