පිටකෝට්ටේ සිරිකොත මන්දිරයේදී අද(23) සවස රැස්වු එකසත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රෙමදාස මහතා නියෝජ්‍ය නායක ලෙස ඒකමතිකව පත් කළේය.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මුලාසනයේ විය. ඒකමතිකව සිදු කළ සෙසු පත්වීම් මෙසේය.
උප නායක - පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක
නියෝජ්‍ය මහා ලේකම් - පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම්
ජ්‍යෙෂ්ඨ උප සභාපති - පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර
මැතිවරණ ලේකම් - පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රීනි තලතා අතුකෝරාල
ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුවට විසි දෙනෙක්ද පත් කැර ගනු ලැබුහ.
ජාතික යොවුන් පෙරමුණේ සභාපති ධුරය සඳහා ඌව මහ ඇමැති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතාගේ නම යෝජනා විය.
ඔහුට එම තනතුර භාර දීම සඳහා එහි සභාපති කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා ඉල්ලා අස් විය. යොවුන් පෙරමුණ වෙනුවෙන් විජයවර්ධන මහතා මහ මෙහෙයක් කළ බව පැවසු ප්‍රනාන්දු මහතා ඌව ජනතාව වෙනුවෙන් තම සේවය ඉටු කිරීමට තම මුළු කාලයම යෙදවිය යුතු බව කියා සිටියේය. එහෙයින් එම තනතුර භාර ගන්නවාද නැද්ද යන්න දැනුම් දීමට ඔහු කල් ඉල්ලා සිටියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට නායකත්ව මන්ඩලේ නිකම්ම ලොප් වෙලා ගියාද ? (නදී)
ඔයින් ගියා ඇති අතක් පයක් නොකැඩි. දෙයියනේ කියල දැන්වත් ඔය කුලල් කා ගන්න එක නවත්වල මේ රට ගැන හිතල වැඩ කරමුද ? ජය වේවා හරින්. මේකත් ඔයාගේ කැප කිරීම් වල ප්‍රතිපලයක්. (නදී)
එක්සත් ජාතික පක්ෂයට ජයපැන් බොන්න පුලුවන් ඉදිරියෙදි (නදී)
සජිතුත් තාත්ත වගේම මොන ප්‍රශ්ණ ආවත් පක්ෂය දාලා ගියේ නැහැ. මට නම් මේ පත්වීමේ අරුමයක් නැහැ (නදී)
තිස්ස අත්තනායකට මොකද වෙන්නේ ? (නදී)
විපක්ෂයේ ගැටළු විසඳෙමින් පැවතීම හොඳ දෙයක්. ඉතින් සියල්ලටම කලින් මේ ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතුය. එසේ නොවේ නම් එහි බලතල අඩු කළ යුතුය. වත්මන් ජනාධිපතිතුමා අතින් එය ඉටුවුනොත් එතුමා වඩාත් ජනප්‍රිය වනු ඇත. (නදී)
සමගිය බලය වේ. පටන්ගන්න රට හදන්න මෙතන ඉදන් ජනතාවට අලුත් බලපොරොත්තුවක් දෙන්න හොර මැර තක්කඩි දේශපාලනේ ගෙදර යවන්න. (නදී)
හරින් ඔබ හරියටම හරි. ඔබ තමා ඇත්තටම ජයග්‍රාහකයා. ඔබ පක්ෂය තුලත් දිනුම් ඡන්දෙදිත් ඔබ දිනුම්. මැරකම් නොවෙන්න ඌවත් දිනුම්. දැන් සමගිය ඔහොමම ආරක්ෂා කර ගත්තොත් ගොඩ ගොඩ තමා. රෙජීමය යවා ගන්න අමරුවෙන එකක් නැහැ. (නදී)
නියම වෙලාවට හරි දේ කළ රනිල් මහත්තයට ජයවේවා(දිල්)
ජය වේවා හරීන්. ඔබ නිසයි මේ එක්සත් ජාතික පක්ෂයේ නව පිබිදීමක් ඇතිවුණේ. ජය වේවා! කව්රු මොනවා කිවුවත් අපේ රට දැන් ගොඩගන්න පුළුවන් එකම පක්ෂය තමයි මේ. ඉදිරියටම යමු. (නි)
සජිත් ප්‍රේමදාස මැතිඳුනි, ඔබට මගේ උණුසුම් සුබ පැතුම්!! (නි)
නියෝජ්‍ය නායක හා උපනායක අතරේ වෙනස මොකක්ද ? (නදී)
උප නායකත් වෙනස් වුනා නම් තවත් හොඳයි වගේ. (නදී)
හරින් නිසා අලුත් ගමනක් යන එක්සත් ජාතික පක්ෂයට ජය වේවා ! ජාතික යොවුන් පෙරමුණු සභාපති ලෙස තේරී පත්වූ හරින් මහතාට ගුරුතලාව ජනතාවගෙන් උණුසුම් සුබ පැතුම්. පක්ෂය එක් සේසත් කල ඔබට ඉදිරියේදී පක්ෂය ඉහලම තැනට ඒමට වරම් ලැබේවා ! (නදී)
ස්තුතියි සැම දෙනාටම. අනිවාර්යෙන්ම පක්ෂය ජයගන්නවා නියතයි. මා හිතාදර සජිත් මැතිඳුනි ඔබට ජය. (නදී)
සජිත් මැතිතුමා කලිනුත් නියෝජ්‍ය නායකයා වෙලා හිටියා නේද? (නදී)
දැන් ඔක්කොම හරි කියලනේ හිතන්නේ. එජාප රජයක් නැවත එනවා කියලනේ කියන්නේ. මේ යන සංවර්ධන ගමන හරි. සමහර) පුද්ගලයන් මේ වගේ සිහින දකිනවා. මොනවා කිවුවත් මේ රජය රටට ත්‍රස්තවාදයෙන් අපිට නිදහස ලබාදුන්නා. රටේ සංවර්ධනය අපිට පෙනෙනවා. තවත් එජාප රජයක් අපිට නම් දැනට හෝ මතුවට එපා. (නි)
දැන් ඉතින් තියෙන්නේ බැහැලා වැඩ කරන්න. අපිත් දන්නවා ඌව දිනන්නේ යු.එන්.පී.ය කියලා. ජයවේවා! (නි)
මේවා කී දවසකට සීමාවෙයිද කියලයි මට බය (නි)
නියෝජ්‍ය නායක සහ උප නායක දෙකේ වෙනසක් තිබේද? නැත්නම් ඒ තනතුරු සමානද? (නි)
දැන් තමා හරි පාරට අාවේ යු.එන්.පී එක. රටේ ආර්ථිකය මනාව කලමනකරණය කරන්න පුළුවන් යු.එන්.පී ආණ්ඩුවට විතරයි (නදී)
නියම වෙලාවට හරි දේ කල හරින්ටත් සුභ පැතුම් සමග මල් මිටක් (නදී)
අගාධයෙන් ජනතාව ගොඩගන්න. භේදබින්න නොවී ඉලක්කය කරා යන්න. අපෙන් සුබ පැතුම්! (නි)
හරීන්, ඔබ යන ගමනට ජය! (නි)
මගේ හදවතින්ම සුබ පතමි! (නි)
සජිත් මහත්තයා දෙවැනි වතාවට නේද මේ තනතුරට පත්වුණේ? කොහොම වුණත් තනතුරු හදාදීලා තිබෙන විදිය බැලුවහම විපක්‍ෂයේ සිටියදී මෙහෙම නම් ආණ්ඩුවක් දිනලා ඇමතිකම් දෙන්න ගියොත් දැනට ඇති වාර්තා නම් අනිවාර්යයෙන්ම කැඩෙයි කියලා හිතෙනවා. බුලත් පුවක් ඇමතිලාත් බිහිවේවිද දන්නෙ නැහැ එහෙම වුණොත්? (නි)
