IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


ශ්‍රී ලංකාවේ දෙමළ සංස්කෘතික සංහාරයක් වෙන්න ඉඩ දෙන්නේ නෑ


(ලක්ෂ්මී ජයකොඩි)

ශ්‍රී ලංකාවේ දෙමළ සංස්කෘතික සංහාරයක් සිදුකිරීමට ඉඩ ලබා නොදෙන බවත් එය වළක්වා ගැනීමට ගත හැකි සෑම උත්සහායක්ම ගන්නා බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පුරාවිද්‍යා කැනීම් ආරම්භ කර ඇති මුලතිව් කුරුන්තුර් මලෙයි ප්‍රදේශයට ගොස් එම ස්ථානයේ තිබෙන බව කියන ශිවන් කෝවිල අසලදි පුදපුජා පවත්වා ආගමික වතාවත්වල නිරතවීමෙන්  පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ශ්‍රීධරන් මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

“මුලතිව් දිස්ත්‍රික්කයේ කුරුන්තරු මලෙයි ශිවන් කෝවිල සහිත ප්‍රදේශයේ පුරාවිද්‍යා කැණීම් දැක බලා ගැනීමට අපි පැමිණියා. නමුත් අපට වගේම අපත් සමඟ මෙහි පැමිණි මාධ්‍යවේදීන්ට පවා පළමුව එම ස්ථානයට යාමට හමුදාව විසින් ඉඩ ලබා දුන්නේ නැහැ. පසුව චාල්ස් නිමලනාදන් මන්ත්‍රීවරයා, විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා හා සෘජුව දුරකථනයෙන් අමතා එම ස්ථානයට යාමට අවසර ලබා ගත්තා. අප සමඟ පුරාවිද්‍යා කැණීම් සිදුකරන නිලධාරියෙකුත් පැමිණියා.

එම ස්ථානයේ තිබුණු ආදිෂිවන් අයියනාර් කෝවිල  ස්ථානයට අපි ගියා. එම ස්ථානයේ වන්දනාමාන කිරීමට තැන්පත් කර තිබුණු ත්‍රිශුල සියල්ල ගලවා විසකර දමා තිබුණා.  මීට පෙර ජනතාව එම ස්ථානයේ පුදපුජා කළ බවට සලකුණු පමණක් එහි තිබුණා.එම ස්ථානයේ හින්දු පුජනීය ස්ථානයක් තිබු බවට පැවසිය හැකි තරම් නටබුන් තිබෙනවා. නමුත් එය සිංහල බෞද්ධ පුරාවිද්‍යා නටබුන් සහිත ස්ථානයක් බවට අපට එත්තු ගැන්වීමට අප සමඟ පැමිණි පුරාවිද්‍යා නිලධාරියා දැඩි උත්සහායක් ගනු ලැබුවා.  දඹදෙණිය, යාපහුව හා දකුණේ විවිධ ප්‍රදේශවල දක්නට ලැබෙන බෞද්ධ සලකුණු නටබුන් මෙම ස්ථානයෙන් දක්නට ලැබෙන බව ඔහු පැවසුවා.
එයට ප්‍රතිචාර වශයෙන් මම පැවසුවේ හලාවත මුන්නේෂ්වරම්,  මාතර තොණ්ඩීෂ්වරම්, යාපනයේ නගුලේෂ්වරම් ,ත්‍රිකුණාමලයේ තිරුකේදීෂ්වරම් යන මෙම කෝවිල් විජය කුමාරයා ලංකාවට පැමිණීමටත් පෙර මෙරට කෝවිල් පැවති බවයි. රටේ විවිධ ස්ථාන වල නාග ගෝතිකයින් වශයෙන් ජීවත් වුණේ දෙමළ ජනතාවයි. මුරුකණ්ඩි වැනි ප්‍රදේශ වලත් එවාට අදාළ නටබුන් දැක ගත හැකියි. එබැවින් මෙම ප්‍රදේශ වසර 2000කටත් පෙර සිටම වන්නි රජවරුන් විසින් පාලනය කළ ප්‍රදේශයි. මෙම ප්‍රදේශවල ශිව දේවියන් වන්දනාමාන කළ නිර්මාශ හෙවත් ශෛව හින්දු බැතිමතුන් ජීවත් වී තිබෙනවා. අතීතයේ දෙමළ ජනතාව මේ රටේ ජීවත් වු බවට ඕනෑ තරම් පුරාවිද්‍යාත්මක සාක්ෂි හමුවී තිබෙනවා.

