ප්‍රංශයේ හිටපු තානාපතිනියක වන තමරා ගුණනායගම් මහත්මිය එක්තරා රූපවාහිනී වැඩසටහනකදී තමා සම්බන්ධයෙන් සිදුකළැයි කියන ප්‍රකාශයක් පිළිබඳව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දැක්වීය. ක්‍රිස් නෝනිස් මහතාට පහරදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නද ඔහු එහිදී මග හැරියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් ඔහු ගැන පැහැදීමක් ඇත්තෙම නැහැ (නි)
ක්‍රිස් නෝනිස් වගේ උගත් කෙනුකුට පාරක් ගහන්න අත උස්සන්න පුළුවන් කාටද? මේ වගේ අයට තවත් ඉන්න ඉඩදීලා බලා ඉන්න ආණ්ඩුවේ ගැත්තන්ට හොඳ පාඩමක් උගන්නන්න ඕනේ. (නදී)
කොහෙද යන්නේ මල්ලේ පොල් කිව්වලු. බලන්නකෝ එතුමගේ පිවිතුරු කතාව (නදී)
දෙමල සංවිදානය කියන්නනේ එල්.ටී.ටී එක නෙමේ. දෙමළ සංවිදානය කියන්නේ මේ රටේ ලියාපදිංචි දේශපාලන පක්ෂයක් කියල දන්නෙවත් නැති බව තමයි අපිට නම් තේරෙන්නේ (නදී)
විදේශ සේවය සඳහා දැන උගත් පුද්ගලයින් පත් කළ යුතුය. මෙවැන්නන් විදේශ සේවය ගැන මොනවද දන්නේ? (නදී)
බන්දුල පෙරේරා, මේකද ඔයාගේ උත්තරය? එතකොට ක්‍රිස් නෝනිස් තානාපතිතුමාට පහරදීම ගැන මොකුත්ම නොකියා ඉන්න එපා. ඒ ගැන කතාකරන්න. ලැජ්ජා වෙන්න එපා. (නි)
ලොකු කකුලුවෝ කෙළින් ගියොත් තමයි පොඩි කකුලුවෝ කෙළින් යන්නේ (නි)
එහෙම ලේසියෙන් මඟහරින්න දෙන්න පුලුවන්ද? (නි)
මේ රටේ මිනිස්සු නම් පුදුමාකාරයි! (නි)
මොනවද මේ කියන්නේ? මේකේ වගකීම දැන් කාටද පවරන්නේ? (නි)
මෙවන් පුද්ගලයින් ගැන තීරණයක් ගතහැක්කේ මහජනතාවටමයි (නි)
මෙවැනි දේශපාලකයින් අප අතර කොපමණ සිටීද? (නි)
මම නම් කියන්නේ සජින් ද වාස් ගුණවර්ධන මහතා හරියටම හරි. (නි)
යුරෝපා සංගමය කොටි සංවිධානයේ තහනම ඉවත් කිරීමටත් ,කොටි සංවිධානය නැවත හිස එසවීමටත් වගකිවයුත්තේ, ජනතාවද? විරුද්ධ පක්ෂයද? බලයේ පවතින රජයද? ක්‍රිස් නෝනිස් මහතාගේ සිද්ධිය ජනතාවට දැකගන්න නොලැබුනත්, ගරු ඇමතිවරු දෙදෙනෙකුගේ බලපුළුවන්කාරකම රූපවාහිනී නාලිකාවක් ඔස්සේ මුලු රටටම දැකගන්න ලැබුනා. ඒ අනුව බොහෝ දේවල් ජනතාවට හොඳහැටි තේරුම්ගත හැකිය. (නි)
මෙතෙක් ඔය කියන ලිපිගොනු අවධානයට ලැබුනේ නැත්නම්, ඔය යටගසා ඇති ලිපිගොනු අරගෙන වැඩ කරන්න දැන්වත් පටගත්තොත් ඔය ලිපිගොනු ලැබෙයි කියලයි මම නම් කියන්නේ (නි)
නියම කතාව මහත්තයෝ (නි)
දැන් ඊළඟට ගුටි කන්නේ ලංකා තිලක් උන්නැහේ. රස්සාවක් කරගන්න කියල පිටරට ගිය මිනිස්සු ටික අවුස්සගෙන වැඩ වැරැද්ද ගත්ත නේ. නිවාඩුවට ගොඩ බහින හැම මනුස්සයාම වස්ත්‍ර අතේ අරන් ප්ලේන් එකෙන් බහිනකොට දුවන්න තැන් හොයා ගන්න තිලක්. (නදී)