තනතුරු ඉල්ලලා වෙන්දේසි දාන මිනිසුන්ට තනතුරු දෙන්න තරම් මෝඩ කමක් තවත් නැහැ. (නදී)
ප්‍රේමදාසල කරපු දේවල් වලට තවමත් මිනිසුන් බයයි.අදටත් දුක් විදිනවා. (ස)
අන්න එකමුතු කම. පක්ෂ සාමුහිකත්වය. ජයග්‍රහණයේ නව මන්පෙත් ඉදිරියේ දී ජයෙන් ජය. (ස)
අනේ තේරෙන්නේ නැති නිසා අහන්නේ ..නියෝජ්‍ය නායකයි උපනායකයි කියල දෙකක් තියෙන්නේ මොකද..දන්නා සිංහලෙන්නම් දෙකම එකයි කියල මට හිතෙන්නේ.එහෙම එක පිලකට උප නායකයෝ දෙන්නෙක් ඉන්න පුලුවන්ද? එක පළාත් සභාවකවත් දිනලා තියා අඩු ගානේ වෙන එකෙක් එක්ක එකතුවෙලාවත් බලයක් ගන්න හිතන්නවත් බැරුව ඉදිද්දී ආණ්ඩුව පෙරලුව කියල හිතන් ඉන්න මේ මන්ද බුද්ධික විපක්ෂයට බලමු ඉතින් මේ බේතෙන්වත් ප්‍රතිපලයක් ලැබේවිද කියල. (ස)
එහෙනම් නායකත්ව මණ්ඩලයත් පුස්සක් වුණාද? මේවාද නම් වලට පමණක් සීමා නොවේවා! (නි)
ජය නියතයි. එක එක්කෙනාගේ ගැටවලට අහුවෙන්න එපා. ජයවේවා!! (නි)
1948 නිදහස ලැබුණු දින සිට මේ දක්වා වසර 66 පුරා ලංකාවේ තිබුන දේශපාලන පක්ෂ අතුරින් එක්සත් ජාතික පක්ෂය කියන්නේ ඇති දැවැන්ත පක්ෂයකි. එදා ඩී.එස් සේනානායක ගේ ඉඳන් මේ දක්වා බිහි වුනු ශ්‍රේෂ්ට නායකයින්ගේ ලේ,දහදිය,කඳුළු වලින් ගොඩනගපු පක්ෂයකි. ඒ කළ කැපකිරීම් වෙනුවෙන් කෙලෙහි ගුණ දන්නා මනුස්සයන් වශයෙන් මේ දක්වා එක්සත් ජාතික පක්ෂය වටා ලොකු ජනතාවක් ඒකරාශී වී සීටීම අපි ලබපු භාග්‍යයක් කොට සලකන්නෙමු. නමුත් පසුගිය වසර 20 ක පුරාවටම එක්සත් ජාතික පක්ෂයෙන් තම පාක්ෂිකයන් ගිහිලි ගියහ. පසුගිය දශකය තුල එක්සත් ජාතික පක්ෂ අභ්‍යයන්තරේ සිදු වූ සියලු දේ අපි ජාතියක් වශයෙන් බොහොම නිහතමානිව නිහඬව බලා සිටියෙමු. පක්ෂය ජය මාවතකට රැගෙන යාමට අවශ්‍යය. පක්ෂය ශක්තිමත් කොට හොඳ සංවිධානාත්මක හැකියාවකින් පක්ෂයත්, ජනතාවත් දිනවිය හැක්කේ කාටද කියා ඔප්පු කල, එවන් කෙනෙකුට අවස්තාව ලබාදීම පක්ෂයටත්, රට ටත් . ජාතියටත් කරන අමිල මෙහෙවරකි. (නදී)
තනතුරු ඉල්ලගෙන හඩන අයට තනතුරු දුන්න කියල පක්ෂයක් දිනන්නේ නැහැ. (නදී)
එජාපය පරක්කු වි හෝ මේ දේ තේරුම් ගෙන උපනායක තනතුර සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිම ගැන ස්‍තුතිවන්ත වෙමු. රටේ ඉදිරි ගමනට ජය වේවා එජාපය දිනේවා (නදී)
සජිත් මහත්තයට නියෝජ්‍ය නායකකම දීලා රවීට උපනායකකම දෙද්දී මට හිතාගන්න අමාරු දෙයක් තියනවා. නියෝජ්‍ය සහ උප කියන තනතුරු දෙකේ වෙනස මොකක්ද? නායකයා නැතිවුණාම උපනයකයට නේද වගකීම පැවරෙන්නේ? (නි)
බස්නාහිර ඡන්දෙදි 26%ක් ගත් එජාපය මාස කීපයකින් පස්සේ ඌවෙදී ගත්තේ 41%ක් පමණයි. රජය ගිය පාර ඌවේදී තමයි ඉහළම ජයක් ලැබුවේ. බස්නාහිරට වඩා මාස කීපයකින් ඌවෙදී 15% ක් වැඩි වුණා කියලා ඒකෙන් කියන්න බැහැ ඊළඟ ජනාධිපතිවරණයේදී එජාපය 56% ක් ගනී කියලා. (නි)
අපිත් මේ රටේ දශක ගණනාවක් තිස්සේ මැතිවරණ දැකලා තියෙනවා. රටේ ජන රැල්ල යන්නේ කොයි පැත්තටද කියලා පෙරපාසල් යන ළමයෙකුට වුණත් හොඳට තේරෙනවා. අද රැල්ල එජාපය පැත්තට හැරෙන්න පටන් ගත්තත් මේගොල්ලෝ කියන 2/3 ක ජයක් ජනාධිපතිවරණයේදී ගන්න ලැබෙයිද සැකසහිතයි. චන්ද්‍රිකා මැතිනියත් මුලින් පොඩි ප්‍රතිශතයකින් මැතිවරණයක් දිනලා තමයි පස්සේ 60% පන්නලා ගියේ. එජාපය එන මැතිවරණය ජයගන්නේ 54% කට වඩා අඩු ප්‍රතිශතයකින්. (නි)
ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමනි, දුර සිටින සතුරාට වඩා ළඟ සිටින මිතුරාගෙන් ප්‍රවේශම්වන්න (නි)
අන්න කිවුවා හරියටම. බන්දුල පෙරේරා මගේ ළඟපාතක හිටියා නම් මසුරන් හොයාගන්න අමාරු නිසා රත්තරන් ටිකක්වත් කටට දානවා. (නි)
අපිට නම් එක්තරා දෙදෙනෙකුගේ විකර්ෂණය හොඳට පැහැදිලිව පෙනෙනවා. (නි)
අද ජනතාවට, 1. විධායක ජනපති ක්‍රමය 2. අධික බඩු මිල 3. පවුල් ගසාකෑම 4. මහජන මුදල් ගසකෑම 5. නීතියේ අඩුපාඩු යන කරුනු නිසා පීඩනයක් තිබෙන බව රනිල් තේරුම් ගතයුතුයි (නි)
කොයිතරම් ලොකු තැනකට ආවත් කමක් නැහැ මහත්තයෝ. අනිත් අය වගේ හොරකම් කරන්න නම් එපා.ජය වේවා! (නි)
ආයෙමත් වැඩ වරද්දාගන්න නම් එපා (නි)
සජිත් කවදාහරි ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි දිනුවා වගේ දිනන බව මට විශ්වාසයි (නි)
රට දිනවන්න සජිත්ට පුලුවන්. රනිල් පක්ෂ නායකත්වයේ සිට සජිත් ජනපති අපේෂකයා වනු දැක්ම පාක්ෂික පැතුමයි. (නි)
අතීතය අමතක කරන්න එපා. 77 බඩ ගැන හිතලා රට මහා විනාශයකට ගියා. සුලු ජාතීන්ට පහසුවෙන් විසඳා දෙන්න තිබුණ ගැටලු ජාතිවාදී අරගලයක් දක්වා අරගෙන ගියා. 88-89 කාලේදි දකුණේ තරුණයින් 90 000.ක් විතර රටට අහිමිවුණා. ඩඩ්ලි.මහත්තයලගේ.. ඩී.එස්.මහත්තයලගේ යු.එන්.පී.ය අද නැහැ. ප්‍රභාකරන් කිව්වට සිංහලයට හැමදෙයක්ම සතිදෙකෙන් අමතක වෙනවා කියලා අපි නම් එහෙම සිංහලයින් නෙමෙයි. (නි)
