වෙරෝනා නගරයේ ජිවත්වන හලාවත මහවැව ශිරාණි බර්නදෙත් (53) මහත්මියට වසරකට පමණ පෙර ඉතාලියේ වෙරෝනා රෝහලේ කළ වැරදි සැත්කමක් නිවැරදි කිරීමට තව මාස කිහිපයක් ගත වන බව වෛද්‍යවරු කියති.
ඇගේ වම් කකුලේ අමාරුවට සැත්කම කර ඇත්තේ කිසිම ආබාධයක් නොවූ දකුණු කකුලටය. දැන් ඇගේ කකුල් දෙකේම වේදනාවක් පෙළෙන්නීය.
මාර්තු අගදී ඇයට තවත් සැත්කමක් කළ යුතු යැයි වෛද්‍යවරු කියති. වැරදි සැත්කම කළ වෛද්‍යවරුනට එරෙහිව ඇය නඩුවක් ද පවරා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ එහෙම මේවගේ දෙයක් වෙලා වන්දි ඉල්ලන්න ගියොත් පහුවදා ඉදලා වැඩවර්ජන...!ඉතාලියේ තත්ත්වය මොන වගේද කියන්න මම දන්නෙ නැහැ නමුත් දියුණු රටවල උනත් මේ වගේ අත්වැරදීම් සිදුවෙන්න පුළුවං.!(නු)
එහේයි මෙහෙයි කියලා වෙනසක් නෑ වගේ (ස)
සුසිල් දීලා තියෙන්නේ කැකිල්ලේ තීණ්දුවක්නේ.ලෙඩාගේ කකුලකුත් නැහැ. වැරැද්දත් ලෙඩාගෙමයි. දොස්තරටවත් වන්දියක් දෙමු නේද? (නි)
මම හිතන්නේ මේ සැත්කම කරලා තියෙන්නේ සෞදි අරාබියාවේ වෛද්‍යවරයෙක්. (නි)
බලාගෙන ගියහම ඒ රටේ සැත්කම් කරන්නේ මෙහේ රැවුල බානවා වගේනේ. (නි)
ගාල්ලේ සමන්, මාතර ඉස්පිරිතාලෙට ඇවිත් බලන්න. ඇත්ත තේරෙයි. (නි)
සුසිල්, සමන්, කුරුවිට, සුසන්ත, ඔයාලගේ කතාවලට පිස්සු හැදෙනවනේ. (නි)
කුරුවිට ...ඔයා තමයි අංගොඩ නවතින්න ඕනේ. මඩෙන් නෙමෙයි ගොඩින් එන්න. අපි සංවාද කරමු. ඔයවගේ දෙයක් වෙලා වන්දි නොගත්ත කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ. පොඩි අනතුරක් උනාමත් බෙල්ලට කොලර් දාගෙන යුරෝ දහස් ගානක් ගන්න අය නේ ඉන්නේ. මේ අම්මටත් විශ්වාස නිසානේ රෝහලට ගියේ. කාටද වරදින්නේ නැත්තේ. සිංහලයෝ බොහෝ දෙනෙක් උදව් කරපු ඉනිමගට පයින් ගහනවනේ. ඉතාලියට බැන බැන තාලියේම ඉන්නවා. (නු)
මේ වෛද්‍යවරයා මොන රටේ එක්කෙනෙක්ද?(නු)
බොරුවට වාද විවාද වෙන්න එපා..මමත් අවුරුදු විසි හතකරක් සිට ඉතාලියෙ ඉන්නෙ.. අතපසුවීම් සහ වැරදි කොහෙත් සිදුවෙනවා.. නමුත් නීතිය කාටත් එකයි.. ඉතාලියෙනම් වන්දියක් අනිවාර්යයෙන්ම ලැබෙනවා.. ඒවගේම වැදරිකරුට අනිවාර්යයෙන්ම දඩුවම් ලැබෙනවා.!(නු)
සුසිල් මහත්තයෝ, ලංකාවට ආපුවහම අමතක නොකර අංගොඩටත් ගිහින් එන්න. (නි)
හොද දේ ඇගැයීම කඩේ යාමක් නෙමෙයි සනත්. කොහොම වුණත් ලංකාවේ රෝහල්වල හෙදියන් කාරුණික මදි. බෞද්ධ රටක වුණාට එයාලා හැම වෙලාවේම ඉන්නේ තරහින්. අහිංසක ලෙඩුන් ගැන හිතන්නේ නැහැ. ලංකාවේ රෝහලක ගැබිණි මවකට සළකන විදිය හිතන්න. මේ රටවලදී එම අවස්ථාවට මුහුණදුන් කාන්තාවෝ දන්නවා ඇතිනේ. (නි)
ඒ සැත්කම කළේ අරාබි වෛද්‍යවරයෙක් වෙන්න ඇති. (නි)
මෙහෙමයි...මෙතන සෑහෙන වගකීමක් දොස්තරලට තියෙනවා. සාමාන්‍යෙයන් මේක බරපතල වැරදීමක්. කොහොම වෙතත් මෙයාට කෝටි ගාණක වන්දියක් නම් අනිවාර්යෙන්ම ගන්න පුළුවන්. නමුත් තමන්ගේ කකුල් දෙක අසරණ නම් වන්දි කොච්චර ගත්තත් වැඩක් නැහැනේ. (නි)
