IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ගොඩගන්න වසර පහක්වත් කැප වෙන්න වෙයි

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පත්ව තිබෙන වත්මන් අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩගැනීම වසරකින් හෝ දෙකකින් කළ නොහැකි බවත් ඒ සඳහා වසර පහක්වත් කැපවීමෙන් කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව අද (03) ක‍්‍රීඩා විද්‍යායතනයේදී පැවැති මාධ්‍ය හමුවේදී උපාලි ධර්මදාස මහතා පැවසීය. වසර හතකට පසුව පැවැති නිලවරණයෙන් ජය ලබා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ මතු දියුණුව සඳහා වැඩ කිරීමට ලැබීම පිළිබඳව තමන් සතුටු වන බවත් මෙහිදී මාධ්‍ය හමුවට එක්වෙමින් ධර්මදාස මහතා පැවසීය. ‘‘ක‍්‍රිකට් ආයතනය හරි මගට ගැනීමට මහන්සි වෙලා වැඩ කළ යුතුයි, මීට වසර 10 කට 15 කට පෙර වැඩ කළා වගේ විධායක කමිටුවේ සාමාජිකයන් 22 දෙදෙනාම මහන්සිවෙලා වැඩ කළ යුතුයි, ඒ වගේම මම ක‍්‍රිකට් ආයතනය ගොඩගැනීමට රජයෙන් මුල්‍ය අනුග‍්‍රහයත් බලාපොරොත්තු වෙනවා’’ ‘‘මගේ ක‍්‍රිකට් මිතුරන් විරෝධය පළ කරලා නිලවරණයෙන් ඉවත්විම පිළිබඳව මට තේරුම් ගන්න බෑ, නමුත් උප භාණ්ඩාගාරික ධූරය සඳහා පැවැති ඡුන්දයේදී පැහැදිලි වුණා ක‍්‍රීඩා සමාජවල මතය මොකක්ද කියලා, මම ඔවුන්ට ඊයෙත් කථා කළා එකතු වෙලා වැඩ කරන්න එන්න කියලා, ඒත් ඔවුන් හරි මගට ආවේ නෑ’’ යැයි ද ධර්මදාස මහතා පැවසීය. ‘‘ලෝක කුසලාන තරගාවලියේදී සහ පසුගිය කාලයේ සිදුවූයේ යැයි කියන දුෂණ සෙවීම මගේ වැඩක් නොවයි, ඒක අමාත්‍යංශයේ වැඩක්, නමුත් ඉදිරියේ වෙන දේවල් පිළිබඳව මම ස්වාධීනව තීරණ ගන්නවා’’ ඡුන්දය ප‍්‍රකාශ කිරීමට දේශපාලනඥයන් පැමිණීමෙන් අනෙක් පාර්ශවයට දේශපාලන බලපෑමක් ඇතිවූයේ ද යන ප‍්‍රශ්නයට ධර්මදාස මහතා මෙසේ පිළිතුරු දුන්නේය ‘‘ඔවුන් අද ඊයේ නොවෙයි 1998 වසරේ සිට එම පලාත්වල ක‍්‍රිකට් සංගම්වල සභාපති, ලේකම් හෝ උප සභාපති වැනි තනතුරු දරණවා, ඒ දේශපාලනඥයන් ද ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙනුවෙන් සේවය කරපු අය ඔවුන්ට අයිතියක් නැද්ද ඡුන්දය පාවිච්චි කරන්න’‘ නොවැම්බර් මස ක‍්‍රිකට් අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස තමන් කටයුතු කරද්දී ක‍්‍රිකට් ආයතනයේ අතිරික්ත සේවකයන් ඉවත් කිරීමට ගත් තීරණය නිවැරදි බවත් ඒ පිළිබඳව තව දුරටත් අධ්‍යයනය කර ඉදිරියේදී සුදුසු පියවර ගන්නා බවත් ධර්මදාස මහතා පැවසීය. මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ නව ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවසුවේ ක‍්‍රිකට් ආයතනය බංකොලොත් ආයතනයක් නොවන බවත් 2006 වසරේ ලෝක කුසලාන තරගාවලියයේ සත්කාරත්වය ලැබී තිබියදීත් හිටපු පාලකයන් ඊට ප‍්‍රමාණවත් ලෙස සූදානම් නොවීම නිසා වත්මන් තත්ත්වයට මුහුණ දීමට සිදුවූ බවත්ය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නව නිලධාරී මණ්ඩලය

සභාපති - උපාලි ධර්මදාස මහතා, උප සභාපතිවරු - කේ. මතිවානන් සහ අසංග සෙනෙවිරත්න යන මහත්වරු, ලේකම් - නිශාන්ත රණතුංග මහතා, උප ලේකම් - හිරන්ත පෙරේරා මහතා, භාණ්ඩාගාරික - නුස්කි මොහොමඞ් මහතා, උප භාණ්ඩාගාරික - අජිත පැස්කුවල් මහතා.



අදහස් (0)

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ගොඩගන්න වසර පහක්වත් කැප වෙන්න වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා
2025 අප්‍රේල් මස 22 1116 0

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර


රන් පවුමක් 255,000 ක් වෙයි
2025 අප්‍රේල් මස 22 476 0

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය


ඇමති වාහන දෙකකට සීමා කරයි
2025 අප්‍රේල් මස 22 694 0

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම


සිසුන් පහරදී සිසුවා මරලා
2025 අප්‍රේල් මස 22 1709 0

පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය


පාස්කු විමර්ශන වලින් මූලික ගැටලු දෙකක් විසඳා ගත්තා
2025 අප්‍රේල් මස 22 975 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබයි
2025 අප්‍රේල් මස 22 5413 0

සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 601 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 308 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site