එතකොට කරු කෝ? නායකත්ව මණ්ඩලය කෝ? (නි)
එකම පිලක උප නායකයින් දෙන්නෙක් නොවෙයි තුන්දෙනෙක් වුණත් ඉන්න පුළුවන් එම පක්ෂයේ ව්‍යවස්ථාව අනුව. (නි)
මේ කිසිවකුගෙන් මා හට නම් වැඩක් නැත (නි)
පරක්කු වෙලා උනත් ගත්ත තීරණය ගොඩක් වටිනවා. ඔහු ගිය කාලය පුරාවට අපිට තිබුනේ කලකිරීමක්. පරාජිත මනසක්. අද ඉඳල නව ජීවයක් තියනවා. මේ රට ගොඩගන්නට සජිත්ට ශක්තිය සහ ජවය තියනවා. අපි ඔහු සමඟයි. ජය වේවා. (නදී)
බුද්ධික, හීනයක්වත් දැකලා බය වුනාද? (නදී)
ගාල්ලේ සමන් පෙරේරා. ඔහේට වෙන පැතුමක් නැද්ද? (නදී)
දොස්තර මාරු කරන්නේ නැතුව වාට්ටුව මාරු කරලා... ලෙඩ්ඩු ටික එහෙමමයි. හරීන් නම් මොළය පාවිච්චි කළා. පක්ෂයට වැඩක් කරන්න තනතුරු නොවෙයි ප්‍රධාන වෙන්නේ. (නි)
රටේ පෑගෙන, පෑගුන ජනතාවගේත් මධ්‍යම පන්තියෙත් එකම බලාපොරොත්තුව සජිත් ප්‍රේමදාස මහතායි. එතුමාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි. ජය නියතයි. (නි)
තිලක් ඩුබායි තිලක් බන්දුල පෙරේරා ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යන එකම කෙනක් (දී)
ඔක්කොම හොඳට තේරෙන බන්දුලට මේක විතරක් තේරෙන්නේ නැහැ එහෙනම් ? දවසකටවත් පාසලට ගියාද? (නි)
අද රටේ බරපතල ආර්ථික අමාරුකම් මැද මිනිස්සු ඉන්නේ. මිනිස්සු කළකිරීමට පහුගිය කාලේ ඡන්ද නොදී හිටියා.හිතලා බලන්න පහුගිය ඡන්ද වලදී ඡන්දය නොදී හිටි ප්‍රමාණය සියයට 40ට වැඩියි. එලෙස නිදාගත් විපක්ෂයට සජිත් ආ එක යෝධ ජවයක්, පිබිදීමක්. (නි)
සජිත් ප්‍රේමදාස මහතාටත්, රවී කරුණානායක මහතාටත් , රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාටත්, අකිල විරාජ් මහතාටත්, තලතා මහත්මියටත් රට දිනවන්නට ශක්තිය ලැබේවා ! (නි)
රනිල් මැතිතුමා යථාර්ථය තේරුම් ගැනීමම අපිට ඇති. සුදුස්සාට සුදුසු තැන දිය යුතුයි. ඔවුන්ගෙන් ප්‍රයෝජන ගතයුතුයි. අදහස් දාන සමහරු කතා කරන්නේ එයාලා එජාපෙ ගැන දන්නේ නැතුව වගෙයි (නි)
ආණ්ඩුව උෟව දිනුවේ ප්‍රධාන දෙමල පක්ෂ 3ක් එක්ක. එහෙම නැති උනානම් ආණ්ඩුව පරදින්නේ ඡන්ද 75,000 කට වැඩියෙන්. (ස)
අපිට මේ දේශපාලනය එපා වෙලා තියෙන්නේ (දී)
ඔබතුමාට සුභපැතුම් (දී)
කාලෙකට කලින් කරන්න තිබ්බ දෙයක් (දී)
thawa
එක්කෙනෙක් ඇතුලට එනකොට තවත් කෙනෙක් එලියට යනවා. (දී)
හදවතින්ම සුබ පතනවා සජිත් මහතාට (දී)
රසික විතාන, ඔතන තමයි අපට වැරදුනේ.සංවර්දනය කියන්නේ පාරවල් හදන එක නෙවෙයි ජනතාවගේ ජීවන තත්වය ඉහල යන එකයි.මානව හිමිකම් කඩවීම්,බඩු මිල, හොර මැරකම්,දුෂණ බැලුවම රටේ කිසිම සංවර්ධයක් නැහැ.අමතක කරන්ඩ එපා ඔයත් තාම විදුලිය ගන්නේ එජාපය කල මහවැලියෙන් කියල. (දී)
ඔයදේ කලින් නොකළ නිසා තමයි අපිට වැරදුනේ (දී)
දැන් බලමු මොකද වෙන්නේ කියලා (දී)
සුභපතනවා ඔබතුමාට (දී)
සජිත් මහත්තයා මිට කලිනුත් නියෝජය නායකයා වෙලා හිටියා. ඒ දවස්වලත් පක්ෂය ජයග්‍රහනය කලේ නැහැ. ඒ නිසා තනතුරුවලට පුද්ගලයන් පත්වීමට වඩා වැදගත්වෙන්නේ අවංකකම හා කැපවීමයි ,මේ දෙක නැතිව කොයිතරම් තනතුරු පිරෙව්වත් වැඩක් නැහැ. (ස)
රනිල් හා සජිත් දෙන්නම එකතු වීම හින්ද ප්‍රබල විපක්ෂයක් හදා ගන්න පුළුවන් දැන්. ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවට රිසි සේ රට පාලනය කරන්ඩ අමාරු වෙනවා. රට හරි පාරට ගන්න මුලිකත්වය ගත්තු ඔක්කොටම පින්.. ආණ්ඩුව මෙහෙම රට පාලනය කරන්න ප්‍රධාන හේතුව විපක්ෂය තමයි. තව දෙයක්, විපක්ෂය කලයුත්තේ ආණ්ඩුවේ වැරදි පෙන්නලා දෙන එක.. ආණ්ඩුව කලයුත්තේ රට හරි මග ගෙනියන එක.. හැබයි ආණ්ඩුව විපක්ෂයේ අඩුපාඩු හොයන එක තමයි දැන් වෙන්නේ. රට යන්නේ කොහෙටද කියල දෙය්යෝ තමයි දන්නේ.... (ස)
ඔය පක්ෂය ඇතුලේ ඉන්නෙත් මෝඩයෝ පිරිසක් නොවෙයිනේ. එක්සත් කම තේරුම් ගන්නට. පක්ෂය විනාස කරන්නට පිටින් ඉදගෙන සල්ලි විසිකරපු අය දැන් ආණ්ඩුවට කඩේ යන්නේ නැහැ. ඔය ව්‍යාපාරික ප්‍රජාව දැන් අලුත් ආණ්ඩුවක් නිර්මාණය කරමින් ඉන්නවා . ඒකට එකම විසදුම එක්සත් ජාතික පක්ෂයයි. අනිකුත් සියලු පක්ෂ දියවෙලා ඔය බලවේගයට හසු වෙනවා. එන් ජී ඕ ටිකත් එකතු වෙනවා . මේ තත්වය තුල රටේ අපි කිසිවෙක් නොසිතන දේශපාලන වාතාවරණයක් බිහි වෙනවා. කිසිම පක්ෂයක් එපා කියා චන්දය නොදුන් සංඛ්‍යාව ගැන හිතා බලන්න. නරක වූ ඡන්ද ඇත්තටම වැරදීම්ද කියා සොයා බලන්න. මේ වාතාවරණය නිසයි ඉක්මනින් ජනාධිපති මැතිවරණයක් එන්නේ. නමුත් කාට කාටත් ලේසි වෙන්නේ නැහැ. අවාසනාවන්ත ලෙස රටේ දුෂණ භීෂණ වලට අපි වගේ අහිංසක ජනතාවත් මාධ්‍යවේදීන් වත් ගොදුරු වෙනවා ඡන්දෙන් පස්සෙත් ඇලහැර ඔහොම නම් .........? (ස)
සන්තෝස ජනක පුවතක් (දී)
ඒ ගත්තු තීරණය නිවරයි (දී)
ලෙඩේට බෙහෙත් නොදී දොස්තරලා වෙනස් කරලා හරියන්නේ නේ නේද (දී)
නියමයි රටේ මිනිසුන් බලාපොරොත්තු උනේ මේ දේම තමයි (දී)
බන්දුල, ජේෂ්ට ඇමති /ඇමති එක පැහැදිලි මදි. පැහැදිලි කරලා දෙන්නකෝ. (ස)
