තැම්පත්කරුවන්ගේ රුපියල් කෝටි 105ක් වංචා කළැයි ටියුෂන් ගුරුවරයකු හා මූල්‍ය සමාගම් පාලකයකු වූ සක්විති රණසිංහ නඩුවේ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස ඇතුළු 12 දෙනකු නිදහස් කර ඔවුන්ගේ ගමන් බලපත්‍ර ද මුදා හරින ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අද නියෝග කළේය.
සක්විති රණසිංහ ඇතුළු 12 දෙනෙක් මේ නඩුවෙන් චෝදනා ලබා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම යනකොට සක්විතිත් නිදහස් වෙයිද දන්නෙ නැහැ (නි)
සතුටුයි. මෙතුමා විද්වතෙක්. මම නම් හිතන්නේ නැහැ දැනගෙන සක්විතිගේ බෝට්ටුවට නැග්ගා කියලා. මොනවා වුණත් දැන් නීතියෙන් නිදහස්නෙ ! (නි)
මේ පාපකර්ම විඳවීම ලෙහෙසි නැහැ මේ ආත්මයේදීම. (නි)
නිදහස් වීම සන්තෝෂයට කරුණක්. එ්ත් මේ උගත් වැදගත් පුද්ගලයාත් සක්විති වගේ තක්කඩියෙකුට රැවටුනා කීවාම අන් අය ගැන කතා කරලා වැඩක් නැහැ. (නදී)
එඩ්වින් ආරියදාස මහතා සක්විති රණසිංහට ගුවන් විදුලි මාද්‍යයෙන් සහ රුපවාහිනී මාද්‍යයෙන් වැඩසටහන් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාදුන්නේ ඔහුගේ වංචනික වැඩකටයුතු පිළිබඳව නොදැන නොවේ.(නදී)
පුජනීය ලෙස අපි අදහන අයත් ඇයි මෙවැනි දේට ගෑවෙන්නේ? (නදී)
එඩ්වින් මහතා නිදහස් වුනාට ඔහුගේ හිත නිදහස් වෙන්නේ නැහැ (නදී)
නඩුත් හොරුන්ගේ, බඩුත් හොරුන්ගේ. මුදල් තැන්පත් කල අයගේ සල්ලි වලට මොකද වුනේ. (නදී)
වගකීමකින් තොරව ගුවන් විදුලි මාද්‍යයෙන් සහ රූපවාහිනී මාධයයෙන් වැඩසටහන් ඉදිරිපත්කරන වගකීමකින් තොර මාද්‍ය කරුවන්ට දඩුවම් කලයුතුයි. මන්ද ඔවුන් නිසා අන්‍යයන් අමාරුවේ වැටෙන බැවිනි (නදී)
ලොකු ලොකු මෝරු පනී එලියට. හාල් මැස්සෝ අසුවේ ඕනෙම දැලකට. දැන් ඉතින් එනවා ලැජ්ජා නැතුව බෞද්ධ නාලිකාවේ බන කියන්න (නදී)
මේ අය හින්දා කොච්චර මිනුස්සුන්ගේ සල්ලි නැති උනාද ? (නදී)
එඩ්වින් ආරියාදාස සක්විති සමග ඉන්න බව දැන ගේනනේ අහිංසක මිනිස්සු සක්විතිව විශ්වාස කරලා තම සේ සතම සක්විති ගාව ආයෝජනය කලේ. එඩ්වින් ආරියදාසත් සක්විතිව පුළුවන් තරම් පිම්බුවා. (ස)
මේ ඔක්කොම එකතුවෙලා තමයි මිනිස්සු රැවැට්ටුවේ (නදී)
මේ අනුව සක්විති රණසිංහත් නිදහස් වෙයිද? (නි)
එයා මොකවත් නොදැන හිටියේ කොහොමද? (නි)