
(යොහාන් භාසුර)
ශ්රී ලංකාවේ අක්ෂි සෞඛ්ය ක්ෂේත්රයේ නව පියවරක් සනිටුහන් කරමින් ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ පළමු දෘෂ්ටි විශේෂඥ උපාධිධාරී කණ්ඩායම ( ^BSc (Hons) Optometry) උපාධිය සම්පූර්ණ කර විසිර ගියේය.
අපොස උසස් පෙළ විභාගය ජීවවිද්යා අංශයෙන් ඉහළ ලකුණු ලබා ගන්නා සිසුන් මෙම පාඨමාලාව සඳහා දිස්ත්රික් මට්ටමින් සුදුසුකම් ලබන අතර සිව්වසරක සිද්ධාන්ත සහ ප්රායෝගික අධ්යන කටයුතු ඉංග්රීසි භාෂාවෙන් ක්රියාත්මක කරයි.
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ සෞඛ්ය විද්යා පීඨයේ ‘ඔප්ටොමෙටි්ර’ (දෘෂ්ටිමිතික) අධ්යයනාංශය ක්රියාත්මක කළ සිව් අවුරුදු දෘෂ්ටි විශේෂඥ උපාධි වැඩසටහනේ 2020/2021 ප්රථම ශිෂ්ය කණ්ඩායම මෙලෙස සිය අධ්යයන කටයුතු සාර්ථකව අවසන් කළේය.
මෙම කණ්ඩායමට සිසුන් 55 දෙනෙකු ඇතුළත් වූ අතර මෙය ශ්රී ලංකාවේ විශ්වවිද්යාලයක් ක්රියාත්මක කළ ප්රථම සම්පූර්ණ ‘ඔප්ටොමෙටි්ර’ උපාධි වැඩසටහන ලෙස ද මෙය සැළකේ.
ජාත්යන්තර සායනික ‘ඔප්ටොමෙටි්ර’ ප්රමිතීන් සහ එක්සත් රාජධානියේ ‘ඔප්ටොමෙටි්ර’ අධ්යාපන ක්රමවේදයන් ආශ්රිතව සංවර්ධනය කර ඇති මෙම උපාධි වැඩසටහන තුළින් සායනික පුහුණුව, දෘෂ්ටි දෝෂ හඳුනාගැනීම, අක්ෂි රෝග හඳුනාගැනීම, නිර්ණය හා යොමු කිරීම, කාච සහ අල්ප දෘෂ්ටි පුනරුත්ථාපනය ඇතුළු ක්ෂේත්ර ගණනාවක පුහුණුව ලබාදී ඇත.
වසර හතරක අධ්යයන කාලය තුළ අක්ෂි ව්යුහ විද්යාව හා කායික විද්යාව, විශේෂඥ අක්ෂි වෛද්යවරුන් යටතේ නිරන්තර සායනික පුහුණුව, දෘෂ්ටි දෝෂ හා රෝග නිර්ණය වපර හදුනාගැනීම, අක්ෂි රෝග හඳුනාගැනීම, සම්බන්ධත කාච අල්ප දෘෂ්ටි පුනරුත්ථාපනය, ළමා හා වයෝවෘද්ධ අක්ෂි සත්කාර මෙන්ම අධීක්ෂණය යටතේ සායනික පුහුණුවද ලබාදී තිබේ.
මෙම පළමු උපාධිධාරී කණ්ඩායම බිහිවීම උපාධියක් සම්පූර්ණ කිරීමකට පමණක් සීමා නොවන අතර ශ්රී ලංකාවේ විශ්වවිද්යාල මට්ටමේ පුහුණුව ලැබූ නව අක්ෂි සත්කාර වෘත්තීය කණ්ඩායමක් බිහිවීමක් ලෙස ද සැළකිය හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd