IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


සිංගප්පූරුවේදී බිරිඳ ඝාතනය කළ ලාංකික සැමියා අත්අඩංගුවට

සිංගප්පූරුවේ කටොන්ග් පළාතේ, සංචාරක හෝටල් කාමරයක, සිය බිරිඳ ඝාතනය කළේ යැයි චෝදනා එල්ල වූ ශ්‍රීලාංකික තරුණයා අධිකරණය හමුවට ඉදිරිපත් කළ බව, එරට මාධ්‍ය වාර්තා කරයි.

30 හැවිරිදි ඉෂාන් කෝට්ටගේ නමැති මෙම තරුණයා තරුණයා පොලිස් අත්ඩඅංගුවට ගැණුනේ සිය බිරිඳ ඝාතනය කළේ යැයි ඔහු පොලිසියට බාර වී කළ පාපොච්චාරණයකින් පසුවය.

ඝාතනය වූයේ ඔහුගේ බිරිඳ 32 හැවිරිදි දියවින්නගේ සෙව්වන්දි මධුකා කුමාරිය.

සෙව්වන්දි මධුකා කුමාරි ඝාතනය සිදුවූයේ පසුගිය 9 වැනිදා කටොන්ග් චතුරස්‍රයේ ‘හොලිඩේ ඉන් එක්ස්ප්‍රස්’ සංචාරක හෝටල කාමරයකදීය.  ඒ, එදින උදෑසන 10.45 ත් සවස 4.42 ත් අතර කාලයේ යැයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

ඝාතනයෙන් පසු ඉෂාන් කෝට්ටගේ නමැති මෙම තරුණයා, කිලෝ මීටර් 1.5 ක් දුරින් පහිටි පොලිස් ස්ථානයට ගොස් ඝාතනය පිළිබඳ පාපොච්චාරණය කළ බව ‘ද ස්ට්‍රේට් ටයිම්ස්’ පුවත් වෙබ් අඩවිය පවසා තිබේ. තරුණයා පොලිස් ස්ථානයට ගොස් ඇතැයි පැවැසෙන්නේ එදින සවස 5.06 ටය.

පොලිසිය හෝටල කාමරයට ගොස් බලද්දී කැපුම් තුවාල සහිතව සෙව්වන්දි මධුකා කුමාරි මියගොස් සිටි බවත්, කැපුම් තුවාල සිදු කළේ යැයි සැක කරන පිහිය ඒ අසල තිබී හමුවුණු බවත්  පොලිස් වාර්තා උපුටා දක්වමින් ‘ද ස්ට්‍රේට් ටයිම්ස්’ වැඩි දුරටත් වාර්තා කර තිබේ.

පොලිස් අත්අඩංගුවේ පසුවුණු විත්තිකරු ඉෂාන් කෝට්ටගේ අධිකරණය හමුවට යොමු කෙරුණේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය. සතියක කාලයක් විත්තිකරු රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය එම අවස්ථාවේදී නියෝග කළේය.

විත්තිකරු නීතීඥවරයකු සම්බන්ධ කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට කතා කරන ලෙස භාෂා පරිවර්තකයකු මාර්ගයෙන් ඉල්ලා සිටි අතර ඔහුට නීතීඥවරයකු ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටි නමුත් එම අවස්ථාවේදී කිසිවකු සමඟ සන්නිවේදනය කළ නොහැකි බව සිංගප්පූරු බලධාරීන් දන්වා තිබුණි.

ලබන සැප්තැම්බර් 18 වන දා විත්තිකරු යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (5)

සිංගප්පූරුවේදී බිරිඳ ඝාතනය කළ ලාංකික සැමියා අත්අඩංගුවට

පිටිගල මිලානෝ Monday, 11 September 2023 03:56 PM

මේකත් හෝටල් කාමරයක් තුළ කෙරුණු මිනීමැරුමක්. ලිංගික අපහසුතා ඇති පිරිමින් බහින්බස් වීමෙන් මේ මරණ සිදුවනවා ඇද්ද? යුරෝපයේ පිරිමින් සමග සසඳන කල ලංකාවේ පිරිමින් රෝමාන්තික හෝ ගැහැණියක්ව සතුටින් තබන මට්ටමක නැත. බොහෝ සෙයින් ලිංගික අවපාතයකට ලක්ව ඇති බවයි මට දැනෙන්නේ...

:       12       8

මධුෂී Monday, 11 September 2023 04:39 PM

ඔබත් ඇතුළු සියලුම ශ්‍රී ලාංකික පුරුෂයින් පුස්සෝ බව නේද මේ කියන්නේ?

:       7       11

Pradeep Monday, 11 September 2023 08:18 PM

ලෝකයේ අවම මිනිමැරුම් අනුපාතයක් ඇති රටක් සිංගප්පූරුව... මේක ඒ රටටත් ලොකු අපහාසයක් (ශ්‍රී ලාංකිකයින් ලෝකයේ වැඩිම මානසික ආතතියක් ඇති ජාතියක් තමා, සිරියාව, ඇෆ්ගනිස්ථානය අපිට වඩා යටින් ඉන්නේ...)

:       0       0

prasanna Monday, 11 September 2023 08:34 PM

ලංකාවේ දැන් ඉන්න තරුණ පිරිමි ටික පුදුම විදියට ගැහැණුන් ඝාතනය කරන්නේ.ගැහැණුන් හා සසඳන විට පිරිමින්ගේ අධ්‍යාපන මට්ටම ඉතා පහල තැනක් තියෙන්නේ

:       2       0

තරුශි Tuesday, 12 September 2023 03:22 AM

මධුෂී වෙත. කියලා තියෙන දෙය තෙරුම් ගන්න බැරි නම් සද්ද නැතුව ඉන්න. මන්ද මානසිකත්වය ලොකෙට පෙන්නන්නේ නැතුව .ඇයි? ලංකාවේ හැම ගැහැනියක්ම නෙලුම් මලෙන් ආපු පත්තිනි අම්මලාද?

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්ස බස්නාහිර පාසල් වහයි
2024 ඔක්තෝබර් මස 13 58 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇත.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 3078 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 559 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 1051 3

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 761 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 809 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26101 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 329 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 421 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1361 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site