( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාව 'ළමා ශ්‍රමයෙන් තොර කලාපයක්' බවට පත් කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ වාර්තාකරු ටොමෝයා ඔබොකටා මහතා ප්‍රසාදය පළ කර සිටී.
ශ්‍රී ලංකා රජයේ ආරාධනාවකට අනුව මේ දිනවල මෙරට සංචාරයක නිරතව සිටින, සමකාලීන වහල්භාවය සහ ඊට මූලික වන හේතු සහ ප්‍රතිවිපාක පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ වාර්තාකරු ටොමෝයා ඔබොකටා මහතා, විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමු වූ අවස්ථාවේදී මෙලෙස ප්‍රසාදය පළ කළේය.
කම්කරු සුබසාධන කටයුතුවලට අදාළව ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සහ ළමා ශ්‍රමය පිටුදැකීම සඳහා රජය ගෙන ඇති ඵලදායී පියවර පිළිබඳව විදේශ අමාත්‍යවරයා මෙම හමුවේ දී සාකච්ඡා කරන ලදී.
ළමා ශ්‍රමිකයන්, සංක්‍රමණික සේවකයන් සහ ණය බන්ධන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි කම්කරු නීති සකස් කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර පිළිබඳව ද අමාත්‍යවරයා එක්සත් ජාතීන් ගේ විශේෂ නියෝජිතයා වෙත විස්තර කළේය.
අවදානමට ගොදුරු විය හැකි කම්කරුවන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අවධානයෙන් පසුවන බව පෙන්වා දුන් විදේශ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ව්‍යුහය සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කරන බව ද පැවසුවේය.
අදාළ එක් එක් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති අත්දැකීම්වල විශේෂතා අවබෝධ කර ගැනීමට මෙන්ම, අපගේ ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූල වන පරිදි දේශීය ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා, විශේෂ ක්‍රියාපටිපාටි පිළිබඳ බලතල දරන්නන්ගේ මෙවැනි සංචාර උපකාරී වී ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
එහිදී ශ්‍රී ලංකාව 'ළමා ශ්‍රමයෙන් තොර කලාපයක්' බවට පත් කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ වාර්තාකරු ටොමෝයා ඔබොකටා මහතා සිය ප්‍රසාදය හා ස්තූතිය ශ්‍රී ලංකා රජය වෙත පළ කළේය.
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රී ලංකාව ළමා ශ්‍රමයෙන් තොර කලාපයක් කිරීම ගැන පැසසුම්