මේ සියලු කාරණා විනාශ කර මහාවංශ චින්තනයෙන් පමණක්  වෙනස් කිරීමේ උත්සහායක ආණ්ඩුව නිතරව සිටිනවා. මෙම ක්‍රියාමාර්ග සංස්කෘතිමය වශයෙන් සිදු කරනු ලබන ජාතික සංහාරයක් බව අපගේ මතයයි. යුද්ධයෙන් සංහාරය කිරීමට ලක්වුණු ජාතියක් වර්තමානයේදි සංස්කෘතිකමය වශයෙන් සංහාරයට ලක්වෙමින් සිටිනවා.

මුලතිව් කුරුන්තුරූ මලෙයි ප්‍රදේශයේ තිබුණු විශාල ගස් මේවනවිට දක්නට ලැබෙන්නේ නැහැ. සියල්ල කපා දමලා. කුඩා ගස් විතරයි අද දක්නට පුළුවන් වෙන්නේ. මෙම විනාශයන් මේ රටේ සිංහල ආණ්ඩු විසින් සැලසුම් සහගතව දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරමින් පවතින දෙයක්. දෙමළ ජනතාවගේ සංස්කෘතිමය සංහාරය නවතා ගැනීමට ගත හැකි සෑම උත්සහායක්ම අප ගන්නා බව අවධාරණය කළ යුතුයි” යැයිද ඒ මහතා වැඩිදුරටත් කීය.

මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිමලනාදන් මහතා ඇතුළු උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන ප්‍රදේශීය දේශපාලනඥයෝ කිහිපදෙනෙක් ද එක්ව සිටියහ.



අදහස් (8)

ශ්‍රී ලංකාවේ දෙමළ සංස්කෘතික සංහාරයක් වෙන්න ඉඩ දෙන්නේ නෑ

Ranga Friday, 29 January 2021 10:26 AM

කවදා ලංකාවේ ඉස්කොල වල දෙමළ සහ සිංහල දෙකම උගන්වන දවස අනිවාර්ය කරයිද...?

:       2       14

BamunuarachchiSaturday, 30 January 2021 06:18 AM

අපි මොකටද දෙමළ ඉගෙන ගන්නේ? අපි ඉන්නේ සිංහල රටේ... දමිලයින් ඉන්නෙත් සිංහල රටේ...

:       0       0

දිමුත් Friday, 29 January 2021 10:31 AM

අතීත සාක්ෂිවලට බොරු කරන්න බැහැ...

:       2       16

Kumara Friday, 29 January 2021 11:06 AM

මේ තත්වය ඉතාම භයානකයි. මොකද ලංකාවේ ඉතිහාසය වළලා දැමීමේ අන්තවාදී ක්‍රියාකාරකම් දැන් වැඩිවෙමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් රජයේ වගකිව යුත්තන්ගේ අවධානය ඉතා සක්‍රීය අන්දමින් ඉදිරියටත් නොලැබුණොත් සිංහල අතීත වංශ කතාව තවත් අවුරුදු කිහිපයකදී වැළලී යනවා ඒකාන්තයි. පාසල්වල ඉතිහාසය විෂයය අනිවාර්යයෙන් ඉදිරියටත් උගන්වන්න ඕනෑ. එවිට අපේ ඉතිහාසය අඩුම තරමේ අනාගත පරම්පරාවටවත් මතකයේ තිබේවි. සංහිඳියාව කියමින් අපේ අතීතය වලදාන කම් බලන් ඉන්නවාට වැඩිය ඒවා වෙනුවෙන් කතා කර මැරෙන එක අපේ අතීත විරුවන්ට කරන සාධාරණයක්...