බන්දුල මොකද නිකන් වටින් පිටින් රබන් ගහල මග අරින්නේ. දැන් මේ කෙනෙකුට පත බෑවා කියන චෝදනාව ගැන ඔබ මොකද කියන්නේ ? (නදී)
මේවා සුදුස්සාට සුදුසු තැන නොලැබීම නිසා ඇති වෙන කලබගෑනි තමයි. (නදී)
මොකද බන්දුල පෙරේරා ලිස්සල යන්නේ ? කෝ අර වෙනින් පුවත් වලට ලියන පිටුව පිරෙන පල් හෑලි ? (නදී)
මිහින් ලංකාවට කෝටි, ප්‍රකෝටි ගණනින් පාඩු සිදු වීමට මග පෑදුවේ කවුද? (නදී)
බලන් ගියාම කොටිත් එක්ක ගනුදෙනු කරලා නැත්තේ අපි විතරනේ? (නදී)
මේවා වාගේ පුවත් මාධ්‍යයෙන් හෙළි කරන කොට බන්දුල ඉන්නේ කිරි මැටි ගිලපු කිඹුලා වගේ. නිශ්ශබ්ධව ඉන්න ඕන කොතනද කියල එයාට ගානට උපදෙස් ලැබිල ඇති. (නදී)
ඕනෙම අයෙකු කතිරයේ පිහිටෙන් බලය ගත් පසු එවැන්නන්ට කල නොහැක්කක් නොමැත (නදී)
ලංකා තිලක් උන්නැහේ දැන් පුළුවන් නම් මේකටත් අල්ලන්න, පිටරට ඉඳන් බඩ රස්සාවක් කරගෙන ඉන්න මිනිස්සුන්ව. මේක ඒගොල්ලන්ගේ කුමන්ත්‍රනයක් කියල කියාවි මාධ්‍යයෙන් මේවා එලි නොකරන්න. (නදී)
අර ගම ගැන නම් කියපුවා සහතික ඇත්ත. ඔය ගම මැදින් යන බස් එකෙත් මිනිස්සු යන්නේ බයෙන් කියලා අපේ නෑදෑයෝ කියනවා. එහේ ඉන්නෙම හයිරන්කාර චන්ඩි ලු. (නදී)
මූනෙන්ම පේනවා අනින්න බලන් ඉන්න කුළු හරකෙක් කියල?මේ වගේ අය එක්ක තමයි ආසියාවේ අස්චර්යයට යන්න පුළුවන් ?සුබ අනාගතයක්!! (ස)
කිසි වැදගම්මක් නැති ප්‍රශ්නයකට විශාල ප්‍රසිද්දියක්.ඕව රාජ්‍ය මට්ටමින් විසඳ ගන්න ඕන .අපට වැඩක් නෑ.වෙන ප්‍රශ්න තිබෙනවා. (ස)
මේ පුවතට මම කිසි අදහසක් දැම්මේ නැහැ..දාන්න තරම් මේක පුවතකුත් නෙමෙයි..කට්ටිය පාටියකදී බිල ගහගෙන.. එච්චරයි මම මේ සිදුවීම ගැන දන්නේ.. බි ගත්තම සමහර වෙලාවට යාලු කම් අමතක වෙලා කුඩු කෙඩු කම් පරණ තරහවල් එලියට එනවා සම හරක්ගේ .. මේක ඕන තරම් අපි සමජයේ අත් විදලා තියෙන දෙයක් මිසක් ගණන් ගත යුතු දෙයක් නෙමෙයි..(අ)
විමල් සහ රාජ්,මේ විහිළු සපයන්නා අම්බලන්ගොඩ කෙනෙක් මිසක් බලපිටියේ කෙනෙක් නොවෙයි .ශාන් විජේලාල් හිටින නිසා බලපිටියට ආවාට බෙන්තර එල්පිටියට ආපු මනාප අරගෙන චන්ඩි කමෙන් මන්ත්‍රී වූණු කෙනෙක්.අම්බලන්ගොඩයි බලපිටියයි කියන්නේ වෙනස් ආසන දෙකක්.(අ)
ඔය කියන ගමේ කෙනෙක් අපේ කැම්පස් එකෙත් හිටියා. සජින්ගෙ චණ්ඩි එක්ක ඇවිත් කැම්පස් ළමයිටත් ගැහුවා. එයා එහෙ ප්‍රාදේශීය සභාපතිගෙ පුතා. ඔන්න අප්පල පුත්තු කරන වැඩ. මහලොකු නගරෙ. (ස)
