චීන ජනාධිපති ගේ ප්‍රධානත්වයෙන් සංස්කෘතික ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ගාලු මුවදොර පැවති උත්සවයට ගෙදර තිබූ පරණ සපත්තු දෙකක් පැළඳගෙන ගිය බවත් එහි අඩි දෙකම මඟදී ගැලවුණු බවත් සංස්කෘතික ඇමති ටී.බී.ඒකනායක මහතා කියයි.
‘‘ඒ සපත්තු දෙක සුදුපාටයි. මගේ ඇඳුමට ගැළපෙන නිසා එය දමාගත්තා. හැබැයි කලෙකින් පාවිච්චි කළේ නැහැ එය පරණ සපත්තු දෙකක් මගදී අඩි ගැලවුණා ඉතින් උත්සවයටත් යන්න ඕනනේ. චීන ජනාධිපතිතුමාට අතට අත දීම කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. ඒ නිසා මම එහෙමම ගියා. අපි ගමේ මිනිස්සු. පොළවෙ අඩිය ගහල ඉන්න මිනිස්සු. සපත්තු දෙකට වෙච්චි දේ ගැන මම හිතුවේ නෑ. ඒ පින්තූර පළවී තිබුණා. ඔහොම දේවල් සිද්ධ වෙනවා. ”
http://www.lankadeepa.lk/index.php/articles/263556


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක දාගන ගියාට වැඩිය හොඳ නැද්ද පාවහන් නොපැළඳ ගියා නම්. චීන ජනාධිපති ඉස්සරහ ගම කාල නේද? සුදු ඇඳුමට සුදු සපත්තුම ඕනේ නැහැනේ (නදී)
සපත්තු දෙකේ එකම විදියට අඩි ගැලවුන එක තමා පුදුමය කියන්නේ. (නදී)
සපත්තු දෙක විතරක් නම් බැරියෑ. සරමත් ඒ විදියම තමයි. (නදී)
ඔබ ගැන වැඩි යමක් දන්නේ නෑ, නමුත් අද සමහර දේශපාලුවන් ලක්ෂ ගණන් වියදම් කරන්නේ මෙවන් දේ සදහා. ඔබ එසේ නැති බවනම් පේනවා, ඉතා වටිනවා ඔබගේ කතාව (ස)
පන්සලකට ගියත් දැන් හරි ලේසියි. ඔහොමම යන්න පුළුවන් බුදු මැදුරටම වුනත්. මේ ක්‍රමය ජනප්‍රිය කරවන්න කවුරු හරි සපත්තු සමාගමක් ඉදිරිපත් වුනොත් හොඳට ලාබ ගන්න පුළුවන්. (ස)
කුරැණෑගල කොල්ලන්ගේ නිහතමානී කම... (ස)
මගදි සපත්තු දෙකේම අඩි ගැලවුන එක නම්? (ස)
ඔබතුමා ගත තීරණය ඉතා නිවැරදියි. අපේ සමහරුන්ට මේවා හරිම මැජික්. (ස)
ඔය මොනවා කිව්වත් මේ වැඩේ නම් තමන්ගේ දුර්වල කමක්. දානවා නම් හරියට දාන්න. නැත්නම් නිකන් ඉන්න. (නදී)
ලජ්ජා නැති වැඩ කරලා තව පුර සාරම් දොඩවන්නත් එනවා. රටටම අවනම්බුවක් කියන එක කව්රු හරි කියල දෙන්න (නදී)
කලොත් වැඩක් අබ්ලික්, මෙයාලට නායකයෙක් නැත්ද හරි වැරදි කියල දෙන්ඩ? ඔක්කොම අය මේ වගේද. පත්තර වලින් පෙන්නන හින්දා අපි දන්නවා. අනිත් වැඩත් මේ වගේද දන්නේ නැහැ. (නදී)
මේ ඇමතිට මේස් ජොඩුවක් වත් නැහැනේ.....(අ)
මට වැරැද්දක් වුණා. වෙලාව තිබ්බේ නැහැ හරිගස්සන්ඩ. වැඩේට මුල් තැන දුන්න කියන්න තරම් නිහතමානී නොවීම අපේ සංස්කෘතියනම් නෙවේ.රටටම ලජ්ජා කරනවා තව පුර සාරම් දොඩනවා.(අ)
