IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


සෙනසුරු මාරුව

අඟහරුවාදා සිදු වූ සෙනසුරු මාරුවෙන් ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශයන්හි ජ්‍යොතිෂය විශ්වාස කරන බොහෝ දෙනා අනවශ්‍ය බියකට පත්ව ඇති බවත් පෙනෙතියි ඉන්දියාවේ සහ බටහිර ජ්‍යොතිෂය පිළිබඳව පර්යේෂණය කර ඇති ස්කොට්ලන්ත බෞද්ධ විහාරාධිපති කඹුරාවල සිරි රේවත හිමියෝ කියති. ලංකාදීප එසැණ පුවත් වෙනුවෙන් විමැසූ ප‍්‍රශ්න කීපයකට උන්වහන්සේ පළ කළ අදහස් මෙසේය. පෘතුවිය මෙන් නව ගුණයක් විශාල ශනි ග‍්‍රහයා සාමාන්‍යයෙන් එක් රාශියක ගමන් කරන්නේ වසර දෙක හමාරකි. එහෙත් මෙම වසරේ තුලා රාශියට පැමිණෙන සෙනසුරු වසර තුනක් එහි ගමන් ගනී. ඔහු තුලාවෙන් වෘශ්චිකයට යන්නේ 2014 නොවැම්බර් 14 දිනයේය. බොහෝ බටහිර ජ්‍යොතිෂ්‍යවේදීන්ට අනුව නම් ශනි සුභ ග‍්‍රහයෙකි. විශේෂයෙන්ම තුලා රාශියට පැමිණ උච්චව සිටින විට සැමට සාධාරණය ඉටු කරයි. තමන් සතු හොඳම දේ ඉතාම ඉහළින්ම දෙයි. කිරා බලා මැනවින් සුදුස්සාට සුදුසුම දෙයි. සාමාන්‍ය ජනතාව සිතන්නේ ශනි දුකට අධිපති බැවින් දුකම දෙන බවකි. වැඩිපුර මාස හයක් ද සිටිනා බැවින් මේ මාස හය ඉතාම නරක කාලයක් ලෙස ද සිතති. නමුත් බටහිර ජ්‍යොතිෂ මතය වනුයේ මෙම මාස හය ශනිගේ හොඳම කාලය බවයි. මෙම කාලය බොහෝ අයට සුබ ඵල ගෙන දෙනු ඇත. විශේෂයෙන් ම සෙනසුරුගෙන් පීඩිතව සිටි කන්‍යා ලග්න හිමියනට තම අපල කාලය අවසන් වන්නේ අහිමි වූ බොහෝ දේ යළි ලබා දෙමිනි. සෙනසුරු ග‍්‍රහ මාරුව තමාට සුබ අසුබදැයි නිවැරදිව දැනගත හැක්කේ තම කේන්ද්‍රයේ ශනිගේ සහ චන්ද්‍රයාගේ පිහිටීම ද දැනට ලබා ඇති මහ දශා සහ අතුරු දශා ද අනුවය. එසේ පරීක්ෂා නොකර ශනි මාරුව තමාට අපල යැයි අනවශ්‍ය බියකට පත්වීම සුදුසු නොවේ. ශනි දොළොස් වැන්නේ ගමන් ගන්නා වෘශ්චික ලග්න හිමියන්ට ද ශනි ලග්නයේ ගමන් ගන්නා තුලා ලග්න හිමියන්ට ද ශනි දෙවැන්නේ ගමන් ගන්නා කන්‍යා ලග්න හිමියන්ට ද ශනි අට වැන්නේ ගමන් ගන්නා මීන ලග්න හිමියන්ට ද මෙම කාලය තුළ බුද්ධානුස්සති භාවනාව සහ ආනාපාන සති භාවනාව, වැඞීමෙන් ද එළඹ සිටි සිහියෙන් කටයුතු කිරීමෙන් ද ශනිගෙන් ලැබෙන අසුභ අඩු කොට උසස් යහපත් ඵල ළඟා කර ගත හැකිවනු ඇත. තමා අදහන ආගම අනුව ප‍්‍රතිපත්ති ගරුකව ජීවත්වීමෙන් ශනි මාරුව ජීවිතයේ යහපත් දියුණුවක් සඳහා ද සිතේ සතුට වර්ධනය කර ගැනීම සඳහා ද හේතුවනු ඇත.



අදහස් (0)

සෙනසුරු මාරුව

වසන්ත නාත් පතිරත්න බිබිලේ Thursday, 17 November 2011 10:13 AM

අනවශ්‍යය බිය ඇතිකර ගන්න එපා.තමන් අදහන ආගමට අනුව දැහැමිව ඡිවත් වෙන්න . එවිට තමන්ගේ ඡීවිතය ඡයගන්න පුලුවන්.පවි වැඩ කරන වැරදි වැඩ කරන අය තමයි මෙි විදිහට බයවෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සිරි දළදා වන්දනාවේ කාලය වෙනස් කරයි
2025 අප්‍රේල් මස 21 8 0

මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ


පුංචි ඡන්දයේ පැමිණිළි 1,874 ක් දක්වා නගී
2025 අප්‍රේල් මස 21 10 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.


අවුරුද්දට අධිවේගි මාර්ගවලින් කෝටි හතරහමාරක ආදායමක්
2025 අප්‍රේල් මස 21 53 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460 ක් හෙවත් රුපියල් කෝටි හතරහමාරකට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයු


ඔස්මන් ඝාතනයට අත්අඩංගුවටපත් අයෙක්ගේ නිවසේ ගිනි අවි-පතුරොම්
2025 අප්‍රේල් මස 21 421 0

ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ටි 56 ගිනි අවි සහජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරු


’’වී එයිට් පදින්න ඉඩ දෙන්න’’
2025 අප්‍රේල් මස 21 958 2

වෙනත් නිලධාරීන් පාවිච්චි කරන වාහන ගැනීමට නොහැකි හෙයින් දැනට පාවිච්චි කරන වී එයිට් ඇතුළු සුපිරි වාහන ඉදිරියටත් පරිහරණයට ඉඩ දෙන්නැයි ආයතන ප්‍රධානීන


ගේ ඉල්ලලා ලියුමක් ආවොත් දෙනවා
2025 අප්‍රේල් මස 21 644 3

තමාගේ නිවස බාර දෙන්නැයි තවමත් ලිපියක් තමාට ලැබී නැති බවත් ලිපියක් ආවොත් භාර දෙන බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 411 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 268 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 423 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site