IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සෞදි හාම්පුතා දෙයියෙක් : ලක් කතට කප්රුක පහළවේ

වසර 15 ක්  මව්බිමට නොගොස් සෞදි අරාබියේ එකම හාම්පුතාගේ නිවසේ රැදී සිටි ලාංකික කාන්තාවක    නැගෙනහිර පළාත තානාපති ජංගම සේවාවේ දී  වාර්තාවිය.

තම ගමන් බලපත්‍රය දීර්ඝ කර ගැනීමට  හාම්පුතා සමග ජංගම සේවාවට පැමිණි වරකාපොල බෝපිටිය පදිංචිව සිටි එම් ආර් ප්‍රේමශීලි නම්වූ මෙම කාන්තාව පිළිබද කම්කරු නිලධාරි රොෂාන් ගුණවර්ධන මහතා සහ හෙට්ටිආරච්චි මහතා  විස්තර විමැසූහ. ඇය ප්‍රකාශ කලේ ඇයට මව්බිමට යාමට අවශ්‍යතාවයක් නොතිබූ බැවින් ලංකාවට නොගිය බවයි,ඇයගේ ස්වාමි පුරුෂයා තමා හැර ගොස් ඇති බවත් තම හාම්පුතා ඉතා හොඳින් රැක බලා ගන්නා බැවින් ද තමාට රැකීමට කිසිවෙකු නොමැති බැවින්ද මෙම තීරණ ගත්බව ඇය පවසයි.රොෂාන් මහතාගේ ප්‍රශ්න කිරීම් වලදී ඇය පැවසුවේ   වරින් වර   තම වැටුප් ලංකාවේ තම සහෝදරයින්හට යැවූ බවය.

  හාම්පුතාගෙන් දීර්ඝ වශයෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී ඔහු පවසා සිටියේ මෙම කාන්තාවගේ වැටුප් වලින් වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ අදාළ ඥාතීන් වෙත යවා ඇති බවයි.  වසර කිහිපයක හිඟ පටුප් ගෙවීමට ඇති බව තමා පිළිගන්නා නමුත් වැටුප් ලංකාවට යවා ඇති බවට කිසිදු ලේඛනයක් මේ අවස්ථාවේ ඉදිරිපත් කිරීමට තමා සතුව නොමැති බවයි. ඒ අනුව  රොෂාන් මහතා සහ හෙට්ටිආරච්චි මහතා  තීරණය කලේ කාන්තාව සහ හාම්පුතා විසින් ප්‍රකාශ කරන ලද පරස්පර විරෝධී බවයි.

 තොරතුරු අනුව පටුප් පිලිබදව ව්‍යාජ තොරතුරු  සපයා නිලධාරින් නොමග යැවීමේ උපායක් ඇති  බවට සැක කරන බවයි.

මේ අනුව හාම්පුතා පිලිබදව සියලු තොරතුරු උපාය මාර්ගිකව ලබාගත් නිලධාරින් මෙම කාන්තාවහට වසර පහළොවකට ගෙවිය යුතු හිග වැටුප් ගෙවීමට ඇති බව අවබෝධ කර දෙන ලද අතර ඒ පිළිබදව අදාළ හාම්පුතා පුර්ණ එකගතාවයකට නොපැමිණි නමුත්ගෙවා ඇති පටුප් හැර අනිකුත් මුදල් තානාපති නිලධාරින් භාරයට ලබාදීමට ඔහු එකගත්වය පළ කළේය. ඒ අනුව ඔහු විසින්ඉදිරි  දිනකදී  රියාද් තානාපති කාර්යාලය වෙත පැමිණ ගෙවිය යුතු හිග පටුප් පිළිබඳව එකඟතාවයකට පැමිණ ගෙවා දැමීමට පොරොන්දුවිය. ඉතා සුහදව කිසිදු හරස් ප්‍රශ්න කිරීමකින් තොරව නිලධාරින් සමග පොදු එකගතාවයකට පැමිණීම නිසා අදාළ කාන්තාව හාම්පුතා වෙත නිදහස් කැරිණි.

රොෂාන් ගුණවර්ධන මහතා එසැණට පැවසුවේ ඉතා සුහදව අප සමග කළ සංවාදය අනුව  හාම්පුතා පිලිබදව විශ්වාසයක් තැබීමට හැකි බවයි. එසේ නොවන්නේ නම නීති මාර්ගයකට අවතීර්ණ වීමට සියලු තොරතුරු අප සතුව පවතින බවත් ඔහු කීවේය.