කවරෙක් හෝ මෙහිදී සිදුවී ඇති අතපසුව මත එය උපහාසයට ලක් කලානම් වැරදියි. අපටත් ඔය දේම වෙන්න පුළුවන් කියා හිතන්න ඕන.(අ)
මෙයාලට තව කීයක් හරි දීල ගෙදරට වෙලා ඉන්න කියන එක හොඳා ඉස්සරහට ඇවිත් රට කනවට වඩා.(අ)
මෙයා රට කනවා. වෙච්ච දෙයට කනගාටුව පල කරන්නේ නැතුව දැන් පුරසාරම් දොඩනවා. මේක අපේ සංස්කෘතිය නෙමේ. කවුරු හරි නැත්ද මෙයාට හරි වැරැද්ද කියල දීල හැසිරෙන්න කියල දෙන්ඩ.(අ)
මහා රජා සහ හොරු හතළිහෙන් එකක් නේද. (අ)
ගණන් ගන්ඩ එපා අන්කල්. මගෙත් අඩිය හොදටම ගෙවිල. කොයි වෙලේ හරි ගැලවිලා යනවා. ස්වල්ප දුරක්ද ඇවිදින්නේ අපි කොලඹට එන්ඩ. මොකෝ ඉතින් අපිට ආණ්ඩුවෙන් සැප කාර් ඩිසල් රියදුරු දෙන්නෑනේ, ඔයාලට ඒවා දෙන්ඩ අපි බදු ගෙවනවා මිසක්. (අ)
පත්‍රයක් ගත්තොත් අපරාධ දුෂණ සහ වංචා එමට. ඒ මදිවට මෙයාලගේ අන්දරේ පාර්ට්. මෙයාල නිකම් නෙමේ පඩි ගන්නේ අපට විහිළු සැපයීමෙන් කියල දැන් තේරෙනවා. ඔහොම යන්. මේක හරි.(අ)
මටත් ඔහොම දවසක් වුණා. , මංනම් කලේ ගලවලා සපත්තු නැතුව ගියා. එ්ක ඔහොම යනවට වඩා ආඩම්බරයි නේද ?(අ)
අනේ ඇත්තට ඒ කතාවෙත් වරදක් නෑ වගේ. මහජනතාව විදින දුක ගැනත් තේරනෙවා නමි කොච්චර හොඳද?(අ)
ඇමතිතුමනි. සපත්තුවක අඩිය ගැලවීම ගැන නොයෙකුත් කතා ඇතිවෙන්නට පුළුවනි. මට නම් එය සාමාන්‍ය දෙයකි. එහෙත් ඊට වඩා දෙයක් මට කතා කරන්නට ඇත. ඔබට භාර සංස්කෘතික අමාත්‍යාංශය ගැන කතා කිරීමට ලැබෙන්නේ කලාතුරකිනි. ඒ නිසා මෙය එයට අවස්ථාව කර ගනිමි. සපත්තු ගැලවෙන එක ලොකුවට මා නො සලකන්නේ අද රටේ සංස්කෘතියට සිදුවන හානිය ගැන ඔබතුමාගේ අමාත්‍යාංශය මුනිවත රකින නිසාය. ගැහැණු ළමුන් පැහැරගෙන ගොස් කිළිටි කිරීම, මරා තැන තැන දමා යාම නිරන්තරයෙන් සිදුවෙද්දී මිනිසුන් තුළ සංස්කෘතික හැදියාවක් ඇතිකිරීමට මහා පරිමාණයේ වැඩ පිළිවෙලක් දියත් කිරීම ඔබගේ අමාත්‍යාංශය විසින් කළයුතු කාර්යයක් වී ඇත. එය කාලින අවශ්‍යතාවයකි. පාසල් අවදියේ සිටම ගැහැණියකට දිය යුතු ගෞරවය පිදීමට සමාජය හුරු කරවීම ඔබගේ අමාත්‍යංශයේ කාර්යයකි. හිස් මිනිසුන් පෙළ ගැහෙන වේදිකාවක් මත විපරිත විලාසිතාවන්ගෙන් බාගෙට සළුපිලි අන්දවා ගැහැණු ළමයින් නටවනවාට වඩා කල යුතු දේ බොහෝය. මේ ගැන සිතන්න. පොලිස් ආරක්ෂාව නැති අසරණ ගැහැණු ළමයින් අපේ රටේ වැනසෙද්දී එය නොදුටුවා සේ සිටීමට සංස්කෘතික අමාත්‍යංශයට හැකිදැයි මම නොදනිමි. අපරාදයකට පසු පොලිසිය ය. අපරාධය සිදුවීමට පෙර හැදියාවය. එය ගොඩ නො නගා අසිරිමත් රටක් කරා යන ගමනේ තේරුමක් ඇතිද..? (අ)
