ජාතික චිත‍්‍ර කතා පදනම සංවිධානය කළ චිත‍්‍රකතා ශිල්පීන් 200කට වැඩි පිරිසකගේ චිත‍්‍ර ඇතුළත් ”සිත්තරු ඇදි රූ” ප‍්‍රදර්ශනය මේ දිනවල කොළඹ ජාතික කලාභවනේදී පැවැත්වෙන අතර, එහි අවසන් දිනය අදට (09) යෙදී තිබේ.
”සිත්තරු ඇදි රූ” ප‍්‍රදර්ශනය පසුගිය 07 වැනි දින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. එහිදී ජනාධිපතිවරයා විසින් චිත‍්‍රකතා ශිල්පීන් සියලූ දෙනා සමග කතාබහ කරමින්, ඔවුන්ගේ චිත‍්‍ර රසවිඳීම විශේෂත්වයකි. ජාතික චිත‍්‍රකතා පදනමේ සභාපති දයා රාජපක්‍ෂ හා ලේකම් දුමින්ද සංජීව බාලසූරිය යන මහත්වරු මෙහිදී ජනාධිපතිතුමාට කරුණු පැහැදිලි කර දෙමින් චිත‍්‍ර නැරඹූ අයුරුත් ප‍්‍රවීණ චිත‍්‍රකතා ශිල්පී ”විජය, බිළිඳු” පුවත්පත් කර්තෘ පියල් උදය සමරවීර හා ලංකාදීප චිත‍්‍රකතා ශිල්පි බෙල්ලන සෝමසිරි යන අය සමඟ ජනාධිපතිතුමා කතා කළ අයුරුත් ඡුායාරූපවල දැක්වේ.
”සිත්තරු ඇදි රූ” ප‍්‍රදර්ශනයේ අවසන් දිනය වන අද (09) පස්වරු 3.30ට සමාප්ති වැඩසටහන සඳහා ප‍්‍රධාන ආරාධිතයා ලෙස අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා සහභාගි වීමට නියමිතය. ප‍්‍රදර්ශනය නැරඹීමට දහස් සංඛ්‍යාත පිරිස් මේ වන විට පැමිණ ඇති බවත්, නමින් හා චිත‍්‍රකතාවලින් පමණක් දැන සිටි චිත‍්‍රකතා ශිල්පීන් රසියන්ට හඳුනා ගැනීමට මෙය මහඟු අවස්ථාවක් වූ බවත් ජාතික චිත‍්‍රකතා පදනමේ සභාපති දයා රාජපක්‍ෂ ”රසවින්දනට” පැවසීය.
ඡායාරූප ශාන්ත රත්නායක
ජනතාව ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතු මෙන්ම එම මුදල්වලට වෙන්නේ කුමක්දැයි සොයා බැලීමට ජනතාවට අයිතියක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරස
රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
නල්ලතන්නියේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වු කෙසෙල්ගමු ඔයට පෙරැලීමෙන් එම මෝටර් රථයේ
තියුණු ආයුධ පෙන්වා බියගන්වා වාහන කොල්ල කෑ කල්ලියක සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.
සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සිත් රූ ඇඳි රූ