IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


සංධාන මැරයෝ දොස්තරට ගහති

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද ආධාරකරුවන් පිරිසක් අනුරාධපුර දහයියාගම හන්දියේ දී අනුරාධපුර රෝහලේ වෛද්‍ය චමල හේරත්ට පහරදී බරපතල තුවාල සිදුකැර ඇතැයි රෝහල් ආරංචි කියයි. සංගීත සංදර්ශනයක් පැවැත්වෙන ස්ථානයක දොස්තරගේ කාරය නතර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බහින් බස් වීමක දී මැරයන් දොස්තරට පහරදී කාරයට ද අලාභයක් කැර ඇතැයි රෝහල් ආරංචි පවසයි.



අදහස් (0)

සංධාන මැරයෝ දොස්තරට ගහති

සිසිර Friday, 31 August 2012 11:41 PM

මේ පාරත් ඔබේ වටිනා ඡන්දය මේ මැරයන්ටම දෙන්න.. එතකොට සියළු ගැටලු විසදේවි..!!(නු)

:       0       0

කන්කානම්ගේ Friday, 31 August 2012 01:38 PM

කමක් නැහැ. මේ පාරත් ගිහින් ඔබේ වටිනා ඡන්දය දී එන්න. (නි)

:       0       0

දර්ශන් Friday, 31 August 2012 01:44 PM

ජනපතිතුමනි, මෙම මැරවරයන් මඩින්න කටයුතු කරන්න. (නි)

:       0       0

ප්‍රසාද් Friday, 31 August 2012 02:57 PM

මෙතැන ප්‍රශ්නය වෙලා තියෙන්නෙ දොස්තර මහත්තයගෙ පුද්ගලික ප්‍රශ්නයක්. ඇයි ඒකට රාජකරිය පටලවා ගන්නේ?

:       0       0

අනුර Friday, 31 August 2012 03:14 PM

මැරයන්ට දොස් කියල වැඩක් නැහැ. ගහන, මරන, කඩන බිදින එක ඔවුන්ගේ සාමාන්‍ය රාජකාරියනේ. ඒකනේ ඔවුන්ට 'මැරයෝ' කියන්නේ. පිළිතුරු දෙන්න ඔවුන් හසුරවන අයට. එහෙම නොකරන අපියි මෝඩයෝ. (නි)

:       0       0

රංග Friday, 31 August 2012 04:07 PM

වර්ජනය පටන් අරන් නේද? මැරයන්ට ඡන්දෙ දෙන ලෙඩ්ඩුන්ට හොඳ පාඩම්. (නි)

:       0       0

වරුණ Saturday, 01 September 2012 08:39 AM

කෝ කෝ.. මේ ලංකාවෙ පොලිසිය..!(නු)

:       0       0

මයික් Friday, 31 August 2012 05:31 PM

කෝ මේ බලධාරීන්? රටේ නීතියක් නැහැ වගේ නේද? කවදද නීතියක් එන්නේ? හෙට? අනිද්දා? ඉන්අනිද්දා? (නි)

:       0       0

නිරාන් Friday, 31 August 2012 10:09 AM

කලබල වෙන්න එපා. මේ පාරත් වැඩේ දෙන්න ගාණට. (නි)

:       0       0

ගිහාන් Friday, 31 August 2012 10:10 AM

මේක සුලු දෙයක්නේ. (නි)

:       0       0

අනුර Friday, 31 August 2012 10:10 AM

ඔන්න දැන් හෙට ඉදන් වර්ජනය කරන්න පටන් ගනීවි. (නි)

:       0       0

රිස්වාන් - සවුදි Friday, 31 August 2012 10:19 AM

කාගේ කට්ටියද දන්නේ නැහැ? (නි)

:       0       0

උදයංග Friday, 31 August 2012 10:33 AM

දැන් ලංකාව පුරාම වර්ජන දියත් කරයි. නැතුව ඉතිං සාධාරණයක් වෙන්නේ නැහැනේ. (නි)

:       0       0

රෝහණ Friday, 31 August 2012 10:46 AM

එහෙනම් හෙට අනිද්දාම වර්ජනයක් පටන් ගනීවි. (නි)