අවයාජ අදහස් ප්‍රකාශ කිරීමක්.කැඩුණ දෙකත් නොදා හිස් දෙපයින් ගියානම් ඔබතුමාට අපහාසයක් වෙන්නේ නැහැ.(අ)
මේ කතාව විශ්වාස කරන්න නම් අමාරුයි. ඇමති කෙනෙක් ලඟ අඩිය ගැලවෙන සපත්තු තියෙයිද ? මේවා තමුන් ජනප්‍රිය වෙන්න කරන දේවල්. මගදි අඩිය ගැලවුනා නම් ලඟම තියෙන සපත්තු කඩෙන් සපත්තු දෙකක් ගන්න තිබුණා කියලයි මට හිතෙන්නේ.... අපි නොදන්න මොණර තැන්න .... කියල තමයි කියන්න තියෙන්නේ.(අ)
පරණ සපත්තු වුනත් හොඳ පිරිසිදුවට තියෙනවනේ. අපේ ගෙදර මකුළු දැල් සතියකින්නොකැඩුවොත් ගේ කචල්. අනේ ඇමතිතුමෝ අසුචි කතා කියන්න එපා (අ)
ආශ්චර්ය මන්ත්‍රීවරු.(අ)
මෙයා බබා (අ)
අවංක අැමතිකෙනක් පවු. (අ)
මදුභාශිනි, ඇමතිතුමාගේ ඇස ඇරෙන්න ලියල තියනවා . මේක කියෙව්වොත් හොඳයි .(අ)
අපි කාටත් මේ වගේ දේවල් වෙනවා. ඇමතිතුමා මොන බාදක ආවත් තමන්ගේ රාජකාරිය මගාරින්නේ නැහැනේ. ඒක අගය කිරීම අපේ යුතුකමක් (නදී)
ඕකත් නාට්ටියක් තමා. (නධී)
"අපි ගමේ මිනිස්සු, පොළොවේ අඩිය ගහල ඉන්න මිනිස්සු ." කතාව ඇත්ත. නමුත් ගමේ මිනිස්සු නම් ගමනක් හෝ උත්සවයකට යන්න පෙර සුදානමක් තියෙනවා. මෙතුමා කඩිමුඩියේ එ්කටත් යන බවක් පේන්නේ. අඩුම තරමේ යන අතර මගදී කඩේකින් සපත්තු දෙකක් ගන්න තිබුනා. උවමනාව තිබුනේ අත දීමට පමණද ? (නදී)
සපත්තු දෙකෙන් ගිවිසුම යට ගැහැව්වා. (නදී)
සපත්තුදෙක කැඩුණේ පරණ නිසා නෙමෙයි. හදිස්සියට සහ පෙර සූදානමක් නැති නිසා පුතාගේ සපත්තු දෙකක් දාගෙන ඇවිත් වෙන්න ඇති. හිර නිසයි කැඩුණේ. (අ)
ඔය කතාව පිළිගනී කොන්ඩෙ බැන්ද චීන්නු .සංස්කෘතික ඇමති විදිහට මීට වඩා රට සහ තමන් යන්නේ කුමටද ? තමන්ගේ තනතුරේ ගෞරවය , රටේ ජනාධිපති තුමාගේ ගෞරවය ගැන සිතිය යුතුයි. අතට අත දෙනවට වඩා. දන ඔබා මොනවා කීවත් රටට සිදුවූ හානිය ඔබගේ නොසැලකිල්ල ලොව පුර ප්‍රචාරය වී හමාරයි. කළයුත්තේ ඉදිරියේදීවත් මෙවැනි දුර්වලතා විශේෂයෙන් රාජ්‍ය උත්සවයකට යන හැටිවත් ඉගනගැනීමයි. (අ)
පව් අප්පා ,දුප්පත් මන්ත්‍රීවරයෙක්....(අ)
"මෙයා බබා" කතාව අහන අය තොත්ත බබාලා කියල හිතනවා ඇති. (අ)
මට නම් දැක්ක ගමන් හිතුනේ මේක දේව පූජාවක භාරයක් වගේ දෙයක් කියලයි. (නි)
ඇයි අර අහවලාගේ ලක්ෂ 1 1/2 සපත්තු කුට්ටම ඉල්ලා ගත්තා නම් ඉවරයිනේ. (නි)
