IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


සුජිත් කියලා කෙනෙක් මට ගැහුවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සුජිත් කියලා කෙනෙක් පාර්ලිමේන්තුවේ  විපක්ෂ නායක කාර්යාලයේදී තමාට පහර දුන්නා යැයි යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"මට යම් සිද්ධියක් වුණා . මම පාර්ලිමේන්තුවට ආවේ පළවෙනි වතාවට. මම කතා කරන්න විපක්ෂ නායකගේ ඔෆිස් එකට ගියා. ඒ මට වෙන් කරලා තියෙන වෙලාව බලන්න. එතකොට එතන සුජිත් කියලා එක්කෙනෙක්  මට ගැහුවා. මේක අපේ පාර්ලිමේන්තුව ඇතුලේ සිද්ධ වෙනවා නම් අපි පාරවල් වල යන්නේ කොහොමද?

නියෝජ්‍ය කාරක සභා සභාපතිනී හේමාලි වීරසේකර මහත්මිය:-

ඒක කථානායකතුමාට පැමිණිලි කරන්න. 



අදහස් (30)

සුජිත් කියලා කෙනෙක් මට ගැහුවා

යෝගා Tuesday, 03 December 2024 05:09 PM

මේ මනුස්සයා ඉදිරියට හොඳම පාර්ලිමන්ට් ජෝක්ස් ටිකක් පෙන්වයි. බලන් ඉමු.

:       0       2

මැක්ස් Tuesday, 03 December 2024 05:40 PM

යාපනේ උන්දලාටත් හොඳ පාඩම් මේ වගේ බබාලා මැතිසබේට එව්වට.

:       0       3

Rohan Tuesday, 03 December 2024 05:49 PM

හරියට කියපං... සුජිත් ද? සජිත් ද?

:       0       3

kasun Tuesday, 03 December 2024 05:50 PM

ගැහුවා ?කොහෙටද ?රිදුනද ?පව් ඔයා

:       0       3

Nimal Tuesday, 03 December 2024 05:55 PM

මේකා නම් හරිම ඇණයක්.

:       0       3

රුවන් Tuesday, 03 December 2024 06:19 PM

ඒක වෙන්න ඇති සජියා එක්ක සෙල්ෆි අරන්, එකට කාලා බීලා විනෝද වුනේ. අනේ ඔයත් නිකං ගම්මන්පිල 2.0 වගේමයි.

:       0       2

පිටරටවැසියා Tuesday, 03 December 2024 06:30 PM

යාපනයේ ජනතාව මහ මැතිවරණයේදී තව පොඩ්ඩක් පරිස්සම්වුනානම්, මේ වගෙ ගව දොස්තරලා දියවන්නාවට නොඑවන්න....

:       0       3

රම්බොඩ Tuesday, 03 December 2024 06:31 PM

මෙන්න මේ හාදයව අංගොඩ යවලා වාර්තාවක් අරගන්න. කොටිවලිග අල්ලගෙන දඟලනවා.

:       0       3

SAM Tuesday, 03 December 2024 07:15 PM

සුජිත් සංජය යනු පාර්ලිමේන්තුවට නුසුදුසු පුද්ගලයෙකි. ඔහු මැතිවරණ සමයේ කෑගල්ල නගරයේදී පුද්ගලයකුට පහරදීම නිසා පොලිස් අත්අඩංගුවට පත්විය. පාර්ලිමේන්තුව තුලදී ඩයනා ගමගේ මන්ත්‍රීවරියට බෙල්ලෙන් අල්ලා පහර දිමක් සිදුවිය. අද දිනයේදී යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුව තුලදී පහරදී ඇත. සමගි බලවේගය ජාතිවාදීන්, අන්තවාදීන් සහ මැරයන්ගෙන් සමන්විත දේශපාලන පක්ෂයකි. මෙවැනිම මැර දේශපාලකයන් ආර් ප්‍රේමදසටත් වටත් සිටියේය.

:       1       3

පුරවැසියා Tuesday, 03 December 2024 07:19 PM

පාර්ලිමේන්තුවට එන්න ඕනෑ නැති අයත් ඇවිල්ලානේ...

:       0       3

දුමින්ද රන්කොත්ගෙදර Tuesday, 03 December 2024 07:22 PM

සුඡිත්ට මල්මිටක්

:       1       2

nimal Tuesday, 03 December 2024 07:25 PM

මෙවැනි අනවශ්‍ය සිදුවීම් නිසා යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රාමනාදන් අර්චුනා උතුරේ ජනතවගේ පමණක් නොව දකුණේ ජනතව අතර ජනප්‍රිය දේශපාලකයකු බවට පත්වනු ඇත. ඔහුට දේශපාලන අද්දැකීම් නොමැති වන්නට පුළුවනි. නමුත් දේශපාලන අද්දැකීම් සහිත පුද්ගලයින් පාර්ලිමේන්තුවේදී මේ ආකාරයෙන් හැසිරීම සිදුනොවිය යුතුවේ. අර්චුනා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරගැනීම පිළිබඳව සලකා බැලිය යුතුවේ. ඔහු නවක මන්ත්‍රීවරයකු වශයෙන් සහ උතුර නියෝජනය කිරීම පමණක් නොව දකුණේ ජනතාවටද කතා කළහැකි හැකියාවන් තිබෙන්නා වූ දේශපාලකයින් මතුවීමට අවහිර නොකළ යුතුවේ. ඔහුගේ හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගත යුතුවේ. පාර්ලිමේන්තුවේ සිටිනා දුෂිතයන් නවක දක්ෂ මන්ත්‍රීවරුන්ට බියක් දක්වන බවක් පෙනේ....

