(ගයාන් සූරිය ආරච්චි)
දැනට රැඳවුම් නියෝග මත මධ්යම අපරාධ විමර්ශන කාර්ය අංශයේ රඳවා සිටින ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවකු වන ශිරාන් භාෂික් නැමැත්තාට දුරකථන ඇමතුම් ලබාදී ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබාගත් බව කියන කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව එම කාර්යංශය පවසයි.
ශිරාන් භාෂික් නැමැත්තාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර කොස්තාපල්වරයා බොරැල්ල ප්රදේශයේ රැඳී සිටි පුද්ගලයෙකුගෙන් එම රුපියල් ලක්ෂ දෙකක මුදල ලබාගෙන ඉන් රුපියල් 25000 ක් ඔහු සන්තකයේ තබාගෙන ඉතිරි මුදල නිවසේ සඟවා ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
සැකකරු අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 195,000 ක මුදලක් පොලිසිය සොයාගෙන ඇත.
සැකකරු සන්තකයේ තිබී ජංගම දුරකථන තුනක් නඩු භාණ්ඩ ලෙස පොලිසිය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්යක්ෂ ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ උපදෙස් පරිදි එම කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd