IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


ශී‍්‍ර ලංකා පිලට යළි හිස එසවීමට කාලයක් ඕනෑ

පාකිස්තානයට එරෙහිව පැවැති ටෙස්ට් සහ එක්දින තරගාවලි දෙකම පරාජය වූ නමුත් ශී‍්‍ර ලංකා කණ්ඩායමට යළි හිස එසවීම සඳහා කිසියම් කාලයක් අවශ්‍ය වේ යයි  ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායකයකු මෙන්ම ලෝකයේ විශිෂ්ටතම පිතිකරුවකු වූ සනත් ජයසූරිය පවසයි. පාකිස්තානයට එරෙහිව පසුගිය බදාදා (23 වැනිදා) අබුඩාබිහිදී පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගයත් පරාජය වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම පාකිස්තානය හමුවේ එක්දින තරගාවලිය 4-1 කින් පරාජය විය. දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලියේදීද ශී‍්‍ර ලංකා පිලට උරුම වූයේ 1-0 ක පරාජයකි. ”මේ තරගාවලි දෙකේදීම පරාජය වීම කණගාටුවට කරුණක්. අඩුතරමේ එක තරගාවලියක් වත් ජයගන්නට ලැබුණා නම් හොඳයි” යයි තරගාවලියේ රූපවාහිනී විචාරකයකු වශයෙන් කටයුතු කරමින් සිටින සනත් ජයසූරිය පවසයි. දෙපිල අතර තවත් පැවැත්වීමට ඉතිරිව ඇත්තේ විස්සයි/20 තරගයක් පමණි. මේ වන විට 42 හැවිරිදි වියේ සිටින ජයසූරිය පවසන්නේ ශී‍්‍ර ලංකා කණ්ඩායම නැවතත් ජයග‍්‍රහණ අතරට ඒම සඳහා තරුණ කී‍්‍රඩකයන් හඳුන්වාදී කලක් ඉවසීමෙන් බලා සිටිය යුතු බවයි. ”ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාවට මේක ඉතාමත් අසීරු කාලයක්. ”ශී‍්‍ර ලංකා පිල තරග කරන්නේ තරුණ කී‍්‍රඩකයන් රැසක් එක්කයි. ඔවුන්ට ස්ථාවර වීම සඳහා කිසියම් කාලයක් අවශ්‍යයි” යයිද පාර්ලිමේන්තු මන්තී‍්‍ර සනත් ජයසූරිය පැවසීය. නිමාවූ ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව, මේ වසරේ අපේ‍්‍රල් මාසයේදී ශී‍්‍ර ලංකා පිලේ නායකත්වයට පත්වූ ඩිල්ෂාන් මේ දක්වා කණ්ඩායම මෙහෙයවූ ටෙස්ට් සහ එක්දින තරගාවලි තුනේදීම ශී‍්‍ර ලංකා පිල පරාජය වී තිබේ. ”ඔහු (ඩිල්ෂාන්) ඉතාමත් දක්‍ෂ කී‍්‍රඩකයෙක්. ඔහුට කරන්න පුළුවන් දේ මෙනවාද කියා අප සියලූ දෙනාම දැක තිබෙනවා. ඒත් අවාසනාවකට වගේ ඔහු මේ දවස්වල අසාර්ථක කාලයක් ගතකරමින් සිටිනවා” ”මේක අලූත් කණ්ඩායමක්. මේ කී‍්‍රඩකයන් වගේම කළමණාකාරිත්වය කෙරේත් විශ්වාසය තැබීම අවශ්‍යයි. පුහුණුකරු පවා අලූත් කෙනෙක්” යයිද ජයසූරිය පැවසීය. කෙසේ වෙතත් කී‍්‍රඩකයන්ගේ ගෙවීම් පමා වීම ඔවුන්ගේ උනන්දුව හීන වීමට බලපා ඇතැයි යන මතයට ජයසූරිය එකග නොවේ. ”මා හිතන්නේත් එය (ගෙවීම් ප‍්‍රමාදවීම) කණගාටුවට කරුණක් තමයි. කලින් පැවැති ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පරිපාලනය වැරදි රාශියක් කරලා තිබෙනවා විතරක් නොවෙයි මේ අවුල් සහගත තත්ත්වයට ඔවුන් කෙළින්ම වගකිව යුතුයි” ”පරිපාලනමය ප‍්‍රශ්න නිසා කී‍්‍රඩකයන් අනිවාරතේ විඳවනවා” ”ඔවුන්ගේ ගෙවීම් ඉක්මනින්ම ලැබේවි කියා මා විශ්වාස කරනවා. ඒ වගේම රට වෙනුවෙන් කී‍්‍රඩා කරන විට අනෙක් සියලූ දේම අමතක කරනවා. ඔවුන් ඒ ගැන කතා නොකළ එක පිළිබඳව මා සතුටු වෙනවා” යයිද ජයසූරිය පැවසීය. කි‍්‍රකට් පරිපාලනයේ නිතර නිතර සිදුවන වෙනස්කම් පිළිබඳව කී‍්‍රඩකයන් කරදර විය යුතු නැති බවත් තමන්ගේ තරග සමයේදීත් එය එසේ සිදුවූ නමුත් කී‍්‍රඩකයන් කිසිවකු ඒ ගැන තැකීමක් නොකළ බවත් ජයසූරිය වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

