IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සුද්දාගේ නියෝගයකින් මරා දැමූ හෙන්රි පේද්‍රිස්ට ජනපති සමාව දෙයි

(ජේ.ඉඳුරුවගේ)

දැනට වසර 109 කට පෙර මෙරට බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අසාධාරණ ලෙස මරණයට පත් කරනු ලැබූ කපිතාන් දියුණුගේ එඩ්වර්ඩ් හෙන්රි පේද්‍රිස් මහතාට වසර 110කට පමණ පසු ජනාධිපති සමාව ලබා දෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(ඌ)ව්‍යවස්ථාව ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ජනාධිපති සමාව ප්‍රකාශයට පත් කළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ(12)නිකුත් කෙරිණි .

එවකට ලංකාවේ ආන්ඩුකාරවරයා වූ රොබර්ට් චාමර්ස් විසින් 1915 ජුනි 25 දින නිකුත් කළ ප්‍රකාශයක් මගින් පත් කරනු ලැබූ යුධ අධිකරණයකින් සිදුකළ අසාධාරණ නඩු විභාගයකින් පසු 1915 ජූලි 07 දින නීති විරෝධී ලෙස මරණයට පත් කළේය. දියුණුගේ එඩ්වර්ඩ් හෙන්රි පේද්‍රිස් මහතාට මරණින් පසු ජනාධිපති පිරිනමන බව මෙම ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

1888 අගෝස්තු 16 දින ගාල්ලේදී උපත ලැබූ හෙන්රි පේද්‍රිස් මහතා බ්‍රිතාන්‍ය පාලන සමයේ ලංකාවේ විසූ ප්‍රමුඛ පෙළේ සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම ලංකා ආරක්ෂක හමුදාවේ සහ කොළඹ නගරාරක්ෂක බළකායේ සේවය කළ කපිතාන් නිලයක් හෙබවූ හමුදා නිලධාරියකුද විය.

බ්‍රිතාන්‍ය නිලධාරීන් විසින් 1915 ජාතිවාදී කලබල ඇති කිරීමට පෙළඹවීම වෙනුවෙන් චෝදනා එල්ල කර ඔහු ඝාතනය කර තිබුණි. මෙම චෝදනා පසුව අසත්‍ය බව ඔප්පු විය.



අදහස් (21)

සුද්දාගේ නියෝගයකින් මරා දැමූ හෙන්රි පේද්‍රිස්ට ජනපති සමාව දෙයි

සුපුන් චාමර Friday, 13 September 2024 07:47 AM

ඇති යන්තම්. රටේ තිබ්බ ලොකුම ප්‍රශ්නයක් යන්න කලින්. විසඳුවා. නිකම් ලොකූ නින්දක ඉඳලා ඇහැරලා වගේ පේන්නේ මට විතරද? දැන් හෙන්ද්‍රි පේද්‍රිස් විරුවගේ පවුලේ සියලු ඡන්ද ටික හම්බ වෙයිද?

:       9       17

පේදිරිස් Friday, 13 September 2024 08:20 AM

තැන්කූ හොඳේ. ඡන්දෙත් ඔයාට දෙන්න තිබ්බා ජීවත් වෙලා උන්නා නම්...!

:       5       22

ලුම්බිණි Friday, 13 September 2024 08:26 AM

රනිල්ට කරන්න වැඩක් ඇත්තෙම නැද්ද?

:       5       17

පිටරටවැසියා Friday, 13 September 2024 09:18 AM

ඔය ජනපතිට බැරිද සමාවත් දීලා, ජීවිතෙත් දෙන්න. එතකොට තමයි දෙන දේට සැබෑ වටිනාකමක් ලැබෙන්නේ... අනික, මුළු යටත් විජිත ඉතිහාසයටම හෙන්රි පේද්‍රිස් විතරද අසාධාරණ නඩු තීන්දු වලින් මරා දැමුනේ...?

:       6       12

පිටරටවැසියා Friday, 13 September 2024 09:19 AM

ගෙදර යන්න කලියෙන්, 88-89 භීෂණ යුගයේ "රාජ්‍ය ත්‍රස්තවාදය, ගෝනි බිල්ලන්, නිල නොලත් ආයුධ සහිත රාජ්‍ය හමුදාවන්" මගින් කිසිම නඩුවක් නොමැතිව මරා දැමුණු 60 දාහකට අධික තරුණ ජීවිතවලටත් ජනපති සමාව දීලා, වන්දිත් දෙන්න...

:       4       16

ලක්වැසියාFriday, 13 September 2024 05:28 PM

හැටදාහක් මරණ මංචකයට යාමට මාර්ගය එළිපෙහෙළි කරපු එවුන් බලයට ගේන්න කටයුතු කරන මෝඩයෙක් තප්පුලනවා කියලා හිතෙනවා යකෝ බෙල්ලෙන් උඩ තියෙන්නේ ගලියක්ද බලපංකෝ..

