( ටී.කේ.ජී.කපිල )
සෞදි අරාබිය තුළ තවදුරටත් මතු වී ඇති යූධමය වාතාවරණය හමුවේ ශ්රී ලංකාවේ කටුනායක සහ සෞදි අරාබියේ දමාම් සහ රියාද් ගුවන් තොටුපොළ අතර ශ්රී ලන්කන් ගුවන් සේවය විසින් පවත්වා ගෙන යනු ලබන ගුවන් ගමන් සේවා එළඹෙන ඔක්තෝබර් 24 දින දක්වා තාවකාලිකව අත්හිහිටුවීම ශ්රී ලන්කන් ගුවන් සේවයේ තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අද (16) ප්රකාශ කර තිබේ.
ශ්රී ලන්කන් ගුවන් සේවය සැමවිටම සිය ගුවන් මගීන්ගේ සහ ගුවන් යානා කාර්යය මණ්ඩලයේ ආරක්ෂාවට ප්රමුඛත්වය ලබා දෙන බැවින් , පවතින තත්වය වානිජ ගුවන් ගමන් සදහා සුදුසු බවට තහවුරු වූ වහාම සිය ගුවන් ගමන් සේවා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද එම නිවේදනයේ සදහන් වේ .
මේ පිළිබද සිය ගුවන් මගීන්ට සිදු වන අපහසුතා වලට සිය කනගාටුව ප්රකාශ කරන ශ්රී ලන්කන් ගුවන් සේවය , මේ පිළිබද වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා ඔබගේ සංචාරක නියෝජිතයන් අමතන ලෙසත්, මීට අමතරව 1979 (ශ්රී ලංකාව තුළ) හෝ +94117771979 ( ජාත්යන්තර ඇමතුම් ) , හෝ WhatsApp +94744441979 ( කෙටි පණිවිඩ ) මගින් හෝ www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් දැනගත හැකි බව දැනුම් දී සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd