IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘සුපිරි ඇමැති ධූරයක් ගැන සාකච්ඡා කිරීමේ වරදක් නෑ‘

විශේෂ විධිවිධාන පනත ඔස්සේ සුපිරි බලතල සහිත ඇමැතිධූරයක් ඇති කිරීම සඳහා වූ යෝජනාව ඉදිරියේ දී සාකච්ඡාවට ලක් කිරීමේ වරදක් නොදකින බව සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

බොරැල්ල වනාතමුල්ල සහස්‍රපුර දී ආරම්භ වූ “ සමෘද්ධි පොළ”  විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් ඇමැතිවරයා එසේ කීවේය. 

එම පනත හරහා ජනාධිපතිවරයාගේ බලතල ඇමැතිවරයෙක් ‍යටතට ගෙන ඒමේ සූදානමක් නැතැයි කී ඇමැතිවරයා කෙසේ වුවත් විශේෂ විධිවිධාන පනත පිළිබඳව යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත නොකළ බවද සඳහන් කළේය.

‘‘විශේෂ විධිවිධාන පනත හරහා ජනාධිපතිවරයාගේ බලතල ඇමැතිවරයෙකුට දෙන්න හදනවා කියලා එහෙම යෝජනාවක් නැහැ. ඒත් සංවර්ධන ව්‍යාපෘති ඉක්මනින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය මත, යම් යම් දෙපාර්තමේන්තු, ආයතන හරහා කෙරෙන වැඩ සුමානයක්, දෙකක් ඇතුලත ඉක්මනින් කරවගන්න පුළුවන් වෙන විදිහේ ආයතනයක් හදලා ඒක ආමාත්‍යවරයෙකු යටතට පත් කිරීමේ යෝජනාවක් ඇවිත් තිබුණා. ඒ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කළේ නැහැ. මොකද මේ ගැන පළාත් සභා සමඟ කථා කළ යුතුයි, පළාත් සභා බලතල ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවට බලපානවා  ඒ වගේ සුපිරි ඇමැතිධූරයක් හදන්න ගියොත්. ඒක අනුමත නොවුනා කියන්නේ අපි කැමැති නැහැ කියන එකනේ. ඒක අපි කල් තිබ්බා. නැවත ඒ ගැන සාකච්ඡාවට බඳුන් වුණත් එහි වරදක් නැහැ‘‘ යැයි ද දිසානායක මහතා කීය.

webS-B-DISANAYAKAWanathamulla-Samurdhi-Pola-2 wevS-B-DISANAYAKAWanathamulla-Samurdhi-Pola-3

 

 



අදහස් (0)

‘සුපිරි ඇමැති ධූරයක් ගැන සාකච්ඡා කිරීමේ වරදක් නෑ‘

ජයන්ත Thursday, 22 December 2016 05:45 AM

පද්මිණි, මම නම් මොවුන්ට බෙර ගහනවට විරුද්ධ නැහැ. මම විරුද්ධ බෙර පදයටයි. ගහන්න ඕනෑ මළබෙර පදය මිසක් මඟුල් බෙර පදය නෙමෙයි. අපිට නින්ද යන්නේ හරියට එදාට තමයි (නි)

:       0       0

සාගර Thursday, 22 December 2016 07:16 AM

හැමදාම වුණේ බලයට කුලල් කාගන්න එක. දැන්වත් ඕක නවත්වලා තුලනාත්මක සංවර්ධනයක් ඇතිකරන වැඩපිළිවෙළකට කෙටි කාලයකට හෝ ඉඩදිය යුතුයි (බ)

:       0       0

වෙදගේ Thursday, 22 December 2016 07:23 AM

කතා නොකළත් වරදක් නෑ මහජනයා පරාද කරපු දෙස්පාලුවෝ පත්කළ එක තමයි වරද (බ)

:       0       0

යොහාන් Wednesday, 21 December 2016 12:26 PM

මේ කතා අහලා අහලාම දැන් එපාවෙලා (නි)

:       0       0

නන්ද Wednesday, 21 December 2016 01:08 PM

තමන්ගේ ඇමතිකමේ වරප්‍රසාද ආරක්ෂා වෙනවා නම්, සුපිරි ඇමති කෙනෙක් පත් වුණත් කමක් නැහැ ,නේද ඇමතිතුමෝ.? (අ)

