පුහුණුකරුවා සහ නායකයා හදිසියේම ඉවත්ව ගිය නමුත් කණ්ඩායමේ සුබවාදී වෙනස්කම් දැකිය හැකි බව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන පවසයි. සිය නායකත්වයේ දෙවැනි ඉනිම ඇරඹූ මහේල ජයවර්ධන විසින් මෙහෙයවන ලද ශී‍්‍ර ලංකා කණ්ඩායම පෙරේදා (8 වැනිදා) පර්ත් නුවරදී ඉන්දියාවට එරෙහිව සහභාගි වූ තුන්කොන් එක්දින තරගයේදී ඉන්දියාව හමුවේ කඩුලූ 4 ක පරාජයක් ලැබීය. මේ වන විට 34 හැවිරිදි වියේ සිටින මහේල ජයවර්ධන පවසන්නේ නව පුහුණුකරුවා වන ග‍්‍රැහැම් ෆෝඞ් යටතේ, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට වඩාත් සාර්ථක අනාගතයක් නිර්මාණය කිරීම සඳහා තමන් කැපවී සිටින බවයි. අපේ සිතිවිලි දහරාව, කී‍්‍රඩකයන් වැඩි වගකීමක් ගැනීම වැනි කණ්ඩායම ඇතුළේ ඇතිකළ යුතු සමහර දේවල් සම්බන්ධයෙන් අප ඕස්ටේ‍්‍රලියාවට පැමිණියාට පසුව සාකච්ඡා වට කිහිපයක්ම කළා” අද වන විටත් ඒවායේ ප‍්‍රතිඵල දකින්න පුළුවන් වුණා. තරගයක් දිනන්න ඔවුන් තුළ තිබූ උනන්දුව වගේම ඔවුන්ගේ ආකල්ප ඉතාම හොඳයි” යයි පෙරේදා තරගයෙන් අනතුරුව මහේල ජයවර්ධන පැවසීය. බොහෝ විට අපේ අතින් වැරදි කිහිපයක් වුණා. කොහොම වුණත් එය හොඳ තරගයක්” සමස්තයක් වශයෙන් ඒ ගැන මට සතුටුයි” යයිද මහේල වැඩිදුරටත් පැවසීය. කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් තරගාවලියේදී ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරගය අද (10 වැනිදා) පර්ත් නුවරදී පැවැත්වේ. මහේල ජයවර්ධන පවසන්නේ ඕස්ටේ‍්‍රලියානු පිල පරාජය කිරිමට ශී‍්‍ර ලංකා පිලට හැකියාව ඇති බවයි ඔවුන්ගේ ශක්තිමත් කම් වගේම අපේ ශක්තිය කුමක්ද කියන්නත් අප දන්නවා. අප මෙතැනදී වඩාත් බුද්ධිමත් වෙන්න ඕනෑ” යයි මහේල පැවසීය.
ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක
ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.
ශ‍්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත
මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි
වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ‍්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ‍්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ‍්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශී‍්‍ර ලංකා පිලේ සුබවාදී වෙනස්කම් තිබෙනවා