පසුගිය ඔක්තෝබර් 3 වැනි දින සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය ජංගම සේවයට ලාංකික ගෘහසේවිකාවක සෞදි දරුවකුද වඩාගෙන ආවාය.
ගමන්බලපත්‍රය දීර්ග කරගැනීමට පැමිණ සිටියේ ගෙදර හිමිකාරිය සහ ඇයගේ හුරුබුහුටි දරුවෙකු සමගය. එම දරුවා ශ්‍රී ලාංකික කාන්තාව සමග හුරතල් බස් කියමින් ඇයගේ ඇකයේම සිටියේය. දරුවා කිසිම අවස්ථාවක තම දෙමාපියන් නොසොයන බවත් තමා එම දරුවාගේ අම්මා ලෙස මට ඉතා ලෙන්ගතුවී සිටින බවත් ඇය කීවාය. මෙම දරුවා ඇයගේ ඇකයේ සිටම තානාපති නිලධාරීන්ගේ මේසය මත තුබූ ශ්‍රී ලංකා ධජය ගෙන ඇතමෑත කරන්නට විය.
ශ්‍රී ලාංකික පැවසුවේ නිවැසියන් තමාට ඉතා හොදින් සලකන බවය. මට ලැබිය යුතු සියලු වැටුප් හා අනිකුත් පහසුකම් නියමිත පරිදි ලැබෙන බවද ඇය කීවාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ දියුණු රටවල නම් කාටහරි පඩි ගෙව්වේ නැත්නම් හාම්පුතාට වෙන්නේ හිරේ යන්න. ඒ රටවල් දේශපාලනමය මට්ටමින් මොන වැරදි කලත්, සාමාන්‍ය නිති රීති තරාතිරම නොබලා අකුරට පිළිපදිනවා. (නදී)
අනේ වාසනාවන්! (නි)
අහන්නත් සතුටුයි (නි)
කතාව හරි. පුදුමයක් නැහැ(නි)
මම අවුරුදු 6ක පොඩි ළමයෙක් බලනවා. ඒ ළමයා ඉපදුන දවසෙ ඉඳලා මමයි බලාගන්නේ.අවාසනාවකට ඒ ළමයාගේ තාත්තා එයා ඉපදිලා මාසයකින් නැති වුණා.මේ අවුරුදු 6ම මම එයාව බලාගත්තේ මගේ ඇස් දෙක වගේ.එයා මට අම්මාට වගේම ආදරෙයි.එයාගෙන් අම්මාටද මටද අදරේ කියලා අහපුවාම එයා කාට වුණත් කියන්නේ මට කියලා.එයාගේ අම්මටත් හිතාගන්න බැහැ මේ ආදරේ ගැන.එයාගේ අම්මා වුණත් මට සළකන්නේ සහෝදරියකට වගේ.මේ ආදරේ සෙනහස දාලා මටත් මගේ රටට යන්න බැරුව ඉන්නේ.දරු සෙනෙහසට ජාති බේද,ආගම් බේද නැහැ. (නි)
මම ඉන්නෙත් සෞදි අරාබියේ.95% හොඳ මිනිසුන් මෙහෙ ඉන්නවා.ලංකාවේ දවසකට මොනතරම් කාන්තාවන්ට අතවර වෙනවද? පොඩි ගැහැණු ළමයෙකුටවත් බස් එකක නිදහසේ යන්න බැහැ නේද? ලංකාවේ ගෙදරක වැඩට ගියත් ප්‍රශ්න නැතුව ඉන්න පුලුවන්ද? නිදහසේ රැකියාව කරන ගැහැණු නැති තරම්. එක රටකට ඇඟිල්ල දික්කරනකොට ඇඟිලි හතරක් අපේ රටට හැරිලා තියෙන්නේ.උදාහරණ ඕනෑ තරම් දෙන්න පුලුවන්. මම මගේ ලංකාවට ආදරෙයි.ඇත්ත ටිකක් දිරවන එකක් නැහැ. (නි)
සිල්වා කියනදේට මමත් එකඟයි (නි)
හැම ලංකාවේ කාන්තාවකටම ඔය පින පෑදෙන්නෙ නැහැනේ! (නි)
කරදරයක් නැත්නම් ඉතින් එච්චරයි (නි)
දැන් මේ කියන්නේ සෞදිය හරි හොඳයි කියලද? (නි)
මම එංගලන්තයේ පොත් සාප්පුවක වැඩ කරන්නේ. මටත් සෞදි යන්න හිතෙනවා, පින පෑදෙයිද බලන්න. (නි)