:       0       1

Lakmal Tuesday, 03 December 2024 07:40 PM

ගහන්න නෙවෙයි තියෙන්නේ පයින් ගහන්න. ඉගෙන ගත්තා කියලා බුද්ධිය නැහැ. පත් කරපු හරක් රැල ගැනයි දුක.

:       1       1

Marikkar Tuesday, 03 December 2024 07:50 PM

මෙම පුද්ගලයා මානසික ආතතියකින් පෙළෙන බව පෙනේ. ඔහු පාර්ලිමේන්තුවට පැමිණීමට පෙර ඔහුට ප්‍රතිකාර කර යුතුයි.

:       1       1

ගුණරත්න Tuesday, 03 December 2024 07:55 PM

ඉතාම නරක සිදුවීමක්, පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී කෙනෙකු අඩන්තේට්ටම් වලට ලක්වෙනවා කියන්නේ හොඳ දෙයක් නෙවෙයි.

:       0       2

m.dammasiri Tuesday, 03 December 2024 08:24 PM

තමුසෙගෙ පිස්සු වැඩ නිසා ගුටි කෑමට නියමිතයි.

:       1       3

ranjith Tuesday, 03 December 2024 09:53 PM

පාර්ලිමේන්තුවට මේ වගේ පිස්සෝ එවන්නේ මොකටද?

:       1       2

Perera Tuesday, 03 December 2024 09:55 PM

මෙයාට පිස්සු.. විශ්වාසබංගයකින් මෙයාව දැන්ම එළව්වේ නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා ඉදිරියේ දී

:       1       3

Gayan Tuesday, 03 December 2024 10:13 PM

ස්තූතිය

:       0       0

Ahmed (Gulf) Tuesday, 03 December 2024 11:51 PM

මේ පුද්ගලයාට පුද්ගලික ගැටළු රාශියක් තියෙනවා...

:       0       3

Kuje Wednesday, 04 December 2024 12:45 AM

ලංකාවට විරුද්ධව මානව හිමිකමට කියන්න කරුණු රැස් කරනවා.

:       0       2

sam Wednesday, 04 December 2024 03:55 AM

ඉස්සෙල්ලා හැසිරෙන්න ඉගෙන ගන්න. ඔබේ හැසිරීම මන්ත්‍රී කමට ගැලපෙන්නේ නෑ. ඔයා දොස්තර කෙනෙක්ලු නේද? මට නම් පේන්නේ කොන්දොස්තර කෙනෙක් වගේ. උගත්කමට බාල්දු කරන්න එපා...

:       1       2

විදුර Wednesday, 04 December 2024 04:54 AM

මෙන්න මේ මිනිහට ටීවී එකේ රියලිටි වැඩසටහනක් හදල දීල පාර්ලිමේන්තුවෙන් අයින් කරන්න. ආපු දවසෙ ඉදන් මේ මිනිහගෙ පෞද්ගලික ප්‍රශ්ණ විසදනව ඇරෙන්න වෙන වැඩක් නැහැනෙ. පිස්සෙක්. දමිල මිනිස්සුන්ටත් අපහාසයක් මේ බූරුව.

:       0       3

Shantha Wednesday, 04 December 2024 05:32 AM

මට නම් පේන්නේ මේ මනුස්සයා එන්නේ වෙන පොටකට

:       0       1

ගිහාන් සෙනා Wednesday, 04 December 2024 05:45 AM

තවත් බෝන් අගේන් ලොක්කෙක්…. ජෙප්පොන්ගේ මොකක්ද මේ බෝන් අගේන් පල්ලියත් එක්ක තියෙන සම්බන්දය…? LTTE ඩයස්පෝරාත් බෝන් අගේන් නිසාද…?

