මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර පහට ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනෙකු පත් කරන්නැයි පාක්ෂිකයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබෙන බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.
මෙවර ජාතික ලැයිස්තුවේ ස්ථාන දෙකක් පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරට සහ පක්ෂ සභාපති ඉමිතියාස් බාකීර් මාකර්ට වෙන්වී ඇති බව මැතිවරණයට පෙරම කතාබහ ඇති විය.
මෙම ස්ථාන දෙකෙන් පසු ඩලස් අලහප්පෙරුම, ජී.එල්. පීරිස්, සුදර්ශනී ප්‍රනාන්දු ඇතුළු පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරු ද සජබ ජාතික ලැයිස්තුවේ සිටිති.
කෙසේ වුවද මෙවර පාර්ලිමේන්තුවේ ඇති සංයුතිය අනුව මේ තිදෙනාගෙන් වැඩි බර ඩලස් අලහප්පෙරුම වෙතට යොමුවී ඇති බව පැවසෙයි.
එසේම ඉතිරි මන්ත්‍රී ධුර දෙක සදහා උපුල් ජයසූරිය, රවි ජයවර්ධන, මහිම මෙන්ඩිස් වැනි අය වෙත අවධානය යොමු කළ යුතුව ඇතැයි වැඩි දෙනාගේ අදහස වී තිබේ. එසේම මෙවර කොළඹ දිස්ත්‍රික්කයේ 5 වැන්නා වූ එරාන් වික්‍රමරත්න ද පාර්ලිමේන්තුවේ සිටිය යුතුම චෝදනා රහිත පුද්ගලයෙකු බව ඔවුන්ගේ අදහස වී තිබේ.
මේ අතර සජබ නියෝජනය කරමින් ජාතික ලැයිස්තු ධුර සදහා නම් කරන්නේ කවුද යන්න පිළිබදව සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාකච්ඡාවකින් පසුව තීරණය කරන බව සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද (17දා) පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.
පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ස්ථානමාරු ලබාදීම සදහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් කොමිෂන් සභාවට යවා
ඉදිරියේදී කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශවල කාර්යභාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බව අමා
ජාත්‍යන්තර පොලිසියේ අස්ථාන ගත වූ ලේඛනයෙහි සදහන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන , ශ්‍රී ලංකාව හරහා කැනඩාවට පළා යාමට තැත් කළ ඉන්දීය ජාතික තරුණියක ඇතුළු ත
ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවර සදබි වෙන්දේසි නිවහනේ පසුගිය 20 වැනිදා පැවැති වෙන්දේසියේදී කෙසෙල් ගෙඩියක් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝට
යුක්රේනයට ලබා දෙන සහාය අවතක්සේරුවට ලක් කිරීම සඳහා බ්‍රිතාන්‍ය සහ නේටෝ සාමාජිකයන් ඉලක්ක කරමින් සයිබර් ප්‍රහාර මාලාවක් දියත් කිරීමට රුසියාව සූදානම් ව
අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්වයන් හේතුවෙන් උතුරු පලාතේ පවුල් 4162 කට අයත් පුද්ගලයින් 15,470 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති බවටත් නිවස රැසකටද හානි සිදුව ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සජබ ජාතික ලැයිස්තුවෙන් පිරිසුදු අය දෙන්න
බකල ජයා Sunday, 17 November 2024 03:39 PM
කරුණාකරලා හේමා, දුලාංජලී හා ජලනි යන මැතිතුමියන්ව යෝජනා කිරීමට සලකා බලන්න...!
Manjula jayasekara Tuesday, 19 November 2024 08:35 AM
ඒක එක ජාතීන්ට ගැති නොවී සන්ධාන නැතිව සෑම ජනවර්ගයක්ම නියෝජනය වන විදිහට පක්ෂය සංවිධානය වීම සහ අවංකව රට වෙනුවෙන් ඉදිරිපත් වන නායකත්වයයි වැදගත්. ලොකුම සංධාන හැදුනට ඒවගේ හිටියේ රට විනාශයට ඇදලා දැමීමට නායකත්වය දුන් පක්ෂ නියෝජිතයන්. නිවැරදි උපදේශකයන් නිවැරදි උපදෙස් දුන්නා නම් අද රටේ පාලනය භාරගන්නේ කවුද?. මැති ඇමතිවරුන් ලග ඉන්න ලේකම්ලා සහ උපදේශකයනුත් ඒහා සමානයි. උදා.- කෑගල්ල වගකීමෙන් කියන්නේ. උපදෙස් ගැනීම සහ උපදෙස් දීමේ
Saththaya Sunday, 17 November 2024 03:59 PM
කොච්චර වැදගත් අය තේරුවත්, පාර්ලිමේන්තුව සුද්ද වෙන්න විපක්ෂ නායකකම යහපත් පුරවැසියෙකු තෝරා පත් කොළොත් පමණයි. එහෙම නැතුව නිධන් හොරු සහ හොර සල්ලි අච්චු ගහපු අය නෙමෙයි. ලැජ්ජාව එතැනයි...
nimal Sunday, 17 November 2024 04:00 PM
ජී එල් පීරිස් දැනටමත් කල් ඉකුත් වී ඇත. සුදර්ශනීට කිසිවක් කළ නොහැක. එරාන් වික්‍රමරත්න පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. ඔහු නිලධාරියෙක් සහ මහත්මයෙක්...
Colombo Citizen Sunday, 17 November 2024 05:16 PM
පුද්ගලයෙකු ලෙස එරාන් ඉතා හොඳයි. නමුත් දේශපාලකයෙක් විදියට මම දන්නේ නැහැ එතුමා රටට කරපු දෙයක්ද කියලා...!
