IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ශ්‍රී ලංකාවේ උදව්වට ලන්ඩනයේ දුවයි

ලබන ඉරිදා පැවැත්වෙන ලන්ඩන් මැරතන් ධාවන තරඟය සඳහා ඉදිරිපත්වන ඩේවිඩ් ස්ටේසි එමඟින් උපයාගන්නා සියලුම මුදල් ශ්‍රී ලංකාවේ ආබාධිත සහ වරප්‍රසාද නොලත් දරු දැරියන්ට උපකාර කිරීමට පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වෙයි.

සැතපුම් 26 දුර දිවෙන ලන්ඩන් මැරතන් තරගය ලෝකයේ විශාලම ක්‍රීඩා තරගයකි. මෙවර ඒ සඳහා 35,000ක් පිරිසක් සහභාගී වීම සඳහා ලියා පදිංචි වී ඇත. මේ සියලු දෙනාම වාගේ තරඟය සඳහා ඉදිරිපත් වන්නේ ඒ ඒ අය විසින් තෝරාගන්න විවිධ සරණායතනයන් සඳහා ආධාර එකතු කිරීමේ පරමාර්ථයෙනි. මෙලෙසින් ආධාර මුදල් එකතුකර ගනු ලබන්නේ හිත මිතුරන් මෙන්ම විවිධ ආයතනවල අනුග්‍රාහකත්වය ලබාගැනීම තුලිනි. වෘත්තියමය මට්ටමේ ධාවන ශූරීන්ද සහභාගී වන මෙම මැරතන් තරඟයේ වැඩි දෙනා විනෝදයට සහ පරෝපකාරය සඳහා සහාය වීමේ අභිලාසයෙන් ඉදිරිපත් වන්නේ වෙති. තරඟය සඳහා ඉදිරිපත්වන බොහෝදෙනා කෙලෙසින් හෝ මුළු දුර ප්‍රමාණයම අවසන් කිරීමට උත්සාහ කරති. ලන්ඩන් මැරතන් තරඟයේ මුළු දුර ප්‍රමාණයම දිව්වාය යනුවෙන් සාඩම්බරයෙන් කීමට බොහෝදෙනා ආශා කරති. ඩේවිඩ් ස්ටෙසි මෙවර තරඟයට සහභාගී වන්නේ දොස්තර එම්.බී.රණතුංගගේ ආරාධනාවකට අනුවය. ඔහුගේ මිත්‍රයන් වන චෙස්ටේර් ප්‍රදේශයේ කෙනත් සහ එලෙසබත් හේස් ද මේ සඳහා අනුග්‍රාහකත්වය සපයති. දොස්තර රණතුංග සමඟ  ශ්‍රී ලංකාවට කිහිප වරක්ම ගොස් ඇති ඔවුන් දෙදෙනා , ෆොස්ටර් හාර්ට්ලි ව්‍යාපෘතිය, යන නමින් පිහිටුවා ඇති සංවිධායෙන් වසර ගණනාවක සිට ශ්‍රී ලංකාවේ විවිධ පළාත්හි සමාජීය හා සුභසාදන වැඩකටයුතු බොහෝ ගණනක් ක්‍රියාත්මක කර ඇත.

ලන්ඩන් මැරතන් තරඟයේදී ඩේවිඩ් ස්ටේසි එකතුකරගන්නා මුදල් මෙවර ශ්‍රී ලංකාවේ ආබාධිත සහ වරප්‍රසාද නොලත් දරු දැරියන් හට පිහිට වීමේ වැඩපිළිවෙළ කිහිපයක් සඳහා යොදාගැනීමටද ඔවුන් බලාපොරොත්තු වෙති.

මේ අතර පසුගියදා බොස්ටන් මැරතන් තරඟයේදී සිදුවූ බෝම්බ පිපිරීම නිසා මෙවර ලන්ඩන් මැරතන් තරඟය සඳහා වෙන කිසිදාටත්  වඩා දැඩි ආරක්ෂක විධි විධාන යොදවන බව බ්‍රිතාන්‍ය පොලිසිය නිවේදනය කර ඇත.



