ෂාරුක් ඛාන් රඟපෑ "ෆෑන්" vචිත්‍රපටය දැන් ලොව පුරා තිරගත වන්නේ උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද්දේය. චිත්‍රපටය තිරගත වී සති කිහිපයකට පසුව එය දැන් නීතිමය ප්‍රශ්නයකට මුහුණදී ඇති බව වාර්තා වෙයි. ඒ දිල්ලි නුවර ප්‍රසිද්ධ රසකැවිලි වෙළෙඳ සැලක් විසින් "ෆෑන්" චිත්‍රපටයේ නිෂ්පාදකවරුන්ටත්, ෂාරුක්ටත් එරෙහිව උසාවියෙහි නඩුවක් පවරා ඇති බැවිනි. "ඝන්තේවාලා" නම් වූ මෙම රසකැවිලි සාප්පුව එම නඩුව පවරමින් සඳහන් කරන්නේ කිසිදු පූර්ව අවසරයකින් තොරව තම වෙළෙඳ නාමය "ෆෑන්" චිත්‍රපටයේ එක්තරා දර්ශනයකට යොදාගෙන ඇති බවයි. මෙම රසකැවිලි වෙළෙඳ සැල ආරම්භ කර ඇත්තේ 1790 දී බව සඳහන් වෙයි.
චිත්‍රපටයේ වගකිව යුතු පාර්ශ්වයට නීතිමය ලියවිල්ලකින් මේ බව ඔහු දැනුම් දී ඇත්තේ නීතිඥ අන්කිට් ශානිගේ මාර්ගයෙන් බව සඳහන් වන අතර, "ෆෑන්" චිත්‍රපටයේ ෂාරුක් රඟන්නේ දිල්ලි නුවර වෙසෙන ගෞරව් නමැති තරුණයාගේ චරිතයයි. ඔහු, තමන් ප්‍රියකරන සුපිරි නළුවා හමුවීමට යන්නේ "ඝන්තේවාලා" රසකැවිලි වෙළෙඳ සැලෙන් රසකැවිලි මිලදී ගෙනයි. ඊළඟ දර්ශනයේදී දක්නට ලැබෙන්නේ සුපිරි නළුවාගේ නිවස ඉදිරිපිට ඇතිවන කලබලයට ගෞරව් මැදිවීම නිසා ඔහු අත තිබූ රසකැවිලි පෙට්ටිය බිම වැටී ඒ රසකැවිලි විසිරී යන ආකාරයයි. මේ දර්ශන පිළිබඳ අවධානය යොමුකරන ඝන්තේවාලා වෙළෙඳ සැලේ වත්මන් හිමිකරු වන සුශාන්ට් ජේන් "ෆෑන්" චිත්‍රපටයේ නිෂ්පාදක "යාෂ් රාජ් චිත්‍රපට සමාගමටත්, නිෂ්පාදක ආදිත්‍ය චොප්රා සහ අධ්‍යක්ෂ මනීෂ් ශර්මාටත් දන්වා ඇත්තේ එම දර්ශන ඉවත් කරන ලෙසයි. එම දර්ශන සහ එයට ඇතුළත් කර ඇති දෙබස්වලින් තම වෙළෙඳ නාමයට අගතියක් සිදුවී ඇතැයි ද සුශාන්ට් ප්‍රකාශ කරනවා.
රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ
ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස
’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු
මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.
දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ෂාරුක් ඛාන්ගේ ෆෑන්ට නඩුවක්