IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


සනත් සමුඅරන් යළි ගහයි

ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක සනත් ජයසූරිය දැන් පැවැත්වෙන ප‍්‍රධානතම අන්තර් කී‍්‍රඩා සමාජ කි‍්‍රකට් තරගාවලියේදී ගුවන් හමුදා කණ්ඩායම නියෝජනය කිරීමට සූදානම් වෙයි. සනත් ජයසූරිය අද (සෙනසුරාදා) පෙරවරුවේදී කෙළඹ ගුවන් හමුදා කී‍්‍රඩාංගණයේදී පුහුණුවීම් වල නිරතව සිටියේය. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක, ගෲප් කපිතාන් ඇන්ඩි විජේසූරිය මහතාද පවසා සිටියේ ලබන සඳුදා (12 වැනිදා) පැවැත්වෙන තරගයේ සිට ගුවන් හමුදා පිල නියෝජනය කිරීමට සනත් ජයසූරිය සූදානම් බවයි. දැන් පැවැත්වෙන ප‍්‍රධානතම කි‍්‍රකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයෙන් තරග වදින ගුවන් හමුදා පිල මේ වන විටත් තරග තුනකට සහභාගි වී ඇත. මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයට පෙර පැවැත්වෙන ගුවන් හමුදා පිල සහ වරාය අධිකාරී පිල අතර තරගය ලබන සඳුදා බී. ආර්. සී. පිටියේදී පැවැත්වීමට නියමිතය. සිය කි‍්‍රකට් දිවියේ මුල් කොටසේදී කොළඹ කි‍්‍රකට් සමාජය (සී. සී. සී.) පිල නියෝජනය කළ සනත් ජයසූරිය, කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමට පෙර බ්ලූම්ෆීල්ඞ් කී‍්‍රඩා සමාජය නියෝජනය කළේය. වසර 2007 දී ටෙස්ට් පිටියෙන් සමුගත් සනත්, පසුගිය ජූනි මාසයේදී එංගලන්තයට එරෙහිව ලන්ඩන්  ඕවල් පිටියේදී සිය අවසන් එක්දින තරගයට සහභාගි විය. මෙම ප‍්‍රවීණ වමත් පිතිකරුවා ටෙස්ට් තරග 110 කට සහභාගි වෙමින් ලකුණු 6973 ක් රැස්කරගත් අතර ති‍්‍රත්ව ශතකයක්ද ඊට ඇතුළත් විය. එක්දින තරග 445 කදී ලකුණු 13,430 ක් රැුස්කරගෙන ඇති සනත් ජයසූරිය විසින් දවාගන්නා ලද එක්දින කඩුලූ සංඛ්‍යාව 323 කි. කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමෙන් පසුව කි‍්‍රකට් විස්තර විචාරකයකු වශයෙන් කටයුතු කළ ජයසූරිය, ශී‍්‍ර ලංකා පිල සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති ටෙස්ට් තරගාවලියේදීද විස්තර විචාරකයකු ලෙසින් කටයුතු කළේය. ජයසූරිය ගුවන් හමුදා පිලට එක්වන්නේ තරගාවලිය ආරම්භ වීමෙන් පසුව වුවත් ඔහුට ගුවන් හමුදා පිල නියෝජනය කිරීම සඳහා මේ වන විටත් අවසර ලැබී ඇති බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලධාරියකු පවසා සිටියේ කිසියම් කී‍්‍රඩා සමාජයක් සඳහා ලියාපදිංචි වීමෙන් දින හතකට පසුව එම කී‍්‍රඩකයාට අදාළ කී‍්‍රඩා සමාජය නියෝජනය කළ හැකි බවයි. විදෙස් ගතව සිටි කී‍්‍රඩකයන්, ඔවුන් දිවයිනට පැමිණි දිනය සනාථ කිරීම සඳහා විදේශ ගමන් බලපත‍්‍රය ඉදිරිපත් කිරීමෙන් පසු, එදිනම වුවත් දේශීය කි‍්‍රකට් තරග සඳහා සහභාගි විය හැකි බවත් එම නිලධාරියා පැවසීය.



