(රෝෂන් තුෂාර)
පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ රථයට වෙඩිතැබීමේ සිද්ධියට සැකකරුවකු සිටින සංජීව මහානාම නමැති හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා මත්ද්‍රව්‍ය ජාවාරමට සහාය දක්වමින් අයථා අන්දමින්,මහා පරිමාණයෙන් දේපළ හා මුදල් උපයීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අනුරාධපුරය ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා ඉදිරියේ කරුණු දක්වමින් සඳහන් කළේය .
මහානාම මහතා මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් අයතා අන්දමින් මුදල් ඉපැයීමට සම්බන්ධ වූ බවත්,එම ඉපැයීම් වලින් ලබාගත් දේපල වෙනත් පුද්ගලීන්ගේ නමින් රැස්කර ඇති බවත් සදහන් කරමින් මත්ද්‍රව්‍ය ජවාරම්කාරයින් දෙදෙනෙකු අනුරාධපුරය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට කළ පැමිණිල්ලක් අනුව ව්මර්ශන ආරම්භ කළ බව රහස් පොලිසිය කරුණු දක්වමින් පැවසීය.
මහානාම සැකකරු ට එරෙහිව මුදල් විශුද්ධිකර්ණය වැලැක්වීමේ පනත යටතේ විමර්ශන ආරම්භ කළ බව ත් , මහානාම සැකකරුගේ සහායෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කලේ යැයි කියන අනුරාධපුරයේ හෙරොයින් සහ අයිස් ජාවාරමට ප්‍රසිද්ධ ධර්ම ශ්‍රී පුෂ්ප කුමාර,ලංකා උමා පතිරණ නොහොත් කුඩු මැණිකේ නැමැති පුද්ගලයින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බවත්,සඳහන් කළ රහස් පොලිසිය පැමිණිලිකාර සැකකරුවන්ගේ හා මහානාම සැකකරුගේ පෙර වැරදි සම්බන්ධයෙන් රහස් පොලිසිය, අල්ලස් කොමිසම, වංචාව විමර්ශන ඒකකය,සුරා බදු ඒකකය,රේගුව ,මත්ද්‍රව්‍ය විමර්ශන කාර්යාංශයේ ,අපරාධ කොට්ඨාසය ඇතුළු රජයේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන එකොළහකින් වාර්තා කැඳවා ඇති බවද කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට ඉඩ සලසා ඇති බවත්,එමගින් උපයන මුදල් දින පතා "ඊසි කෑෂ්" ක්‍රමයට ලබාගෙන වෙනත් පුද්ගලයන්ගේ නමින් රැස් කර ඇති බවත් පැමිණිල්කාර ජාවාරම්කරුවන් සඳහන් කර ඇති බවද කරුණු ඉදිරිපත් කළේය.
කරුණු සලසා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ
ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හෙරොයින් කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් රැගෙන එමින් සිටියදී මට්ටක්කුලිය මුහුදු තීරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සංජීව මහානාම ගැන පුළුල් විමර්ශනයක්
පැරකුම් Saturday, 07 September 2024 05:47 AM
අපි නම් අහලා තියෙන්නේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය කෙරෙන්නේ පොලිසියේ පූර්ණ දායකත්වය ඇතුව කියලයි...