IMG-LOGO

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා


ශ්‍රී ලංකා කායවර්ධන ක‍්‍රීඩකයන් 4 කට තහනම් උත්තේජක චෝදනා?

හම්බන්තොට නගරයේදී හෙට (8) ආරම්භ වන පළමු දකුණු ආසියානු වෙරළ ක‍්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කායවර්ධන කණ්ඩායමේ ක‍්‍රීඩකයන් සිවු දෙනකුගේ තහනම් උත්තේජක ශරීරගත වී ඇතැයි ජාතික ක‍්‍රීඩා වෛද්‍ය ආයතනයේ පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි වාර්තාවේ. එම ක‍්‍රීඩා උළෙලේ කායවර්ධන තරගාවලියට ශ්‍රී ලංකාවෙන් සහභාගිවීමට නියමිතව සිටින ක‍්‍රීඩකයන්ගේ සංඛ්‍යාව හයකි. ඉන් හතර දෙනෙකුට තහනම් උත්තේජක ශරීරගතවීමේ චෝදනාව ලබා සිටීම විශේෂ සිදුවීමකි. නිල නොවන ආරංචි මාර්ගවලින් කියවුණේ චෝදනාලාභී ශ්‍රී ලංකා කායවර්ධන ක‍්‍රීඩකයන් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලෙන් ඉවත් කෙරෙන බවයි. හම්බන්තොට නගරයේදී දකුණු ආසියානු වෙරළ ක‍්‍රීඩා උළෙලේ කායවර්ධන තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන සඳුදා (10) ය. ශ්‍රී ලංකා කායවර්ධන ක‍්‍රීඩකයන්ට තහනම් උත්තේජක චෝදනා එල්ලවීම ගැන කායවර්ධන සම්මේලනයේ ලේකම් කපිල කුමාර මහතා ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවැසුවේ ඊයේ (6) රාත‍්‍රිය වනතරු සිය සම්මේලනය නිල වශයෙන් දැනුවත් කර නොතිබූ බවයි. කායවර්ධන සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වන චන්දන අලූත්ගේ මහතා පැවැසුවේ ශ්‍රී ලංකා කායවර්ධන ක‍්‍රීඩකයන් සිවු දෙනකුට තහනම් උත්තේජක චෝදනා එල්ලවීම බරපතළ සිද්ධියක් බවත් ඊට කායවර්ධන සම්මේලනයේ ජාතික පුහුණුකරු වගකීම බාරගත යුතු බවත්ය.



අදහස් (0)

ශ්‍රී ලංකා කායවර්ධන ක‍්‍රීඩකයන් 4 කට තහනම් උත්තේජක චෝදනා?

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මම අපේ සමහර මන්ත්‍රීවරුන් අඳුනන්නේ නෑ
2025 අප්‍රේල් මස 13 255 0

ජාතික ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලලිමේන්තු පැමිණි ඇතැම් මන්ත්‍රීවරුන් තමා නොහඳුනන බව අමාත්‍ය ලාල් කාන්ත මහතා පැවසීය.


මියන්මාරය යළි සෙලවෙයි
2025 අප්‍රේල් මස 13 343 0

මියන්මාරය යළිත් වරක් ප්‍රබල භූමිකම්පාවකින් කැලැඹිණි. මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 5.6 ක් ලෙසටය.


මාස තුනට වෙඩිතැබීම් තිහක්:30ක් මරුට
2025 අප්‍රේල් මස 13 129 0

පසුගිය මාස තුනක කාලයේදී වෙඩි තැබීම් තිහක් සිදුවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.


සරසවි ඇඳුරන් 13 දෙනෙකුගෙන් කෝටි 9 ක පොල්ලක්
2025 අප්‍රේල් මස 13 272 0

ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ 2000වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා අධ්‍යයන නිවාඩු ලබා විදේශගතවී ඇති නිලධාරීන් දහතුන් දෙනෙකුගෙන් බැඳුම්කර කඩවීම හේතුවෙන්


අධිවේගයේ දින දෙකක ආදායම කෝටි 10ක්
2025 අප්‍රේල් මස 13 268 0

දක්ෂිණ අධිවේගී මාර්ගය ඇතුළු අධිවේග මාර්ගවලින් පසුගිය දින දෙකේදී (11සහ12) රුපියල් කෝටි 10 ඉක්මවූ ආදායමක් උපයාගෙන ඇතැයි අධිවේගී මාර්ග අධ්‍යක්ෂ පවසයි.


අස්වැසුම ලැබිය යුතුම සියයට පනහකට නෑ
2025 අප්‍රේල් මස 13 150 0

අස්වැසුම ලැබිය යුතුම සියයට පනහකට නොලැබෙන බව පවර්ටි ඇනලිස් ආයතනයෙන් කරන ලද සමීක්ෂණයකදී තොරතුරු අනාවරණයවී ඇතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක ස


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 67 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 219 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 771 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site