සීගිරිය වැනි ලෝක උරුම බිම් වල පුරාවස්තු ගැන බොහෝ සංචාරකයන් සැලකිල්ලක් දක්වන බවත් සීගිරිට එන බොහෝ සංචාරකයන් එහි ගල් වැටි උඩින් ගමන් කරන බවත් මධ්‍යම සංස්කෘතික අරමුදල සේවකයෝ කියති. මේ දිනවල දවසකට සංචාරකයන් 5000 ක් පමණ සීගිරියට එන බවත් පුරාවස්තු රැක ගැනීමේ වැදගත්කම සිංහල දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනෙන්ම ලියූ පුවරු වලින් උපදෙස් දී ඇතත් ඒවා තුට්ටුවකට ගණන් නොගන්නා බව කියති. සීගිරි කාර්යයාලයේ සේවකයෝ 350 ක් පමණ සිටිති. සීගිරියට එන විදේශ සංචාරකයෙකුගෙන් රුපියල් 4260 ක් ද දේශීය සංචාරකයෙකුගෙන් රුපියල් 60 ක් ද අය කරයි.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවවාදයයි යනුවෙන් භාෂා ත්‍රිත්වය සමඟ චීන, රුසියන්, ජපන් වැනි භාෂාවලින් සමන්විත ලොකු දැන්වීමක් සවිකරන්න (නි)
මම ලෝකේ හැමතැනම ගිහිල්ලා තියනවා. ලංකාව තරම් තම උතුම් වූ ඉපැරණි ශිෂ්ටචාරය වනසන්න වැඩ කරන කිසිම රටක් දැකලා නැහැ. වෙන රටක කළා නම් හිරේ. පුදුම රටක් පුදුම ආණ්ඩුවක්. මම හිතන්නේ රටක මහා ජාතියේ ශිෂ්ටාචාරය අාගම දහම සිතුම් පැතුම් ඉපැරණි චාරිත්‍ර නැති කරලා දාන්න රටක්.(ම)
ඇයි මේ දේවල් සංරක්ෂණය කරන්නේ නැත්තේ.(හේ)
දැන් අලුත් පරපුරට අපේ පුරාවස්තු ගැන අගයක් නෑ.(හේ)
අදායම තිබිලත් බැරිද මේවා රැකගන්න. (ර)
ඒ කාලේ කළ වැඩක් ඇරෙන්න මෑත කාලෙදි මේ වගේ නිර්මාණ කොහේ කරන්නද? (නි)
මේ රජයට ඕවා බලන්න වෙලාවක් නැහැ. එයාලා මේ මුදල් හිස්වුණ හැටි හොයනවා. කාර් ගෙන්නන හැටි, බදු, වැට් ගැන තමා බලන්නේ (නි)
කාශ්‍යප රජු මේ රාජධානිය හැදුවේ පෙන්නලා විදේශිකයන්ගෙන් මුදල් හම්බ කරන්න නොවේ. එක දහදිය බිඳක් නොහෙලූ අය මේ ගල් පර්වතය පෙන්නා මුදල් හම්බ කරගන්නවා. (නි)
ශ්‍රීලාල්ගේ අදහස හරි. තම රටේ උරුමයන් හා සංස්කෘතිකාංගවල අභිමානය සඳහා විදේශිකයන්ගෙන් අනිවාර්යයෙන් වැඩි මුදලක් අයවිය යුතුමයි. එහෙත් මේක ප්‍රමිතිගත වියයුතුයි. ඒ වගේම නියාමනය වියයුතුයි. (හේ)
මේ වගේ දේවල් ගැන අදහස් දක්වන එක හරි ලේසියි... නමුත් ප්‍රයෝගික විසදුමක් හොයන එක ටිකක් අමාරුයි.... මේවා යකඩ වැටවල් ගහලා ආවරණය කලොත් අවලස්සන වෙනවා ... එක්සත් ජාතීන්ගේ ලෝක උරුමයක් වුනාම කෘත්‍රීම ඉදිකිරීම් කරන්න ඕනේ නිසි ප්‍රමිතියකට අනුව... මිල ගැන කියන අය දන්නේ නැතුවට වෙන රට වලත් විදේශිකයන්ට මේ වගේ තැන බලන්න දේශීය සංචාරකයන්ට වඩා වැඩි මිලක් අය කරනවා අනික මේ වගේ විශ්මිත නිර්මාණයක් නොමිලේ බලන්න දෙන්න අවශ්‍ය නැහැ සංචාරකයන්ට මේවා බලන්න මිලක් අය කිරීම කිසිම වරදක් නැහැ... නමුත් පහසුකම් ටිකක් දීල මේවා ආරක්ෂා කරන ක්‍රම හොයන්න බලන්න ඕනේ වඩාත්ම හොඳ ක්‍රමයකට... දැන් තමයි අපි සංචාරක ක්ෂේත්‍රයේ ලිඳෙන් ගොඩ එන්නේ.. (හේ)
සංචාරකයන්ගෙන් මෙච්චර මුදලක් අයකරලත් හම්බකරන මුදල යටිමඩි නොගහා යකඩ වැටක් හරි වෙන ආරක්ෂක පියවරක් හරි අරන් ඕවා නඩත්තු කරන්න බැරිද? සේවයට යොදවා ඉන්න අය හරියට වැඩ නොකරන බවයි පෙනෙන්නේ! (නි)
මේ විදේශිකයින් වැඩි දෙනා චීන්නු. ඔවුන් ඉංග්‍රීසි, සිංහල, දෙමළ භාෂා තුනම දන්නේ නැහැ. (නි)
