IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


සැත්කම හොඳ කකුලටයි

වෙරෝනා නගරයේ ජිවත්වන හලාවත මහවැව ශිරාණි බර්නදෙත් (53)  මහත්මියට වසරකට පමණ පෙර ඉතාලියේ වෙරෝනා රෝහලේ කළ වැරදි සැත්කමක් නිවැරදි කිරීමට තව මාස කිහිපයක් ගත වන බව වෛද්‍යවරු කියති. 

ඇගේ වම් කකුලේ අමාරුවට සැත්කම කර ඇත්තේ කිසිම ආබාධයක් නොවූ දකුණු කකුලටය. දැන් ඇගේ කකුල් දෙකේම වේදනාවක් පෙළෙන්නීය.

මාර්තු අගදී ඇයට තවත් සැත්කමක් කළ යුතු යැයි වෛද්‍යවරු කියති. වැරදි සැත්කම කළ වෛද්‍යවරුනට එරෙහිව ඇය නඩුවක් ද පවරා ඇත.



අදහස් (0)

සැත්කම හොඳ කකුලටයි

කුරුවිට Thursday, 27 December 2012 02:22 PM

සුසිල් මහත්තයෝ, ලංකාවට ආපුවහම අමතක නොකර අංගොඩටත් ගිහින් එන්න. (නි)

:       0       0

කුමාර Wednesday, 26 December 2012 10:13 PM

සුසිල් මහත්තයෝ, මෙහේ මෙහෙම වැඩ ගොඩක් වෙනවා. ඒ අතින් ලංකාව හොදයි. අන්තිමට ලෙඩාට වෙන්නෙ වන්දිත් නැතුව, කකුලත් නැතුව ලංකාවට එන්නයි. (නි)

:       0       0

සමන් පෙරේරා Thursday, 27 December 2012 02:51 PM

බොරුවට වාද විවාද වෙන්න එපා..මමත් අවුරුදු විසි හතකරක් සිට ඉතාලියෙ ඉන්නෙ.. අතපසුවීම් සහ වැරදි කොහෙත් සිදුවෙනවා.. නමුත් නීතිය කාටත් එකයි.. ඉතාලියෙනම් වන්දියක් අනිවාර්යයෙන්ම ලැබෙනවා.. ඒවගේම වැදරිකරුට අනිවාර්යයෙන්ම දඩුවම් ලැබෙනවා.!(නු)

:       0       0

සුනිල් Wednesday, 26 December 2012 10:48 PM

කලාතුරකින් ඔහොම වුණත් මෙහේ රෝහල් වගේම වෛද්‍යවරුත් හුගක් හොදයි. (නි)

:       0       0

සුසිල් මිලානෝ Wednesday, 26 December 2012 11:19 PM

වසරකට පෙර කරපු සැත්කමේ වරද දැක්කේ දැන්ද? සිල්වා මහත්තයෝ, ඕනෑ තරම් සැත්කම් කරනවානේ හිරිවට්ටලා. කුමාර මහත්තයා, ලංකාව හොදයි තමයි. නමුත් මෙහේ රෝහල්වල වෛද්‍යවරු හෙදියන් තරම් අපේ අය කාරුණික නැහැ. කරුණාවත් ගෙවන මුදල අනුව තමයි. මේ රටේ මොන තරම් කරුණාවකින් ලෙඩුන්ට සළකනවද. අපි ඒක අමතක කරන්න හොද නැහැ. (නි)

:       0       0

මාගලී Wednesday, 26 December 2012 11:20 PM

ඉතාලි දොස්තරලට වරදින්නෙ නැහැ. හොදට පරීක්ෂණ කරලා තමයි දොස්තරලා සැත්කමක් කරන්නේ. වරදක් වෙලා නම් ඇයට ජිවිතයටම ඇති වෙන්න වන්දියක් ගන්න පුලුවන්. (නි)

:       0       0

මුතුකුඩ Wednesday, 26 December 2012 11:43 PM

සුසිල් මහත්තයෝ, කාරුණිකත්වය කාටත් තිබිය යුතු දෙයක්. වෙදදකමට වඩා හෙදකම ලොකුයි කියනවානේ.ඒ ගැන අප විවාද කිරීමෙන් පලක් නැත. නමුත් ලංකාවෙත් සමහරුන්ගේ ලෙඩ කකුල නොව නිරෝගී කකුල් කපාදැමු අවස්ථා නැතුවාම නොවේ. මේ රෝගියාටවත් ලාංකිකයන් ලෙස ඔබතුමන්ලා එකතු වී වන්දි මුදලක් හෝ ලබා ගන්නට උදවු කරන්නේ නම් ඉතා උතුම් සත්ක්‍රියාවක් වනු ඇත. (නි)

