IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සද්ධාතිස්ස නාහිමි ගුණ සැමරේ

මැත යුගයේ දෙස් විදෙස්හි බුදු දහම ප්‍රචලිත කරවීමෙහිලා මාහැඟි සේවාවක් ඉටුකළ බහුශ්‍රැත සිල්වත් යතිවරයාණන් වහන්සේ නමක්වූ වැඩසිටි මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස නාහිමියන් වහන්සේගේ 24 වන ගුණ සමරු පිංකම සති අන්තයේ ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මාධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මහා නාහිමියන් අපවත්වී වදාළ 1990 සිට මේ දක්වා වාර්ෂිකව පැවැත්වෙන මෙම පිංකම සංවිධානය කැරෙනුයේ විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ මහා සංඝ රත්නයේ සහ දායක කාරකාදීන්ගේ අනුග්‍රාහකත්වයෙනි.

මෙවරද සද්ධාතිස්ස නාහිමියන්ගේ ගුණ සිහිපත්කර පිං පැමිණවීම සඳහා සර්ව රාත්‍රී පරිත්ත්‍රාන ධර්මදේශනයක් පවත්වා පසුදින මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිනාවක් පිරිනමනු ලැබීය.

පිංකමට මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන කිහිපයක්ම නියෝජනය කරමින් මහා සංඝ රත්නය වැඩමකර සිටියහ.

ලන්ඩන් බෞද්ධ විහාරාධිපති  බෝගොඩ සීලවිමල නාහිමි, ලන්ඩන් බෞද්ධ විහාරවාසී  තවලම බන්දුල හිමි, ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පැරිස් ජේතවන විහාරාධිපති  මුරුංගස්යායේ ඥානිස්සර නාහිමි, සද්ධාතිස්ස විහාරවාසී ආචාර්ය හාඳුපැල්පොල මහින්ද නාහිමි, නැගෙනහිර ලන්ඩනයේ අප්ටන් පාර්ක් බෞද්ධ විහාරාධිපති  ආචාර්ය කබලැවේ සිරිසුමන නාහිමි, බර්මින්හැම් මහා විහාරාධිපති ආචාර්ය විතාරන්දෙණියේ කස්සප නාහිමි, බර්මින්හැම් මහාවිහාරවාසී ඉන්දසිරි හිමි, බාර්ත් ස්පා විශ්වවිද්‍යාලයේ  මහාචාර්ය දීගල්ලේ මහින්ද හිමි, ඊස්ට්හැම් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්තානාධිපති මාකුරේ මංගල හිමි,ගාල්ල කච්චුවත්ත පුරාණ විහාරාධිපති  උළුවිටිකේ බෝධිසීහ හිමි, නොටින්හැම් ශාන්ති විහාරාධිපති රාජකීය පණ්ඩිත තෙල්දෙණියේ අමිත හිමි, ලේච්වර්ත් ධම්ම නිකේතන බෞද්ධ මධ්‍යස්තානාධිපති අකුරල සමිත හිමි, බර්මින්හැම් ජේතවන විහාරවාසී මාපලගම සෝරත හිමි, පුජ්‍ය තිස්සපුර සුගතරතන හිමි, සද්ධාතිස්ස විහාරවාසී පුජ්‍ය කැටියපේ අමිතසාර හිමි සහ  නෙපාලේ සුමන හිමි පිංකමට එක්වූහ.  

ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ වෛද්‍ය කෝකිලා වෛද්‍යරත්න සහ ලලිත් සේපාල රත්නායක ඇතුළු විශාල සැදැහැවතුන් පිරිසක් පිංකම සඳහා සහභාගී වුහ.

මෙවර පිංකම පැවැත්වුයේ සද්ධාතිස්ස නාහිමියන්ගේ ජන්ම ශත සංවත්සරයට පෙරාතුවය. මැයි මාසයට යෙදී ඇති එම සුවිසේශී දිනයේදීද උපහාර පිංකමක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව පියදස්සී නාහිමියෝ සිය අනුශාසනාවේදී සඳහන් කළහ.

ලන්ඩන් නුවර සුප්‍රකට කලා ශිල්පියකු වන ජයරත්න බණ්ඩාර අලංකාර පිරිත් මණ්ඩපය ඉදි කෙළේය. ශ්‍රී ලාංකික ගොක්කොල කලා නිර්මාණ සිහිගන්වයි.



අදහස් (0)

සද්ධාතිස්ස නාහිමි ගුණ සැමරේ

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Monday, 24 February 2014 10:16 PM

යුරෝපා රටවල වැඩ වසන නායක භික්ෂුන් වහන්සේලා මෙවැනි ආගමික උත්සවයකදී එකම වහලයක් යට එක්වී මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස නාහිමියන් වහන්සේගේ 24 වන ගුණ සමරු පිංකම සැමරීම බෞද්ධයින් වන අපට සතුටු වෙන්න පුළුවන් අවස්තාවක්. වෙසෙසින්ම අප බෙහෙවින් ගරු කරන ප්‍රංසයේ අධිකරණ සංඝනායක මුරුන්ගස්යායේ ඥානිස්සර හිමි මේ උත්සවයට පැමිණ එය සාර්ථක කරගැනීමට දායක වීම අප අගේ කරනවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 284 0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5361 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 894 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4309 2

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3872 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2503 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16909 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 266 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site