වෙලාවට පඩි හා දීමනා ගෙවන එක කම්කරු අයිතිවාසිකමක්. මේක පිනක් කියලා පේන එකේ යට් අදහස "බහුතරයකට එහෙම නැහැ කියන එකද? මම නම් යන්තම් පිනක් කරලා තිබුනා වැඩ කරපුවට සල්ලි ගන්න" කියන එකද? (නදී)
අනේ! අපිට මේ පින නැහැනේ (නි)
"මටත් සෞදි යන්න හිතෙනවා, පින පෑදෙයිද බලන්න" ඒවා ඉහත කරලා තිබෙන පව් පින් අනුව. (නදී)
ඒ බන්ඩෝ මේ බන්ඩෝ සෞදි ගැහැණු ලස්සන දෝ (නදී)
මමත් යනවා (නි)
පින කියන්නේ මේකද මලේ ? (නදී)
අපේ ලාකික කාන්තාවන් ගොඩක් අමාරුවේ දාන්නෙත් අපේ ලාංකිකයන්ම තමයි. ගෙවල් වලින් පන්නගෙන වැඩි පඩි අරන් දෙන්නම් කියල මොවුන්ව නොයෙක් අපචාර වැඩ සඳහා යොදාගන්නවා. ලංකාවේ පිරිමිත් බාගෙට බාගයක් අරාබිකාරයින්ට අහුවෙන්නේ අරක්කු පෙරන්න ගිහිල්ලයි, ගැණු හුටපට වලටයි. සුලේයිමානිය, ඔලෙයිය පැත්තේ වෙන්නෙම ඕවා තමා (නදී)
කෝ මෙයාට ගෙයක් දොරක් වත් හදල දීලද සෞදියේදී පින පෑදුනයි කියන්නේ? අපි ලජ්ජා නැති ජාතියක්. මොකද මෙච්චර හොඳ රටක් තිබිලත් සෞදියේදී කාන්තාවන්ට වුන අතවර අහලත් ගෑනුන්ගෙන් හම්බකරගෙන කන්ට තව තවත් රට යවන එක. (නදී)
මෙ දරුවා දෙමව්පියන්ව හොයන්නේ නැත්නම් ඒක මහා භයානක තත්වයක්. ලෝකෙ කෙහේ රටක වුනත් දරුවො හොයන්නේ තමන්ගෙ දෙමව්පියන්ව. (නදී)
කාටත් හිමි පොදු දේ නම්. නැති බැරිකම් අවහිර කම්. මේ දේ මැඩගෙන දස්කම්. පෑම තමයි සුරුවිරුකම්. උස් තැන් දැක හැකිලෙන්නේ. මිටි තැන් දැක පුප්පන්නේ. නිවටුන් බව සිතමින්නේ. මගේ පුතා නිදියන්නේ. (එස්. මහින්ද හිමි) (නදී)
හ්ම්... අපිත් සතුටු වෙමුකෝ එහෙනම් ඉතින්... (නි)
එහෙ සෞදි අම්මලා දරුවෝ ගැන වැඩිය හොයන්නේ නැහැ. දරුවා ඉපදෙනකොටම නැනි කෙනෙක් ගෙනල්ල තියාගන්නවා. සූප්පුවයි කිරි බෝතලෙයි එක්ක දරුවා ලොකු වෙනකම් බලාගන්නේ මේ නැනිල තමයි. අම්මගෙන් වෙන්න ඕන යුතුකම් සේරම මේ නැනි කරන නිසා මේ දරුවන් අම්මට වගේ සළකන් ඉන්නේ නැනීට මෙන්න මේ කාරණය නිසයි. (නදී)
ඇත්තටම සෞදිය වගේ රටකින් අහන්න ලැබෙන දේවල් අතරින් මේ වගේ දෙයක් අහන්න ලැබිමත් සතුටුයි. මේ දරුවා නිසා වත් ලැබුන පිනක් තමා. එ්ත් මන් නම් හිතන්නේ කාලේ දික් නොකර ගොහින් එන්නම් කියා වත් යන්න තිබුනා. මොකද ඔය හොද කවදා වෙනකම්ද දන්නෑ. ඔය මනුස්සයන්ට චුට්ට බැරි උනත් ඇති. කරපු හොද ඔක්කොම යටයි. කොච්චර නැති බැරි කම් උනත් අග හිග කම් තිබ්බත් ජිවිතේ ඊට වඩා වටිනවා. දෙවි පිහිටෙන් දික්කරගත්ත කාල සීමාව නිමා උනාම ලංකාවට යන්න (නදී)
මේ රටේ ශ්‍රී ලංකාවේ ගැහැණු විදින දුක දන්නේ මේ සෞදියේ ඉන්න අපි විතරයි. මෙහෙට නම් එන්න හීනෙකින් වත් හිතන්න එපා. (නදී)