අදහස් (0)

සනත් සමුඅරන් යළි ගහයි

චාන් Friday, 16 December 2011 06:24 AM

මමනම් කැමතියි මේ වැඩේට මොකද තාමත් මොනවහරි කරගන්න පුළුවන්

:       0       0

Doha Saturday, 10 December 2011 03:13 PM

ඇයි අනිත් අයගේ අවස්ථාව නැති කරන්නේ.

:       0       0

ananda .melsiripura Saturday, 10 December 2011 03:24 PM

සනත් දක්ෂයෙක්නිසා අනිත් අයට පැහැදිල් පරාජයක් අත්වෙයි

:       0       0

Amara Saturday, 10 December 2011 03:04 PM

පුළුන්නම් ගහන්න සනත්

:       0       0

Surangaj Saturday, 10 December 2011 04:57 PM

ඔහොම යං සනත් අයියා!!!

:       0       0

k.a .sanjeewa Saturday, 10 December 2011 04:40 PM

සනා බොයි තව වැඩ කිඩ පෙන්වන්න හොදේ

:       0       0

Pushpe Saturday, 10 December 2011 06:21 PM

එළ එළ ජයසූරිය අයියා...

:       0       0

චමින්ද Saturday, 10 December 2011 07:09 PM

හොදයි....... අපේ රටෙන් බිහිවූ අග්‍රගන්‍ය ක්‍රීඩකයෙක්ගෙ දායකත්වය අපේ රටට තව දුරටත් ලැබීම ගැන ...... අනාගත තරුණ ක්‍රීඩකයින්ට හොද ශක්තියක් ......මගෙන් සනත් අයියාට සුභපැතුම් ..........

:       0       0

sisira kumara Saturday, 10 December 2011 07:18 PM

සනත් වාර්තාවක් තියයිද

:       0       0

KABAB Saturday, 10 December 2011 08:28 PM

ඔයා ගුවන් හමුදාවෙද අයියේ

:       0       0

faiz Saturday, 10 December 2011 10:18 PM

මේකෙන් වෙන්නේ අලුත් ක්‍රීඩකයකුගේ අවස්ථාව නැති වෙන එක නේද

:       0       0

නිමාෂා Saturday, 10 December 2011 10:35 PM

ඇත්තටම ගොඩක් සතුටුයි සනත් අයියා ආයෙත් සෙල්ලම් කරන එක. ඔයාට සුබ පතනවා

:       0       0

රවී Sunday, 11 December 2011 01:06 AM

ගොඩක් හොද තීරණයක් සනත්

:       0       0

යූ ආර් සී ද සිල්වා Sunday, 11 December 2011 01:07 AM

සනත් අයියේ ඔබගෙ දක්ෂකම උපරිම පේනවා. යළිත් අපේ ශ්‍රී ලංකා කණ්ඩායම ශක්තිමත් කරන්න උපරිම දක්ෂතාවය ලබා දෙන්න. ඔබට ජය...

:       0       0

මුහමඩ් Sunday, 11 December 2011 01:17 AM

ඉතා හොද තීරනයක් සනත් අයියෙ.... අපිට ක්‍රිකට් එපා වෙලා තිබුනෙ මෙ දවස් වල. . . මෙ ආරංචියට එකට දෑන් අපි හරි සතුටුයි...

:       0       0

දිලීප Sunday, 11 December 2011 12:51 AM

තාම අතඅරින්න හිත නෑ වගේ

:       0       0

kans boy Sunday, 11 December 2011 05:21 AM

සෙල්ලම්කරපු එකනම් හොදයි. ඔහුට ශක්තිය තියනවා. අනිත් අයට දැනෙන්නම අරගන බලන්න.

:       0       0

සමන් Sunday, 11 December 2011 06:13 AM

ලංකාවෙ අයට ඉක්මනින් මුල අමතක වෙනවා. මගේ ආවුසත් අරගන මැරෙනකම්ම සෙල්ලම් කරන්න පුළුවන්නම් කණ්ඩායමට එන්න.

:       0       0

මොළකාරයා Sunday, 11 December 2011 08:18 AM

අපිටයි පිස්සු

:       0       0

බණ්ඩාර Sunday, 11 December 2011 08:20 AM

කොහෙද ඔය කියන අළුත් ක්‍රීඩකය ඉන්නේ.

