IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


සචිත්‍ර රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියකදී තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ෂන පොලිස් ඒකකය අත්අඩංගුවට ගත් හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතා ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේය.

සැකකරු ඇප මතමුදාහැරිය හොත් සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල කිරීමේ ඇති හැකියාව හේතුවෙන් ඇප පනතේ 14 (1)(2) වගන්ති ප්‍රකාරව ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

සැකකරුගේ හඬ පරීක්ෂාවක් සඳහා ලබන 13 වැනිදා පෙරවරු 9.00ට රජයේ රස පරික්ෂකවරයා වෙත සැකකරු ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා මෙහිදී බන්ධනාගාර අධිකාරියට නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ වින්දිත ක්‍රිඩකයින් දෙදෙනාට විදෙස් ජාතිකයන් දෙදෙනකු යැයි කියන ‘ෂර්බි’ සහ ‘ශ්ලේඩ්’ යන අයවලුන් දෙදෙනකු වට්ස්අප් මගින් අමතා ඇති අතර, එම නම් දෙකකින් කතා කර ඇත්තේ ‘ජාත්‍යන්තර බුකීකරුවකු’ බවට හඳුනාගෙන ඇති බවත් මෙම සැකකරු ඔවුන්ගේ ‘ශ්‍රී ලාංකික නියෝජිතයා’ බවත් පැමිණීල්ල වෙනුවෙන් නිතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම තරඟ පාවාදීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයට මේ රටේ නමගිය තවත් ප්‍රබල පුද්ගලයන් රාශියක් සම්බන්ධව ඇති බවට මේ වන විට කරුණු හෙළිවී ඇති බවත්, ඉදිරියේදී ඔවුන් සම්බන්ධයෙන් විමර්ශනයේදී තොරතුරු හෙලිකරනු ලබන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

(ඡායාරූප: ගයාන් අමරසේකර)



අදහස් (1)

සචිත්‍ර රිමාන්ඩ්

Bunny Preena Thursday, 07 September 2023 01:39 PM

අධික තන්හාව ශෝකය සහ නින්දාව ගෙන දෙයි

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අරලියගහ මන්දිරය ඉදිරිපිට ආරක්ෂක කුටි ඉවත් කරයි
2024 ඔක්තෝබර් මස 13 55 0

අරලියගහ මන්දිරය ට යාබදව ඉදිකර තිබූ ආරක්ෂක කුටි ඉවත් කිරීම පෙරේදා (11) සිදු කළේය.


බල කණු ඇද වැටුණු පුත්තලම් පොර පිටිය
2024 ඔක්තෝබර් මස 13 351 0

පුත්තලම් දිස්ත්‍රික්කයෙන් 2024 පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා පත්‍ර වල හිටපු කැබිනට් ඇමති,රාජ්‍ය ඇමති සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙ


ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 1280 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 1388 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 413 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 219 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26052 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 299 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1343 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site