IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ශශිදරන් පරණ බාල්දිය පෙරලයි

යුද සමයේදී මෙරට සිදුවූ බව පැවසෙන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සිදුකරන යාන්ත‍්‍රණය සදහා ස්වාධීන ජාත්‍යන්තර විනිසුරු මණ්ඩලයක් පත්කළ යුතු යැයි උතුරු පළාත් සභා මන්තී‍්‍රනී ආනන්දි ශෂිදරන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක්  කර ඇත.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 33 වැනි සැසිවාරය සඳහා සහභාගී වෙමින්  රාජ්‍ය නොවන සංවිධානවල අදහස් විමසීම් සිදුකළ අවස්ථාවේදී ඇය මෙම ඉල්ලීම සිදුකර ඇත

අවසන් යුද සමයේදී 125 000ක පමණ පිරිසක් අතුරුදහන් වී ඇති බවත් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් 125 දෙනෙකු පමණක් මෙරට බන්ධනාගාරවල පසුවන බවත් ඇය සදහන් කර තිබුණාය.

එමෙන්ම අවසන් යුද සමයේදී වන්නියේ පමණක් 146 679 දෙනෙකු මෙරට ආරක්‍ෂක හමුදාව විසින් ඝාතනයට ලක්කර ඇති බවත් තිස්වසරක යුද්ධයේදී උතුරු නැගෙනහිර පළාත් ඇතුළු රටපුරා 150 000කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති බවත් ශෂීදරන් සදහන් කර ඇත.

මේ අනුව ජන සංහිදියාව හා ජාතික සමගිය ගොඩනගන බව කියමින් ශී‍්‍ර ලංකා රජය විසින් ගෙන යන වැඩපිළිවෙලට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර රටවල් බොහෝමයක් මුලා වී ඇති බවත් යුද සමයේදී සිදුවූ ඝාතන අතුරුදන් වීම් ඇතුළු සිද්ධීන්වල සත්‍ය මතුකර ගැනීමට නම් මේ සම්බන්ධයෙන් සිදුකරන යාන්ත‍්‍ර‍්‍රණයන් ජාත්‍යන්තර යාන්ත‍්‍රණයන් සේ සිදුකළ යුතු බවද ආනන්දි ශෂිදරන් අවධාරණය කර ඇත.



අදහස් (0)

ශශිදරන් පරණ බාල්දිය පෙරලයි

සජී Thursday, 22 September 2016 04:18 AM

නැති ප්‍රශ්න හදමින් ජාත්‍යන්තරය ගිනි තියන මෙයාට විරුද්ධව පියවරක් ගන්න බැරි ඇයි ? සංහිඳියාවට බාධාවක්ද (බ)

:       0       0

ඉසුරන්දි Wednesday, 21 September 2016 12:24 PM

ඔය මිනිසුන්ගේ ජීර්ණ පද්ධතිය වැඩ කරන්නේ මේ වගේ කුණුගොඩවල් හාරාවුස්සලා තමයි. නැත්තම් පැවැත්මක් නැහැ. (අ)

:       0       0

රොහාන් Wednesday, 21 September 2016 12:39 PM

මෙය කතාකරන්නේ මෙයාගේ කොටි මනුස්සය කුබියෙක්වත් නොමරු ගානට දැන් බලනකොට කොටි කවුරුවත් අතුරුදහන් කරලා නැහැ. හමුදාව තම හැමදේම කරල් තියෙන්නේ .(අ)

:       0       0

හෆීල් Wednesday, 21 September 2016 08:53 AM

මහජන බදු හරහා ශ්‍රී ලංකා රජයෙන් වැටුපත් අරගෙන රටට එරහිවේ කටයුතු කරන මෙයාට එරහිව නීතිමය පියවර ගන්න බැරිද? (ර)

:       0       0

සිරි Wednesday, 21 September 2016 09:05 PM

අනේ ඔය ඕක එහෙ ගිහින් කින්නේ නැතිව අපිට කිවුවා නම් කරලා දෙනවනේ. මොකද අපි හොදට කළ ගුණ දන්නා ආණ්ඩුවක්නේ. (අ)

:       0       0

කුමාර මහර Wednesday, 21 September 2016 09:33 AM

මේ තරම් බොරු කියලා මෙයාලා කිසිම බයක් නැතුව අයෙත් ලංකාවට එනවනෙ. කොටියටත් ගිය කලක් (බ)

:       0       0

සමිත් Wednesday, 21 September 2016 10:15 AM

උඩ පැනලා ඡන්දේ දීලා පත්කරගත්ත ආණ්ඩුවට කියලා ඕක කරගන්න බැරිද? (හේ)

:       0       0

රන්ජිත් Thursday, 22 September 2016 01:39 AM

ලංකාවෙන් බෝට්ටු වලින් ඕස්ට්‍රේලියාව වැනි රටවලට හොරෙන් ගිය අයත් ඉන්නේ ඔය අතුරුදහන් වූ අයගේ ලිස්ට් එකේ. හරියට ගත්තොත් 350,000 ක් විතර වෙන්න ඕනෑ (නි)

:       0       0

නිමල් ලලිත Thursday, 22 September 2016 02:22 AM

බලපෙරේත දේශපාලක සිංහල ද්‍රෝහියන් සහ ඔවුන්ගේ ගැත්තන් මේවා බලාසිටියාට හැම සිංහලයෙකුම මේවා බලාසිටින්නේ නැත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 661 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1061 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 78 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 751 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 337 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1011 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39483 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25727 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1177 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site