මම ඉන්නේ බුලත්සිංහල.අපිත් පාරම්පරික යූඑන්පී උනාට පහුගිය මැතිවරණ කීපයේම ජන්දය දුන්නේ වෙන පක්ෂයකට .දැන්නම් අනිවාර්යයෙන්ම ඊලග ජන්දයේදී ඡන්දය දෙනවා යුඑන්පී.මොකද දැන් අපි දන්නවා දිනන පුළුවන් කියාලා(දිල්)
දුශකයින්ට (ඇමතිවරු ඇතුළුව) දඬුවම් දුන්නොත් ,17 වෙනි සංශෝදනය නැවත හරියාකාරව ක්‍රියාත්මක කොට ඩීසල් මිල 20කින් සහ පෙට්‍රරල් මිල සුළු ගණනකින් හෝ අඩු කලොත් මගේ චන්දය ජනාදිපති තුමාට දෙනවා, නැත්නම් විකල්පයක් හොයනවා. සජිත් ප්‍රේමදාස මහාතාට සුබ අනාගතයක් ,හරින් ටත් ජයෙන් ජය පතමි. (ස)
අන්න පහර. දැන් තමයි යූ එන් පී ලොක්කන්ට මොලේ පැදිලා තියෙන්නේ. දැන් ඉතින් ජය නවත්තනවා බොරු. (ස)
සජිත් ආවොත් එයාගේ මහ එක්කෙනාගේ කාලේ වගේ පාරවල්, හන්දි ගානේ කොල්ලෝ කෙල්ලෝ මරන්න පටන් ගනීද දන්නේනෑ! (ස)
හරින මහතා කල කැපවිම නිසා මුළුඑක්සත් ජාතික පක්ෂයම වෙනස් වෙලා පක්ෂය ජයගත්තා (දී)
මම නම් දේශපාලනයට ඒ හැටි කැමැත්තක් නැහැ (දී)
දේශපාලනය කියන්නේ ගොහොරු වලක් (දී)
කවුරු උපනායක උනත් , අපට අවශ්‍ය හොරකම වංචා නැති උගත් ලෝකය පිළිගත් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයයි (දී)
අපි මේ තීරුවේ අදහස් දාන්නේ ආණ්ඩු රැක ගන්නවත් පෙරලන්නවත් නෙමෙයි.මේ තීරුවට එහෙම දෙයක් කරන්න බැහැ කියල නොදන්නා මෝඩයෝ මේකට ලියනවා කියල හිතන්න බැහැ...එකිනෙකාගේ අදහස් වෙනස් ..මේක සංවාද මණ්ඩපයක්..අපි වාද විවාද කර ගන්නවා..එකිනෙකා විවේචනය කරනවා.එහෙම විවිධ මතවාදවල ගැටීමක් නැත්නම් පක්ෂග්‍රාහි වෙනවනම් ඒකාකාරී වෙනවනම් මේ තීරුව මෙහෙම ජනප්‍රිය වෙන්නේ නැහැ..අපි කවුරුවත් එකිනෙකා හදුනන්නේ නැහැ..මොන මත වාද දැරුවත් ඒක අදහස් වලට පමණයි.. වෙන කුනුකම් අපේ හිත්වල නැහැ...නමුත් එයිට වඩා වෙනස් අදහසක් තියෙන නපුන්සක පිරිසකුත් මේකේ ඉන්නවා..කාගේ හරි හඬක් දිරවන්නේ නැති කොට ඒ නමින් අදහස් දාන....ඩුප්ලිකේට් බන්දුල පෙරේරලා ඩුප්ලිකේට් ලංකා තිලක්ල දැක්කම හිතට ඇතිවෙන්නේ දුකක්.. මේ තීරුවක අදහස් ඉවසා ගන්න බැරි මිනිස්සු ප්‍රයෝගික ජීවිතයේදී කොහොම හැසිරෙනවා ඇත්ද කියලා.. අපේ ඊමේල් ලිපින වලින් ලංකාදීපේ දන්නවා සැබෑ එසැණ පුවත් පාඨකය කවුද කියල. (ස)
දැනට මේ ප්‍රවෘත්තිය 6734 කියවලා තියනවා. 83 ක් අදහස් දාලා තියනවා. කී දෙනෙක් පක්ෂව දාලා තියෙනවාද බලන්න. මේ වගේමයි ඌවේ යුඑන්පියට ඡන්ද වැටුනේ කැමැත්ත නිසා නොවේ ආණ්ඩුවේ වැරදිවලට අකමැත්ත නිසා. (නදී)
සජිත් මහතාට සුභ පැතුම්. ජය වේවා! (නදී)
ගරු සජිත් මහතාණනි, ඔබෙන් එක ඉල්ලීමක් කරනවා. කරුණාකරලා අපේ මිනිසුන් තුල යැපීම් මනසක් ඇති නොවෙන විදියට ජනතාවට ආමන්ත්‍රණය කරන්න. නිකන් කන්න අර සවිය මේ සවිය දෙනවා කියා ඔවුන් තවත් කම්මැලි නොකරන්න. ජපානය, චීනය අාදිය උදාහරණ කොට ගෙන රටේ හැම පුරවැසියෙක්ම සවිබල ගන්වනවා මිස ඔවුන් උදාසිනයන් නොකළ යුතුය. ඔබේ උගත් නියෝජිතයන් ගම් නියම්ගම් වෙත යවා එම ගම්වල තිබෙන ,ශ්‍රම සම්පතේ විවිදත්වය, ගම්වල තිබෙන ස්වභාවික සම්පත්, භුවිෂමතාවන් හදුනාගෙන එක ගමකට එක ව්‍යාපෘතියක් මගින් සියලු ජනතාව කිසියම් ක්‍රියාවක නියලවන්න. තම රටවැසියන් නිකන් කකා ,කිසිවක් නොකර,කාලය කාදමන්නන් විය යුතු නැහැ නේද?හැකිනම් එක ගමකින් නව සොයා ගැනීමක් ලෙස මුළු රටම නව මාවතකට යොමුකරන්න. නැතිනම් ඔබේ පියා 2500ක් දුන්නා, ඔබ 10000 දෙනවා කියා පොරොන්දු නොදෙන්න. (නදී)
මෙතනදී බන්දුල පෙරේරා මහත්මයා පිළි අරන් තියෙනවා ලංකා තිලක් නමින් ලියන්නේ එයාමයි කියලා "කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැතිලු" (නදී)
බන්දුල පෙරේරා එයාගෙම කටේ රත්තරන් දාගන්නවා. අනේද කියන්නේ. (නදී)
කොයි කාගේ ආණ්ඩුවත් අපට එකයි. ඒ උනාට සජිත් මහත්තයට සුබ පතනවා, (ස)
ඔබතුමාට සුභපතනවා (දී)
නියමයි නිවැරදි තීරණයක් (දී)
මොකද්ද මේ දෙයින් බලා පොරොත්තු වෙන්නේ (දී)
කොයි තරම් හොදද ඉතින් (දී)
බන්දුල මොනවද කියවන්නේ (දී)
බන්දුල මරු කියවනවා. (නදී)
මම නම් කැමතියි නමුත් සමහරු කැමති නැහැ (දී)
සජිත් මහත්තයා දන ගන්න ලංකාවම වෙනස් කරන්න පුළුවන් ඔබට (දී)
මම නම් හිතන්නේ කාලෝචිත වෙනස් වීමක් කියලයි (දී)
ඊළගට මොකද කරන්න හිතාගෙන ඉන්නේ (දී)
සජිත් මහත්තයාට සුභපතනවා පක්ෂය ගොඩ ගන්න (දී)
නවකයින්ට පළපුරුද්ද ඇති අයගෙන් උපදෙස් ලබා ගන්න (දී)
පක්ෂ පාට තනතුරු නොතකා වැඩකරන්න (දී)
පක්ෂයේ අනෙකුත් අයගේ අකමැත්ත නැහැ කියන්නේ ලොකු දෙයක් (දී)
මොකද අපේ හරින් මහත්තයට මොකුත් නැත්තේ (දී)
ජනතාව ඔයිට වැඩ දෙයක් බලා පොරොත්තු උනා (දී)
බන්දුල මොකද වෙලා තියෙන්නේ (දී)
මේ පාරනම් මොකාක් හෝ වෙයි කියලා හිතෙනවා (දී)
සන්තෝසයි (දී)
බන්දුල ඔබ හරි. එජාපය මාස කීපයකින් 15% ක ප්‍රතිශතයක් වැඩි කර ගත්තා කියන තර්කය මත එජාපය ජනාදිපතිවරනේදී තව 15% ක් වැඩි කර ගනීවි යයි පැවසීම එතරම් ප්‍රායෝගික නැහැ. මෙය වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන් (නදී)