දෙපයින් පැමිණ ආයුබෝවන් කිවුවා නම් විෂයට අදාල ඇමතිකමටත් ගෞරවයක් නේද? (නි)
ලංකාවේ සංස්කෘතියට ගැළපෙන එකම සුදුස්සා ඔබයි.නියමයි. දාහකින්වත් හොයාගන්න බැරි වැදගත් මහත්තයෙක් (නි)
වටිනා අදහසක් සුභාෂිනි මහත්මියගෙන් ලියැවී තිබෙනවා. මේ කරුණ ඇමතිතුමා කවදාවත් හිතපු නැති දෙයක් වෙන්න ඇති (නි)
චීන ජනාධිපතිතුමාට අතට අත දෙන එක දුර්ලභ අවස්ථාවක් නම්, ඒ වැදගත් කටයුත්තට සතියකට කලින්වත් සූදානම් වෙන්න ඕනෑ. (නි)
කමක් නැහැ. හැබැයි අර මධුභාෂිනී කිවුව එක නම් ඇත්ත (නි)
මට මතක විදිහට 1991 වසරේ මිතුරෙකුගේ තාත්තා කෙනෙක් (මතක විදිහට පිලිපීනයෙන් ගෙනා) මගේ මෙවැනිම සපත්තු දෙකක අඩිය මෙලෙසම ගැළවුණා. හරියට පාප්ප වලින් ඇලවුවා වගේ.පාට සහ හැඩය පවා සමානයි.මගේ එම සපත්තු දෙක දවසක්වත් දමන්නට නොහැකි වුණා. අඩිය ඇලෙවුවත් වැඩක් වුණේ නැහැ. උඩ පොත්තත් පතුරු ගැලවුණා. හැබැයි තමන්ගේ සපත්තුවේ අඩිය ගැලවුණ නිසා රටේ මිනිසුන්ට අපහාසයක් වුණා කියන අය මනුස්ස ජාතියටම අපහාසයක්. එහෙම කියන උදවිය ලෝකය දිහා බලන විදිහ පුදුමසහගතයි. (නි)
සපත්තු කුට්ටමක අඩි දෙක ගැළවීමේ වැරැද්දක් නැත. නමුත් ඔබතුමා ප්‍රකාශ කර ඇති ආකාරයට "අපි පොළවෙ අඩිය ගහලා ඉන්න මිනිස්සු " නම් ඔබතුමාට තිබුනේ සපත්තු කුට්ටමම ගළවා යෑමටයි (නි)
අනේ ගණන් ගන්න එපා! චයිනීස් සප්පත්තු ඔහොම තමා..... (නි)
ඔච්චර සපත්තුව ගෙවෙන්න තරම් පයින් යන්නේ කොහෙද? (නි)
ටිකක් විශ්වාස කරන්නත් අපහසුයි. කලබලයකුත් තියෙන්න ඇති සමහර වෙලාවට. (නි)
ඇමති කෙනෙක් කියන්නේ අදාළ ක්ෂේත්‍රයේදී රටම නියෝජනය කරන්නෙක්. එබඳු අයෙකු මීට වඩා සැළකිලිමත් විය යුතුයි. අනික සරම ඇන්දම සපත්තු දාන්න අවශ්‍යද? විදුර වික්‍රමනායක මන්ත්‍රීතුමා කවදාවත් සපත්තු දානවද? මේ වැඩ වලින් ලැජ්ජාව අපේ රටටමයි. (නි)
පිළිවෙලකට වැඩ කරන නායකයින් ලබන්න අපි මොනතරම් වාසනාවන්ත ජාතියක්ද? (නදී)
ඔබ හිතට අවංකව මොන දේ කිව්වත් සමහර මිනිස්සු ඇමතිවරු මනින්නේ එකම මිම්මෙන්' එ්ත් හැමදේම සැලසුම් සහගතව කලා නම් මීට වඩා හොදයි. සමහරුන්ගේ රෙදිත් ගැලවෙන වැඩ උනාට ඔබතුමාගෙන් එවන් දෙයක් උනේ නෑනේ. (නදී)
අනේ මේ අයගේ සංස්කෘතිය (නදී)
දෙකම එක පාර කැඩුනේ කොහොමද ? (නදී)
සපත්තු දෙකම එක පාර කැඩුනේ කොහොමද ? මම නම් හිතන්නේ මෙයාට කව්රු හරි කියල තියෙනවා ඇති පොලොව පෑගුනේ නැත්තන් අපලයි කියලා (නදී)
අපෙත් කන් අඩි පැලිලා තියෙන්නේ ඔයාලගේ ටොන්පච අහල. (ස)
