IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සපුගස්කන්ද තිරිහන් කරන්න ඇමරිකාවත් එයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නවීකරණ කටයුතු ඇමරිකා සමාගමකට හා එක්සත් අරාබි එමිීර් රාජ්‍යයේ සමාගමකට භාරදීමට ඛනිජ තෙල් අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව පිරිපහදුවේ නවීකරණ කටයුතු ඇමරිකාවේ වෙන්ටෙක් ඉන්ජිනියර්ස් සමාගම හා එක්සත් අරාබි එමිීර් රාජ්‍යයේ එස්.එස්.ලූටාහ් සමූහය එක්ව සිදුකරනු ඇත.

නවීකරණ කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යංශයට ඉදිරිපත් කෙරුණු ටෙන්ඩර 20 කට අධික ප‍්‍රමාණයක් අධීක්ෂණය කිරීමෙන් පසු මෙම සමාගම් වලට එම කටයුතු භාරදී ඇත.

අනෙක් ටෙන්ඩර වලට සාපෙක්ෂව අඩු වියදමකින්,අඩු කාලයකින් නමුත් ඉහළම තාක්ෂණයකින් නවීකරණය කටයුතු සිදුකළ හැකියැයි වෙන්ටෙක් හා එස්.එස් ලූටාහ් සමාගම් ද්විත්වය ඔවුන්ගේ ටෙන්ඩර වලින් පෙන්වා දී තිබේ.

නවීකරණ කටයුතු සදහා ඩොලර් බිලයන 1.5 ක පමණ මුදලක් වැය වනු ඇතැයි ගණන් බලා තිබෙන අතර එම කටයුතු අවසානයේ දිනකට තෙල් බැරල ලක්ෂයක් පිරිපහදු කිරීමේ හැකියාව පිරිපහදුවට ලැබෙනු ඇතැයි පැවසේ.

තවද පිරිපහදුව අවසානයේ ඉතිරිවන තෙල් වලින් අමතර ගුවන්යානා ඉන්ධනද,භූමිතෙල් හා ඞීසල් වැනි ඉන්ධනයන්ද පිරිපහදු කර ගැනීමේ හැකියාව ඇති කෙරෙන බවද සඳහන්ය.



අදහස් (0)

සපුගස්කන්ද තිරිහන් කරන්න ඇමරිකාවත් එයි

කරුණාජීව Thursday, 16 October 2014 09:14 AM

තිලක්ගේ,සිල්වාගේ,බන්දුලගේ අදහස් මම අගය කරනවා.(දිල්)

:       0       0

මහින්ද Wednesday, 15 October 2014 07:45 AM

ආරම්භය මෙසේ වුවත් අවසානය ..?(හේ)

:       0       0

සෑම් Wednesday, 15 October 2014 08:23 AM

මට අධිරාජ්‍යවාදීන්ට උදවු දෙන කෙනෙක් කියා කියන්න එපා. මට හිතෙන හැටියට යමක් අතිනවීන තාක්ෂණයෙන්, ගිවිසගත් මුදලට, නියමිත කාලයට අවසන්කර දෙනවා නම් ඒ යුරෝපීය ඇමරිකානු/ඕස්ට්‍රේලියානු සමාගමක් පමණයි. (නි)

:       0       0

සමන් Wednesday, 15 October 2014 08:59 AM

මගේනම් අදහස කාගෙන් වුණත් හොද දෙයක් ගන්න පුළුවන් නම් ගන්න ඕන.(හේ)

:       0       0

ශිලා Wednesday, 15 October 2014 09:06 AM

ඔය ටෙන්ඩර් පටිපාටිය අකුරටම ඉෂ්ට කරලා කියලා විශ්වාසද?(හේ)

:       0       0

රොහාන්-සෞදි Wednesday, 15 October 2014 09:17 AM

හොඳ වැඩක්.(හේ)

:       0       0

නාලි Thursday, 16 October 2014 04:09 AM

මේ විධියටවත් පෙර අපර සමබර කර ගත්තොත්. ....... ? සුනංගු වුනාට කම් නැහැ.(අ)

:       0       0

කුමාර Wednesday, 15 October 2014 10:42 AM

මේක සාර්ථක වෙන්න නම් ඇමරිකාවට මුල් තැන දී කටයුතු කරන්න.(හේ)

