IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‍ශ්‍රි ලංකා විදෙස් තනාපතිවරුන් ගැන දැඩි අවධානයක්

විවිධ රටවල සිදු වූ සිද්ධීන් සැළකිල්ලට ගනිමින් විදෙස් රටවල සිටින ශ්‍රී ලංකා තානාපතිවරුන් ඇතුළු රාජතාන්ත්‍රිකයින් සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

තුර්කියේ රුසියානු තානාපතිවරයා ඝාතනයෙන් පසුව මේ පිළිබඳව දැඩිව අවධානය යොමු කළ බව  විදේශ කටයුතු අමාත්‍යංශය කියයි.

මලයාසියාවේදි ශ්‍රී ලංකා තානාපතිවරයාට පහරදීමේ සිද්ධියෙන් පසු ඔහුට විශේෂ ආරක්ෂාවක් ලබා දෙන්නැයි එරට රජය  දැනුම්වත් කළ බවත් එය ක්‍රියාත්මක වන බවත් එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසයි.

පවතින තත්ත්වයන් හමුවේ වෙනත් රටවල සිටින ශ්‍රී ලංකා තානාපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද විදේශ කටයුතු අමාත්‍යාංශය සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

දැනට විදෙස් දූත මණ්ඩල 54ක ප්‍රධානීන් වශයෙන් ශ්‍රී ලංකාවේ තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු කටයුතු කරති.



අදහස් (0)

‍ශ්‍රි ලංකා විදෙස් තනාපතිවරුන් ගැන දැඩි අවධානයක්

ඔෂානි Saturday, 24 December 2016 04:49 AM

ඇත්ත. එයාලා ගැන අපි බලන්න එපායැ (නි)

:       0       0

දහම් Saturday, 24 December 2016 05:46 AM

විදේශ සේවය පිරිසිදු කරන බවටයි ඡන්දෙට කලින් පොරොන්දු දුන්නේ. හැබැයි දැන් දේශපාලන හෙන්චයියලා බුරුතු පිටින් තානාපති සේවයට රිංගවලා. ඔන්න යහපාලනේ කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙන හැටි. (නි)

:       0       0

අලහප්පෙරුම Sunday, 25 December 2016 10:46 AM

ලන්ඩනයේ මහකොමසාරිස් කාර්යාලයේ ඒ දවස්වල රටේ පාලකයාගේ ඥාති බවලත් දොස්තර කෙනෙකුත් විදේශ සේවා රැකියාවක් කළා. එයා එය ඇත්ත වශයෙන්ම එම නොගැලපෙන තනතුර ලබා ගත්තේ රටේ දුප්පත් මහජන මුදලින් තම ළමයින් එංගලන්තේ පාසලකට යවන්නයි. (බ)

:       0       0

අජිත් රණසිංහ Saturday, 24 December 2016 06:09 AM

අපේ තානාපති සේවය හරියට ශ්‍රී ලන්කන් ගුවන් සේවය වගේ. නිකම්ම නිකන් සුදු අලියෙක් පමණි (නි)

:       0       0

හිමාල් Sunday, 25 December 2016 01:14 PM

මට නම් මොවුන් ගැන කිසිදු අනුකම්පාවක් නැහැ (නි)

:       0       0

රොකී Sunday, 25 December 2016 01:14 PM

මේ තානාපති සේවාවන් වලින් රටට ලැබෙන කිසිම පලක් නැහැ. මොවුන් එක් කෙනෙකුටවත් කිසිම අනුකම්පාවක් ඕනෑ නැහැ. පිල්ලි ගහන සල්ලි වලින් ආරක්ෂාව ඒ ගොල්ලන්ටම යොදාගන්න කියන්න. (නි)

:       0       0

චන්න Saturday, 24 December 2016 08:21 AM

එයාලට මොකටද විශේෂ ආරක්ෂාවක්? (නි)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 24 December 2016 09:00 AM

මිලානෝහි කොසියුලර් අංශයක් පවත්වාගෙන යන්න දරන අධික වියදම දරන්නේ ලංකාවේ දුප්පත් මහජනයාද, නැත්නම් එවැන්නක් ඉල්ලු පොහොසත් මිලානෝහි ලාංකිකයන්ද? මිලානෝ ලාංකිකයන්ගෙන් ලංකාවේ ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභ මොනවාද? ඒ අයට රටේ මුදලින් මෙවන් පහසුකම් ලබාදෙන්න. පහසුකම් ලබා දියයුත්තේ රටට විදේශ විනිමය සපයන මැදපෙරදිග ශ්‍රමිකයන්ට නොවේද? (නි)

:       0       0

විදානේ Friday, 23 December 2016 04:31 PM

විදෙස් තානාපතිලා කරන්නෙත් සේවයක්. ඔවුන්ට නිසි ආරක්ෂාවක් අවශ්‍යයි (නි)

:       0       0

සුදේශ් Friday, 23 December 2016 04:41 PM

අනේ මන්දා අපිට නම් මොනවා වුණත් ගාණක් නැහැ මේගොල්ලන්ට (නි)

:       0       0

රානි Saturday, 24 December 2016 04:30 PM

ලන්ඩන් වල නම් මොකුත් වෙන්නේ නැහැ කිසි වැඩකට නැති නිසා. කරන දෙයකුත් නැහැනේ. (නි)

:       0       0

ගමගේ Saturday, 24 December 2016 07:03 PM

මට නම් ඔවුන් ගැන කිසිම දුකක් නැහැ (නි)

:       0       0

මුණසිංහ Monday, 26 December 2016 03:04 AM

මේ තනතුරුවලට දේශපාලකයින් ගියානම් ඔවුන් ගැන වැඩි අවදානය දෙන්න. එයාලා කරන්නේ රාජ්‍යතාන්ත්‍රික දේවලට වඩා දේශපාලනය නිසා. (නි)

:       0       0

විද්‍යාපතිරණ Friday, 23 December 2016 07:33 PM

අනේ අපිට නම් මෙයාලා හිටියා නැහැ කියලා වෙනසක් නැහැ (නි)

:       0       0

ටිකිරි Sunday, 25 December 2016 02:39 AM

මෙය අනිවාර්යෙන් කළයුතුය. කොටි සංවිධානය විදෙස් රටවල මෙතරම් ශක්තිමත් වීමට එම රටවල සේවයකළ තානාපති නිලධාරීන් ඍජුවම වගකිව යුතුය (නි)

:       0       0

සත්‍යයා Friday, 23 December 2016 11:38 PM

දුප්පත් ජනතාවගෙන් නඩත්තු වෙමින් රට වෙනුවෙන් යහපත් දෙයක් කරනු වෙනුවට හොරකම දුෂණය හා වංචාවලට සම්බන්ධ තානාපති හොරු සහ කොමසාරිස් හොරුන් පාලකයෝ ආරක්ෂා කරනකොට අසරණව ඉන්නා ජනතාවකට වක්‍රව කරන උදව්වක් ලෙස කවුරුන් හෝ මොවුන්ට පාඩමක් උගන්වනවා නම් එහි ඇති වැරැද්දක් නැහැ. (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Saturday, 24 December 2016 03:11 AM

මෙයාලා කිසිම වැඩක් කරනවද? මෙයාලා ගැන මොකට කරදර වෙනවද? (නි)

:       0       0

අතුල Monday, 26 December 2016 04:47 AM

හොඳයි ඒකත් කරලා බලමුකෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 309 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 926 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 289 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 189 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 4561 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 965 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26046 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 294 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1341 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site