ශ්රී ලංකා නිදහස් පක්‍ෂයේ වත්මන් තත්ත්වය හුණුවටයේ කතාව මෙන් වී ඇති බවත්, පක්‍ෂයට ආදරේ අය දරුවා වේදනාවට පත්වෙනවාට අකමැති අම්මා මෙන් ක‍්‍රියාකරද්දී පක්‍ෂය විසින් අරන් හදාගත් දරුවන් අම්මා කවුදැයි නොදන්නා නිසා පක්‍ෂයේ ප‍්‍රශ්න ඇතිකරන්නට උත්සාහ ගන්නා බවත් ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.
අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී අද (14) පැවති මාධ්‍ය හමුවකදී ඒ බව පැවසූ ඇමැතිවරයා හදාගත් දරුවන්ද පාසලට කැඳවාගෙන යාමට හෝ අම්මා කෙනෙක් අවශ්‍ය වන බව කීවේය. මැතිවරණ අවස්ථාවලදී ඔවුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අවශ්‍ය වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.
පක්‍ෂය විසින් පත් කළ නව ආසන සංවිධායකවරුන්ට චෝදනා ඇති බව ඇතැමුන් කීවත් එම චෝදනා අධිකරණය මගින් ඔප්පු කර නැතැයි කී අමාත්‍යවරයා ඔවුන් සම්බන්ධයෙන් ඉදිරියේදී ගැටලූ ඇතිවුවහොත් මීළඟ මැතිවරණ සඳහා නාමයෝජනා දෙන විට ඔවුන් සම්බන්ධයෙන් තීන්දු ගන්නා බව ද ප‍්‍රකාශ කළේය.
ප‍්‍රමිතියෙන් අඩු බාල තෙල් ආනයනය සම්බන්ධයෙන් චෝදනා ලබා තෙල් ගෙන්වීමේ බලපත‍්‍ර අහෝසි කර තිබූ විටෝල් නමැති සමාගම නැවතත් තෙල් ගෙන්වන සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇති බවට පළ වී ඇති වාර්තා සම්බන්ධයෙන් තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාට සහ ඒ සම්බන්ධ කැබිනට් ටෙන්ඩර් කමිටුවේ සභාපතිවරයාට දැනුම් දුන් බව ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුනුත් ගොඩ ගියේ මහින්දගේ රුව පෝස්ටර් වල ගහගෙන ගිය නිසා..දැන් බයිලා ගැහුවට..ඊළඟ මැතිවරනේදී ඔයාටත් වෙන්නේ අර ජාතික ලැයිස්තුවෙන් ආපු අයට වුණ දේ.(අ)
හුණු වටය වැනි ඉතාම වැදගත් නාට්ටියක් කරුණාකරලා මේ කාලකන්නි දේශපාලනයට සමාන කරන්න එපා. (අ)
අම්ම ගැන නම් දන්නේ නෑ, හැබැයි තාත්ත (අප්පච්චි) නම් පන පිටින් වල දැම්ම කට්ටිය ඔබතුමාලගේ කරේ අත දාගෙන තාමත් ඉන්නවා!(අ)
පක්ෂයේ සමහරු පසුගිය ජන්ධිපතිවරණයෙන් පසුව රටේ සුභසිද්ධිය පැත්තකට දමා පක්ෂය සහ එහි ඉන්නා දුෂිත ප්‍රභල සාමාජිකයන් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම නිසා යහපාලන ආණ්ඩුවේ සහ පක්ෂයේ විනය යන දෙකම පිරිහී, රටේ ආර්ථිකය අඩපණ වී ඇත (නි)
මොන බයිලා ගැහුවත් ලබන පාර ඔබ සැම අනාථයි. (නි)
මමත් එයාලට තමයි කතිරය ගැහුවේ. ඊළඟ වාරෙට බලාගමු (නි)
කාපු පතට ගරහන්න එපා, ඔබතුමාලා අද ඔතන ඉන්නෙ කවුරු හින්දද? ඔබතුමාලා හින්දා මහින්ද අද ගෙදර. ඒ වුණාට? (නි)
මේවා කියවනකොට කොහොමත් අපිට දේශපාලකයන්ගේ දෙමාපියන් නම් මතක්වෙනවා තමයි. (නි)
කන්න දීපු අත හපාකෑම නමින් නාට්‍යයක් කළොත් ප්‍රධාන නළුවෝ රොත්තක්ම දියවන්නාවෙන් මතුවෙයි. (නි)
මේ කවුරු කවුරුත් ගැන දැන් මහජනයා දැනුවත් (නි)
වායු ඇමතිලා නම් නිකන් වායුවක් වගේම තමයි. (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
එතකොට තම පක්ෂය පරාදකළේ කවුද? (නි)
චන්දිම කියන කතාව ඇත්තනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමැති දරුවාට මෙන්ම රටට ආදරේ මහින්ද මහත්තයා සිටියදීම එම දරුවාව උදුරාගත්තහම පක්ෂයේ නියම සාමාජිකයන්ට අමාරු නේන්නම්. (නි)