බ්‍රසීලයේ සිට මෙරටට ගෙනා සීනි කන්ටේරයක් තුළ තිබී රුපියල් කෝටි 300 ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 100 ක් රේගු මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අද (14) අත්අඩංගුවට ගෙන ඇත.
ඔරුගොඩවත්ත රේගු අංගනයේ දී සිනි කන්ටේනරය පරික්ෂා කිරිමේදී මෙම කොකේන් තොගය සොයා ගැනීමට හැකි වු බව රේගුව පවසයි.
(ඡායාරූප අසාම් අමීන්ගේ ට්විටර් ගිනුමෙනි)
ඡායාරූප හා වීඩියෝ - ළහිරු හර්ෂණ






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමතක කරන්න එපා ඉස්සර කුඩු ඇල්ලුවහම ආණ්ඩුවේ සමහර ලොක්කෝ හෙලිකොප්ටර් වලින් ගිහිල්ලා කුඩු මුදලාලිව බේරපු හැටි. එ්ත් දැන් ඒකේ අනික් පැත්ත සිද්ධවෙන එක රටටම ආශිර්වාදයක් නේද? අඩුම ගණනේ හොඳ දේ හොඳ විදිහට බලන්න පුරුදු වෙමු නේද ජාතියක් වශයෙන්. (නි)
මේවායේ වටිනාකම රුපියල් කෝටි 300ක් කියලා තියෙනවා නේද. ඇත්තටම රජයට බැරිද මේවා මුදල් කරන්න. එහෙම පුලුවන්නම් එහෙම කරලා ඒ මුදල් වලින් අර ගංවතුරෙනුයි , නායයාම් වලිනුයි , සාලාව කදවුර අවටයි අවතැන්වුණු අයට ගෙවල් හදලා දෙන්න. මේවා ගෙන්නපු අයටත් ලොකු පිනක් සිද්ධ වේවි (බ)
කුඩු ආනයනය කළ තැනැත්තාට මිලියන 300 රජයට ගෙවන්න කියන්න.අත්සිටවූ හිර දඩුවමක් දෙන්න. හිරේ යවලා නිකම් කන්න දෙනවට වැඩිය එක හොදනේ. (බ)
අර පහුගිය ආණ්ඩුව කාලේ කුඩු කන්ටේනරයක් ගෙන්නපු කෙනාට දීපු දඬුවම මොකක්ද? (නි)
මේකේ ඇත්ත නැත්ත ඉක්මණටම දැනගන්න පුළුවන් (නි)
රොහාන් තමයි දවසේ කියමන කිවුවේ. ඔන්න ඕකයි වෙනස. (නි)
අනේ අම්මපා විජේපාලට පිස්සුද? (නි)
මිනිපේ ,ඔබ හරි. (නි)
කෝටි 300ක්? මට නම් හිතාගන්නත් අමාරුයි (නි)
ඕකටත් මහින්දගෙ ගෝඨාගේ වැඩක් නොකිවොත් තමා පුදුමේ (බ)
අනේ රුවන් ඔයා පොඩි ළමයක් වගේනේ, කවුද සම්බන්ධ කියලා අහන්නේ (නි)
දැන් එතනෝල් නෑ එන්නේ කුඩු. එදා කිවුවේ කොහොමද? (බ)
ප්‍රමාණයයි වටිනාකමයි දැක්කහම නම් හිතෙන්නේ කොකේන් කන්ටේනරයෙන් සීනි එළියට කියලයි (නි)
රේගුවේ නිලධාරීන්ට අපේ ප්‍රණාමය! (නි)
දැක්කද වෙනස ඉස්සර ජනාධිපතිතුමා ගියේ සැකකාරයෝ හම්බවෙන්න දැන් ජනාධිපතිතුමා යන්නේ අල්ලාගත්තා නිලධාරීන් හම්බවෙන්න.(ම)
ඔබට සතුටුද දැන් කියලා අහමු. වෙනස වැටහෙනවා (නි)
කන්ටේනරයට සම්බන්ධ හාල්මැස්සෝ අත්හැර තෝරු මෝරු ටික අල්ලාගන්න ශක්තිය ලැබේවා! (නි)
මේ වගේ වෙලාවට තමයි ලංකාවේ සීනි ඇමතිලත් හිටියා කියලා මතක් වෙන්නේ. (ර)
පසුගිය කාලයේ කුඩු අල්ලපුවාම හිටපු ලොක්ක ගියා කුඩු මුදලාලිලා සනසන්න දැන් ලොක්ක යනවා කුඩු අල්ලපු නිලධාරීන් දිරිමත් කරන්න ඔන්න ඕක තමයි වෙනස (බ)
හිටපු ජනාධිපතිතුමාගේ කාලේ එවපු එකක් පරක්කු වෙලා තමයි ඇවිත් තියෙන්නේ. මේ යහපාලනයේ ඔහොම එකක් වෙන්න පුළුවන්ද (බ)
මෙතන අදහස් දාන කට්ටිය නඩු අහල තීන්දුවත් දීල ඉවරයි (බ)
ඕක එවල තියෙන්නේ උඩුගුවනට , නො 10 බොරැල්ල කනත්ත, බොරැල්ල. ශ්‍රී ලංකා යන ලිපිනයට..අනික අද ඕව මත් කුඩු වුනාට නඩු දානකොට, රූපලාවන්‍යයට ගෙනාපු පවුඩර් වෙනවනේ. (බ)
මේ සැරේ ගෙන්නන්න ඇත්තේ අලුත් රජයේ බලවතෙක්, එයාලත් කරට කර යන්න වැඩකරන්න එපාය. (හේ)
දැන් කව්ද මේවට වග කියන්න ඕනේ. (ර)
කන්ටේනරේ නිදහස් කරන්න කියලා කෝල් එකක් දෙයිද.? (ර)
ඔය ටික විකුණලා රජයට සල්ලි ලබාගන්න බැරිද? (ර)
බඩු ඇල්ලුවා ගමන්ම මේ කට්ටිය ඔකොම තීරණ අරගෙනත් ඉවරයිනේ පොඩක් ඉන්න පරීක්ෂණ අවසන් වුනාම කියවේ බඩු කාගේද කියලා.(හේ)
සීනි ගෙන්නුවේ කවුද (හේ)
දිට්ඨ ධම්ම කරුමය දැන් පලදිලා , මෙවන් අයට මේ සේරම පොවපල්ලා .. පව් නැහැ රටේ දරුවන් ගැන හිතපල්ලා...(අ)
මේකට කව්ද දන්නේ නෑ සම්බන්ධ.? (ර)
කලින් කීවේ පහුගිය ආණ්ඩුව කාලේ මෙහෙම මහා පරිමාණයෙන් රටට අවේ ආණ්ඩුවේ අයගේ උදවු තියෙන නිසා කියලනේ. (ර)
මේ කියන මත්ද්‍රව්‍ය හඳුන්වන්නෙත් දුඹුරු සීනි (brown suger ) කියලානේද ? ඉතින් ඇත්ත කියලා ගෙනාපු හින්දා ඔන්න ඔහේ අල්ලලා දාමු. (ර)
ෂුවර් එකටම බලවතෙක් මේකේ පිටුපස ඇති. නැත්තම් කාටද ඔච්චර වටිනා තොගයක් ගේන්න හැකියාවක් තියෙන්නේ. (ර)