:       0       0

සරත් Friday, 28 December 2012 04:04 AM

සුසිල් දීලා තියෙන්නේ කැකිල්ලේ තීණ්දුවක්නේ.ලෙඩාගේ කකුලකුත් නැහැ. වැරැද්දත් ලෙඩාගෙමයි. දොස්තරටවත් වන්දියක් දෙමු නේද? (නි)

:       0       0

රොෂාන් Thursday, 27 December 2012 03:31 AM

මමත් ඔය කියන පැති වල ඉන්න කෙනෙක් තමා. මේ රටවල ඕනඋ ලෙඩක් හොයන්නේ කපලා තමා. ඕනෑ ලෙඩක් කිව්වේ අත පය වල තියෙන ලෙඩ. කපලා හරිගියේ නැත්නම් එයාලා කියනවා අපි තව වරක් උත්සාහ කරලා බලමු කියලා. (නි)

:       0       0

ගාල්ලේ සමන් Thursday, 27 December 2012 07:59 AM

ලංකාවේ දොස්තරලා සහ හෙදියන් කාරැණික නැහැයි කියන කතාවට එකග විය නොහැකියි. මම ගිය සතියේ ‍රජයේ රෝහලක ලෙඩෙක් ළග දින කීපයක් හිටියා. ඒ අය කොතරම් කරුණාවන්ත ද කියලා මට වැටහුණේ එවිටයි. නරක ලෙඩ්ඩුයි. කියන දේ අහන්නේ නැහැ. හරියට වැසිකිළි යන්නවත් දන්නේ නැහැ. ඒවත් ප්‍රශ්නනේ. (නි)

:       0       0

නිත්‍යා Friday, 28 December 2012 03:56 PM

එහේයි මෙහෙයි කියලා වෙනසක් නෑ ‍වගේ (ස)

:       0       0

සනත් Thursday, 27 December 2012 09:32 AM

කොයි රටෙත් වරදින අය ඉන්නවා. ඒ නිසා ඉතාලි ගියා කියලා එහාට කඩේ යන අය මතක තියාගන්න තමන් උපන්නෙ කොහෙද කියලා. මම ඉන්නෙ ඉතාලියට වඩා පෝසත් රටක. ඒ වුණත් මම මගේ ගරු කළයුතු දේ ගරු කරනවා. අපේ රටෙත් දෙවිවරු වගේ දොස්තරලා ඉන්නවා කියලා මේ ලිපි පේළිය කියෙව්වොත් බලා ගන්න පුලුවන්. අනුරාධපුරේ දරු උපත ගැන බලන්න. (නි)

:       0       0

සදරුවන් Thursday, 27 December 2012 06:21 PM

මේ වෛද්‍යවරයා‍ මොන රටේ එක්කෙනෙක්ද?(නු)

:       0       0

සුසිල් මිලානෝ Thursday, 27 December 2012 06:37 PM

කුරුවිට ...ඔයා තමයි අංගොඩ නවතින්න ඕනේ. මඩෙන් නෙමෙයි ගොඩින් එන්න. අපි සංවාද කරමු. ඔයවගේ දෙයක් වෙලා වන්දි නොගත්ත කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ. පොඩි අනතුරක් උනාමත් බෙල්ලට කොලර් දාගෙන යුරෝ දහස් ගානක් ගන්න අය නේ ඉන්නේ. මේ අම්මටත් විශ්වාස නිසානේ රෝහලට ගියේ. කාටද වරදින්නේ නැත්තේ. සිංහලයෝ බොහෝ දෙනෙක් උදව් කරපු ඉනිමගට පයින් ගහනවනේ. ඉතාලියට බැන බැන තාලියේම ඉන්නවා. (නු)

:       0       0

සිල්වා Wednesday, 26 December 2012 06:23 PM

අපේ රටේ කොච්චර දක්ෂ වෛද්‍යවරු ඉන්නවද? (නි)

:       0       0

රොෂාන් Wednesday, 26 December 2012 06:36 PM

වම දකුණ දැනනොගැනීමේ ප්‍රතිඵල. (නි)