:       0       0

රත්මල් Wednesday, 21 December 2016 01:19 PM

පින් ඇමතිවරුන් සුපිරි ඇමතිලා ගැන කියවනවා. (අ)

:       0       0

ද සිල්වා Sunday, 25 December 2016 07:13 PM

මෙයාලගේ කටවල් නිසා ඉන්න දේශපාලන පක්ෂය ටික ටික පිරිහිලා අන්තිමට පරදිනවා. චන්ද්‍රිකාට වුණෙත් ඒක. දැන් කරන්න තිබෙන හොඳම වැඩේ මෙයාලව රැස්වීම්, මයික්‍රෆෝන් වලින් ඉවත් කරලා තබන එක (නි)

:       0       0

සෙනෙවි Wednesday, 21 December 2016 01:42 PM

එස්.බී හිතන් ඇත්තෙ ඒ ඇමතිකම එයාට දේවි කියල (අ)

:       0       0

සකුන්තලා Thursday, 22 December 2016 09:07 AM

ලංකා දේශපාලනයෙන් බිහිවුන ජරාම සතා මොකාද කියල මම මේ කල්පනා කරන්නේ ? (බ)

:       0       0

සිල්වා බෙර්ලින් Thursday, 22 December 2016 09:10 AM

ප්‍රධාන පක්ෂ දෙකේ ලොක්කෝ දෙන්නම ඉස්සෙලා කිවුවේ ඇමති මණ්ඩලය ලොකුය අඩු කරනවා කියල , දැන් කතා කරනවා තව සුපිරි අැමතිලා පත් කරන්න , අපට තව මෙගා අැමැතිලා ඕනේ කියල ඊළඟට කියාවි ගිගා අැමැතිලා ඕනේ කියල , (බ)

:       0       0

අබය Thursday, 22 December 2016 09:26 AM

මම නම් කැමතියි සුපිරි ඇමති කෙනෙකු පත්කරනවාට. ඒ වගේම එම පදවිය ඔබතුමා වැනි නිර්දෝෂී, අවංක, ජනතාහිතවාදී කෙනෙකු වෙනවා නම් තවත් කැමතියි. ඔබතුමා වැනි අහිංසක කෙනෙකු එම පදවිය සඳහා අපි හදවතින්ම බලාපොරොත්තු ඇතුව බලාසිටින්නෙමු. (නි)

:       0       0

ජයන්ත Thursday, 22 December 2016 09:28 AM

සකුන්තලා, මම හිතන්නේ මම දන්නවා ඒ සතා කව්ද කියලා. මම නිකන් ඔයාට ඉඟියක් දෙන්නද? ඔය නිකන් මුහුණ එම්බාම් කරලා වගේ ඉන්න කෙනෙක් ගැන නේද කියන්නේ (නි)

:       0       0

කුමාර් මෙන්ඩිස් Thursday, 22 December 2016 09:47 AM

ඔක්කොම එකයි. දිනුවත් සැප පැරදුනත් සැප. මොවුන්ට ඡන්දෙ දෙන අපියි මෝඩයෝ (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 22 December 2016 09:57 AM

අබයගේ කතාව මමත් අනුමත කරමි. සුපිරි අැමති කෙනෙක් පත්කරනවා නම් ඔබතුමා වැනි වැඩිම මනාපයෙන් ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වුණ, වාචාලකම් නොදොඩන නිතර කෙළින් ප්‍රතිපත්තියක සිටින, බොරු නොකියන, තම වාසියට පක්ෂ මාරු නොකරන, ජනතා මුදල් අවභාවිතා නොකරන කෙනෙකුට දිය යුතුය. මේ ඔක්කොම සුදුසුකම් ඇත්තේ ඔබට පමණි. කරුණාකර මේ සුපිරි අැමතිකම භාරගෙන රට බේරාගන්න. නැත්නම් දුකට පත් ජනතාව විරෝධතා පවත්වා මහපාරේ ගිනිතබාගෙන ජිවිත නැතිකර ගන්නවා ඇත (නි)

:       0       0

නිශ්ශංක Thursday, 22 December 2016 10:04 AM

සමහරු ඡන්දයෙන් පැරදිලා පාර්ලිමේන්තුවේ පස්සා දොරින් ඇවිල්ලා දැන් වීර චරිත රඟපානවා. අනේ අනිච්චං! (නි)

