IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘සුදු සැරයටි දිනය ඇස් අරවන දිනයක් කරමු‘

ජාත්‍යන්තර සුදු සැරයටි දිනය ඇස් නොපෙනන ජන කොටසක් කෙරෙහි ඇස් පෙනෙන බහුතර ජනතාවගේ ඇස් අරවන දිනයක් විය යුතු බව අවධාරණය කළ පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ආබාධිත සහිත පුද්ගලයන්ට සියලු පුරවැසියන්ට හිමිවන වරප‍්‍රසාද හා අයිතිවාසිකම් එක සමානව භුක්ති විඳීමට හිමිකමක් ඇති බැවින් ඒවා ලබාදීම රජයේ මෙන්ම සමාජයේ වගකීමක් බව ප‍්‍රකාශ කළේය.

ඇමතිවරයා එම අදහස් පළ කලේ ජාත්‍යන්තර සුදු සැරැයටි දිනය නිමිත්තෙන් බ්‍රහස්පතින්දා (15)  මොරටුව කටුබැද්ද ජනසෙත ජන කලා කේන්ද්‍රයේ පැවති සැමරුම් දින උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. මෙම සැමරුම් උළෙල ශී‍්‍ර ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලය මගින් සංවිධානය කර තිබූණි.

සුදු සැරැයටි බෙදා දීමක්ද ගයන්ත කරුණාතිලක මහතා අතින් එහිදී සිදු කෙරිණි.

‘මාගේ දේශපාලන ජීවිතයේ දෘශ්‍යාබාධිත උපාධිධාරීන් විශාල පිරිසක් එකම වහලක් යටදී හමු වූ ප‍්‍රථම අවස්ථාවයි මේ. අපගේ ජීවන ගමනේදී දෛවය විවිධාකාර බලපෑම් එල්ල කරනවා. ලෝකය දැකලා විවිධ අනතුරු නිසා දෘශ්‍යාබාධිත වූ අයත් උපතින්ම දෘශ්‍යාබාධිත වූ අයත් මෙහි සිටිනවා. දෛවය ඔබට සරදම් කළත්, ඔබව පරාජය කිරීමට නොහැකි වී තිබෙනවා. ඔබ අධිෂ්ඨානශිලීව දෛවය පරාද කරලා දෛවයට සරදම් කරලා කීර්තිමත් විශ්ව විද්‍යාල තුළින් උපාධිය සමත් කරලා සෙසු ලෝකයාට ආදර්ශයක් සපයනවා. දෘශ්‍යාබාධිත වූ ඔබට සුදු සැරැයටිය වටිනාම මෙවලමක්. ඒ නිසා සැමදෙනාම මේ සුදු සැරයටිය සංකේතවත් කර ජාත්‍යන්තර සුදු සැරයටි දිනය සමරනවා. 1969 ඔක්තෝම්බර් 15 වැනිදා ගාලූ මුව දොරට රැස් වූ දෙස් විදෙස් දෘශ්‍යාබාධිතයනගේ ඇති කරගත් යෝජනා ශී‍්‍ර ලංකාව විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් කළා. එකී යෝජනා පිළිගැනීම නිසා සෑම වසරකම ඔක්තෝම්බර් 15 ජාත්‍යන්තර සුදු සැරයටි දිනය නම් කර මේ දක්වා කි‍්‍රයාත්මක වෙනවා‘ යැයිද අමාත්‍යවරයා එහිදී කීවේය.

10671502_10208043359348167_912015101654670979322400234_n 12074995_10208043359388168_42015101691178016344076279_n 12109265_10208043359308166_174201510169168546104541423_n



අදහස් (0)

‘සුදු සැරයටි දිනය ඇස් අරවන දිනයක් කරමු‘

ධර්ම ජයවික්‍රම Friday, 16 October 2015 09:43 AM

ඇස් වසාගෙන සිටින මිනිසුන්ගේ ඇස් අරවන ඔබගේ සුන්දර වචන යථාර්ථයක් වනු නොඅනුමානයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 831 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 2241 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 422 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 165 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 185 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1544 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14619 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 35 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 207 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 110 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site