බන්දුල පෙරේරා කියවී මේක විපක්ෂයේ කුමන්ත්‍රණයක් කියල ..... තරම් මොලේ පොඩ්ඩක් අවුල් එයාගේ. (ස)
මජන මුදලින් නඩත්තු වන මන්ත්‍රීවරු මාධ්‍යට සත්‍ය තොරතුරු හෙළි දරව් කළ යුතුයි. රට වැසියාට තොරතුරු දැනගැනීමේ අයිතියක් ඇත. එම නිසා වගකිවයුතු පුරවැසියෙක් හැටියට සත්‍ය කරුණාකර හෙළි කරන්න. බොරුව කවදත් පරදී. සත්‍ය ජය ගනී. (නදී)
මට මතක නෑ නේ කීවා වගේ තමා. (නදී)
මේවාට ප්‍රතිචාර ලියන්න යන අපියි අන්තිමට මෝඩයෝ වෙන්නේ. (නදී)
අර පැරණි දෙමළ චිත්‍රපටියක දුෂ්ඨයා වගේ (නදී)
මඟ අරින්නෙ නැතිව කොහොමද? පැනලා දීලා තව නාගන්නේ නැතිව ඉන්න කියන්න ඇති, ඡන්දයක් ලඟ එනවානේ. (නදී)
"මේවාට ප්‍රතිචාර ලියන්න යන අපියි අන්තිමට මෝඩයෝ වෙන්නේ." මෙතැනදී තමයි සුළු වශයෙන් හරි බනින්න අවසථාවක් අපට ලැබෙන්නේ. (නදී)
තුට්ටු දෙකේ දේශපලුවෝ නිසා රටට අවශ්‍ය උගත් බුද්දීමත් මිනිසුන් නිහඩ කරනවා (නදී)
මේවා අපේ වැරදි, අපි කාටත් දොස් කියලා වැඩක් නැහැ. මේ රට බේරාගත් සේනාධි නායකයා වෙනුවෙන් එම පක්ෂ නියෝජනය කල ඕනෙම කෙනෙකුට ජන්දය දෙන්න තරම් අපි කාරුණික වුනා. ඒ කෘතගුණ සැලකීමක් හැටියට. නමුත් අපි එක දෙයක් මතකයේ තබා ගත යුතුයි. මේ රට විනාශයට පත්වෙන හැම මොහොතකම ඒ පවුවලින් 50% අපේ ගිණුමට බැර වෙනවා. වැරදි කරන්න කවුරුත් බිය වන්නේ නැහැ. අවාසනාව කියන්නේ නැවතත් මැතිවරණයක් පැවැත්වුවහොත් නැවතත් ඔවුන් බලයට පත්වීමය. අපි හැදෙන්න ඕනේ මේ රට හදන්න කලින්. (නදී)
මේ වගේ දේවල් වලින් රටට සෙතක් වෙන්නතේ නැහැ. වැඩක් කරන මිනිහෙක්ට ආණ්ඩුවේ ඉන්නත් බැහැ. (නදී)
ශ්‍රී ලාල් , එකගයි ! මෙයාලා වචනයේ පරි සමාප්තියෙන්ම "දේශ- පාලුවෝ" (නදී)
එංගලන්තයේ අය නම් දෙකට බෙදිලලු. මහා කොමසාරින් තුමාගේ කොක්ටේල් පාටි වලට ආරාධනා ලැබුන අය එතුමාගේ ගුණ කියනවලු. ආරාධනා බලාපොරෝතුවෙන් සිට නොලැබුන නිසා හිත රිදී ඇති අය දොස් කියනවලු. පත්තර වලටත් ලියල තියෙනවා එහෙම කියල. මේක තමයි මේ කතාවේ යතාර්ථය. (නදී)
දැන් ඉතින් ලංකා තිලක් මහදැන මුත්තා කියාවි මේකත් පිටරට ඉන්න ලාංකිකයන් නිසා සිද්ධ වෙච්ච අලකලංචියක් කියලා. ලංකාවේ කාට හරි අසවල් එකක් පිටවුනත් ඒකට පලි දැන් පිටරට ඉන්න මිනිස්සු තමයි. (නදී)
රජයේ කන්තෝරු වලට දේශපාලන පත්වීම් දුන්න වගේ නෙවෙයි රාජ්‍ය තාන්ත්‍රික සේවාවට දේශපාලන පත්වීම් දුන්නම. අතීසාරෙට ගහපු අමුඩේ වගේ තමයි දැන් මේ වෙන දේවල්. (නදී)
සියල්ලෝම නිහඩ කරවූ. අපේ නායකයින්ට ඕන හැටියට රට දුවාවි. මේ රටේ තව අවුරුදු 50ක්ම මේ ආණ්ඩුව තමයි. (නදී)
අර කොසොල් රජතුමා දැකපු හීනය සැබෑ වේගෙන වගෙයි එන්නේ. (නදී)
ඔන්න අයිමත් එක්සත් ජාතික පක්ෂයට එල්.ටි.ටි. (කොටි) ලේබලය අලවන්නයි හදන්නේ. ඕවා පරණ රෙකෝඩ්. දැන් ඡන්ද දායකයා බුද්ධිමත්. ඕවට රැවටුණු කාලය ඉවරයි. තම කුනු අනුන්ගේ පිටින් යවන්නද හදන්නේ ? චිනු පාරවල් වල තාර දැම්මට සිංහලයා තාම කොන්ඩේ බැන්දේ නැහැ. (නදී)
දැන් මේවාට මිනිස්සු මෙතන ලියන්නේ මොනවද කියල බලන්න හොට දාගෙන ඉන්න කට්ටියත් ඇති. (නදී)
ලක්ෂ්මන් කදිරගාමර් වැනි අග්‍රගන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයන් ජීවත්ව සිටියා නම් අද මේවා දැකල ඔලුවේ අත ගසා ගනීවි. (නදී)
ඌ මට ගැහුවා, මට ඌ ගැහුවා කියලා කිව්වා නම් හරිනේ. (නදී)
බොරු බයිලා කියෙව්වට වැඩක් නෑ. අපි දන්නවා මේ හැමෝම ගැන. අන්න ගොසිප් වල තිබ්බා (නදී)
මොලේ තරම පේනවා දැක්කම (නදී)
ඊළඟ ඡන්දෙදි මෙයාලව කුණු කූඩෙට නේද? (නදී)
මේ වගේ මන්ත්‍රීලා ලංකාවත් අපකීර්තියට පත් කරනවා. දොස්තර නෝනිස් වැනි පුද්ගයන්ට අත උස්සන්න තරම් මෝඩද? (නදී)
මෙය අපේ ඥාතියෙක් කිව්වේ. ගාල්ල පැත්තේ එක්තරා ගමක් තියනවා. ඒ ගමෙන් කසාදයකටවත් අවට ගම් වලින් සලකන්නේ නැතිලු චණ්ඩින්ට ප්‍රසිද්ධ නිසා. (නදී)
බොරුව එපා. රට නැවුම් මාවතකට හරවන්න සුදුසුම කාලය ඇවිත්. අපේ රටේ මිනිස්සුනේ තව තව මේවා බල බලා සුසුම් හලමුද ? නැත්නම් අපි හැරෙමුද ? මේක දැක්කම මට මතක් වෙන්නේ අර පරණ කියමන. " ඇස් ගෙඩි වලට හෙන ගැහිලද සිංහලුනේ " කියලා (නදී)
ශක්තියෙන් සටන් කරන්නේ සත්තු. (නදී)
මට නම් මෙවැනි පුද්ගලයන් අපේ රටේ දේශපාලනයට සම්බන්ද වී සිටීම ගැන හරිම කනගාටුයි (නදී)
රාජ් ඔබතුමා හරියටම හරි. ඒ ගමේ නම බල්ලන්ගේ පොර පිටියක් වගේ තමා. ඒක නම් ඇත්තම කථාවක්. ඒ ගමේ මේ දවස්වල පෝසටර් වගයකුත් අලවලලු (නදී)
මහජන නියෝජිතයින් හැටියට සෑම ප්‍රශ්නයකදී අත උස්සන්නට පෙර ඉවසන්න වග බලා ගන්න ඕනි. මෙවැනි ක්‍රියා වලින් කළු පැල්ලලම එන්නේ ජනාධිපති තුමාටයි ආණ්ඩුවටයි තමයි. (නදී)
රට නියෝජනය කරන තනතුරු වලට උගත්කම සහ පවුල් පසුබිම බලන්න ඕන කියල ඇතැමුන් කියන්නේ කට කහනවට නෙමෙයි කියල දැන් තමයි තේරෙන්නේ. (නදී)
මොහු ‘‘අවධානය " කියල කියන්න ඕන තැනදී කියන්නේ අවදානම කියලා. එම වචන දෙක කොතරම් පරස්පර තේරුම් දෙකක්ද. (නදී)
කට්ටිය මෙහෙ ගුස්ති අල්ලනකොට කොටි අන්න අරෙහෙ යුරෝපයේ ආයෙත් වැඩ පටන් අරන්. ඊළඟට බෙරිහන් දෙන්න විපක්ෂයේ කට්ටිය නිසා තමයි ඒකත් වුනේ කියලා. (නදී)