ශ්‍රීලනිපයේ දෙවැනි තැනට ගෝඨාභය රාජපක්ෂට මහතාට ආරාධනය කරන බවට ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න ඇමැතිවරයා කළ ප්‍රකාශය කිසිදු පදනමක් නොමැති බව හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල අද (7) බත්තරමුල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
මෛත්‍රිපාල සිරිසේන ජනපති ප්රමුඛ රජයේ ඇමැතිකම් දරන ශ්‍රීලනිපයේ අය මැතිවරණයක් පැමිණෙන තුරු හැලියේ සිටින කකුළුවෝ මෙන් කෑගසමින් සිටිතියි ද මහින්ද රාජපක්ෂ සාධකය නොමැතිනම් ඔවුන් සදාකල් පරාජිතයන් බවට පත්වන බවද මන්ත්‍රීවරයා කීය.
ඔවුන් ලක්ෂ 57ක් වන ශ්‍රීලනිප ඡන්ද දායකයන්ට අසාධාරණයක් කරන බවද ඔහු කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර අය නඩු තීන්දුව එනකම් හැලියේ ඉන්න කකුළුවෝ වගේ ඉන්නවා (බ)
ඔය හැලියේ ඉන්න අයයි එළියේ ඉන්න අයයි ඔක්කොම කකුළුවෝ වගේ තමයි. ඇදේට යන්නේ.... (නි)
මමත් ඔය වගේ කියනවා අපිටත් දේශපාලකයන්ට වගේ රජයෙන් සැළකිලි තිබෙනවා නම් (නි)
අපේ ගමෙත් තාම මහින්දට! (නි)
ගයාන්, ඔයා කුරුණෑගල කොයි හරියෙද? මමත් කුරුණෑගල. මෙහෙ මිනිස්සු නම් කියන්නේ මහින්ද මහත්තයා කුරුණෑගලින් ඡන්දෙ අරන් ගියා ගියාමයි ආයේ පැත්තටවත් ආවේ නැහැ කියලා. ඔය කියන තරම් පැහැදීමක් නම් මේ පැත්තේ නැහැ. (නි)
රට ජාතිය ගැන සිතා මන්ත්‍රී පර්මිට් බාර නොගන්නා මෙන් ඔබතුමා ඇතුළු සියලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීතුමන්ලාගෙන් මමද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු වශයෙන් ඉල්ලා සිටිමි. කන්න බොන්න හරියට නැති රටක මන්ත්‍රී පර්මිට් හරිම කැත දෙයක්. මේ මන්ත්‍රී පර්මිට් ප්රතික්ෂේපකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුළු පාර්ලිමේන්තුවටම ආදර්ශයක් වෙමු. (නි)
හැමකෙනාම මහින්ද එක්කද? හැබැයි මහින්ද තවම එළියේ (නි)
මෙයාලා තමයි ඉතින් අපිව ආරක්ෂා කරන්න එන්නේ. (නි)
කතාව ඇත්ත . මෙතරම් නොහැකියාව බැරි බැරි යාව තිබුණු ආණ්ඩුවක් ඉතිහාසයේ තිබුනේ නැහැ.(ම)
ගයාන්, නොන්ඩි අශ්වයන් රේස් වලට දාන්නෙ නැහැ. එංගලන්තේ වගේ නම් වෙඩි තියලා දානවා. ලංකාවේ මිනිස්සු කළගුණ දන්නා පින් පව් දන්නා මිනිස්සු නිසා මොනවාහරි කන්න දීලා තියාගෙන ඉන්නවා. එ්ත් කවදාවත් රේස් දිනන්න බැහැ (නි)