ශී‍්‍ර ලංකා පිලට යළි හිස එසවීමට කාලයක් ඕනෑ

උදාර Monday, 28 November 2011 01:14 PM

මහේලට නායක කම දී සංගා උපනායක කරන්න ඕනෑ

:       0       0

බුද්ධික ඡයම‍හ Monday, 28 November 2011 01:25 PM

අපිට අවශ්‍යයි වෙනසක්? මම හිතන්නේ නව නායකයා වශයෙන් කුමාර සංගක්කාර ලෙසත් උප නායක ටී.එම්. ඩිල්ෂානුත්

:       0       0

sanjeewa Monday, 28 November 2011 02:40 PM

දකුණු අප්‍රිකානු සංචාරයට මහේලට නායකත්වය දීලා මැතිව්ස් උපනායකය කල යුතුයි. නැත්නම් ඩිල්ෂාන් ගහන ලකුණු ටිකවත් ගහන්නේ නැතිවෙයි. ඩිල්ෂාන් ඒ තරමටම වැටිලා.

:       0       0

kamlksmlfasd Friday, 25 November 2011 07:31 PM

ඇයි?

:       0       0

dine Friday, 25 November 2011 11:20 PM

මහේලට නායක කම දීලා, සංග උපනායක කරලා දැම්මොත්, අපිව කාටවත් හොල්ලන්න කාටවත් බෑ.

:       0       0

අරුණ Monday, 28 November 2011 03:25 PM

තිලිණ කන්ඩම්බි? පිතිකරුවන් වහාම සෙවිය යුතුයි. නැතිනම් හැමදාම මෙහෙම තමයි

:       0       0

Anonymous Saturday, 26 November 2011 02:24 AM

දැන් ඉන්න ගොඩක් අය කණඩායම තමන්ගේ පුද්ගලික වස්තුවක් ලෙස තමයි හිතාගෙන ඉන්නේ...

:       0       0

රත්න සිල්වා Saturday, 26 November 2011 05:34 AM

නායකත්වය වෙනස් කළ යුතුයි

:       0       0

මුස්තාක් Monday, 28 November 2011 06:40 PM

නායකත්වයේ වෙනසක් සිදුවිය යුතුයි..... සංගා තමයි හොදම නායකයා

:       0       0

තුවාන් මොහොමඩ් Saturday, 26 November 2011 10:20 PM

සනත්ගෙ කියමන හරි

:       0       0

B Jerome De Silva Wednesday, 07 December 2011 11:00 AM

මා දන්‍නා පරිදි අර්ජුන රනතුංග නැමැති ශ්‍රෙෂ්‍ඨ නායකයාට අප දුටු ඔහුට අසන්‍නව නායකත්‍වයෙ ශිල්‍ප පෙන්‍නු නායකයා මහෙල ජයවර්ධනයි.නායකයෙකු ලෙස ඒක්‍ දින තරගවලදි යම් පසු බැස්‍මක්‍ පිතිකරුවෙකු ලෙස පෙන්‍නුවද ඒයට වඩා ඔහුගෙ නායකත්‍වය විශිෂ්‍ඨ විය.2007 ලොක කුසලාන තරගාවලියෙදි ඔහුගෙ හැසිරිම නායකයෙකු ලෙස අති විශිෂ්‍ඨය.ඔහු තුල තිබුණු විනය,සෘජු බව,ගෟරවනිය බව,කපටි බව,උපක්‍රමශිලි බව,සර්ව බලධාරි බවවැනි නායකත්‍විය ගුණයන්‍ගෙන්‍ යුත්‍ ඔහුගෙ පෟරුෂත්‍වය නායකත්‍වය සදහා කදිමට ගැලපෙයි.අද සංගා ගෙ දක්‍ෂතාවයන්‍ වලින්‍ වැසි ගෙන යන මහෙලට නායකත්‍වය හරහා තමාටත්‍ ක්‍රිකට් වලටත්‍ ජිවයක්‍ ඒක්‍ කර පිඹිදිමක්‍ අැති කල හැක. තවද මගෙ මතය නම් තිලාන්‍ සමරවිර හරහා සමබර විය හැකි කණ්‍ඩායමකට මහෙල හරහා ලැබෙන නායකත්‍වය කාලිනව වැදගත්‍ බවයි.අර්ජුන සිදු කලෙත්‍ මෙ හා සමාන දෙයකි.ඔහුට අරවින්‍ද,සනත්‍,කලු,ගුරා,හෂාන්‍,මහනාම...ලබා දුන්‍ නායකත්‍වය හරහා කණ්‍ඩායම නිර්මානය කරමින්‍ 1996 ලොක කුසලානය ජයග්‍රහණය තෙක්‍ රුගෙන ගිය මානසිකත්‍වය වර්තමානයෙ නිර්මාණය කල යුතුයි.ඉතිං මහෙලව ඒකග කර ගැනිම පරිපාලනය කල යුතුයි. තවද සනත්‍ ජයසුරිය පුහුණු කරු විම වැදගත්ය.ඔහුගෙ ඉංග්‍රිසි භාෂා හැසිරවිම සහ වෙගය ජත්‍යන්‍තර විස්‍තර විචාරය සදහා උචිත නැති විම තුල, අනිගතයෙදි සංගා විසින්‍ ඒම ක්‍රියාව යහපත්‍ව කරන විශ්‍වාසයෙන්‍ සනත්‍ පුහුණු කරුවෙකු විම වැදගත්‍.ඒදා සනත්‍ව දැක්‍කත්‍ බිය වු පන්‍දු යවන්‍නන්‍ සතු මානසිකත්‍වය,ඔහු සිටියත්‍ අැති යැයි සිතු අපගෙ මානසිකත්‍වයත්‍ සහ ඔහුගෙ ඒක පුද්‍ගල ක්‍රිකටි මෙ අවස්‍ථාවට වඩාත්‍ වැදගත්‍ බව මගෙ අදහසයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා ‘වෝකි-ටෝකි’ පුපුරයි
2024 සැප්තැම්බර් මස 19 837 0

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර පුපුරා ය


ගවහිමියා වෙඩි තබා මරාදමලා
2024 සැප්තැම්බර් මස 18 851 0

වෙඩි තබා ඝාතනය කර තිබූ තරුණයෙකු ගේ මළසිරුරක් අද (18) රාත්‍රි 8 ට පමණ තංගල්ල නලගම පොල්තවාන හංදියේ පොල් ඉඩමක තිබී සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .


ඒ.එස්.පී සංජීවගේ වාහන 3ක් - අක්කර 5ක් තහනම්
2024 සැප්තැම්බර් මස 18 1468 0

අනුරාධපුර හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සැළසුම් කර මෙහෙය වුයේ යැයි කියන අනුරාධපුර හිටපු සහක


මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගර සේවිකාවට ඇප
2024 සැප්තැම්බර් මස 18 601 0

මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගාරයකදී කාන්තාවගේ හිස කෙස් එකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු එම කාන්තාවගේ කෙස් කළඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බ


මං එන්නේ රටට යුතුකම කරලා
2024 සැප්තැම්බර් මස 18 1343 6

තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් වන මූලික යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව රට මුහුණ දී තිබූ බංකොලොත් බවින් මුදා ගැනීමේ පළමු පියවර තබා යැයි ජනාධි


මැකෝ කාලගුණ වාර්තාවක් කැඳවයි
2024 සැප්තැම්බර් මස 18 687 0

ඉදිරි දිනවල රටේ කාලගුණ තත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැ


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 25 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 114 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2163 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site