:       4       2

de silva berlin Wednesday, 04 December 2024 07:12 AM

හරියට හැසිරෙන්න දන්නේ නැති වුනහම මිනිස්සුන්ගේ ගුටි කන්න සිද්ධ වෙනවා , අර පිරිසක් ඉස්සරහ කිසිම සාධාරණ හේතුවක් නැතුව උතුරේදී රාජකාරියේ යෙදී සිටින හමුදා නිලධාරියාට පරුෂ වචනෙන් ඔබ බනින ආකාරය සමාජ මාධ්‍යවලින් මම දුටුවා , ඔබ මිනීමරුවන් ලෙස හදුන්වන හමුදා නිලධාරීන්ට තිබෙන විනය සහ හික්මීම රටේ සාමාන්‍ය ජනතාවට නොමැතිබව සිතට ගන්න , තවදුරටත් ප්‍රසිධියේ පිස්සු නැටුවොත් , ත්‍රස්තවාදයට උඩ ගෙඩි දුන්නොත් , දකුණේ ජනතවට කලින් උතුරේ මිනිස්සු ඔබට ගල්ගසා එලවල දමන බව සිතට ගන්න , එකට හේතුව යුධෙන් වැඩිපුරම බැට කෑවේ ඔවුන් නිසා , සුමන්තිරන් , ඇතුළු උගත් බුධිමත් දේශපාලකයෝ රටේ ඉන්නවා නමුත් ඔවුන් ඔබ මෙන් පිස්සු නටන්නේ නැති බව සිතට ගන්න , ඔබ ඔය හැසිරෙන ආකාරය රටේ සියලුම වෛද්‍යවරුන්ට කරන නිග්‍රහයක් , ජාතිවාධය දැන් රටේ මාර්කට් කරන්න බැරි බව සිතට ගන්න

:       1       15

Roshan Wednesday, 04 December 2024 08:09 AM

ඕකට ගහන්න ඕන

:       1       10

[email protected] Wednesday, 04 December 2024 10:04 AM

මූ පාර්ලිමේන්තුවට ආවේ ගේමකටම තමා. කතාවෙන් තේරෙනවා.

:       1       8

Sellasami Wednesday, 04 December 2024 11:51 AM

මේ මිනිහා පාර්ලිමේන්තුවේදී මම දොස්තර කෙනෙක් කියලා කියනවා. තවත් වැදගත්කමක් තියෙන බුද්ධිමත් දොස්තරවරුන් බොහෝමයක් පාර්ලිමේන්තුවේ ඉන්නවා.. ඒ කිසිම කෙනෙක් පාර්ලිමේන්තුවේදී මම දොස්තර කියන්නේම නැහැ. ඔහුට තේරෙන්නේ නැහැ පාර්ලිමේන්තුවේ ඉන්නේ මන්ත්‍රීලා මිස දොස්තරලා නොවෙයි කියලා ගරු කටයුතු දොස්තර තනතුර තවදුරටත් අවශ්‍ය නම් රෝහල් සේවයට යන්න පාර්ලිමේන්තුවේ ඉන්නවා නම් මමත් මන්ත්‍රී කෙනෙක් කියන්න මෙතෙක් ඔබ දැරූ තනතුර අපහාසයට ලක්කරන්න එපා... උගත්කකම හා බුද්ධිමත්කම කියන්නේ දෙකක් මන්ත්‍රීතුමා...! 

:       0       3

rama Wednesday, 04 December 2024 08:11 PM

මම ද්‍රවිඩ ජාතිකයෙක් පිට කොටුවේ බිස්නස් කරනවා. පදිංචිය මහරගම රටේ සිංහල මිනිස්සුන්ට තිබෙන ප්‍රශ්නම තමා අපටත් තිබෙන්නේ... ජීවන බර ඉහළ යාම... රජයේ කාර්යාලවලින් වැඩක් කරගන්න ගියාම හැම එකකටම අල්ලස් දෙන්න සිදුවීම වැනි දේවල්..., සියලු දෙනාම එකතුවෙලා අල්ලස් දූෂණය නැති කරන්නේ කටයුතු කළොත් රට දියුණු වේවි... සිංහල, දෙමළ දෙපාර්ශවයේම ඉන්න සුළුතරයක් කරන ක්‍රියානිසා රටේ ජාතිවාදී ප්‍රශ්න ඇතිවෙනකොට මුලින්ම තැලෙන්නේ බිස්නස් එකක් කරගෙන ජීවත්වෙන අපි වැනි කුඩා මිනිස්සු... මෙයා පාර්ලිමේන්තුවෙන් එලවලා දමන්න ඕනේ. රටේ අනවශ්‍ය ජාතිවාදී ප්‍රශ්න ඇතිවෙනවාට ද්‍රවිඩ ජාතික බහුතරයක් කැමැති නැහැ. මේ ගොල්ල මුලින්ම පටන්ගන්නේ ද්‍රවිඩ ජාතිකයින්ගේ ප්‍රශ්න විසඳනවා කියලා... නමුත් මේ ගොල්ලන් කරන්නේ නැති ප්‍රශ්න අලුතෙන් හදන එක...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මාස හතරට සංචාරකයන් ලක්ෂ අටක් පනී
2025 අප්‍රේල් මස 18 0 0

පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්


ජනපති දළදා වඳී
2025 අප්‍රේල් මස 18 88 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප


“සිරි දළදා වන්දනාව” ගැන ව්‍යාජ ආරාධනා පත්‍රයක්
2025 අප්‍රේල් මස 18 125 0

“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.


සිරි දළදා වන්දනාවට රටවල් 17ක රාජ්‍යතාන්ත්‍රිකයෝ මහනුවරට
2025 අප්‍රේල් මස 18 505 0

සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක


දළදා වන්දනාව lankadeepa.lk වෙබ් අඩවියෙන් සජීවීව
2025 අප්‍රේල් මස 18 541 0

සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.


පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට නොවේ
2025 අප්‍රේල් මස 18 1234 6

පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 205 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1125 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site