:       0       0

මුණසිංහ Friday, 29 January 2021 11:32 AM

ඔව්! ඊට කලින් හිතාගත්තොත් හොඳයි බෞද්ධ සංහාරයක් කිරීමටත් ඉඩ නොතබන බව.

:       0       0

Prabha Friday, 29 January 2021 11:39 AM

හෑරුවොත් මතුවෙන්නේ බෞද්ධ නටබුන්... මේ අය ඒකට බයයි.

:       0       0

Sithara Friday, 29 January 2021 12:10 PM

විදුර වික්‍රමනායක කියන්නේ ඉතින් එන්.ජී.ඕ. කාක්කෙක් තමයි. සල්ලි දෙනවා නම් ඕනේ වැඩක් කරනවා. ජාතිය, ආගම විතරක් නෙමේ අම්මා අප්පා වුණත් විකුණනවා.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 30 January 2021 03:57 AM

මේ පුරාවස්තුවල කාල නිර්ණය එක්වරම පැවසීමට හැකි දෙයක් නොවෙයි. ද්‍රවිඩ අන්තවාදී දේශපාලකයන් මේ රටේ සිහළ උරුමය වනසන්න මීටත් වඩා උප්පරවැට්ටි දැමූ බව කව්රුත් දන්නා රහසක්. පුරාවස්තු කාල නිර්ණය සඳහා ජාත්‍යන්තර පිළිගත් ආයතනයේ සත්‍ය නිර්දේශ ලබාගන්නා තෙක් කිසිවෙකු මත ප්‍රකාශකළයුතු නැහැ. ඒ ඒ අයගේ මතිමතාන්තර ඒ ඒ අයට වාසිවෙන ආකාරයටයි ඒ ඒ අය පවසන්නේ. එතකොට එහෙනම්, දකුණු ඉන්දියාවේ සිට පෙරකාලයේ පැමිණි ද්‍රවිඩ කල්ලතෝනින්ව සිරිමා බණ්ඩාරනායක විසින් ඉන්දියානු රජයේ කැමැත්ත උඩ ඒ රටට බාරදුන්නේ. මේ රට ද්‍රවිඩ නිජබිමක් වී තිබුණේ නම්, ඉන්දියාව ඊට එකඟවේද? රටේ අවාසනාවට ඒ වැඩපිළිවෙළ පසුව පැමිණි ආණ්ඩු විසින් වෙනස්කොට දැමීම නිසා අද එවන් අය කටමැත දොඩවනු පෙනේ. තමිල්නාඩුව හෙවත් දකුණු ඉන්දියාවේ ද්‍රවිඩයින්ගෙන් මේ රටට පැමිණි අනේකවිධ උවදුරු කෙතරම්ද? ඒ විනාශයන් කළ ස්ථාන මත කෝවිල් පවත්වාගෙන ගියා වෙන්නට බැරිද? පොළොන්නරුවේ සෝමාවතියේ වැඩ හිඳින දළදා හිමියන් පෙර වැඩසිටි ස්ථානයේ අද පවතින්නේ හින්දු කෝවිලකි. ඒ බව ඉන්දියානු පුරාවිද්‍යාව සාක්ෂි සහිතව ඔප්පුකොට ඇත. මේත්, ඒවගේ දෙයක් වෙන්නට නොහැකිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 1408 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 358 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 510 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 674 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 1491 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


හිස්බුල්ලා‌ගේ මැතිවරණ කාර්යාලයකට ගල් ගැසූ අයෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 451 1

හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 68 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 445 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1396 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site