:       0       0

gnana Sunday, 11 December 2011 08:04 AM

තවත් මොනවටද ඔච්චර?

:       0       0

ක්‍රිකට් ලෝලියා Sunday, 11 December 2011 08:40 AM

මේ වැඩේට සල්ලි කීයක් හම්බ වෙනවද?

:       0       0

රියැලිටි ප්‍රේක්ෂක Sunday, 11 December 2011 09:30 AM

යුද්දෙ කාලෙ විතරද හමුදාවෙ වීරයො දක්ෂයො හිටියෙ. දැන් ඉන්නෙ ගායකයො විතරද..?

:       0       0

පොඩිඑකා Sunday, 11 December 2011 09:50 AM

සනත් මහත්තයට කියල පුහුණු කරවගෙන හමුදාවෙ දක්ෂයො ටිකක් මතුකර ගත්තනම් නේද හොද...? එහෙම වුනොත් අපේ හෙට පරපුර බිහිවීම සිදු වේවි.

:       0       0

හිරන්ත Sunday, 11 December 2011 10:31 AM

අනෙක් අයගෙ අවස්ථාව නැති වෙන්නේ කොහොමද?

:       0       0

ශාන් Sunday, 11 December 2011 10:30 AM

මොකද සනත්?

:       0       0

සරත් පෙරේරා Sunday, 11 December 2011 10:31 AM

ජයසූරිය ලංකා කණ්ඩායමට නැවත ක්‍රීඩා කරනවනම් මම මීට වඩා සතුටු වෙනවා

:       0       0

පොඩිඑකා Sunday, 11 December 2011 12:21 PM

ලංකාව වෙනුවෙන් ලෝකය ඉදිරියේ ඔහු තවත් ක්‍රීඩා කරනවට අපිත් කැමතියි. ඒත් අපි කියන්නෙ රට ඇතුළෙදි දැන් ඔහු ‍ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙක් මිසක් ක්‍රීඩකයෙක් නොවෙයි කියන එකයි.

:       0       0

උපුල් Monday, 12 December 2011 12:01 PM

ආර්ථීක ගැටඵ ඇති

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශිෂ්‍යත්ව පේපරේ වට්ස්ඇප් යැවූ ගුරන් තිදෙනකු පන්නයි
2024 සැප්තැම්බර් මස 19 1029 1

අනුරාධපුර,රත්මලේ තිස්ස විදුහලේ පහ වසර ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයේ සේවය කළ ශාලාධිපති ඇතුළු තිදෙනෙකුගේ සේවය අත්හිටුවිමට පියවර ගෙන ඇති බව උතුරු මැද ප


අපේක්ෂකයින් ප්‍රවර්ධනය කළ නිලධාරීන් 9ක් රාජකාරියෙන් ඉවතට
2024 සැප්තැම්බර් මස 19 1347 0

දේශපාලන කටයුතුවල නියැලී ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනයට කටයුතු කළ බව කියන හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් නව දෙනෙකු මැතිවරණ රාජකාරී කටය


ෆේස් බුක් තවම ඡන්ද වැඩ
2024 සැප්තැම්බර් මස 19 1230 0

සමාජ මාධ්‍යයන්හි මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව අදාල පාර්ශවවලට නියෝග ලබාදී ඇතත් තවමත් ඒ ප්‍රචාරක කටයුතු සිදුවන බව වාර්ත


නිල නොවන ඡන්ද ප්‍රථිපල නිකුත් කිරීමෙන් වළකින්න
2024 සැප්තැම්බර් මස 19 499 0

ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලැබෙන තෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම පාර


ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කරයි
2024 සැප්තැම්බර් මස 19 1224 0

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබේ.


ට්‍රැක්ටරයක ගැටී සිව්දරු මව මරුට
2024 සැප්තැම්බර් මස 19 310 0

ඇතුන්ගම,උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේදි ස්කුටර් වර්ගයේ යතුරු පැදියක ගමන්ගත් 62 හැවිරිදි කාන්තාවක් ට්‍රැක්ටරයක ගැටී අද (19) මියගිය බව තිරප්පනය ප


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 46 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 75 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site