මේ වගේ අකරතැබ්බ ඕනෑ කෙනෙකුට වෙන්න පුළුවන්. දැනට මාස 10 කට උඩදී මටත් ඔවැනිම අවස්ථාවකට මුහුණ දෙන්න වුණා. මංගල උත්සවයකදී පෝරුවේ චාරිත්‍රය අවසන්වෙන වෙලාවේදී මගේ සපත්තු දෙකෙන් එකක අඩිය කැඩිලා ගියා. කෑම වෙලාව වෙනකොට ඉතිරි එකත් කැඩිලා ගියා. මම තණකොළ තියෙන හරියට වෙලා ඉදලා යන්තම් බේරුනා. මම ලංකාවේ නැති නිසා පාවිච්චි නොකළ එකක් ඒක. ඉතින් අපි ඕකට ඇමතිටයි තව තව අයටයි අපහාස කරන්න ඕනෑ නැහැ. (නි)
අපේ මිනිසුන්ට යථාර්ථය තේරෙන්නේ නැති එකයි ප්‍රශ්නේ (නි)
ඇමතිලා හිතන් ඇති අපි ඒ අය කියන ගොන් කතාවලට රැවටෙයි කියා. ඕක අනිවාර්යයෙන්ම මොකෙක් හරි මෝඩ සාස්තර කාරයෙක් කියපු ගොන් කතාවකට අහු වෙච්ච තවත් ඇමති කෙනෙක්. (නදී)
කමක් නෑ යුද්දේ දිනුවනේ (නදී)
වැරදීමක් තමයි. නැත්නම් මේ අපේ ඇමතිලා ළඟ ඔය වගේ ඒවා නෙමෙයි, රත්තරන් ඒවාත් ඇති. (නි)
ඇමතිතුමාට තිබුනේ සපත්තු නැතුවම ඉන්නනේ. ඒකේ වරදකුත් නැහැනේ (නි)
ඔහුට තිබුණේ සපත්තු නැතුව යන්න. මොකද අපි පන්සල් යන්නේ ජාතික ඇඳුමින් නම් ඇයි සපත්තු නැතුව යන්න ලැජ්ජා වෙන්නේ? (නි)
හැම දෙයකින්ම වෙන්නේ රටේ කීර්තිය නැතිවෙන එක (නි)
මේ නොසැළකිල්ල. මේ ගැන ලැජ්ජා වියයුතුයි (නි)
දුෂණ වංචා සිදු කරමින් අති සුඛෝපබෝගී ජීවිත් ගතකරන මිල කළ නොහැකි සළුපිලි ප්‍රසිද්ධියේ පැළඳ ජනතාව අතර සැරිසරන දුෂිත දේශපාලකයන්ට වඩා මෙවැනි රඟ පෑමක යෙදෙන තම නිර්ව්‍යාජකම ඉතාමත් කුට ලෙස ජනතාවට ඔප්පුකිරීමට වෙර දරන අය දුෂිතයනට වඩා අති භයානක බව මගේ අදහසයි.(අ)
අපේ ඇමතිතුමා බොරු කියනවා කියලා කියන්න එපා. මේ නියම මහත්තයෙක්. (නි)
අපේ ඇමතිවරුන්ගේ ආදායම මදි. කරුණාකර ඌව ඡන්දයට පෙර පඩි වැඩි කරන්න. (නි)
අපි විතරක් ද ඕක දැක්කේ? චීන්නුත් දැක්කා නම් මොකද වෙන්නේ ලංකාවට? මින්පස්සේ කොහොමත් චීන නායකයෝ අපේ රටට එනකොට වැඩිපුර සපත්තු කුට්ටම් අරගෙන එයි (නි)
සීත රටවලට ගැලපෙන පාවහන් ලංකාවට ගෙනාවම ඉක්මනින් ගැලවෙනවා. ලංකාවේ වාතය තෙතමනය ඇති නිසා. මිට වඩා වැදගත් දේවල් කතාකරන්න අපි පුරුදු විය යුතුයි (නදී)
අනේ ... ඉතිං ඔය කතාවත් ඇත්තයි කියමුකෝ ... ඉතිං ... ඉතිං ඊට පස්සේ (නදී)
ගමේ මිනිස්සු උනාට නියෝජනය කරන්නේ රටක්. ගම නොවෙයි. මඟදී ගැලවූනා නම් තව සපත්තු කුට්ටමක් හොයාගන්න තරම් හැකියාවක් නැත්නම් කොහොමද රටට සේවය කරන්නේ. (නදී)
ඔබේ නියපොතු ටික කපන්න .(අ)