:       0       0

චතුරි ද සිල්වා Wednesday, 21 December 2016 06:25 PM

මහජනයාගේ ඡන්දයෙන් ප්‍රතික්ෂේප කළ කිසිම කෙනෙකුට මේ ගැන කතාකරන්න කිසිම සුදුසුකමක් නැහැ. (නි)

:       0       0

ජයන්ත Thursday, 22 December 2016 10:19 AM

මම මේ දහඅතේ කල්පනා කරන්නේ මේ අය මේ පත්තර වල යන අදහස් එහෙම බලන්නේ නැද්ද කියලා. මොකද වැරදිලාවත් මේ අදහස් දැක්කොත් බඩ කපාගෙන මැරෙන්න හිතෙයි. එ්ත් එහෙම වෙන්නේත් කොහොමද? එයාලගේ ලැජ්ජා නහරය කපලනේ තියෙන්නේ (නි)

:       0       0

ලලිත් Wednesday, 21 December 2016 07:41 PM

පටන්ගන්නේ එක සුපිරි අැමති කෙනෙක්ගෙන්. අන්තිමට ඡන්දෙ කිට්ටු වෙනකොට මුළු ඇමති මණ්ඩලයම එකා දෙන්නා සුපිරි කරනවා. ඔය සුපිරි අයට වරප්‍රසාද දෙන්න වෙන්නේ අර වැඩි කරපු බදු වලින් නේද? මේකද යහපාලනය? (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 22 December 2016 11:21 AM

ජයන්ත, ජනතාව ප්‍රතික්ෂේප කළත් පාලකයන් ඔවුන්ව පිටුපස දොරෙන් ඇතුළට ගන්න නිසා කිසිම බයක් නැත

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 21 December 2016 09:46 PM

පළාත් සභා අැමතිලා, රාජ්‍ය අැමතිලා, විෂය භාර අැමතිලා, කාර්යභාරයක් නැති අැමතිලා, ජ්‍යෙෂ්ඨ අැමතිලා, සුපිරි අැමතිලා... ලංකාව වෙන්න ඇති තිබෙන භුමි ප්‍රමණය අනුව ලෝකයේ අැමතිලා වැඩිම රට. ජනාධිපතිවරණයට කලින් කිවුවේ අැමතිලා අඩු කරනවා කියලා. දැනට ලංකාවේ අඩු එකම අැමතිකමකි. එනම් මැතිවරණ පොරොන්දු මතක් කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ ඇමතිකමයි (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 21 December 2016 11:34 PM

සෙනවි, ඔබ හරි. එයා හිතන්න ඇති එ්කත් එයාට දෙයි කියලා (නි)

:       0       0

සෙනරත් Thursday, 22 December 2016 01:37 AM

සුපිරි ඇමතිකමක් උතුරු පළාත් සභාවට අනාගතයේදී ලැබුනොත් තත්වය කෙසේවෙයිද? (නි)

:       0       0

තිලකසිරි Thursday, 22 December 2016 01:52 AM

පුංචි රටක් පාලනයට මේ තරම් ඇමතිවරු සිටින ලෝකයේ එකම රට ලංකාවයි. දැන් ඒකත් මදි වෙලා. කනවා කියලා මෙහෙම කන්න එපා. අපාගත වේවි. (නි)

:       0       0

තිලක් Thursday, 22 December 2016 01:51 AM

අසරණ මිනිසුන්ට බදු පිට බදු ගහලා/දඩ පිට දඩ ගහලා මොනවද මේ කරන්න යන්නේ?මේකද යහපාලනය කියලා අපි අදහස් කළේ? ලැජ්ජයි,දුකයි,ඇඬෙනවා. (නි)

:       0       0

සූරියවැව Thursday, 22 December 2016 05:20 AM

මේ ගඳ ගහන ඕජස් ගලන දේශපාලන අනාථයෝ ටික 2020දි අතුගාලා දාලා ජවිපෙට රට බාරදෙමු (බ)

:       0       0

පද්මිණී Thursday, 22 December 2016 05:33 AM

දේශපලාකයින්ව මෙහෙම බෙර වයා පෙරහරේ ගෙනියන හීන මානසිකත්වයෙන් අපේ නිලධාරීන්වත් මිදිලා නැහැ. කොහොමද රටක් දියුණුවන්නේ. වහල්බවින් මිදෙන්න. හොරු පළවාහරිමු. ජවිපෙට රට බාරදෙමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 82 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 1681 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 792 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1013 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 615 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 495 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26036 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 291 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site