:       0       0

කොස්වත්ත Thursday, 27 December 2012 07:21 PM

සුසිල්, සමන්, කුරුවිට, සුසන්ත, ඔයාලගේ කතාවලට පිස්සු හැදෙනවනේ. (නි)

:       0       0

දම්මි Thursday, 27 December 2012 07:26 PM

ගාල්ලේ සමන්, මාතර ඉස්පිරිතාලෙට ඇවිත් බලන්න. ඇත්ත තේරෙයි. (නි)

:       0       0

කුරුවිට Thursday, 27 December 2012 07:46 PM

බලාගෙන ගියහම ඒ රටේ සැත්කම් කරන්නේ මෙහේ රැවුල බානවා වගේනේ. (නි)

:       0       0

ලාරා Thursday, 27 December 2012 07:48 PM

මම හිතන්නේ මේ සැත්කම කරලා තියෙන්නේ සෞදි අරාබියාවේ වෛද්‍යවරයෙක්. (නි)

:       0       0

සුසිල් මිලානෝ Wednesday, 26 December 2012 07:47 PM

මේ දේ ඇත්තනම් තමන්ගේ හොද කකුල කපනකම් නිහඩව හිටපු මේ කාන්තාවම තමයි ගොඩක් වැරදි. නිකම් බොරුවට ඉතාලි දොස්තරලට බැනලා වැඩක් නෑ. එහෙම දොස්තරලා වැරදිනම් ඇයට ජිවිතයටම ඇති වෙන්න වන්දියක් ගන්න පුලුවම්.. මේ පිළිබද හොදින්ම දන්නා නිසයි මෙය ලියන්නේ.කලයුතු දේ අප කියා දෙන්නම්. (දී)

:       0       0

පෙරේරා Wednesday, 26 December 2012 08:14 PM

මම හිතුවේ ලංකාවේ විතරයි කියල (දී)

:       0       0

ද සිල්වා Thursday, 27 December 2012 01:59 PM

ලංකාවෙ එහෙම මේවගේ දෙයක් වෙලා වන්දි ඉල්ලන්න ගියොත් පහුවදා ඉදලා වැඩවර්ජන...!ඉතාලියේ තත්ත්වය මොන ව‍ගේද කියන්න මම දන්නෙ නැහැ නමුත් දියුණු රටවල උනත් මේ වගේ අත්වැරදීම් සිදුවෙන්න පුළුවං.!(නු)

:       0       0

සිල්වා Wednesday, 26 December 2012 09:53 PM

සුසිල් මහත්තයෝ, සිහිය තියෙද්දී ඔපරේෂන් කරනවා නම් ඉතින් වැරදි කකුල කපනකල් බලාගෙන ඉදීද? (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Thursday, 27 December 2012 02:15 PM

මෙහෙමයි...මෙතන සෑහෙන වගකීමක් දොස්තරලට තියෙනවා. සාමාන්‍යෙයන් මේක බරපතල වැරදීමක්. කොහොම වෙතත් මෙයාට කෝටි ගාණක වන්දියක් නම් අනිවාර්යෙන්ම ගන්න පුළුවන්. නමුත් තමන්ගේ කකුල් දෙක අසරණ නම් වන්දි කොච්චර ගත්තත් වැඩක් නැහැනේ. (නි)

:       0       0

කුරුවිට Thursday, 27 December 2012 02:15 PM

ඒ සැත්කම කළේ අරාබි වෛද්‍යවරයෙක් වෙන්න ඇති. (නි)

:       0       0

සුසිල් මිලානෝ Thursday, 27 December 2012 02:16 PM

හොද දේ ඇගැයීම කඩේ යාමක් නෙමෙයි සනත්. කොහොම වුණත් ලංකාවේ රෝහල්වල හෙදියන් කාරුණික මදි. බෞද්ධ රටක වුණාට එයාලා හැම වෙලාවේම ඉන්නේ තරහින්. අහිංසක ලෙඩුන් ගැන හිතන්නේ නැහැ. ලංකාවේ රෝහලක ගැබිණි මවකට සළකන විදිය හිතන්න. මේ රටවලදී එම අවස්ථාවට මුහුණදුන් කාන්තාවෝ දන්නවා ඇතිනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 3 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 43 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 80 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 624 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 526 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 730 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39187 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site