මධුභාශිනී, ඔබ ඉදිරිපත්කර ඇති කරුණු සැබෑවටම නිවැරදිය. එහෙත් මා දන්නා තරමින් එකී විෂය පථය අදාල වන්නේ ළමා සංවර්ධන හා වනිතා කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු තිස්ස කරල්ලියද්ද මැතිතුමාටය. (අ)
කෙසේ වෙතත් ඇමතිතුමා සිදුවී ඇති ඇබැද්දිය බොරු මනස්ගාත දොඩවන්නේ නැතුව අවංකවම ප්‍රකාශ කරලා තියනවනේ. ඒකට සැබවින්ම එතුමාට ප්‍රසංශා කට යුතුයි.(දිල්)
බුදු අම්මේ රංජිත් ඔහොම කේන්ති ගන්න එපා. ඇමති කෙනෙක් වුනත් මනුස්සයෙක්නේ. අතපසුවීම් වැරදීම් වෙනවා. මෙතන අදහස් දාලා තියෙන අයත් ඔය වගේ දේවල් වලට මුණ දීලා තියෙනවා නම් ඔය වගේ අදහස් දාන එකක් නැහැ. කඩෙන් සපත්තු අරගෙන එනකන් ගිවිසුම නතරකරගෙන ඉන්නද කියන්නේ. මොනවා කරන්නද වෙලාවට යන්න ඕන හින්දා එහෙම යන්න ඇති. මදුෂානි, ගැහැණු ළමයි කොටට ඇදගෙන යන එක ඇමති තුමාටවත් ඔයාටවත් මටවත් නවත්තන්න බැහැ. එ්ක දැන ගන්න ඕනේ ඒ ළමයින්ගේ අම්මලා තාත්තලා. ඕවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට කියලා තමයි කියන්න තියෙන්නේ. (නදී)
අපේ දුප්පත් රටේ හිඟන පඩියෙන් ජීවත් වන ඇමතියෙක්ට මෙහෙම වුණාම උඹල තරහ ගන්ට එපා ආයිබෝවන්. චීන ජනාධිපති, අපේ රටේ දුප්පත් මහජනයා නියෝජනය කොරන, පගා නොගහන, අනාචාරයේ නොහැසිරෙන, සමාජ සාලා වලට මහජන සල්ලි වියදම නොකරන , මහජන මුදල් මඩි නොගහන මෙයාගේ දුක දැකලා අනුකම්පා උපදවලා මෙයාට චීනේ කිඹුල් හමකින් හදපු සපත්තු දෙකක් එවන්න පොරොන්දු වෙලාලු ඕන් !! (අ)
මධුභාෂිනී ඔබේ අදහස් හා සම්පුර්ණයෙන්ම එකයි. අනේ ඇමතිතුමෝ බොරු කියන්න එපා මේක අපේ රටේ සංස්කෘතිය නෙවෙයි අපේ රටේ ගමක ඉන්න දුපපත්ම මිනිහෙක් වුනත් අමුත්තෙක් හමුවෙන්න යන්නේ තමන්ට තියෙන හොදම අඩුම ඇදගෙන පිරිසිදුව. මේ සපත්තු ගත්තට පස්සෙම පොලිෂ් කරලා නැහැ. අනෙක සපත්තු දන්නා කලින් මේස් දන්නේ නැද්ද කොයි තරම් සුදු පිරුවට වලින් වහගෙන හිටියත් කුණු පෙනෙන්න පටන් ගන්නේ තමන්ටත් නොදනිම. (අ)
පොළොවේ පය ගහල ජාතික ඇදුමින් සැරසුණු මන්ත්‍රීවරුන් දැනට ඉන්නවා. පුරසාරම් නැතිව සපත්තු ගලවල හිටියනම් නම්බුයි. (අ)
ඔය චීන ජනධිපතියා හදිසියේ අත්සන් කළ ගිවිසුම් 21. මොනවද කියල දැන ගන්නවට වැඩක්. ඔය සපත්තු වැඩ පැත්තකට දාලා. අත්සන් කරපු ගිවිසුම් 21 මොනවද කියල විස්තර ඇතිව රටට හෙළිකරන්න කියන්න. (අ)