හේවා, ඔබ ලෝකය ගැන නොදන්නවා හැඩයි. ඉතාලියේ, ෆ්ලොරන්ස් නගරයේ කෞතුක ස්ථාන නැරඹීම එම නගරවැසියන්ට නොමිලේ වන අතර යුරෝපා සංගමයට අයත් රටවල පුරවැසියන්ට යුරෝ 5ක් හා යුරෝපා සංගමයට අයත් නොවන රටවල පුරවැසියන්ට යුරෝ 10ක් වේ. (නි)
වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ අැයි නුඹ මේවා හැදුවේ? ඇස් දෙක වගේ මුගලන් සහ නුඹ මේවා රටටම දුන්නේ? (නි)
සීගිරිය පමණක් නොවේ. බොහෝ සංචාරක ආකර්ෂණ තැන්වල ඉතාම නින්දිත අයුරින් මුදල් සූරාකනවා. පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන් බලාගන්නා උදවිය අලියෙක් සමඟ ඡායාරූපයකට පෙනීසිටීමට එක් වරකට රු 1000 - 2000 ක් පමණ අය කරනවා. ඡායාරූපය ගැනීමෙන් පසුවයි මුදල් ඉල්ලන්නෙ. විදේශීය සංචාරකයන් අසරණ වන අවස්ථා සියැසින් දැකලයි මේ ප්‍රකාශය කරන්නේ. ලංකාවට එන සංචාරකයන් ආපහු හතර මායිමේ එන්නෙ නැති කරන මේ පහත් වැඩ කිසිදු වගකිවයුත්තෙකුගේ නියාමනයෙන් තොරයි. (නි)
මේ සංචාරකයන්ට තේරෙන විදිහට තවත් භාෂා වලින් මේවා ලිවුවොත් හොඳ නැද්ද? (නි)
මෙයාලට මේ භාෂා එකක්වත් තේරෙන්නෙ නැද්ද දන්නෙ නැහැ (නි)
කාශ්‍යප රජු මේ කාලයේ හිටියා නම් එෆ්සීඅයිඩී ගෙන්වයි මේවා හැදුවා කියලා (නි)
මේ අය මේ පුවරු දැක දැකම මේවා කරන එක නම් හරි වැරදියි (නි)
අපි ඉතුරුවෙලා තිබෙනදේවත් රැකගනිමු (නි)
වැටුප් ලබමින් මෙවැනි දුර්ලභ පුරාවස්තු රැකගැනීමට උනන්දුවක් නොගන්නා අය වහාම ක්‍රියාත්මක වන පරිදි රැකියාවෙන් නෙරපා හැරිය යුතුය. එමෙන්ම සිගිරි බලධාරීන්ට මේ ප්‍රශ්නයට පහසු විසදුමක් සොයා ගැනීමටත් කිසිදු වුවමනාවක් නොමැති බවත් පේනවා.එම ගල් වැටි උඩින් ගමන් කිරීමට බැරිවන පරිදි ආරක්‍ෂිත යකඩ වැඩක් ඉදිකිරීමට තරම් මොළයක් සිගිරි අධිකාරීන්ට නැතිවීම, ඇත්තෙන්ම ජාතියේ අවාසනාවක් බව නොකියාම බැරියි !!!! (ම)
කාශ්‍යප රජතුමනි ඔබතුමා තවමත් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න මුදල් හම්බ කරලා දෙනවා. ඔබතුමාට ගොඩක්ම පින්.(ම)
දැන් ලංකාවට එන්නේ ඉංග්‍රිසි පුළුවන් අය නොවෙයි. ඒ නිසා දැන්වීම් වෙන භාෂා වලිනුත් ගැහැව්වා නම් නේද හොඳ? (ම)
මේ දේවල් වලින් වෙන්නේ රටේ පෞරාණික දේ ගැන තියෙන ගෞරවය නැති වෙන එක සාධාරණ මිලක් නියම කළොත් තමා හොද අදාළ බලධාරින්ගේ ඇස් කන් යොමු වේවා (ම)
ලංකාදීපයට ස්තුති මෙවැනි පුවත් පළකිරීම ගැන. දැන්වත් බලධාරීන් සොයාබලා ඉක්මනින් පියවර ගනී කියල හිතනවා. (ම)
රැකියා විරහිත උපාධිධාරින් නියාමකවරු හැටියට යොදවන්න බැරි පඩි ගෙවන්න සල්ලි නැති හින්දාය. අනෙක් ආයතනවලත් පඩි ගෙවන්නේ හරිම අමාරුවෙන් (ම)
ටිකට් එක ගන්න තැනින්ම උපදෙස් දුන්නහම හරි, වෙන රටවල්වල මුද්‍රිත කොළයක් දෙනවා සියලු උපදෙස් ඇතුලත්ව (ම)
මේ වගේ ටිකට් මිල සූරාගෙන කනවිට සංචාරකයින් පවා ගරු කරන්නේ නැහැ.. මොන හේතුවකට මෙතරම් මුදල් අය කරන්නේ.(ම)
ටිකට් වල භේදය ලෝකයේ කිසිම රටක මෙවන් නීතියක් නොමැත (ම)
රැකියා විරහිත උපාධිධාරින් නියාමකවරු හැටියට යොදවන්න බැරි ඇයි? (ම)
පුරාවස්තු වලට කිසිදු හානියක් නොවෙන පරිදි මේවා මතින් ඇවිදින්න බැරිවෙන්න ආරක්‍ෂිත වැටවල් සහ නිසි පරිදි මංතීරු නිර්මාණය කරන්න.තවද පොලිස් ආරක්ෂක සේවයේ නිලධාරීන්ගේ සහය ලබාගන්න.(ම)
ටිකට් වල මිල ගණන් සාධාරණ නෑ කියල මට හිතෙනවා . (ම)