අදහස් (0)

ශ්‍රී ලංකාවේ උදව්වට ලන්ඩනයේ දුවයි

රංගශානි Wednesday, 17 April 2013 11:22 PM

මුළු ලෝකෙටම ආදර්ශයක්. බුදුසරනයි ඔබට! (නි)

:       0       0

ලසන්ත Wednesday, 17 April 2013 11:39 PM

ඔබතුමා අතින්ම ඕවා බෙදලා දෙන්න. නැත්නම් හොරාකයි ඒකත්. ඔබතුමා අතින්ම බෙදුවත් ගියාට පස්සේ මොනවා වෙයිද කියලත් මට විශ්වාස නැහැ. එහෙම රටක් මේක. (නි)

:       0       0

සෙන්තිල් Wednesday, 17 April 2013 11:51 PM

මේ ආධාරත් දෙන්නේ පිටරැටියෙක්නේ. මම හිතුවේ ලංකාවේ සිංහල එකෙක් කියලා. (නි)

:       0       0

ජයී තිසර Wednesday, 17 April 2013 11:52 PM

දහසක් තුති උතුම් මැරතන් කරුවාට.. ලක්වැසි බැරි දරුවො වෙනුවෙන් දුවනවාට.. ජය පැරදුම කුමක් වූවත් ඉරිදාට.. ස්ටේසි ඔබ දිනුම් තර‍ඟෙන් සැමදාට... (නි)

:       0       0

හේරත් Thursday, 18 April 2013 02:11 PM

ඔබට සියලු දෙවි පිහිටයි. තෙරුවන් සරණයි. පිරිසුදු හිත පණ්ඩිතයන්ගේ කතාවලින් උපදෙස් වලින් කැත කර නොගෙන හොඳ සිතෙන් කරන දෙය කරන්නට ඔබට දිරිය සවිය වාසනාව. (ස)

:       0       0

ජෙෆ් Thursday, 18 April 2013 01:11 AM

ඔබ දෙපොලගේ අධිෂ්ඨානය සඵල වේවා! ස්තුති ප්‍රශංසා වේවා! ඔබලට බොහෝ පින්! (නි)

:       0       0

ගාමිණී Thursday, 18 April 2013 02:54 PM

රට වෙනුවෙන් ආභාධිත අයට සේවයක් කිරීමට ඉටාගත් දොස්තර රනතුංග ඔබ තුමාටත්, බ්‍රිතාන්‍ය මිතුරන්ටත් නිදුක් නිරෝගී දිගාසිරි පතමු! (ස)

:       0       0

රිස්වාන් ඩූබාඊ Wednesday, 17 April 2013 05:39 PM

ලොකු දෙයක්. නමුත් සමහර ආධාර වලට වෙච්ච දේ වගේ දේවල් වෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

රූපවතී Wednesday, 17 April 2013 06:22 PM

ශ්‍රී දළදා හිමි සරණින් ඔබේ බලාපොරොත්තුව ඉටුවේවා..! (නි)

:       0       0

ගිම්හානි Thursday, 18 April 2013 11:43 AM

ඩේවිඩ් මේ තෑගී ඔයාම බෙදල දෙන්න නැත්නම් ලංකාවේ හොරු ටික එකත් සාක්කුවට දමා ගනීවි (ස)

:       0       0

උපාලි Wednesday, 17 April 2013 06:33 PM

බොහොම පින් ඔබට! (නි)

:       0       0

උපේක්ෂා Thursday, 18 April 2013 04:33 PM

ඔයාට ජේසු පිහිටයි.. ! ගිම්හානි කියපු කතාවට මාත් එකඟ වෙනවා.(ස)

:       0       0

නිලීකා Thursday, 18 April 2013 04:54 PM

ඔබ වැනි උතුම් පින් සිතුවිලි ඇති අය අප සමාජයට ගෙන දෙන්නේ ආදර්ශයක්. ඔබ ඔබේ රටට වඩා මගේ රටේ අසරණයින් ගැන සිතන එක පිළිබදව මට ඔබට ස්තූති කරන්න චවන නැහැ. (නි)

:       0       0

නෙලිකා Thursday, 18 April 2013 04:54 PM

ඔබ වැනි උතුම් පින් සිතුවිලි ඇති ය අප සමාජයට ගෙන දෙන්නේ ආදර්ශයක්. ඔබ ඔබේ රටට වඩා මගේ රටේ අසරණයන් ගැන හිතන එක පිලිබදව මට ඔබට ස්තුති කරන්න වචන නෑ ඇත්තටම.. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1313 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 804 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1336 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 950 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site