ඇන්ජලෝ මැතිව්ස්ගේ (නොදැවී 80) විශිෂ්ට ඉනිම නිසා සංචාරක පාකිස්තානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (18 වැනිදා) පැවති පස්වැනි සහ අවසාන එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලූ 02 තියුණු ජයක් අත්විය.
තරගයේ වීරයා සම්මානය ඇන්ජලෝ මැතිව්ස් දිනා ගත් අතර තිසර පෙරේරා තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබිය.
පාකිස්තාන කණ්ඩායම ඕවර 50 කදී කඩුලූ 07 ක් දැවී 247 ( ඉම්රාන් ෆර්හාත් 56, අෂ්හර් අලී 30, මිස්බා උල් හක් 32, උමර් අක්මාල් 55, ජිවන්ත මෙන්ඩිස් 30/2, නුවන් කුලසේකර 53/2)
ශ්‍රී ලංකාව ඕවර 49.4 කදී කඩුලූ 8 ක් දැවී 248 (කුමාර් සංගක්කාර 40, දිනේෂ් චන්දිමාල් 54, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 80, සොහෙල් තන්වීර් 42/3, සහිඞ් අෆ්රිඩි 48/2)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි....!!
මේ සැරේ නම් නියමෙට වැඩේ කලා.....මරු මරු
ඊළගට තියෙන්නෙ ඉන්දියාවටත් ඔයවිදියටම සටනක් දී ජයගන්න.. සුබපැතුම්...!!
හුග කාලෙකින් ගත්ත ටිකට් එකට හරියන්න නියම තරගයක් බැලුවා..සුභපැතුම්.....!!
ශ්රී ලංකාව තමයි හොදම කණ්ඩායම....
අපේ කොල්ලන්ට ජයවේවා
අපේ සිංහ පැටවූන්ට ජය වේවා....!!
මෙම තරගාවලිය දිනන්න රට ගැන හැගීමෙන් සෙල්ලම් කළේ ටික දෙනයි
නියමයි.වැඩක් නෑ කියලා
කණ්ඩායම් හැගීමෙන් වැඩ කළා විශිෂ්ඨයි.. දැඩි උත්සාහක දිනුමක්..
අපේ කොල්ලන්ට ජයවේවා!!!!!!!!!!!!!!!
ඔහොම යන් ජය වේවා !!..
මහේල නියමයි.. තරංග අන්තිමයි.. දිල්ෂාන් මාරයි... තිසර මරේ මරැ.. අනාගත නායකයා තිසර... කණ්ඩායමටම බුදු සරණයි..!!
ඔහොම යං වල්ඩ් කප් එකත් අත ලග.....
දිනේෂ් චන්දිමාල් ඔයාගෙ ඉනිමත් මිල කරන්න බැහැ...සුභපැතුම් ශ්‍රී ලංකා..
නියමයි....!!!
තරංගව පළමුව ක්‍රීඩාකරන්න එවන්නෙ ඇයි.?
ඔය ගැම්මෙම්ම යමු... ඉන්දියාවලටත් ගහමු... ඔය වගේම..
තරගයනම් නියමයි.. CSN එකේ බලන්න තමා එපා වෙන්නෙ වෙළදැන්වීම් විතරයිනේ....
තරංග කියන්නේ අපේ සුපිරි ක්‍රීඩකයෙක්.මැච් දෙක තුනක් ගහන්න බැරි උණ පළියට ඔහොම බනින එක වැරදියි
අපේ ක්‍රීඩකයන්ට සුබ පැතුම් !
හේ...හේ...හේ...හේ...හේ...හේ...හේ...හේ...හේ....... පළමු තරගයට බැන්න හැමෝගෙම කටවල් වැහිලා
මැතිවුස් කොල්ලා නැත්නම් ලංකාවට බුදු සරණයි.නියමයි!
හූ.. හූ.. බූම් බූම් පැරදුනා.. හොද වැඩේ බූම්ට...
සිංහයන් තමා හොදම.. ඔහොමම වැඩේ දෙමු විස්සයි විස්ස කුසලානයටත්.. ජය වේවා..!!!