අපේ කඩේ යන මහත්තයට ලග ලග එන පරාජයේ සෙවනැලි දරාගන්න බැහැ වගේ. (නදී)
කුමරන මහත්තයා කවදාවත් ප්‍රේමදාස මහත්තයවත් ඔහුගේ පුතාවත් නොමිලේ මුදල් දෙන්න කටයුතු කලේ නැහැ. ප්‍රේමදාස මහත්තය ගම් උදාව හරහා අලුතෙන් නිවාස දුන්නේ නිවාස නැති අයට. නමුත් මේ නිවාස ඉදිකිරීම් කටයුතු සම්පුර්ණයෙන්ම සිදු උනේ මේ පවුල් වල අයගේ ශ්‍රමයෙන්. ඔහු රුපියල් 25000 ක ආදාරයක් දුන්නේ ස්වයන් රැකියා සදහා. ඔහු නොමිලේ මුදල් දුන්නේ දෙමව්පියන් නැති දරුවන්ට., ආබාදිතයන්ට , සහ ඉතා වයසක මව්වරුන්ට ,පියවරුන්ට. ඔහු ග්‍රාමීය බැංකු හරහා නය ලබා දුන්නේ අලුතෙන් කර්මාන්ත ඇරබීමට අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර ගැනීමට. ඔහුට අවශ්‍ය උනේ කාන්තා පිරිමි බේදයකින් තොරව ,හැමෝටම රැකියාවක් ලබා දෙන්න. අදටත් රටේ දෙවන ඉහලුම ආදායම් ලබන ඇගලුම් කම්හල් නගා සිටවුවේ මෙතුමාගේ පියාණන්. (නදී)
වැඩි දෙනෙකුට අමතක දෙයක් තියනව. 2001 යු.එන්.පී ආණ්ඩුවක් බලයට එද්දිත් ඔහොම තනතුරු තිබ්බා. නියෝජ්‍ය නායක කරූ. උප නායක අතුකෝරළ. ඉතින් මේ යන විදිහ හොඳයි.(නදී)
ඔබට ජය වේවා ............. රටට සෙතක් වේවා ........ (දී)
මිනිස්සු ඔන්න ඕක තමයි කාලෙක ඉදලා කියුවේ (දී)
ජයෙන් ජය වේවා. පිට රටවල් වල ඉන්න අයගේ චන්දය ගන්නත් වැඩපිළිවෙලක් හදාගන්නත් බලන්න. යු එන් පී චන්ද ඔක්කොම ඉන්නේ පිටරටවල. (දී)
රජිත් මහත්තය දන්නවා බන්දුල පෙරේරා කවුද කියලා. බන්දුල පෙරේරා හීන දකින්නේ නැහැ. මහපොළොවේ පය ගහල සැබෑ ලෝකේ ජිවත් වෙන්නේ. ජනාධිපතිවරනේදී 56% ගන්න ඉතින් මේ එසැන පුවත් කට්ටියගේ ඡන්ද විතරක් ජනාධිපතිවරනේදී බැලුවොත් පුළුවන් වේවි. තමන් හීන දැක්කට කමක් නැහැ. ඒ හීන වලින් ලෝකෙට විහිලු සපයන්න එපා. (නදී)
බන්දුල මහත්තයා මොකද කියන්නේ (දී)
බන්දුල වගේ අය එක්ක මොන සංවාදද? (දී)
රනිල් මහත්තයට පහුවෙලා හරි මොලේ පෑදුනා දැන් හරි. ජනතාව සමහරු ගැන අවමංගල කතා කියනවා. ඒ අයව අතේ දුරින් තියන්ඩ. ජනප්‍රිය පුද්ගලයින් ආසන සංවිදායකයිව් හැටියට පත් කරන්ඩ. ලංකාව දුෂනයෙන් පිරිහී ඇත. මෙයට පිලියමක් අවශ්‍යයි. සුළු ජාතින්ටත් තැනක් දී පක්ෂයට එකතු කර ගංඩ (නදී)
බන්දුල පෙරේරාව මේ විදිහට හැමෝම විහිලුවකට ගන්න එපා. ඔහු හිතන්නේ මිනිස්සුන්ට ප්‍රශ්න නැහැ කෑමෙන් බීමෙන් සර්ව සම්පුර්නයි කියලා. කවදාවත් මේ ආණ්ඩුව වැටෙන්නේ නැහැ කියලා. .ඒක ඔහුගේ මතය ඕනෙම කෙනෙකුට ඕන දෙයක් සිතීමේ අයිතිය තියෙනවා. ඔහුත් සමග සංවාදයට යන්නත් එපා. ඔහුගේ ලෝකේ ඔහුට ඉන්න දෙන්න.(නදී)
1956 යු එන් පි එක අටට බැස්සා. 1977 ශ්‍රී ලංකා අටට බැස්සා. එම නිසා ජය පරාජය වෙනස් විය හැක. (නදී)
අනේ මට කව්රු හරි කියන්නකෝ උපනායක කමේ සහ නියෝජ්‍ය නායක කියන දෙකේ වෙනස (නදී)
කොහොම හරි කමක් නැහැ දැන් ඉතින් ජනතාව ගැන හිතලා වැඩ කරනවා නම් හොඳයි. "අප කන හැටි ලිපා දනී කීවලු" (නදී)
මට කියා ගන්න බැරි සතුටක් පුතේ (දී)
බුදු දහම ට අනුව නම් හැම දෙයක්ම අනිත්‍යයි. එහෙව් එකේ සදාකාලිකව බලයේ ඉන්න පුළුවන් කෙනෙක්වත් එහෙම හිටපු කෙනෙක්වත් නෑ. බන්දුල මත්තයාගේ හතර බීරි කතා ගැන මම කාලෙක ඉඳන් හොඳ අවදානයකින් ඉන්නේ. (දී)
බල සම්පන්න විපක්ෂයකට අඩිතාලම (දී)
සජිත් මහත්තයාට නිරෝගී සුව ලැබෙන්න ඕනේ (දී)
මේකත් අර නායකත්ව මණ්ඩලේ වගේ උප්පර වැට්ටියක් තමයි. බලමුකෝ තව ටික කාලෙකින් සජිත්ට වෙන්නේ මොකද්ද කියලා (නදී)
සජිත්ට ඕනේ කරන්නේ ජනදිපතිව තවත් අවරුදු ගානක් යන තුරු ඔය පුටුවෙම තියන්න. ඔහු ඒ රාජකාරිය නම් හරියටම කරනවා. බලන්න බොරුද කියලා. ටිකිරි බණ්ඩා කියපු දෙයක් වැරදිලත් නැහැ. වරදින්න කියලත් නැහැ. (නදී)
දයාන් මහත්තයෝ..මම කියන්නේ නැහැ මේ ආණ්ඩුව සදාකාලිකයි කියල ..මේක පෙරලෙන දවසක් ඒවි..නමුත් ඒ හෙට නෙමෙයි..සදාකාලිකව බලේ ඉන්න බැහැ වගේම කෘතීමව මවන ජනමතයකින් බලහත්කාරෙන් බලය ලබා ගන්නත් බැහැ..කට්ටිය මේ තීරුවේ මහා මංගල තියරිය දානවා.ඒ තියරි දැන් වලංගු නැහැ..2002 මැතිවරනෙන් ආපු එක්සත් ජාතික පක්ෂ රජය අවුරුදු දෙකෙන් නොවැටුනානම් අද අපි ඔක්කොම 24 පැයම බංකර් ඇතුලේ ඉන්නේ .එහෙනම් අද තියෙන්නේ රටවල් දෙකක් .අද බඩ ගැන විතරක් හිතන කල ගුණ නොදත් බඩජාරින්ට මරණය දෝතට අරන් ගෙදරින් එලියට බැහැපු එහෙම යුග තිබුනද කියලවත් අමතකයි...කාලගුණ දත් ජනතාව තාමත් මේ රටේ බහුතරය ලෙස ඉන්නවා මහත්තයෝ..ඒක මේ මැතිවරනෙන් පෙන්නුවා වගේම ඉදිරි මැතිවරණ වලදීත් පැහැදිලිව ඒ ජනතාව ඔබතුමන්ලට පෙන්නාවි.. (දී)
ඔබතුමාට ලංකාවාසීන්ගේ උපහාරය (දී)
යු එන් පි ය බලයට ආවත් කරන්න දෙයක් ඉතුරුවෙලා නැ .මේ රජය රට සංවර්දනය කරලා ඉවරයි (දී)
බන්දුල මහතාගේ කතාව නම් හරියට හරි (දී)
සජිත් මහත්තයා තමයි මිනිස්සු බලාපොරොත්තු උනේ (දී)