අනුර විතරයි සිංහ කතාවක් කරලා තියෙන්නේ , බල්ලට ගලකින් ගැහුවම ගොරව ගොරව ගලත් එක්ක හැප්පෙනවා . සිංහයාට ගලකින් ගැහුවොත් සිංහයා බලන්නේ ගල කොහෙන්ද ආවේ කියල ප්‍රතිචාරය ගල ආව පැත්තට මිසක් ගලට නෙවෙයි , ඉතින් අපිත් ඇමති තුමාගේ සපත්තු ගැන කතා නොකර අත්සන් කරපු ගිවිසුම් ටික පොඩ්ඩක් බලමු නේද ? (අ)
හංසි, එක්තරා දුරකට ඔබ හරි. නමුත් හංසි ඔබ කියන අමාත්‍යාංශයෙන් හෝ ඊට අදාළ අංශ "සිද්දියෙන් පසු" කටයුතු සඳහා මිස "සිද්දියකට පෙර" තත්වයක් සඳහා කටයුතු මෙහෙයවා නැත. මා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය දෙසට හැරුණේ සමස්තයක් වශයෙන් පිරිහී යන අපේ රටේ වටිනා සංස්කෘතික හැදියාව රැකගැනීම තුළින් කාන්තා පරපුරට හිමිවිය යුතු නිසි තැන ලබා දීමටය. මගේ උත්සාහය ඇමතිවරුන්ට පමණක් නොව බොහෝ දෙනෙකුට ලේනියක මහා මුහුද සිඳ ලන්නට කළායයි කියන උත්සාහයට සමාන යැයි සිතෙන්නට පුළුවන. අද ඔබ හැර වෙනදා මට බනින කිසිම පුරුෂයෙක් මේ අදහස ගැන කතාවක් කළේද නැත. එයින්ම පැහැදිළියි නේද සමාජය යන දිසාව.? සංස්කෘතික අමාත්‍යංශයේ අවසරය ඇතිව හෝ නැතිව වේදිකාවල හෙළ සිංහල ලලනාවියන් සිරුරු යන්තම් වසාගෙන රඟන රැගුමන් කාමුකයින් දිරිගැන්වීමක් ලෙසින් මම දකිමි. හංසි ඔබ තරුණියක් නම් සිතන්න මේ ගැන. ගැහැණියක නොනිසි ලෙස පෙන්වා මුදල් ගරන පිරිසට සංස්කෘතික අමාත්‍යාංශය ඉඩ දෙනවා නොවේද.? ඒ නිසයි මා කියන්නේ සමස්ත ජනතා සහභාගිත්වයෙන් සංස්කෘතික සංඝායනාවක් කල යුතුය කියා. (නදී)
අනුරාධ මහතානෙණි ඔබතුමාගේ ප්‍රතිචාර අප මීට පෙර පළ කර ඇත්තෙමු. සපත්තු දෙකේ සැබෑ තත්ත්වය යන ප්‍රවෘතිතයට ඔබ එවා ඇති ප්‍රතිචාර අපට ලැබී ඇත්තේ අද (19) පෙරවරු 9.48ට පමණය. අප මෙතෙක් පළකර ඇති ප්‍රතිචාර ඔබතුමාට දැන ගැනීමට අවශ්‍යනම් එවීමට හැකි බව කරුණාවෙන් සලකන්න ස්ත්තුයි
මුළු රටේම ජනතාවට පෙනෙන ඔබේ පා යුගල ආවරණය කිරීමට ඔබතුමා පරිහරණය කරන්නේ මෙතරම් පරණ සපත්තු දෙකක්ද? හැබැයි මතක ඇතුව අලුත් ඉන පටියක් ගන්න. (නි)
ලංකාදීප, ඔබට බොහොම ස්තුතියි! (නි)
මධුභාෂිනී, ඔයාගේ නිදහස් ප්‍රකාශයට මගේ ප්‍රණාමය! ගැහැණුන්ට ගරහන, ගැහැණුන් අවමානයට ලක්කරන පුරුෂ සමාජය දෙස තවමත් ගැහැනියක වෛරයෙන් බලා නැහැ. තවමත් ගැහැණුන් අපරාධ වලට ගොදුරුවෙද්දී අඬමින් වැළපෙමින් දුක්වෙනවා පමණයි. සමාජ සේවා, ළමා හා කාන්තා, සංස්කෘතික ආදී නානාප්‍රකාර අමාත්‍යංශ තිබුණත් ඒවායින් කිසිම සෙතක් කාන්තාවන් සහ ගැහැණු දරුවන් වෙනුවෙන් වෙලා නැහැ. සේරම පොලිසියට භාරදීලා ඉන්නවා. උතුම් වූ අපේ රට අපටම එපා වන දවසක් එයි. එතෙක් බලා ඉඳිමු. (නි)