:       0       0

සංජය Friday, 31 August 2012 10:53 AM

මේක නම් වෙන්න බැහැ. දොස්තරද දන්නේ නැහැනේ ගැහුවේ? පවු අනේ මැරයෝ. (නි)

:       0       0

මනෝහරන් Friday, 31 August 2012 11:05 AM

ඔන්න දැන් ඊළගට කෑ ගහයි වර්ජනය කළහම ලෙඩුන් මැරෙනවා කියලා. (නි)

:       0       0

ලලිත් - කටාර් Friday, 31 August 2012 11:25 AM

මේ මැරයන් වැස්සකටවත් පාසල් ගිය අය නෙමෙයිද කොහෙද? (නි)

:       0       0

ලුම්බිණි Friday, 31 August 2012 11:25 AM

හිතා ගන්න අමාරුයි. සංගීත සංදර්ශනයක් තිබුණා නම් මොකද ඒක අස්සේ කාර් නතර කරන්නේ. සමහර විට දොස්තර නිසා වෙන්න ඇති. අනික් පැත්තෙන් හැම එකටම ගහන එකනේ මේ අයගේ පුරුද්ද. කවුරුත් උත්සාහ කරන්නේ තමන් තමයි ලොක්ක කියල පෙන්නන්න. (නි)

:       0       0

නිලන්ත Friday, 31 August 2012 09:28 PM

මැරයන්ට ඡන්දය දෙන්න ඕනෑ නැහැ. එයාලා කොහොමත් දිනුම්. (නි)

:       0       0

ගුණරත්න Friday, 31 August 2012 11:26 AM

අනේ අහිංසක මැරයෝ....? (නි)

:       0       0

අමිල කටුනායක Friday, 31 August 2012 11:32 AM

ඕවට ගියොත් නම් ඉතිං කාට කාට වුණත් බෙහෙත් හම්බ වෙයි. (නි)

:       0       0

අමිල කටුනායක Friday, 31 August 2012 11:40 AM

දොස්තර මහත්තයාට ගැහුවේ කොන්දොස්තර මහත්තයෙක්ද දන්නේ නැහැ. (නි)

:       0       0

ගයා Friday, 31 August 2012 11:33 AM

මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්. (නි)

:       0       0

රිස්වාන් - සවුදි Friday, 31 August 2012 11:43 AM

අමිල, හදිසියේවත් දොස්තරට ගහලා තියෙන්නේ දොස්තර කෙනෙක්ම නම් වැඩේ ගොඩින් බේරෙයි. (නි)

:       0       0

කමල් Friday, 31 August 2012 11:49 AM

මට නම් දැන් ආණ්ඩුවේ වැඩ එපාවෙලා. (නි)

:       0       0

කීර්ති Friday, 31 August 2012 09:56 PM

තවම එක දොස්තර කෙනයි නේද මැරයන්ගෙන් ගුටි කෑවේ? ඔන්න ඔහේ ඡන්දය දීලා දාන්න. (නි)

:       0       0

කීර්ති Friday, 31 August 2012 09:50 PM

රටක නීතියේ ආධිපත්‍ය බිදවැටීම බෙහොම භයානක දෙයක්...!!(නු)

:       0       0

ජයකොඩි Friday, 31 August 2012 12:19 PM

කමල් ඔබම හරි. දෑන් බොරුවයි,වංචාවයි තමයි රජ කරන්නෙ. මෑරයන් සහ දුෂකයන් පාලකයන් බවට පත්කරන පළාත් සභා ඡන්දය පවා ජනතාව වර්ජනය කළ යුතුයි. (නි)

:       0       0

ඩයස් Friday, 31 August 2012 12:50 PM

මේක කුමන්ත්‍රණයක්ද දන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1451 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කොළඹට කණ්ඩායම් 50ක් පොරපිටිය
2024 ඔක්තෝබර් මස 11 9 0

මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 33 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


අම්මයි - පුතයි දුම්රියට බිලි
2024 ඔක්තෝබර් මස 11 222 0

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ
2024 ඔක්තෝබර් මස 11 399 0

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.


ජාජබ ජාතික ලයිස්තුව
2024 ඔක්තෝබර් මස 11 395 0

2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39959 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25929 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1293 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site