:       0       0

නිහාල් Wednesday, 15 October 2014 11:30 AM

අවසානයේ ඇමෙරිකානුවන්ට අයත් බොර තෙල් පමණක් පිරිපහදු කළ හැකි ආයතනයක් අපට ලැබේවි.ඉරාන බොර තෙල් වලට මොකද වෙන්නේ.(හේ)

:       0       0

තිලක් Wednesday, 15 October 2014 11:30 AM

මේ පිරිපහදුව අවුරුදු 50 ක් පැරණියි. මෙවන් ජනාකීර්ණ ප්‍රදේශයක් නොවන හම්බන්තොට නව වරාය සමීපයේ අලුත් එකක් ඉදි කරලා මේක සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සුදුසුයි. එම පිරිපහදුවෙන් නිපදවෙන අතුරු ඵල වලින් වෙනත් නිෂ්පාදන කරන කර්මාන්ත ශාලාත් අවසාන දැවිතෙල් වලින් දිවෙන තාප බලාගාරයකුත් හදන්න පුළුවන් අද අවශ්‍ය වෙන්නේ එවැනි ආයෝජනයක් මිසක් පැලැස්තර නොවෙයි.(හේ)

:       0       0

මහින්ද කැලිෆෝර්නිය Thursday, 16 October 2014 05:18 AM

අන්තිමට හරි තැනට වැඩේ බාරදීලා තියෙනවා ,තාක්ෂණයට ඇමෙරිකාවට ගහන්න කාටවත් බැහැ.(දිල්)

:       0       0

මංජු Wednesday, 15 October 2014 11:56 AM

මේකත් නොරොච්චෝලේ වගේ වෙයිද?(හේ)

:       0       0

බමුණු ආරච්චි Thursday, 16 October 2014 05:57 AM

මේක සාර්ථක වෙන්න නම් ඇමරිකාවට මුල් තැන දී කටයුතු කරන්න අපි බැඳිලා නැහැ. මොකද ඒවා කරනවට අපි සල්ලි දෙනවා. (නි)

:       0       0

ශේරෝන් Wednesday, 15 October 2014 01:50 PM

ඇමරිකාවෙන් වැඩක් කරොත් දන්නවනේ ඉතින් එල.(හේ)

:       0       0

බමුණු ආරච්චි Thursday, 16 October 2014 06:04 AM

"තාක්ෂණයට ඇමෙරිකාවට ගහන්න කාටවත් බැහැ" ඇයි ජපන්නු? ඇමරිකාවත් දැන් ජපන් වාහන පාවිච්චි කරන්නේ. ඇමරිකන් කාර් ආයතන දැන් වැහීගෙන යනවා. (නි)

:       0       0

රෝයි Wednesday, 15 October 2014 02:53 PM

අපේ අයට ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබේ තෙල් පිරිපහදුව සම්බන්ධව.(හේ)

:       0       0

සිල්වා Wednesday, 15 October 2014 04:50 PM

මම හිතන්නේ තිලක් හරි!! හම්බන්තොට ඉතාම කාලෝචිතයි 1.5 බිලියනය කියනේ ලොකු මුදලක් එකකේ දීර්ග කාලින විසදුමකට යන්න ඕනි මේ තුලින් විශාල රැකියා ප්‍රමාණයක් ඇති වෙනවා හම්බන්තොටට හොද වරායවල් පසුකම් වලින් යුක්තයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 292 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ
2024 සැප්තැම්බර් මස 30 267 1

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි
2024 සැප්තැම්බර් මස 30 394 0

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි
2024 සැප්තැම්බර් මස 30 1014 0

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්
2024 සැප්තැම්බර් මස 30 422 0

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්


දෙබරු ඇන 10 කට තුවාල
2024 සැප්තැම්බර් මස 30 86 0

බදුල්ල නගරයේ සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාව අසල ආර් .එච් .ගුණවර්ධන මාවතේ විදුලි කනුවක බැද තිබූ දෙබර කූඩුවක් අද (30) දහවල් ඇව්ස්සීමෙන් දසදෙනකු පමණ දෙබර ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38212 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25166 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 256 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 294 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site