ඇතැම් ඇමතිවරුන්ට පොළොවේ අඩිය ගහන්න සපත්තුවේ අඩි ගැලවෙන්න ම ඕනේ. (ස)
නාට්‍යය (ස)
ඉතින් පොළවේ පය ගහලා ඉන්නවා නම් බාටා දෙකක් දාගෙන එන්න තිබුනනේ? ඒක ගොඩක් සරලයිනේ. (නි)
චීන ජනාධිපතිතුමා හමුවීම,අතට අත දීම සුවිශේෂී අවස්ථාවක් නම්, ඇමතිතුමා සතියකට කලින්වත් ඒ සුවිශේෂී අවස්ථාවට සුදානම් විය යුතුයි. දැන් මාධ්‍යයට කියන කරුණු නිදහසට කරුණු නොවෙයිනේ. (නි)
පරණ සපත්තු දෙකක් නේද මේ? (නි)
මේක මෙතුමාගේ අහිංසක අත්වැරදීමක් කියලා මෙතන ලියන කවුරුවත් පිළිගන්නේ නැහැ. ඔබතුමා ගැන හොඳට දන්නා අය දන්නවා මෙවැනි අත්වැරදීමක් ඔබට සිදුවිය නොහැකි බව. මේක තනිකරම වගකීමෙන් තොර හැසිරීමක් ලෙසයි මම දකින්නේ. (නි)
මෙය මෙතරම් අපහාස කළයුතු දෙයක් නොවේ. වැරදීම් ඕනෑම කෙනෙකුට වෙන්න පුලුවන. මෙය කියවු මට දුකක් ඇතිවුණා. හේතුව මගේ විවාහ වූ දිනයේ මගේ ලොකු අයියා මගෙන් සපත්තුවක් ඉල්ලුවා. මම අවුරුද්දකට කලින් ගත් අලුත් සපත්තුව (පාවිච්චි නොකළ) දුන්නා. මම මඟුල් පෝරුවේ ඉන්නවිට මම දැක්කා අයියා දාගෙන ඉන්න සපත්තුවේ අඩිය ගැලවිලා නොන්ඩි ගහනවා. එදා මට අතිවුණ දුක වේදනාව අද වගේ දැනෙනවා. (නි)
තරහවෙන්න එපා ඇහුවට. ඇමතිතුමාගේ ඇඳුම් වල තත්ත්වය කොහොමද? (නි)
සපත්තුවට වැඩිය වැදගත් ලැබුනු අවස්ථාව පැහැර නොහැරීමයි. (නි)
නාමල්, මොනවද මේ කතා කරන්නේ? (නි)
හත් දෙයියනේ කිව්වත් වගේ බඳ පටිය පරණ නම් අලුත් එකක් ගන්න. බවලතුන් නැති උත්සවයකට නම් පරණ බෙල්ට් එක බැන්දාට කමක් නැහැ. (නදී)
හොයන්නේ බලන්නේ නැතුව අතට අහු වුණ එක දාගෙන ගියා නම් ඕක ඇතුලේ සර්පයෙක්වත් ඉදල දෂ්ට කලා නම් අද එහෙනම් චීන ජනාදිපතිට අතට අත නෙමෙයි දෙන්න වෙන්නේ.කාටද මේවා කියන්නේ! (අ)
මේ මිනිස්සු නියෝජනය කරන්නේ අපේ ලංකාව. මේ වගේ දේවලින් ලංකාවේ නම ලෝකයා ඉදිරියේ සවුත්තු කරන්න එපා (නදී)
මිනිස්සුන්ට රටට යහපතක් කරන්න්නෙත් නැත්නම්, කරන වැඩ වල තේරුමකුත් නැත්නම් එහෙම අයගේ අත් වැරැද්දත් ලොකු වරදක් තමයි. හූ කියලත් මදි ඕවට (නදී)
මේකටත් හොද ප්‍රසිද්ධියක් තියෙන්නවා .(දිල්)
හ්ම්, අර කිව්වා වගේ අපි නොදන්නා මොණරතැන්න. (නදී)
මම දකින්නෙත් අවංක කෙනෙක් විදිහට. සමහරවිට බොරුවක් වෙන්නත් පුලුවන්. අපිට ඉතින් මොකක් වුණත් මොකෝ? වැඩක් තියෙනවද? (නි)
මේවා විහිලු කතා මටනම් (දී)
නිහතමානි කම අගයනවා (දී)