රන්ජන් Monday, 18 November 2024 01:04 AM
මමත් එයට කැමැතියි. එරාන් සිටිය යුතුයි. ඔහුගේ පළපුරුද්ද, හර්ෂ සමග සිටීම අනිවාර්යෙන් වැදගත්. අපේ ලංකාව වෙනුවෙන්...!
wimal Sunday, 17 November 2024 05:21 PM
බෝහෝම හොඳයි... ඔය නම් කරගෙන ඉන්න මුල් පෙලේ ඉන්න අය මහ ලේකම් කියන පඹයාට ඡන්ද දහයක් ගන්න බැහැ. මොවුන් තමයි රට හදන්න එන්නේ, ඔය තුන්වෙනියාට නම දාගෙන ඉන්න පාංකඩය 94 ඉඳලා හොරගොල්ල සහ මැදමුලනේ කක්කුස්සියට වතුර බාල්දිය තියපු එකා අන්ධයා වගේ ඉඳලා, එකපාරටම ප්‍රමෝෂන් එකක් ලැබිලා දක්ෂිණ පාර්සවයේ විචිත්‍ර භානුක වාගීස්වර ධර්ම දේශකවෙලා. පුතාණෝ විසින් අගමැති ඔටුන්න පලඳන්න හදපු දවසේ ඉඳලා අයුක්තිය, අසධාරණය වෙනුවෙන් කලිසම ගලවාගෙන. ලක්ෂ 20 කින් දිනනවයි කියලා විචිත්‍ර ධර්ම දේශණා තියලා දැන් රෙද්දේ නෙවෙයි ඇගේ රෙවිලා තියෙන්නේ. මේ අයට විලිලැජ්ජාව ගෑවිලාවත් තියෙනවා නම් ලැයිස්තු වලින් යනවාද?
shantha Sunday, 17 November 2024 05:54 PM
නිධන් කඩපු, සංස්කෘතික ත්‍රිකෝණයෙන් කෝටි ගාණකට කෙලපු, නංගිත් එක්ක හොරසල්ලි ගහපු කේස් ළඟදීම අදුනාම විපක්ෂ නායක කූඩුවට යනවා. එතැනට ජලනි උත්තමාවිය පත්කරන්නද ලැහැස්තිය?
සුරෛන්Sunday, 17 November 2024 06:57 PM
ඔබ ලියා තිබෙන අදහසෙන් පැහැදිලිව පෙනීයන්නේ ඔබ කිසිවක සත්‍යය දන්නේ නැති බොරු ගොතා ප්‍රචාරය කරමින් සමාජය නොමග යවන පුද්ගලයෙක් ලෙසයි...!
SUJITH KRISHANTHA LIYANAGE Sunday, 17 November 2024 05:55 PM
ඕකෙන් 3ක් යන්නේ අර මුස්ලිම් දෙමල පක්ෂ වලට. ඒවා ඡන්දයට කලින්ම පොරොන්දු වෙච්චි ඒවා...!
Ruvani Sunday, 17 November 2024 05:56 PM
ඔය පක්ෂයේ කවුද පිරිසිදු අය ඉන්නේ? මොකාව දැම්මත් ලිස්ට් එක අන්තිමට අනුමත කරන්නේ අර අනුන්ගේ ගොඩනැගිල්ලක බලෙන් බාබර් සාප්පුවක් දාගෙන ඉන්න ගෑනි...!
පැතුම් ලියනගේ Sunday, 17 November 2024 07:13 PM
හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අනිවාර්යයෙන් ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුරයක් හිමිවිය යුතුයි. ඇය පක්ෂය වෙනුවෙන් වගේම නායකත්වය වෙනුවෙන් පෙනී ඉන්න චරිතයක්... ඒ වගේම කිසිඳු දූෂණ වංචා චෝදනා ඇයට නැත.
සජබ පුතා Sunday, 17 November 2024 07:52 PM
පක්ෂයේ ලේකම් සහ සභාපතිට අමතරව ඩලස්, සුදර්ශනී, මහිම් වඩාත් සුදුසුයි.
M.a.m ilyas. Sunday, 17 November 2024 09:39 PM
කොහොමත් දූෂිත සජියාව ඇතුල් කරන්නම වෙනවා...!
බෙජබේ සට්ටා Monday, 18 November 2024 12:10 AM
රංජිත් කියන කෙනාට පාර්ලිමේන්තුවට යවන්න ඕනි නෑ.. සජිත් පරදින්න හේතුවුණු කෙනෙක් එයා.. සුජීව, සුදර්සනී ප්‍රනාන්දු පුල්ලේ,... වගේ හොඳ උගත් අය යවන්න. එසේම හර්ෂට නායකත්වය දෙන්න. සජිත් කියන්නේ මෝඩයෙක්. දේශපාලනය කරන්න තේරෙන්නේ නෑ.. පියා දක්ෂයෙක් වුණාට පුතාට එහෙම වෙන්න බෑ කියලා මොන්ඩිසෝරි ළමයාගේ ඉඳන් දන්නවා. මේක හොඳයි රූකඩ නටවන්න. ගන්න.
ගමේ එකාලා Monday, 18 November 2024 03:45 AM
දුශිතයන් නොවන පස් දෙනෙකු තෝරා ගැනීම තමා හොන්ද. .එහෙට මෙහෙට පැන පැන ඇමැතිකම් ගත්තු වයසක ජී.එල්.පීරිස් නම් වැඩක් නැහැ .