"එක මුතුකම ගජමුතු වලටත් වඩා වටිනවා " යන්න පැරණි කියමනක් තියෙනවා.විශේෂ ලක්ෂණය වන්නේ සජිත් ප්‍රේමදාස මහතා නිතරගයෙන්ම පත්කිරීමයි.යටගියාව අමතක කර පක්ෂය අලුත් වැඩියාවක් කර පක්ෂයහැර ගිය අයවලුත් නැවත ගෙන්වා ගැනීමේ ශක්තියක්ද සජිත් මහතාට ඇති බවයි." ගම හදා රට හදමු " පියාණන්ගේ අභිමතාර්තය කරා එතුමා කරගෙන යන ව්‍යාපාරවලට අපගේ සුභ පැතුම් ! (දී)
තාත්ත වගේ ජෙෂ්ට නායකයෙක් වෙන්න පුතේ (දී)
එක්සත් ජාතික පක්ෂය දැන් නියම පාරේ ඉන්නේ (දී)
දැන් එතකොට එ.ජා.ප.යේ තිබුන අට අනුවක් රෝග, නව අනුවක් ව්‍යාධි,දෙසිය තුනක් අතුරු ආන්තරාවල් ඔක්කොම නිවාරණයිද? දැන් එහෙනම් ආණ්ඩුව පෙරළලා ලංකාව උඩු යටිකුරු කරයිද? (නි)
ලොව ඇති උතුම් පුද්ගලයන්ටත් විරුද්ධවාදීන් සිටියා නම්, මෙම තීරුවේ අදහස් ප්‍රකාශ කරන බන්දුල පෙරේරාට ඇනුම් පද කියන අය නැතැයි කිවුවොත් තමා පුදුමය. මොහුට විරුද්ධව අදහස් ප්‍රකාශ කරනවා විනා ලිපියට අදාලව කරුණු හෝ අදහස් ඔවුන් ප්‍රකාශ කරන්නේ නැත. මගේ අදහස වන්නේ මෙයයි. ඔය කොයි කවුරු බලයට ආවත් පළමුව කරන්නේ තමන් හැදෙන එකයි. අලුතෙන් කෙනෙක් ආවොත් කරන්නේ ඊළඟ මැතිවරණයට හරිහම්බ කර ගැනීමය. (නි)
නියෝජ්‍ය නායක හා උප නායක තුල වචනයේ පරිසමාප්ථ අර්ථය සමානයි. නමුත් ව්‍යවස්ථාව බලය පවරා ඇති ආකාරය අනුව වෙනස්. නියෝජ්‍ය මහලේකම් උපලේකම් මෙම නිල දෙකටම ඉහත න්‍යාය සමානයි (නි)
මෙතැන් ඉන්න කට්ටියක් ක්‍රිකට් කප් එකේ වැඩි ගෞරවය ක්‍රිකට් කණ්ඩායමට දෙන්න හදනවා. එහි වැඩි ගෞරවය හිමි විය යුත්තේ චන්ද්‍රිකා මැතිනියට. ඒ වගේම යුද ජයග්‍රහණයේ වැඩි ගෞරවය හිමිවිය යුත්තේ අපේ ජනාදිපතිතුමට. (නදී)
බන්දුල, මහා මංගල තියරිය, ඒ මොකක්ද ? දිගින් දිගටම ඔය විදිහට බුද්ධාගම වගේ උතුම් දහමක කොටස් ඔබගේ බයිලා ව්‍යාපාරයට බාවිතා කරන්න එපා. (නදී)
අද මිනිස්සු පුදුම සැපක් විදින්නේ. සමහර අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ නැතත් ඉස්පිරිතාලවල අනෙක් සියලු උපකරණ ,බෙහෙත් තියනවා. මේවයේ වියදම් පාලනය කරන්නේ වෙන වියදම් වැඩි නිසානේ. රටේ මිනිස්සු සේරම කන්නේ තරු පහේ හෝටල් වලින්. (නදී)
ඔන්න දැන් නම් නියමයි. යු.එන.පි එක හරි පාරට වැටිලා. චන්දෙ දෙන එකත් නවත්තල තිබුනේ දෙන්න පක්ෂයක් නැතුව. අයෙට් චන්දෙ දෙන්න පටන් ගන්නවා යු.එන.පි එකටම. (දී)
බන්දුලත් මේ පින්තුර දැකල හොදටම කලබල වෙලා වගේ. මැතිවරණ ප්‍රතිපල දැකල මානසිකවත් කඩාවැටිලා වගේ. බන්දුලගේ වචනවලින්නම් තේරෙන්නේ පරාජය අතලග වගේ. (දී)
අශාන්,බොරු නොකියා ඉන්න. ලංකාවේ විදුලියෙන් වැඩි ප්‍රමාණයක් නිපදවන්නේ තාප බලාගාර වලින්. (නි)
බන්දුල මහතාට මල් මිටක්.... මහින්ද මහත්තය දිනන්නේ සටනක් නැතිව (දී)
සජිත් මහත්තයට මාර ප්‍රසිදියක්නේ ලැබුනේ (දී)
මෙයාව රාජ්‍ය නායකයෙක් හැටියට පිළිගන්න පුලුවන්ද? (දී)
"ආපු එක්සත් ජාතික පක්ෂ රජය අවුරුදු දෙකෙන් නොවැටුනානම් අද අපි ඔක්කොම 24 පැයම බංකර් ඇතුලේ ඉන්නේ" හලෝ දැනුත් ඉන්නේ බංකර් ඇතුලේ එදා හිටියේ පරබාකරන්ට බයේ දැන් ඉන්නේ ආණ්ඩුවේ හෙන්චියන්ට බයේ. කිඹුලා කනවා ඉවසන්න පුළුවන් කොහිල කටු ඇනෙන එක ඉවසන්න බැහැ. පගාව නොදී මොන වැඩේද හලෝ කරගන්න පුළුවන් සාමාන්‍ය මිනිහෙකුට රටේ නීතිය කෙරෙනවද. සෙරප්පු දා ගෙන ගිය හෙන්චියලනම් ඉන්ටෙර් කූලර් වල යනවා. (දී)
"සජිත් මහත්තයාට නිරෝගී සුව ලැබෙන්න ඕනේ" එක හරි නමුත් මේ රටේ නායකයා වෙන්න ඕනේ නැහැ. (දී)
"අනේ මට කව්රු හරි කියන්නකෝ උපනායක කමේ සහ නියෝජ්‍ය නායක කියන දෙකේ වෙනස" මමත් හෙව්වේ ඕක උත්තරයක්. (දී)
බන්දුල ඔය තරම් කඩේ යන්න එපා (දී)
සජිත් මහත්තයට තියන එකම සුදුකම,ඔහුගේ වාසගමයි. ඒ කියන්නේ ප්‍රේමදාස නමයි. (දී)
තනතුර ගැන නොහිතන්න තමන්ගෙන් වෙන්න ඕන දේ ගැන පමනක් හිතන්න (දී)
ඔබ තුමාට ඔබේ දක්ෂකම පෙන්නන්න හොඳ අවස්තආක් (දී)
මෙතන උප නායක, නියෝජ්‍ය නායක දෙකක් තිබීම ප්‍රශ්නයක් කර ගත්තු අයට අමතකද 2001 යූ එන් පී දිනුවෙ කොහොමද කියල? කරූයි අතුකෝරළයි නියෝජ්‍ය නායක සහ උප නායක වෙලා හිටිය කියල මතක නැත්තෙ ඔයාල එදා ඉදන් වමේ නිසා නේද? (දී)
සුබ අනාගතයක් වේවා සජිත් (දී)
ඔබට පියාගේ ආශිර්වාදය තියෙනවා (දී)
හසන්ති -දක්ෂකම පෙන්නන්න හොඳ අවස්තාවක්. තීරණාත්මක අවසන් චන්ද රැස්වීම් කියක් මග හැරිය කෙනෙක්ද. (දී)
සජිත් මහත්තයාට පැහැදිලි අනාගතයක් තියෙනවා (දී)
කුමාරගේ කතාව මම පිලි ගන්නවා (දී)
තවම ඇමති ධුරයක් දරල නැති කෙනෙක් රටේ නායකයෙක් කරන්න හදන මිනිස්සු. රටට දෙවියන්ගේම පිහිටයි. ජනප්‍රියත්වය තිබුනට රට පාලනය කරන්න බෑ. තාත්ත ජනපති කෙනෙක් උනත් ඒක එහෙමමයි. අත්දැකීම් තියෙන්න ඕන. (දී)