:       5       2

B Amarasinghe Friday, 13 September 2024 09:28 AM

ආ! මම හිතුවේ අර්ජුන් මහේන්ද්‍රන්ට කියලා

:       4       10

පිටරටවැසියා Friday, 13 September 2024 10:15 AM

මෑත ඉතිහාසයේ බාල බෙහෙත් වලින් මරා දැමුණු අසරණ රෝගීන්ටත් ජනපති සමාව දීලා, වගකිව යුත්තන්ගෙන් වන්දිත් අයකරලා දෙන්න.

:       3       14

Bokka Friday, 13 September 2024 10:21 AM

ඇතියන්තං බේරුවා...

:       2       4

රම්බොඩ Friday, 13 September 2024 10:37 AM

සුදු ලෝගු කළු පටි උසාවි යයිද දන්නේ නෑ.. මේකට විරුද්ධව...

:       4       5

මාමා Friday, 13 September 2024 10:38 AM

අපිට අහවල් තැනින් හිනා යන්නට සලස්වා දෙමින් මෙවැනි හදිසි අත්‍යාවශ්‍ය කරුණු ලහිලහියේ ඉටු කරන ජනපතිතුමාගේ මොළේ තමයි මොළේ...

:       5       10

පිටිගල මිලානෝ Friday, 13 September 2024 10:59 AM

ඇති යන්තම්….. රනිල් වික්‍රමසිංහ රටේ දැවෙන ප්‍රශ්ණයක් විසදුවා….

:       29       24

Rata Perata Friday, 13 September 2024 11:02 AM

ඒක හොඳයි .මේක සෑහෙන්න දැවෙන ප්‍රශ්නයක් වෙලා තිබුනේ ජනවැසියන්ට .මෙයා හිටියොත් කෙහෙලියටත් ඕක දීලා තමයි නවතින්නේ

:       31       23

අරවින්ද මොනරවිල Friday, 13 September 2024 11:19 AM

සිලින්ඩර් මුත්තාගේ විහිළු වල සීමාවක් නැහැ වගේ, හෙන්ද්‍රි පේද්‍රිස් මැතිතුමා කවදාද දන්නේ නැහැ මෙයාගෙන් සමාව ඉල්ලුවේ.

:       30       22

Nishan Friday, 13 September 2024 11:44 AM

උඩ කොමන්ට්ස් ගැන පුදුම වෙන්නේ නෑ. හමුදාවෙන් අස් වුනේ නැත්නම් පවුල්වල අයව මරනවා කියලා පස්සේ එහෙම කරපු අයට කොහේද දේශප්‍රේමයක්...?

:       13       12

Chandima D N Friday, 13 September 2024 11:45 AM

හොඳ වැඩක්... මම හිතුවේ මේ වීරයා මොනරවිල කැප්පෙටිපොළ තුමා කියලා...

:       5       3

ජනරළ Friday, 13 September 2024 12:03 PM

මේ මෝඩ පිස්සු විකාර වැඩ කරන්නේ ඇයි කියලා දන්නවද? ප්‍රේදීස් මහතා අයත් වන එක්තරා ඉතා ධනවත් ජන කණ්ඩායමක ඡන්දෙ මෙතුමාට ලබා ගන්න පුළුවන් වෙයි කියලා ඔය කවුරු හරි කේවට්ට උපදේශකයෙක් කියලා තියෙන නිසා...!

:       8       15

ගමේ එකාලා Friday, 13 September 2024 12:44 PM

ඡන්දේ ළංවෙන කොට මොලේ විකාර වෙලා? මේවාට කොහෙන් හිනා වෙන්නද මන්දා? මහ බැන්කු බැඳුම්කර හොරාකාලා රට පැන්න අර්ජුන මහේන්ද්‍රන්ටත් සමාව දීලා ඇති...!

:       3       9

ana Friday, 13 September 2024 01:27 PM

සමාව දෙන්න නොවේ ඕන නිදොස් කොට නිදහස් කිරීම... සමාව දෙන්නේ වරදක් කළ අයට...!

:       0       7

Chamila Fernando Friday, 13 September 2024 01:58 PM

රටට හරි සේවයක් කළ කෙනෙකුට ඔය මරණෙන් පසුව හරි ජනාධිපති සමාවකින් නිදහස් කළාමද කොහේද? නැතිනම් නිදහස් කළේම කුඩුකාරයෝ.., කාලකණ්ණි දේශපාලකයෝ වෙනුවෙන් කඩේ ගියා වුණා විතරයි..! 

:       0       8

Nandasena Friday, 13 September 2024 05:32 PM

සමාව දීමට වඩා එතුමා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ජාතික වීරයෙක් හැටියට නම්කළ යුතුයි. සමාව දුන්නා කියන්නේ වරදක් කළා කියලා පේනවා වගේ නේද?

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1381 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1756 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5576 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1491 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5886 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5504 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17766 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site