වියට්නාමයේ පැවැති අන්තර්ජාතික ටෙනිස් සම්මේලන වයස 14 න් පහළ සංවර්ධන ටෙනිස් තරගමාලාවේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා නෙත්මි වඩුගේ රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්වුවාය. තරගාවලි දෙකකින් පැවැති මෙම තරගමාලාවේ ක්‍රීඩිකාවන් අතරින් නෙත්මි දෙවැනි ස්ථානය දිනා ගත්තාය.
නෙත්මි පළමු තරගාවලියේදී කාන්තා කේවළ ඉසව්වේ රිදී පදක්කම දිනාගත්තාය. ඇය අවසන් මහා තරගයේදී මැලේසියානු ක්‍රීඩිකා යස් සස්ලීන් යස්රි හමුවේ 6/0, 6/4 ක් ලෙස පරාජය වුවාය.
නෙත්මි කාන්තා යුගල ඉසව්වේදී ෆාතුම් ඉසදීන් සමග ක්‍රීඩා කර එහි රිදී පදක්කම දිනාගත් අතර එහි රන් පදක්කම සත්කාරක වියට්නාමයට හිමිවිය. දෙවැනි තරගාවලියේ කාන්තා කේවළ ඉසව්වේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා නෙත්මි ලෝකඩ පදක්කම හිමි කර ගත්තාය. පාකිස්තානු ක්‍රීඩිකා මහීන් දාදා සමග යුගල ඉසව්වට සහභාගිවු නෙත්මි එහිදී මැලේසියාව හමුවේ පරාජය ලැබීය.
කොළඹ විශාඛා විදුහලේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන නෙත්මි වයස 14 න් පහළ ටෙනිස් ශූරියයි. ඇය ජාතික ශ්‍රේණිගත කිරීමේ (කාන්තා) අට වැනි ස්ථානයේ සිටින නැගී එන ක්‍රීඩිකාවකි.
තරගාවලියට බංග්ලාදේශය, ලා ඕසය, මියන්මාරය, සිංගප්පුරුව, භූතානය, මැලේසියාව, මැකාවෝ, කාම්බෝජය, මාලදිවයින, නේපාලය, මොන්ගෝලියාව සහ පාකිස්තානය යන රටවලින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගිවුහ.
අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව
දළදා වන්දනාව සඳහා හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ මහනුවර දළදා මාලිගාවට පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානයේ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටි.
හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 2දෙදෙනකු අප්‍රේල් 29 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටත් වයස
සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම කොළොන්නාව නගර සභා අපේක්ෂයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීමට පෙර ඉකුත් (20) දා ඇතිව තිබූ ආරවුලක් මත ත්‍රි රෝද රථයකට ම
බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 10 ක් පමණ ලබාගෙන තිබෙන බවත් තවත් මිලියන 7 ක් පමණ ටින් අ
මාතර බන්ධනාගාරයේ ඇතුළු නොසන්සුන් කාරී තත්වය පැය 17කට පමණ පසු පාලනය කිරීමට හැකි වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ශ්‍රී ලංකා ටෙනිස් ක්‍රීඩිකා නෙත්මි වියට්නාමයේදී පදක්කම් 4 ක් දිනයි