ඔච්චරයි අපිට ඕනි.....යමු....යමු...ශ්‍රී ලංකා..
මහේලයි ඩිල්ෂාන් ටීම් එකේ ඕපනින් සෙල්ලන් කරන කොට අමුතුම ජවයක් තියනවා ඒත්.... බෝලෙට බයේ තරඟයම මුස්පේන්තු කරලා අනික් අයට මුලු බර දාලා යන අයගෙ වෙනසක් තියෙන්න ඕනි. අපේ කොල්ලන්ට ජය. පී.පී.පී කියන කතාව නම් සම්පුර්ණ ඇත්ත ක්‍රිඩා නාලිකාව කියලා CSN එකට කිව්වට ඇත්තටම දැන් ඒක advertisement පෙන්වන නාළිකාවක්... අනේ අපේ ප්‍රේක්ෂකයෝ මොන චැනල් එකත් එකයි.
පකිස්තානෙට සපෝට් කරන ලංකාවේ කට්ටියට හොද වැඩේ
සුභ පැතුම්
තරංග ක්‍රීඩා කරන්නේ පාකිස්ථානයටද ?
අෆ්රිඩි සවුත්තු උනා උපදෙස් දෙන්න ගිහින්, අන්තිමට මුකුත්ම නොකිය බලන් හිටිය,, පව් වැඩේ. හු හු හු..... නොන්ඩි.......
එල....... නියමයි........ පිළියන්දල සිප්ලෝ එකේ ඩොටා ගහන සෙට් එකේ සුබ පැතුම්........
නියමයි කොල්ලනේ
හෙට උදේට ෆිට් එකේ ඔෆිස් යන්න පුළුවන්
සුභ පැතුම්....වල්ඩ් කප් එකත් ඔය වගේම ගන්න.....
බොමු ජය පැන්
සතුටුයි කාලෙකට පස්සේ .....ජය ජය..!!!
අපේ සිංහ පැටවූන්ට ජය වේවා....!!
අපේ කොල්ලෝ ටිකට ජය වේවා!
ඔන්න අපෙනුත් හයක්
කාලෙකින් ඇඟට දැනෙන සටනක් දැක්ක. ඔහොම ගහනවානම් පැරදුනත් කමක් නැත. සටන්කාමිත්වයයි අවශ්‍ය. ඔහොම යන්. අනිත් ටිකත් අමාරු නැත. ජයවේවා!
කාලෙකින් පස්සේ තරඟාවලියේ ජයක්...
ඔන්න ඕකත් ඇගට නොදැනිම ගහලා නම්බුව බේර ගන්න.සැමට ජය!
නියමයි.ඔහොම තමයි ඉන්න ඕනේ
නියම තරඟයක් කාලෙකින් දැක්කේ..හැමදාම මේ වගේ සටනක් දෙනවනම් නියමයි...ජය වේවා ..
එල මේ පාර හොඳායි..............
අපේ ක්‍රිකට් ශූරයින්ට උණුසුම් සුභ පැතුම්!!
අපේ කොල්ලෝ ටික මරු...
නියම ක්‍රීඩාව සිංහයනි.. නියමයි සිංහයන්...
සුභ පැතුම් අපේ කොල්ලෝ ටිකට
නැගෙනහිර හෝ බටහිර ශ්‍රී ලංකා කණ්ඩායම තමයි හොදම...
අපි ටෙස්ට් මැච් ටිකත් ගහමු...
ඇන්ජලෝ මැතිව් අද ඔයාගේ දවස....
පාකිස්තානයට දුන්නා නේද රිදෙන්න....එල කිරි
පරාජය අභියස සිටියදි ජයග්‍රාහී මාවතට ගෙන ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඇමරිකාවෙ නිව්යෝක් නගරයේ සිට අපගෙ උණුසුම් සුභපැතුම්....
අපි අද ආඩම්බරයෙන් වැඩට යනවා ! අපේ කොල්ලන්ට සුභ පැතුම් ..!!