ප්‍රවින චිත්‍රපට කැමරා අධ්‍යක්ෂවරයකු වූ ඇන්ඩෲ ජයමාන්න ඉතාලියේ දී අභාවප්‍රාප්ත වූයේය. මියයන විට 71 වැනි වියේ පසුවූ ජයමාන්න මහතා හාරලක්ෂය, හංසවිලක්, තුන්වැනියාමය, සතිපූජා, සුද්දිලාගේ කථාව, සෙයිලම සිරිමැදුර, විසිදැල, මංගල තෑග්ග වැනි සම්මානනීය සිනමා නිර්මාණ රැසක කැමරා අධ්‍යක්ෂවරයා වූයේය.
ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන කටයුතු ආරම්භයේ පටන්ම පුරෝගාමී නිර්මාණ ශිල්පියකු වූ හෙතෙම පිටපත් රචනය, අධ්‍යක්ෂණය හා සංස්කරණයෙන් ද නිර්මාණ ශීලී දායකත්වය සැපයුවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව! (නි)
මගේ හිතාදර මාස්ටර්ට ( අයියාට ) නිවන් සැප ලැබේවා ! (අ)
ඇන්ඩෟගෙ දක්ෂතාවය මනින්න හාර ලක්ෂය චිත්‍රපටිය හොඳම සාක්කියක්. (අ)
දෙව් මව් තුරුලේ සැනසේවා! (නි)
මගේ ජීවිතයේ හමුවූ කාරුණික නිහතමානී අවංක ගුරු පියාණනි ඔබට ස්වර්ග සුව. (දිල්)
ඔබතුමාට නිවන් සුව අත් වේවා. ඔබෙන් වූ සේවය සදා අමරණීයයි. (නදී)
මෙතුමා ජාතික රුපවාහිනියේ ඉන්න කාලේ "ගමේ විත්ති" කියලා ටෙලි නාට්‍යක් අධයක්ෂණය කළා. නියම නාට්‍ය. කරුමෙට ඒකාලේ හිටියා මර්වින් සිල්වා වගේ ජන මාද්‍ය නියෝජ්‍ය ඇමති කෙනෙක් ඒ. ජේ. රණසිංහ කියලා. නාට්‍ය මගදී අතුරුදහන් කළා. (නදී)
තවත් මහා වෘක්ෂයක ඇදවැටීම. ඔබට නිවන් සුව ! (නදී)
චාමින්ද ජයමාන්න මගේ බලවත් ශෝකය. ඔබේ පියාට නිවන් සුව. මම අැක්වයිනාස් ඉන්ග්ලිෂ් පන්තියේ යාලුවෙක්. (නදී)
මෙතුමා ලාංකික සිනමා ක්ෂත්‍රයේ යුග පුරුෂයෙකි. ඇති දක්ෂ සිනමා කැමරා අධ්‍යක්ෂක වරයෙකු වූ මෙතුමා තාක්ෂණය අවම වශයෙන් භාවිතා කල යුගයක පවා ගත් සමහර කැමරා කෝණයන් ගැනීමට අදත් සමහරුන්ට නොහැකිය එසේත් නැත්නම් විශාල දොඹකර ගෙන්වා මහා පිරිවැයක් යොදවයි. එකල බොහෝ චිත්‍රපට ජනප්‍රිය වුනේ දක්ෂ රංගනය සහ මනහර ගීත නිසාම නොවේ, මෙතුමාගේ ප්‍රේක්ෂක සංවින්දනය දනවන කැමරා කෝණද ඊට හේතු විය. 'මරුවා සමග වාසේ' චිත්‍රපටය මීට හොඳ උදාහරණයකි. අද කාලේ විවිධ ලාබාපෙක්ෂාවන් සොයා කඩේ යන සිනමා කරුවන් අතර මොහු නොමිලේ කැමරාකරණය ඉගැන්වූ උතුම් මිනිසෙකි. ඔබට නිවන් සුව පතමි. (නදී)
ඔබට සසර කෙළවර නිවන් සුව ලැබේවා! (නි)
ඔබතුමාට නිවන් සුව පතමි. (අ)
ඔබතුමාට මොක් සුව පතමි. (නි)
කලාකරුවාණනි, ඔබට මොක්සුව පතමි (නි)
නිවන් සුව පතමි! (නි)
ඔබට නිවන් සුව පතමි ! (නි)
දක්ෂ කැමරා අධක්ෂකවරයෙක්,එතුමාට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි . (අ)
මගේ කණගාටුව සහ උපහාරය !ඔබතුමාට නිවන් සුව පතමි. (අ)
වටනා කලා කරුවෙක්, යහපත් මනුස්සයෙක්. ඔබට සුභ රාත්‍රියක්. (අ)
සාතිශ්‍ය සංවේගය (අ)
ගරු කල යුතු කලා කරුවෙක්. මගේ කණගාටුව සහ උපහාරය! (අ)