නියෝජ්‍ය නායක, උප නායක කියන දෙකේ වෙනස තීරණය වෙන්නේ එම තනතුරුවලට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් පැවරෙන වගකීම් සහ රාජකාරි අනුවයි. මෙතන, තනතුරු නාමය නෙමෙයි වඩා වැදගත්. සාමුහිකව එම තනතුරුලාභීන්ට පක්ෂයේ දියුණුව තකා කටයුතු කල හැකිද යන්නයි. බණ්ඩාරනායක මැතිනියටයි, කුමාරතුංග මැතිනියටයි තිබුණු සුදුසුකම් වලට වඩා සුදුසුකම් සජිත් මහතාට ඇත. කොටින්ම කියතොත් ලොව පිළිගත් විශ්ව විද්‍යාලයකින් ආර්ථික සහ දේශපාලන විද්‍යාව පිළිබඳව ලබා ගත් අධ්‍යාපන සුදුසුකමක් ඇත. විශේෂ වරප්‍රසාද සහිතව හොරෙන් ලබා ගත් පෙරකදෝරු සහතිකනම් නැත. (දී)
කවුරු බලයට ආවත්, රටේ තිබෙන ජාතික ප්‍රශ්නයට එක්සත් ජාතික පක්ෂයේ පිළිතුර කුමක්ද?13 වන ව්‍යවස්ථාව සම්පුර්ණ ක්‍රියාත්මක කරනවද?උතුරට ඉඩම් හා පොලිස් බලතල දෙනවද?හමුදා කදවුරු ඉවත් කරනවද?එසේ නොවේ යයි රටට සහතිකයක් දිය හැකිද ??? (දී)
ජය වේවා එක්සත් ජාතික පක්ෂයට.(දී)
ආණ්ඩු පක්ෂේ ඌව රැක ගත්තේ බදුල්ලෙන් අසන 03 ක අඩු කරලා , මොනරාගලට ආසන 3 ක වැඩි කරපු නිසයි. ආණ්ඩුව දැනගෙන හිටිය බදුල්ලෙන් ගොඩ වෙන්න බැරි බව, බදුල්ලේ චන්ද සංඛ්‍යාව අනුව ආසන තිබුන ප්‍රමාණය තියෙන්න ඇරිය නම් එම ආසන තුනෙන් 2 ක බලය විපක්ෂෙට යනවා. එහෙම උනානම් ප්‍රසාද ආසන හම්බවෙන්නේ විපක්ෂෙට. ස්ථිර වශයෙන්ම ආණ්ඩුව පරදිනවා. ඒගොල්ලන් දන්නා සෙල්ලම් ඔක්කොම දාලයි මෙහෙමවත් බේරා ගත්තේ. ඌවෙ ප්‍රතිපලය විතරක් නොවෙයි , රටේ ජනතාවගේජන මතය ගැන විමසා බලන විට ඔය මොන කතා කිව්වත් ලබන සැරේ මහා මැතිවරනෙන් ආණ්ඩුව ගෙදර යන එක නම් ස්ථිරයි. (දී)
සජිත් මහත්තයා තව ටික දවසකින් වැඩ පෙන්නයි (දී)
සජිත් , වැඩට දක්ෂ , අවංක පුද්ගලයෙක්. නමුත් කතා කිරීමේදී කෙටියෙන් අවසාන කරන්න. එකම දේ පුන පුනා කීමෙන් වලකින්න. ඔබට ජය! (දී)
ගුණවර්ධන- සජිත් මහත්තයා තව ටික දවසකින් වැඩ පෙන්නයි..... (දී)
කුමාර,චන්ද්‍රිකා අගමැති වුනෙත් ජනාධිපති වුනෙත් අත්දැකීම් තිබිලද? මට කව්රු හරි ඇමති ජෙෂ්ට ඇමති අතර වෙනස කියලා දුන්නොත් මම කියලා දෙන්නම් නියෝජ්‍ය නායක උප නායක කියන එකේ තේරුම ... මම මේ ප්‍රශ්නය බන්දුලගෙනුත් ඇහුවා එත් උත්තරයක් නම් ලැබුනේ නෑ, (දී)
බමුණු ඉන්නේ බංකරයක් ඇතුළෙද? අනේ අපොයි.. බංකර් ඇතුලේ දැන් හමුදාවවත් ඉන්නේ නැති කොට ඔබ තුමා මොකට ඕකක් හදා ගත්තද? ඕකෙන් එලියට බැහැල බලන්නකෝ රටේ මිනිස්සු කවුද බංකර් අස්සේ ඉන්නේ කියල..බමුනුනම් අර බුදුන් කාලේ හිටපු ජාතියේ එලොවටත් නැති මෙලොවටත් නැති බමුනෙක්ම තමයි.ඩුප්ලිකේට් බන්දුල පොඩි ඇත්තක් කියල තියෙනවා.. (දී)
අවරුදු ගානක් තිස්සේ සන්දානෙට ජන්දය දුන්නා විශේෂයෙන්ම යුද්දය අවසන් කිරීමට ප්‍රණාමය දැක්වීමක් වශයෙන්. එත් දැන් කිසිම වැඩක් කර ගන්න බැහැ පගාව දෙන්නේ නැතුව. ජනතා විමුක්ති පෙරමුණේ නායකයාගේ ප්‍රශ්නවලට ඇමතිවරු හිරවෙන හැටි දැක්කහම තේරුම් ගන්න පුළුවන් අතයටින් සිදුවෙන මගඩි ගැන ඒවගේම බඩු මිල දරාගන්න බැරි විදිහට දිනෙන් දින ඉහල දමනවා. මැතිවරණ කාලෙට විතරක් පොඩ්ඩක් අඩු කරනවා. මේ පාර අකමැත්තෙන් උනත් එජාපයට ජන්දය දීමට සිද්දවෙනවා, මොකද වෙන විකල්පයක් නැති නිසා. (දී)
ඔබට ජයෙන් ජයම වේවා ,,, රටට සෞභාග්‍ය ගෙන ඒමට සියලු ශක්තිය දිරිය ලැබේවා .. (දී)
කිසියම් ගායකයෙකුගේ ඇවෑමෙන් ඔහුගේ පුතාට හෝ දුවට ගායන හැකියාවක් ඇතත් නැතත් ඒවා ගායනා කරනවා.රසයක් ඇතත් නැතත් අපට ඒවා ඇසෙනවා......නමුත් කවදා හෝ විධායක බලය සහිත රටක පාලනය පිලිබඳ යතුර නම් පිරිනැමිය යුතු වන්නේ උගත් බුද්ධිමත් පරිපාලනය පිලිබඳ ප්‍රයෝගික අත්දැකීම් ඇති අයෙකුටය. (දී)
සජිත් ප්‍රේමදාස මහතා හැදුනේ වැඩුනේ දේශපාලන පසුබිමක් මත. ඔහු ඉතා කුඩා කාලයේ සිටම සිරිකොත හරහා දේශපාලන කටයුතු වලට සම්බන්ද උනා. ඔහු දේශපාන හැලහැප්පීම්, තර්ක විතර්ක ඉතා ලගින් දුටුවා. ඔහු මුළු ජීවිත කාලයම ගෙවුයේ දේශපාලන වටපිටාවක් මත. වසර ගණනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් වශයෙන් අත්දැකීම් ලබා ගත්තා. ඔහු පොඩි මට්ටමේ සිට ඉහලට යනතුරු සියලු ආකාරයේ තනතුරු දරමින් දේශපාලකයෙක් වශයෙන් ඔහුගේ පියාගේම වචනයෙන් කියනවානම් තෙම්පරාදු උනා. විදායක බලය වගේ දැවැන්ත බලයකට ලංකාවේ සිටින ඉහලම සුදුස්සන් දෙදෙනා සජිත් ප්‍රේමදාස මහතා සහ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනා පමණයි (දී)
"හලෝ දැනුත් ඉන්නේ බංකර් ඇතුලේ එදා හිටියේ ප්‍රභාකරන්ට බයේ දැන් ඉන්නේ ආණ්ඩුවේ හෙන්චියන්ට බයේ. කිඹුලා කනවා ඉවසන්න පුළුවන් කොහිල කටු ඇනෙන එක ඉවසන්න බැහැ"-බමුණු...ලංකාවට යන්න කියල ගුවන් පත ගන්නකොට පපුව ගැහෙනවා.කොයි වෙලේ, කාගෙන්,කුමන ආකාරයට කන්න වේවිද කියල. (දී)
බමුණු.මහා මැතිවරණයේදී "අලියා" ලකුණම ඕනේ කියපු අය අද වෙනකොට කොහෙද ඉන්නේ.අන්තිමට කර ගන්ත්තේ විපක්ෂයට ලැබෙන ඡන්ද අඩු කර ගත්තු/මංත්‍රී දුර අඩු කර ගත්තු එක පමණයි. (අ)
බුද්ධික ඔබ හරියට හරි. සජිත් කියන්නේ දේශපාලනික වශයෙන් නියමටම තෙම්පරාදු වෙලා ඉන්න දේශපාලකයෙක්. එහෙම අත්දැකීම් බහුල දේශපාලන වටපිටාවක් මත හැදුනු, දක්ෂ ,දුප්පතාගේ ජන හද හඳුනන නායකයෙක් අද රටට අවශ්‍යයි.(අ)