මේ වගේ පින පෑදෙන්නේ සුළු පිරිසකට පමණි (නදී0
සෞදීයේ ඉන්න අම්මලට ළමයි බලන්න වෙලාවක් නැහැ. කොයි වෙලෙත් ෂොපින්. ඉතින් වැඩට ඉන්න කෙනාට අම්මට වගේ ලං වෙන එක අහන්න දෙයක් නෙමෙයි. අනික සෞදියේත් ඉන්නවා හිත හොඳ මිනිස්සු. එහෙම අය වෙලාවට පඩි ගෙවනවා. මනුස්සයින්ට වගේ සලකනවා (නදී)
මොකුත් කියන්න බැහැ (නදී)
බණ්ඩා, තේරෙන්නේ නැද්ද සුදු හුණු ගානවා කියන්නේ ඕකට තමා, අන්න යන්න චෝයි රට. (නදී)
කාන්තාවන් ගැබ් ගෙන , එම දරුවන් කුසේදීම නැති කරගෙන (ගබ්සා කරගෙන) එන්නෙත් පිනට තමා. (නදී)
අහෝ අපේ ලක් ගෑනුන්ට ගිය කල. ඇදුමත් වෙනස් වෙලා (නදී)
කොතැන හිටියත් අනුන්ගේ තැනක කරදරයක් නැත්නම් ඇත්තෙන්ම සසර කල පිනක්. අධම මිනිසුන් හමුවන අය කොතරම් ඉන්නවද ? ඇත්තෙන්ම සහෝදරිය ඔබ පින්වන්තියක් (නදී)
මෙලෝ රහක් නැහැ (නදී)
සෞව්දිය හරිම හොඳ රටක් වගේ නේද මෙයා. තව තව ප්‍රවර්ධනය කරන්න ඔිනේ ඔය වගේ රට වලට යන්න. (නදී)
මට නම් මෙයට හු කියනවා හැර වෙන දෙයක් කීමට නැත (නදී)
මුන් වගේ කපටි ජාතියක් ලෝකෙම නැහැ. වැඩකාරියක් ගන්න රුපියල් ලක්ෂ 6 ක් පමණ ගෙවන්න ඕනේ. ඒ නිසා දැන් ආදරෙන් ඉන්නවා (නදී)
දැන් මොකක්ද මෙතන පෑදිල තියෙන පින ?(දිල්)
මැක්ෂාන් සිල්වා, කනගාටුයි තමයි අපේ ලංකාවේ කාන්තාවන්ට ඇතිවෙලා තියෙන ඉරණම දැක්කම. ඒත් මේ ගෑනු කෙනාගේ ඇඳුමට මොකුත් කියන්න බැහැ (නදී)
අර කියන්නා වගේ මොකක්ද පෑදිච්ච පින. සේවකයට ඔහුගේ වැටප ගෙවිය යුතුයි (නදී)
අපේ ලංකාවේ ගෘහ සේවිකාවෝ දරුවන්ට හරි ආදරෙයි. එ්නිසා දරුවොත් ආදරෙයි. මමත් කුවෙට්වල පොඩි දරුවෙක් බලගත්තා. මම ලංකාවට යන දවසේ දරුවාගේ අම්ම මොකද දන්නවද මට කිව්වේ ඔයාගේ මුහුණ වතුර බේසමකට සෝදලා ළමයට බොන්න දෙන්න කිව්වා. නැත්නම් ළමයට සංකාව හැදෙයි කිව්වා. පිළිගනිද ඔයාල මෙය සත්‍ය කතාවක් බවට. මම ඒ දරුවා බැලුවේ මගේ අැස් දෙක වගෙයි. (නදී)
අනේ මෙහෙමත් ලජ්ජා නැති ජාතියක්. ලංකාවේ ගැහැනුන්ව වහල් කමට යවලා විදේශ විනිමය හොයනවා. කරන්න පුලුවනි නම් ගැහැණු රට යවන එක නතර කරන්න. (නදී)
ආදරේ කරනවා වගේම තමයි දරුවට මොකුත් උනා නම් බෙල්ල ගහලම යාවි (නදී)
ගොඩක් හොඳ මිනිස්සු සෞදි අරාබියේ ඉන්නවා සුළු කොටසක් පමණයි තවම තිරිසනුන් වගේ ඉන්නේ. (නදී)
හැමෝටම ඒ විදිහට සලකනවා නම් හොඳයි (නදී)
මොකක්ද පින? (නදී)
ගොඩක් හොඳ මිනිස්සු සෞදි අරාබියේ ඉන්නවා. ඇත්තෙන්ම ඔබ පින්වන්තියක් (නදී)
සෞදිය නෙමෙයි, ඔය මැදපෙරදිග රටවලට යන අපේ ඔක්කොම කාන්තාවන් පින්වන්තියන්. අනේ අනිච්චන් මෙහෙමත් රටවල්! (නි)