තව සමහරු මරන්න කැපවෙලා ඉන්න හරකා වගේ දගලනවා (බ)
නිදහස ලබා අවුරුදු 68ක් වෙද්දී අපේ රට ලෝකෙට ණය වෙලා තියෙන විදිහෙන් සහ රටේ ජනතාවට තියෙන ප්‍රශ්න ගැන හිතල බැලුවහම සහ පාලකයින් විඳින සුරසැප දකින කොට පාලනය කරපු අය මොනවාද කළේ කියල තේරුම් ගන්න මහා බුද්ධියක් අවශ්‍ය නැහැ. (බ)
දැන් එකාට එකා කුලල් කා ගැනීම පමණයි දකින්න ලැබෙන්නේ.(හේ)
ආණ්ඩු මාරු වෙච්ච ගමන් මෙයත් කැකුළු පාට් එකක් දාන්න ට්‍රයි කළා. එ්ත් බාර ගත්තේ නෑ.(බ)
මේ වගේ ප්‍රකාශ කරන්නේ කට්ටිය දන්න නිසානේ.(හේ)
එක එක කතා කියා කියා හැමෝම කාලේ කනවා. බලයේ ඉන්නකොට කරපුවා අපිට මතකයි. (ම)
රජිත්, නොන්ඩි අශ්වයන් රේස් වලට දාන්නෙ නැහැ කිවුවාට නොන්ඩි වෙන්න, දුවලා නැත්නම් පැනලා වැටෙන්න ඕනෑ නේද? (නි)
හැලියේ සිටින කකුළුවන්ගේ අඩු කඩලා නම් අරමුදලෙන් කකුල් දාමු. (හේ)
සහතික ඇත්ත. කට කෑවත් මටත් කියන්න තියෙන්නේ ඒකම තමා (නි)
ගයාන්, මට හිතෙන්නේ ඔයාට පිස්සු කියලයි (නි)
සිල්වා, රාජ්, තවමත් නිදාගෙනද ඉන්නේ? (නි)
මොහාන්, එනවා, මම කුරුණෑගල අපේ පැත්තේ අති බහුතර සිංහල මිනිස්සු මහින්ද මහත්තය එක්ක තමයි ඉන්නේ. මුස්ලිම් මිනිස්සුත් දැන් ක්‍රමිකව ආපහු මහින්ද මහත්තය නායකත්වයට අවශ්‍ය බව පිළිගනිමින් ඉන්නවා. මගේ මුස්ලිම් හිතවත්තු තමයි එහෙම කියන්නේ. (බ)
නදීකා, ඔයාගේ ගම කොහෙද? අපිටත් කියන්නකෝ ඇවිල්ල බලන්න. (බ)
ආයේ අපුල්ලන්ඩ පටන් ගෙන (බ)
තාමත් මහින්දට මිනිස්සු සලකනවා. ගම වලට ඇවිත් බලන්න. එවිට තේරේවි, (හේ)
ඇමතිකම් නොගත්තු මන්ත්‍රීවරු හරියට කුකුල්ලු වගේ කිව්වොත්, එක හරිද මන්ත්‍රීතුමා ? (හේ)
දෙවරක් පැරදුන රාජපත්ෂට නැවත ඡන්දේ ලැබෙයි කියලා හිතනවද මෙයාලා ? (හේ)
එ්ක නම් ඇත්ත . (හේ)
දැන් හැම කෙනාම එ්ක ගැන විතරයි කතාව. රටේ වෙන ප්‍රශ්න නෑ. (හේ)
හැලියේ ඉන්න නෙමෙයි ගොඩ ඉන්න කට්ටිය කියලයි මට නම් හිතෙන්නේ. කිව්වොත් යමක් ඇදට කළොත් යමක් ඇදට.(බ)
ඔයත් එහැලියේම ඉදල එලියට පැනල දැන් පොර ටෝක්ස් දෙනවා නේද රඹුක්වැල්ල මහත්මය (බ)
සහතික ඇත්ත අපි බලන් ඉන්නේ ඡන්දෙ එනකල් මෙයාලට සලකන්ඩ බලන් ඉන්ඩ වෙනදේ කටු කන අයට (බ)
රාජපක්ෂලාව බලයට ගේන්න දඟලන උදවිය දන්නවා ඡන්දයකදී මහජනයා සලකන විදිය (හේ)