බන්දුල පෙරේරාගේ කැමතිම ගීතය "මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න.......... "(අ)
ලංකාවේ මහා එකාගේ ඉදලම පොඩි එක දක්වා බලන්නේ අනිකාව සුරගෙන මරාගෙන කන්න.ප්‍රේමදාස ආවයි කියල වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ.(අ)
සජිත්ට පක්ෂයෙන් මොනවා හරි අසාධාරනයක් වුණ ගමන් හේමා ප්‍රේමදාස දුවන්නේ කොහෙටද කියල හොයල බලන්න.මගේ අදහස් සියල්ලේම පිළිතුරු එතන තියෙනවා.(අ)
රටේ ජනාධිපතිකමට හෝ අගමැතිකමට සජිත් සහ රනිල් ඉතා සුදුසු බව පිළිගන්නවා. හැබැයි එකම සුදුස්සන් මේ දෙන්න විතරක් නෙමෙයි. (අ)
යූ. එන්. පී. ජයවේවා! සජිත් දාමු ජනාධිපති වරණයටත්........(අ)
බන්දුල මහත්තයෝ ,කිසිම දේශපාලන දැනීමක් නැති, හිස් මිනිස්සු ලියන තේරුමක් නැති දේ වලට අදහස් දමන්න එපා .අපි දෙමු ඒ අයට කොරහේ කිඹුල්ලු දකින්න .(අ)
බන්දුල මහත්තය අහල තිබුන නියෝජ්‍ය නායකයි උපනායකයි කියල දෙකක් තියෙන්නේ මොකද කියල මට කියන්න තියෙන්නේ එකත් සීනි ඇමති සහ පොල් ඇමති වගේ කියල. අනේ පවු ලංකාවේ අහිංසක ඡන්ද දායකයෝ(අ)
බන්දුල මහතාණෙනි ඔය අතීතය අමතක ටික දෙනෙක් කට කියෙව්වට ගණන් ගන්න එපා . ඔය ටික දෙනකුට අමතක උනාට යූ. එන්.පී.ආණ්ඩුව කාලේ අපේ රටේ ජනගහනයෙන් 99% දවසේ පැය 24 ම ගත කාලේ මරණ බයෙන් ගෙදරින් එලියට බැහැල ගිය කෙනා නැවත ගෙදර එන තුරු විස්වාසයක් තිබුනේ නැත. එවැනි අතුරුදහන් වූ දහස් ගණනකගෙන් තොර තුරක් අදටත් නැත. බියෙන් තැති ගත් කාල පරිච්චේදයක් . (අ)
බුද්ධික යනුවෙන් ඇති දෙවන අදහස ඉහතින් අදහස් දැක්වූ මගේ නොවේ...ඉතාම කෙටියෙන් පැවසුවොත් රට පාලනය පිලිබඳ යතුර දීමට තෝරාගත යුතු වන්නේ 'රියලිටි ෂෝ'ක්‍රමයට නොවේ. (අ)
සජිත්ගේ පත්වීම ගැනනම් මට කියන්න දෙයක් නැහැ . ඒක හොඳද නරකද කියල ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙයි. . තමුන්ගේ පක්ෂයට ආදරෙයි නම් රටේ ජනතාවට ආදරෙයි නම් කොන්දේසි විරහිතව ඒ දෙක වෙනුවෙන් වැඩ කරන්න ඕන. රණ්ඩු කිරීමෙන් තර්ජනය කිරීමෙන් තනතුරු ලබාගෙන පලක් තියෙනවද? ඒ වගේම යුද්දේ දිනපු නිසා ඡන්දය දෙන ජනතාවගෙන් ප්‍රශ්නයක් අහන්න කැමතියි: හිතන්න ඔබට දුවෙක් හෝ සහෝදරියක් ඉන්නවා. ඇය ගඟක ගිලෙන්න යනවා. ඔබට අැයව බේරගන්නත් බැහැ. එවිට මනුස්සයෙක් ඇවිත් ඇයව බේරාගන්නවා. පසුව එම මනුස්සයා ඇයව දුෂණය කිරීමට සැරසෙනවා. දැන් ඔබ මොකද කරන්නේ? අනේ කමක් නෑ දුව, එහෙම නැත්නම් සහෝදරිය මැරෙන්න යද්දී බේරාගත්තනේ කියල ඔබ බලන් ඉන්නවද? තවත් දෙයක් කියන්න ඕනේ. දේශපාලකයෝ කියන්නේ අපි වන්දනා මාන කරන්න ඕන කට්ටියක් වත් කළගුණ සලකන්න ඕන කට්ටියක්වත් නෙවෙයි. එක පාරක් කතිරේ ගහල අපි කරන උදව්ව හොදටම ඇති. ඔවුන්ගෙන් රටට ගන්න පුළුවන් වැඩේ ගන්න තරම් අපි බුද්ධිමත් වෙන්න ඕන.(අ)
මරු සජිත් අනිත් අසනවලත් යන්න ඔයාට ජය නියතයි.(අ)
කොහොම උනත් අපිට තියෙන්නේ පැත්තකට වෙලා බලන් ඉන්න විතරයි (දී)
ඔබ අත්දැකීම් සහිත පරිපුර්ණ නායකයෙක් (දී)
සමන් වසන්ත ඔය ටික අපේ අයට තේරෙන්නේ නැති කරුමේ තමයි වෙලා තියෙන්නේ ! (දී)
බන්දුල ගාල කඩාගෙන දුවනවා...රට දියුණු කරන්න ඕනෙනම් ඔය රටේ තිබෙන වැඩවසම් ක්‍රමය අතුගා දමා සමාන අවස්ථා කියන ක්‍රමයට ජනතාව පොලබවලා බලන්න.අපිනම් මේ ක්‍රමය යටතේ රටක් භාදක ප්‍රශ්න නැතිව ඉතාමත් සාර්ථකව දුවන ආකාරය නෙත් දෙකින්ම දකිනවා. (දී)
සුභපැතුම් (දී)
ටිකෙන් ටික ඉදිරියට එනවා (දී)
ඔබ ආගමික වශයෙන් ලොකු සේවාවක් ලංකාවට කරනවා (දී)
දැන් ඇති (දී)
සජිත් මහත්තයට තනතුර දීපු එක හොදයි.....එ්කෙන් එම පක්ෂයේ කුලල් කා ගැනීම් ,අඩුපාඩු හදාගෙන හොඳ විපක්ෂයක් හදාගන්න පුළුවන් ...ඊටත් ....පස්සේ පුළුවනි....කාගෙන්වත් කැපිලි නාවොත් .....හොඳ ගමනක් යන්න (අ)
සජිත් මහත්තයා රටට අවශ්‍යයි (දී)
අපි අනාගතයට අවස්තාවක් දීලා බලා ඉදිමු (දී)
අපිට සන්තෝසයි (දී)
එජාපයට සුභපතනවා (දී)
සන්දානය තුල ප්‍රබලයින් ගොඩක් කලකිරීමෙන් ඉන්නේ පවුල් වාදය නිසා. මේ පිරිසත් එකතු කරගෙන නැවුම් වුත් සමගියෙන් එකමුතුවුත් එජාපයට අති විශිෂට ජයක් ලැබෙනවා නියතයි. (නදී)
අවුරුදු 17 ක් රට පාලනය කලහැටි අපි හොඳට දන්නවා. (ස)
"ඔබ ආගමික වශයෙන් ලොකු සේවාවක් ලංකාවට කරනවා" අර 50000 දෙන එකද? "අපි අනාගතයට අවස්තාවක් දීලා බලා ඉදිමු"අයිත් බින්දුවට වැටෙන්නද? අඩු ගානෙ ඇමතිකමක් හෝ කරලා තිබෙනවද එයාම ඒගැන හිතන්න ඕනේ නියෝජ්‍ය නායක වෙන්න කලින්. (දී)
නියෝජ්‍ය නායකයි උපනායකයි කියල දෙකක් තියෙන්නේ මොකද.. (දී)
බමුණු යන නමින් අදහස් දැමූ කෙනා නම් සජිත්ගේ පත්වීමෙන් හොඳටම බයවූ කෙනෙක් වගේ. (නි)
නව නායකත්වය කටයුතු කරන ආකාරය අපි බලමු (දී)
"බමුණු යන නමින් අදහස් දැමූ කෙනා නම් සජිත්ගේ පත්වීමෙන් හොඳටම බයවූ කෙනෙක් වගේ." හරියට හරි. දේශපාලනය කරන්න කටට වැඩිය දැනුම තිබෙන්න ඕනෑ. (නි)
ජයවේවා (දී)
සුභපැතුම් (දී)