අපේ රටේ කොච්චර දක්ෂ වෛද්‍යවරු ඉන්නවද? (නි)
කොයි රටෙත් වරදින අය ඉන්නවා. ඒ නිසා ඉතාලි ගියා කියලා එහාට කඩේ යන අය මතක තියාගන්න තමන් උපන්නෙ කොහෙද කියලා. මම ඉන්නෙ ඉතාලියට වඩා පෝසත් රටක. ඒ වුණත් මම මගේ ගරු කළයුතු දේ ගරු කරනවා. අපේ රටෙත් දෙවිවරු වගේ දොස්තරලා ඉන්නවා කියලා මේ ලිපි පේළිය කියෙව්වොත් බලා ගන්න පුලුවන්. අනුරාධපුරේ දරු උපත ගැන බලන්න. (නි)
ලංකාවේ දොස්තරලා සහ හෙදියන් කාරැණික නැහැයි කියන කතාවට එකග විය නොහැකියි. මම ගිය සතියේ රජයේ රෝහලක ලෙඩෙක් ළග දින කීපයක් හිටියා. ඒ අය කොතරම් කරුණාවන්ත ද කියලා මට වැටහුණේ එවිටයි. නරක ලෙඩ්ඩුයි. කියන දේ අහන්නේ නැහැ. හරියට වැසිකිළි යන්නවත් දන්නේ නැහැ. ඒවත් ප්‍රශ්නනේ. (නි)
මමත් ඔය කියන පැති වල ඉන්න කෙනෙක් තමා. මේ රටවල ඕනඋ ලෙඩක් හොයන්නේ කපලා තමා. ඕනෑ ලෙඩක් කිව්වේ අත පය වල තියෙන ලෙඩ. කපලා හරිගියේ නැත්නම් එයාලා කියනවා අපි තව වරක් උත්සාහ කරලා බලමු කියලා. (නි)
සුසිල් මහත්තයෝ, කාරුණිකත්වය කාටත් තිබිය යුතු දෙයක්. වෙදදකමට වඩා හෙදකම ලොකුයි කියනවානේ.ඒ ගැන අප විවාද කිරීමෙන් පලක් නැත. නමුත් ලංකාවෙත් සමහරුන්ගේ ලෙඩ කකුල නොව නිරෝගී කකුල් කපාදැමු අවස්ථා නැතුවාම නොවේ. මේ රෝගියාටවත් ලාංකිකයන් ලෙස ඔබතුමන්ලා එකතු වී වන්දි මුදලක් හෝ ලබා ගන්නට උදවු කරන්නේ නම් ඉතා උතුම් සත්ක්‍රියාවක් වනු ඇත. (නි)
ඉතාලි දොස්තරලට වරදින්නෙ නැහැ. හොදට පරීක්ෂණ කරලා තමයි දොස්තරලා සැත්කමක් කරන්නේ. වරදක් වෙලා නම් ඇයට ජිවිතයටම ඇති වෙන්න වන්දියක් ගන්න පුලුවන්. (නි)
වසරකට පෙර කරපු සැත්කමේ වරද දැක්කේ දැන්ද? සිල්වා මහත්තයෝ, ඕනෑ තරම් සැත්කම් කරනවානේ හිරිවට්ටලා. කුමාර මහත්තයා, ලංකාව හොදයි තමයි. නමුත් මෙහේ රෝහල්වල වෛද්‍යවරු හෙදියන් තරම් අපේ අය කාරුණික නැහැ. කරුණාවත් ගෙවන මුදල අනුව තමයි. මේ රටේ මොන තරම් කරුණාවකින් ලෙඩුන්ට සළකනවද. අපි ඒක අමතක කරන්න හොද නැහැ. (නි)
කලාතුරකින් ඔහොම වුණත් මෙහේ රෝහල් වගේම වෛද්‍යවරුත් හුගක් හොදයි. (නි)
සුසිල් මහත්තයෝ, මෙහේ මෙහෙම වැඩ ගොඩක් වෙනවා. ඒ අතින් ලංකාව හොදයි. අන්තිමට ලෙඩාට වෙන්නෙ වන්දිත් නැතුව, කකුලත් නැතුව ලංකාවට එන්නයි. (නි)
සුසිල් මහත්තයෝ, සිහිය තියෙද්දී ඔපරේෂන් කරනවා නම් ඉතින් වැරදි කකුල කපනකල් බලාගෙන ඉදීද? (නි)
මම හිතුවේ ලංකාවේ විතරයි කියල (දී)
මේ දේ ඇත්තනම් තමන්ගේ හොද කකුල කපනකම් නිහඩව හිටපු මේ කාන්තාවම තමයි ගොඩක් වැරදි. නිකම් බොරුවට ඉතාලි දොස්තරලට බැනලා වැඩක් නෑ. එහෙම දොස්තරලා වැරදිනම් ඇයට ජිවිතයටම ඇති වෙන්න වන්දියක් ගන්න පුලුවම්.. මේ පිළිබද හොදින්ම දන්නා නිසයි මෙය ලියන්නේ.කලයුතු දේ අප කියා දෙන්නම්. (දී)
වම දකුණ දැනනොගැනීමේ ප්‍රතිඵල. (නි)