__________ ________-__-_________ ______-__-____________-____ ____-_______-____-_______-______ DSC04662 



අදහස් (0)

සෞදි හාම්පුතා දෙයියෙක් : ලක් කතට කප්රුක පහළවේ

අසන්ත Tuesday, 09 June 2015 05:05 PM

ගෑනු අයට රට තියෙන ප්‍රශ්න වල කිමිදිලා බලන්න ඕනේ.මෙතන නම් කාටවත් ප්‍රශ්නයක් නැහැ වගේ. (කේ)

:       0       0

ජිලෝ Tuesday, 09 June 2015 06:20 PM

ආර්ථිකයට රටට දොස් කියලා පලක් නැහැ අපේ කාන්තාවන් පිට රටවල්වලට සේවයට යවන අයට තමයි දඩුවම් දිය යූත්තේ (නදී)

:       0       0

නිලාන්- කටාර් Tuesday, 09 June 2015 07:19 PM

නිලන්ත, ආර්ථිකය ගැන කොහොම වෙතත් අනිත් ටික නම් සහතික ඇත්ත. ගොඩ දෙනෙකුට මේවා ගැන අවබෝධයක් නැහැ (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 09 June 2015 08:32 PM

අසරණ ගැහැණුන්ට දොස් කියන්න එපා. රට කරවන අයට දොස් කියන්න.ගැහැණු අරබින්ගේ වහල්කමට යවලා විදෙස් විනිමය හොයනවා. මොන ලැජ්ජා නැති වැඩක්ද? තමුන්ගේ බිරියට ආදරේ තිබේ නම් රට යවන්න එපා. (නි)

:       0       0

අසෝක Tuesday, 09 June 2015 10:51 AM

දැන් ඉතින් පෙට්ටියේ තමයි ගෙදර එන්න වෙන්නේ (නදී)

:       0       0

චතුරි Tuesday, 09 June 2015 11:58 AM

අසෝක,මෙවැනි කතා කොහොමද කියන්නේ? අපි සිංහල. වචනයෙන් හරි උදව් කරන්න බලන්න. ඔබ වැනි අය විදේශගත නොවන්න (නි)

:       0       0

නිවන්තක Tuesday, 09 June 2015 12:29 PM

එහෙම දෙවියොත් ඉන්නවා තමයි (නි)

:       0       0

අනුර Tuesday, 09 June 2015 12:35 PM

එහේ බොහොමයක් අය නීතිගරුක අය තමයි (නි)

:       0       0

නිලන්ත Tuesday, 09 June 2015 01:33 PM

හුඟක් කාන්තාවන් 77 න් පසු විවෘත ආර්ථිකය නිසා රට යාමට හුරුවුයේ දැඩි දරිද්‍රතාවය හා බීමත් සැමියන්ගෙන් වන පීඩනයෙන් ගැළවීමටයි.රට ගිය සමහර කාන්තාවන් ලංකාවට නැවත ආවිට පරණ අපායේම දුක්විඳින්න වෙයි කියලා ලංකාවට ආවේ නැහැ. අරාබිකාරයන්ට වශීවෙලා කී දෙනෙක් නම් එහෙට වෙලා ඉන්නවද? අවුරුදු පහක් විතර ගියාට පස්සේ අරාබි කෑම බීම වලට හුරුවුණාම දාලා එන්න බැරි අයත් ඉන්නවා. අරාබි ගැහැණු තමන්ගේ ස්වාමියාට දෙවෙනි බිරිඳක් ගන්න වළක්වන්නත් ගෙදර වැඩට ඉන්න සේවිකාව තම ස්වාමියාට අනියම් බිරිඳ විදියට තියාගන්න අනුබල දෙනවා. පලයන් කියද්දීත් එන්නේ නැති අය පෙට්ටි වලින් තමා එවන්නේ. මේකයි ඇත්තම තත්වය. (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 09 June 2015 01:48 PM

බොහෝ සෞදි හාම්පුතාලා හොඳ අය (නි)

:       0       0

පහන් Tuesday, 09 June 2015 02:10 PM

නිලන්ත ඇත්ත ඇතිසැටියෙන් පහදා දී ඇත. මේ ඒ කාන්තාව නේද අරාබි ඇඳුම ඇඳලා ඉන්නේ? (නි)

:       0       0

සමන්ති Tuesday, 09 June 2015 02:12 PM

නිලන්ත,හුඟක් කාන්තාවන් රට රැකියා වලට යාම 77 න් පසු විවෘත ආර්ථිකය සමඟ සම්බන්ධ කළ නොහැක. (නි)

:       0       0

සඳුන් Wednesday, 10 June 2015 07:33 AM

නිලන්තගේ කතාවට එකගයි ආර්ථිකය හැර. ගැහැණුන් විතරක් නොවෙයි පිරිමිත් ඉන්නවා ඔය රටවල අවුරුදු 15-20. ලොකු වැටුපක් ලැබෙන්නෙත් නෑ. නමුත් ටිකක් සුඛෝපබෝගී බවක් තියෙන නිසා ඔහේ ඉන්නවා. (ම)

:       0       0

සෙලිනා Tuesday, 09 June 2015 03:51 PM

පහන් මම දන්නා තරමින් සෞදිවල ලාංකික ගැහැනු අයට අන්දවන්නේ ඔය විදියට තමයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 220 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 828 0

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 881 2

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 460 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්
2024 සැප්තැම්බර් මස 25 904 2

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.


දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 1727 9

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36963 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24371 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 585 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site